මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සඳහා වන රැලියක් මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී දැන් පැවැත්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, රෝහණ දිසානායක, ටී බී ඒකනායක, මාලනී ෆොන්සේකා, ජානක බණ්ඩාර, නිශාන්ත මුතුහෙට්ටිගම, පවිත්‍රා වන්නිආරච්චි, ෂෙහාන් සේමසිංහ, රමේෂ් පතිරණ, නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි, සනී රෝහණ, සරත් කුමාර ගුණරත්න, කණක හේරත්, වයි ජී පද්මසිරි, ගීතාංජන ගුණවර්ධන, මනූෂ නානායක්කාර, ගාමිණී ලොකුගේ, සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, සරණ ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ලක්ෂමන් වසන්ත පෙරේරා, රෝහිත අබේගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන, ඉන්දික බණ්ඩාර, රංජිත් සොයිසා, වීරකුමාර දිසානායක, කුමාර වෙල්ගම, මහින්ද යාපා අබේවර්ධන, කමලා රණතුංග, රොෂාන් රණසිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු රැලියට පැමිණ සිටිති.
එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම සඳහා ලොකු වගකීම සංධානයට ඇතැයි ද, අට වැනි දා පරාජය වූයේ මහින්ද රාජපක්ෂ නොව ඔහුගේ සංවර්ධන වැටපිළිවෙළයැයි ද සන්ධාන මන්ත්‍රී හිටපු ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා කීවේය.
ලංකාවට අවශ්‍ය වන්නේ මෛත්‍රී , රනිල් ආණ්ඩුවක් නොව, මෛත්‍රී මහින්ද ආණ්ඩුවක් යැයි ද, අලුත් යුගයක් ඇති කිරීමට මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කළ යුතු යැයි ද, මාතර රැලියට මන්ත්‍රීවරුන් 74ක් පැමිණියේ යැයි ද හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි පැකට් එකයි බූමිතෙල් බෝතෙලයි ,හල්මෙස්සෝ 100 දිනුව. හොරු පැරදුනා .ඒ හොරු ලංකරගෙන ,හිරගෙවල් ගානේ බලන්න යමින් දැන් එන්නේ අපිට සුබ අනාගතය හා අස්චාර්ය ආයි දෙන්න වගේ. (අ)
කොස් ඇට ටිකක් බාවා ගන්න නම්, කියාපු බළල්ලු ටික...අන්තිමේ කොස් ඇට ගොඩට මොනවා වෙයිද කියන්න බැහැ. වැඩේ ඉවර වුණාට පස්සේ ගල උඩ පවිත්‍ර කරන්න වෙන්නෙත් ඔය නරඹන කට්ටියටම තමයි. අනේ පව්! (අ)
නිපුන් ජයසුන්දර , ඔය කොටි කතාව කියල දැන් ඇති වෙන්නේ නැත්ද ? (ස)
දේශපාලන වශයෙන් අනාත වුණ කම්බා හොරුන්ව නම් මෛත්‍රී පාල සිරිසේන ජනාධිපති තුමා පැත්ත පලාතෙවත් වැද්ද ගන්න එකක් නැහැ. ලජ්ජා නැතිව බලෙන් එතුමාගේ ඇඟේ එල්ලිලා එතුමාගේ ඇඟේත් මඩ තවරන්න වෙන්න ඇති මේ උත්සහ කරන්නේ.(අ)
අවරුදු 10 කම තිබුනේ මහින්ද මෛත්‍රී යුගයක් නේද? (අ)
ඔබ තුමා අපේ රට බේරලා දුන්න එක ගැන ලොකු ගෞරවයක් තියෙනවා. එහෙත් ඔබතුමා වටේ ඉන්න කට්ටිය එතරම් හොඳ අය නොවේ, මගේ අදහසනම් රටේ ඊලඟ අගමැති වෙන්න ඕනේ ගෝඨාභය මහත්තය. (ස)
මට හැඟෙන ව්දිහට නම් දැන් ලංකාවේ තියෙන්නේ දේශපාලන පක්ෂ දෙකයි. එකක් මෝඩයින්ගේ පක්ෂය අනික බුද්ධිමතුන්ගේ පක්ෂය. මේ රැස් වෙලා ඉන්නේ කුමන පක්ෂයේ කට්ටියද කියල තීරණය කිරීම ඔබට බාරයි. (අ)
ගෙවීගිය දින 150 ක කාලය රට තුළ කිසිසේත් සංවර්ධනයක් ප්‍රායෝගිව නො වුනු බවත් රට අරාජිකවිමේ අවදානමකට මුහුණ දෙමින් සිටින බවත් රටේ සංවර්ධනය ඇනහිට ආර්ථිකය කඩා වැටෙමින් නොසිතු ලෙසින් රුපියල බාල්දුවට පත් වී ඇති බවත් ණය බර වැඩිවෙමින් නුදුරු අනාගතයේදී භාණ්ඩ මිල දරාගත නො හැකි ලෙසින් ඉහළ යන බවත් පොරොන්දු වූ දීමනා කිසිවක් තවමත් කිසිම ක්ෂේත්‍රයකට ලැබී නැති බවත් මේ නිසාම මහජතාව අතර නොසන්සුන් තාවයක් ගොඩ නැගී ඇති බවත් ජනාධිපතිවරණයේදී හංසයාට කැපවීමෙන් හා අනියමින් දායක වූ දේශපාලන පක්ෂ විවිධ මාධ්‍ය හරහා ලොවට කියති. හංසයා ජය ගැනීමත් සමග බලයට පත් වූ රජයේ මුදල් ඇමතිවරයා කියන්නේ ලෝකයේ ඕනෑම රටකින් ඔනෑ තරම් ණය ගන්නට තම රජයට හැකි බවකි. එය සාමාන්‍ය ගණකාධිකාරී වරයෙකුවත් නොකියන ප්‍රකාශයකි. ඒ ණය දෙන්නට සැදී පැහැදී සිටින්නේ යටි අරමුණක් හිතැති ඇමෙරිකාවය. කෙසේ වෙතත් විශාල පොළියකට සහ විවිධ බැඳුම් වලට යටත්ව ණය ගැනීමට හැර රජයට කළයුතු අන් දෙයක් දැන් නැත. මෙසේ කිරීම රටට කරන බරපතල විනාශයකි. මෙසේ වීම නිසා රට තුළ ක්‍රියාත්මක වන සියලු සුළු හා මහා පරිමාන කර්මාන්ත අඩාල වනු ඇත. ජිවන බර ඉහළට යනු ඇත. දින 150 ක් තුළ මෙසේ වෙද්දී වසර දෙකක් ඉදිරියට ගියොත් අප රට ඇමෙරිකාවේ කඳවුරක් බවට පත් වනු වලක්වන්නට බැරිය. එහෙයින් ඉතාම කාලෝචිත ක්‍රියා මාර්ගය නම් ලඟදි සාකච්ඡාවට ගන්නට න්‍යාය පත්‍රයට ඇතුල් වී ඇති විශ්වාසභංග යෝජනා වලින් පරාජය වී ජනතාව අභියසට යනවාට වඩා, කරන්නට පුළුවන් පිරිසකට බලය ලබා ගන්නට ඉඩ හැර මහා මැතිවරණයකට යාමය. මෙය රටටත් ජනතාවටත් සිදුකරන සේවයකි. (ස)
විකුම්, ඒ රැස්වෙලා ඉන්නේ ඔබ අයිති පක්ෂයේ කට්ටිය. (අ)
සේරම් , සංස්කෘතිය මොකක්ද කියල අපේ දරු දැරියන්ට හොඳට තේරුනා පසු ගිය කාලයේ. මාලිගාව ඉස්සරහ කාර් රේස් ගිහින් කාන්තාවන් නටවන විට , බාලිකා පාසල් වලට සංගීත කාරයන් එක්ක කඩන් පැනල දැරිවියන්ට නටන්න ආරාධාන කරන කොට. තරඟය පැරදුනාම ක්‍රීඩා විනිසුරුට තඩි බානකොට කොහෙද සේරම් හිටියේ ? මේවා මිට කලින් කිසිම රාජ්‍ය නායකයකුගේ කාලයේ තරුණ දරුවන් අතින් සිදු වුන දේවල් නෙවෙයි. ඇමති පුතුන් සමාජ ශාලා ගානේ ගිහින් පිස්සු නැටුවා. මේකද ඔබ කියන සංස්කෘතිය. තුට්ටු දෙකේ අශික්ෂිත දේවල් තව තියනවා කියන්න. ඒවා මෙතැන වැදගතුන් ඉන්න තැන සීමාවක් නැතිව ලියන්න හොඳ නැහැ. අපේ දරුවන් පරාද වෙලා ඉවරයි. හොඳයි කියන්නකෝ බලන්න අඩු ගානේ ඔය පිස්සු නටපු කට්ටිය සිංහල බෞද්ධ ඉස්කොලේකටවත් ගියාද කියලා. (නදී)
පැරදුනේ අපි දිනුවේ කොටි (නදී)
අධික බල තන්හාව නොතිබුන නම් හිටපු ජනාධිපති තුමා අදටත් මේ රටේ ජනාධිපතිනේ. තමන්ගේ වාසියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරගත්තු එකේ, හයේ පාරක් ගහනවා වෙනුවට, එක පාරටම අටේ පහරක් ගහන්න ගියා. මේවා කාටත් හොඳ පාඩම්. (අ)
කට්ටියට ඉතින් සොරි ඩොට් කොම් එකේ පිහිට තමයි.(අ)
රට පවා දුන්න ය අද ලොකු තැන වල රට බේර ගත්ත කෙනාට ගරහනවා, මේ අපේ ජාතියේ වැරැද්ද.(අ)
රැලියට ඇවිත් ඉන්න කට්ටිය දැක්කම මම මුලින්ම හිතුවේ, නිශාන්ත මුතුහෙට්ටිගම මහත්තයව අගමැති කරවීම සඳහා පැවැත්වෙන මහා ජන රැළියක් කියලයි. (අ)
මහින්ද නම් පැරදුණාට කමක්නෑ නේද රට පරාජය නොවී. පරාජ කළ යුත්තේ මහින්ද හෝ මෛත්‍රීව නොවේ හිස් ඔසවන බෙදුම්වාදයයි. දිනවිය යුත්තේ එජාපේ හෝ ශ්‍රීලනිපේ නොවේ අපේ මාතෘ භූමියයි (බ)
මොවුන් කොපමණ උඩු බිරුවත් ....ඔය පුද්ගලයා ජනපතිවරණයේ අවසාන දිනය දක්වාම කරපු නහීන ක්‍රියාවන් නොදැක්ක කෙනෙක් ඉන්නවාද ?බලය තිබියදීත් ජනයා ඔහුව පරාජය කලානම් ඔහු ඡන්දෙට ආවොත් ඇපයත් රාජසන්තක වෙන විදියට පරාජය කර යවන්න ජනයා පෙළ ගැහිලා ඉන්නේ. ඔහුට මේ කපේදී බලයට එන්න යුක්තිගරුක මිනිස් ප්‍රජාව වගේම ලෝක පාලන බලවේගය පවා ඉඩ දෙන්නේ නැහැ .(අ)
මහානාම-කඳාන, තව කොපමණ ණය ගෙවන්න තිබෙනවාද? අනේ පිං සිද්ද වෙන්න ඔබතුමාට ඉක්මනට ගෙවලා ඉවර කරන්න. (බ)
සංවර්ධනය නම් නැවතිලා නෑ.ඒක බොරු කතාවක්.(හේ)
කුලියට ලියන උදවියගෙයි සාමාන්‍ය ස්වාධින අදහසක් ලියන අයගෙයි වෙනස හොඳට මේ පුවත් තීරයේ පේනවා. කොටින් ඉන්නේ සහ ඉන්නේ කාගේ රෙද්ද අස්සෙද යන්න නොකියා රටට වැඩක් කල එකම මිනිහා එලවා ගත්ත කියමින් මීගමුවේ කුලියට අඬන බවලතුන් මෙන් මෙතන විලාප තියන පිරිමි භාග ලියන් අදහස් දකිනකොටත් අප්‍රසන්නයි. (නදී)
වින්සන්ට් මහතා එහෙම කොහොමද අපේ ජාති ක නය ඉවර කරන්නේ ? ඔබතුමාව මේ තත්වයට ගෙන්න කොච්චරක් රජයට සල්ලි වියදම් වෙන්න ඇතිද ?(නදී)
හුණු පෝරනුවකින් ගොඩ බැස්ස බව නම් පේනවා..දන්නා දේවල් නිර්නාමිකව හරි පොලිසියට කියන්නකෝ.. යහපාලනෙනේ තියෙන්නේ..බෙබිලව ගස් අරින්න දේවල් හොයා හොයා මව මව ඉන්න වෙලාවේ.මහත්තය ඩුබායි තිලක්ගේ යාලුවෙක්ද නැත්නම් පුත්තරයෙක්ද? (බ)
පෙරදුනේ මහින්ද නොවේ සංවර්දන සහ හොරුන්ගේ සංවර්ධනයයි.(හේ)
මට පේන්නේ මේ රොහාන් දුනුවිල කියන්නේ අර බක පණ්ඩිත සුමුදු හේවාද කොහෙද. මෙහෙම නමක් ගිය ජනවාරිය වෙනකන් මේ පුවත් තීරයේ ලියන පාඨක භවතුන් අතර තිබුනේ නැහැ. (නදී)
දිල්ශාන් අපි පාරම්පරික දකුණේ මිනිස්සු . ඔය කාල්ටන් නිවසේ අතීතය මෙතැන කියන්න බැහැ. ඒක ඒ පැත්තේ පරණ මිනිස්සු දන්නවා. දැනට අපි අන්න අර දෙනියාගේ මාලිගාව ගැන විතරක් කතා කරමු. අදාළ සහෝදරියට තිබෙන ආදායම් පෙන්වන්න පුළුවන් වෘත්තීය සුදුසුකම් හෝ පරම්පරාගත දේපල ගැන ඔබ දන්නවා නම් කියන්නකෝ. (ස)
වින්සන්ට්ව මේ තත්වයට ගෙනාවේ රජයේ ජාතික ණයකින් නෙවෙයි මහානාම, මැදමුලන බුදලයෙන් කියන්න. . ඒකනේ මෙතන උදේ හවා අකුරු කොටමින් ඔබතුමන් ලා කියන්නේ. දැන් අපිට ණය ගෙවන්න වෙලා තියෙන්නේ අපේ මව්පියන්ට වත් රටට වත් නෙවෙයි. මැද මුලනට! (ස)
රොහාන් දුනුවිල කියා ෂඩ් භාෂා පරමේශ්වර උන්නැහේ කියනව මෙතැන ලියන විරුද්ධ වාදී දේශපාලන අදහස් ලියන මිනිස්සුන්ගේ භාෂාව හරිම ග්‍රාම්‍යයි කියලා. එතකොට අර වේදිකාව උඩ බෙරිහන් දෙමින් අපිට කෑරලෙකු සිහි ගන්වන කතාවේ යෙදෙන තිරිහන් වෙන්න අඩුවෙන් වයස ලියපු කෙනා ගේ භාෂාව ප්‍රබුද්ධ එකක්ද රොහාන් ? (ස)
පැරදුනේ සංවර්ධනය නොවේ , පැරදුනේ මහින්ද , සන්ධානය නොවේ , පැරදුනේ ශ්‍රී ලංකාවයි , පැරදුනේ ලබා ගත් නිදහස් රටයි . (හේ)
පැරදුනේ හත්මුතු පරම්පරා සංවර්ධනයයි. දිනුවේ ,බුද්දිමත් ඡන්දදායකයයි. (ස)
එ්ක නම් ඇත්ත.(හේ)
සමහරු කියනවනේ සිංහලයට මොනවා හරි මතක හිටින්නේ සති දෙකයි කියල, ඉතින් ඒකම තමයි මහින්ද මහත්තයටත් වුණේ, ජනාධිපති කියන එක අමතක වෙලා එක පාරටම රජකෙනෙක් වුණානේ. අන්න ඒක තමයි එතුමාට වැරදුන තැන. හැබැයි, රජ කෙනෙක් කියල හිතුවට අර කෞතුකාගාරේ තිබිච්ච රත්තරන් කඩුව වත් එතුමාට පරිස්සම් කරගන්න බැරි වුණානේ. (අ)
පාට පක්ෂ වලට බෙදිලා මරගනියවූ. නුබල තේරුම ගන්නකොට රට ඉවර වේවි (අ)
වින්සන්ට් අපේ රට ලෝකෙට ණයයි ( එක පුද්ගල ණය ලක්ෂ 3 1/2 ක් විතර ) , අපි රටට ණයයි , මැරෙනතුරා මේ සමීකරණය අඩු වැඩි වෙමින් පවතිනවා , එයයි සත්‍ය ඔබ පිලිගත්තත් නැතත් . ලෝකෙට ණය නැති රටක් නැත . (ස)
සේරම්, ඇමරිකානු පාලකයින් රට පාලනය කළ කාලය ගැනද කියන්නේ? (නි)
ලංකාවේ සියලුම දෙසපලකයෝ මහජන මුදල් ගසා කාල තිබෙනවා, එත් මෙහෙම ගසා කැමක් නම් මම මගේ අම්ම අප්පාගේ කාලෙදිවත් අහල දැකල නැහැ.(අ)
ලෝක හොරා වන ඇමරිකාව සහ යුරෝපය සන්තෝෂසයෙන් ඉපිලෙනවා ඇති (නි)
කොල්ලුපිටිය, බම්බල පිටිය රෑට තෝරන් වගේ නිමි නිමි පත්තු වෙන සිග්නල් විදුලි බුබුළු ටික දැකලද කොහෙද?අනේ මෙහෙමත් හරක් ඉන්නවද කියලත් හිතෙනවා. (අ)
මහින්ද අගමැතිත් හිටියා චන්ද්‍රිකා එක්ක ජනාධිපතිත් වෙලා හිටියා ලජ්ජා නැතිව ආයේ අහනවා එන්න රට සංවර්දනය කරන්න.විස්සක් බැරි උන කෙනා තව මොනාද දන්නේ නැ ඉල්ලන්නේ. ආයේ රාජපක්ෂලා එන්නේ නැ ජනතාව කැමතිත් නැ .(ස)
ලලිත් මහතා මම වින්සන්ට් මහතා ගැන නම් දන්නේ නැහැ , ඔබතුමා කොහොම දන්නවාද කියා මම අහන්නෙත් නැහැ , නමුත් මම නම් ණයයි , උපන් දා සිටම ණයයි , කවදාවත් ගෙවන්නත් බැහැ , ගෙවන්න ක්‍රම වේදයකුත් නැහැ , මේක අපේ රටේ තිබෙන නිදහස් සංකල්පය නිසා ඇතිවූ තත්වයක් , උපන්දා සිට සාමාන්‍ය පෙළ දක්වා නිදහස් අධ්‍යාපනය , ඉන්පසු නිදහස් උසස් පෙළ අධ්‍යාපනය , ඉන්පසු නිදහස් සරසවි අධ්‍යාපනය , ඉන්පසු නිදහස් පස්චාත් උපාදි අද්‍යාපනය , ඒ වගේම නිදහස් සෞකය පහසුකම් රෝහල් උපතේ සිට රෝහල් විපත දක්වා , මෙවැනි නොමිලේ ලබා දෙන සේවාවන් ලෝකේ කිසිම රටක් නැහැ , නැත්තෙම් නැහැ. නමුත් ඒවා මුලින් ගෙවිය යුතුයි. එහෙම නැතිනම් පසුව ගෙවිය යුතුයි . දියුණු රටවල් ඉන්න උදවිය මේවා දන්නවා අපිට වඩා . (ස)
අහෝ ගජධීරට කොමියුනිස්ට් පක්ෂය අමතක උන හැටි. (ස)
චම්පික. සුරේන්. මේ ඔබලා විමසන නිසා කියන්නකි. ඇත්ත. ජනවාරි සිට නොව මා සිංහල පුවත් පතකට ලියන්න පටන් ගත්තේ මේ වසරේ මාර්තු සිටය. එත් මා සිංහල පාඨකයින්ගේ අදහස් නිතර කියවූවා. ඒ වාගේම සුරේන්. මම පරමෙශ්වරයයි කියා ගන්නේ නැත. නමුත් මම සිංහල දෙමළ ජපන් සහ චීන ඇතුළු ලොව පවතින තවත් පිළිගත් ජ්‍යාත්‍යන්තර භාෂා හතරක් හොඳින් දනිමි. ඉන් එහාට කියන්ට මගේ උත්සාහයක් නැත. වෙනත් නමක් ඇති අයෙකු ලෙසින් ඔබ මා දැකීම වැලැක්වීම සඳහා මෙසේ ලීවෙමි. (ස)
ඔන්න ඩුබායි තිලක් ඇවිල්ල..දැන් ඉතින් තිරුවම ඉවරයි.ගදේ බැහැ..(ස)
සිංහලයේ අවසාන රජු රාජසිංහ රජතුමා පමණි. මෙය තවමත් මහින්ද රජු කියා අමතන අයගේ දැනගැනීම සදහා පමණි. (ස)
කට්ටිය අපරාදේ පැට්‍රල් පුච්චන්නේ නැතුව යහපාලානේ වැඩක් බලා ගන්න.....මහින්ද මහත්තය කොහේ ආයේ එන්නද? පිට්ටනියේ මැස්සෝ ඇහිරිලා..අර චානක ගොයියා කියනවා වගේ මිනිස්සු මග බලන් ඉන්නේ මහින්ද මහත්තය එනකන් ඇපත් රාජසන්තක කරලා ගෙදර යවන්න..මේ දෙතුන්දහකට චානකල ඔය කියන මල දානේ තේරෙන්නේ නැති එකනේ වැඩේ..උන් හිතන්නෙම මහින්ද මහත්තය තාම ජනාධිපති කියල..(ස)
මේ කට්ටිය මොනවා කීවත් අපි නම් මහින්දට තමා.මොකා ආවත් මහින්ද වගේ නෑ. (ස)
අලි බබා සහ හොරු 40 ය" (ස)
රුපියල් 40,000 සිට රුපියල් 60,000 දක්වා මිල ගණන්වලට අදාළ පරිගණක මිලදී ගැනීමට හැකියාව තිබියදී රුපියල් එක් ලක්ෂ දස දහසේ සිට ඉහළ මිල ගණන්වලට පරිගණක 60000 ක තොගය පාසල් සඳහා මිලදී ගත්තු කතාවක් අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතා කීවා නේද ? ඒවා සංවර්ධනය වෙන්න ඇති නේ. ? (ස)
චානක ලොස් ඇන්ජලිස්.ලංකාවේ මිනිසුන්ගේ මොළ හෝදලා තියෙන්නේ.මොළ හෝදපු එවුන්ට ඕව කියල වැඩක් නැහැ. (ස)
එහෙනම් එක එකා කරපු වැරදි, සිංහල බෞද්ධ නිසා කටවල් වහගෙන ඉන්න ඕනේ. ලිව්වොත් කියන්නේ ඩයස්පෝරාව කියලා.මහානාම, පුලුවන්නම් එහි තේරුම මෙහි අදහස් දාන මෝඩ මිනිසුන්ට පහදලා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.ලංකාවේ ඉඳලා පිටරට ගිය උගත් ප්‍රජාවට තමයි ලංකාවේ තියෙන ගඳ ගහන දේශපාලනය වැටහෙන්නේ.ඇත්ත ලීවාම බෙරිහන් දෙනවා. එක එක නම් වලින් ලියනවා,ඩයස්පෝරාව කියනවා,වෙන ඉතින් මොනවා කියන්නද? (ස)
ලංකාවේ තිබෙන සමහර ප්‍රසිද්ද පන්සල් දේසපාලන වේදිකා කර ගන්න ගිහින් එම ප්‍රදේශයේ ඉන්න මිනිස්සු කළු කොඩි ඔසවල විරුද්දත්වය පාල තිබුන. ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවනම් ඔහොම වෙනවද? (ස)
මිනීමරු ප්‍රභාකරන්ට වුනත් ප්‍රතිපත්තියක් කියල දෙයක් තිබුන.මේ මනුස්සයට එහෙම දෙයක්වත් නැහැ.ජනතාව ප්‍රතික්ෂේප කරලත් නැවත බල ලෝබයෙන් මැරෙන්න හදනවා. (ස)
ජය වේවා මහා රජාණෙනි. මේ සිංහල අපගේ රටයි....අපි ඉපදුන මැරෙන රටයි. (ස)
මහින්දට පක්ෂව සහ විපක්ෂව කොමෙන්ට්ස් දාන සියලුම දෙනා පමණක් නොවෙයි රටේ මුළු මහත් ජනතාවම මහින්ද ජනාධිපතිතුමා රටට කරපු සේවය මොකක්ද කියලා අවංකව දන්නවා. දැන් බලන්න. මේ ආණ්ඩුවට කරන්න කියලා දෙයක් ඉතුරු කරලා තියෙනවාද.? මෙයාල ඉතිරි වැඩ නවත්තලා ආයිත් කරන්න සුදානම් වෙනවා. ඔන්න එතකොට කැරොල් එක ගිහින්. මහින්ද මහත්තයාගේ පාලනයේ අවසාන කාලේ සිදු වෙච්ච වැරදි කීපයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒවා ටිකකට අත හැරියොත් එතුමා රටට කරපු සේවය උදාරයිනේ. නේද.? හම්බන්තොට වරාය හෝ ගුවන් තොටුපොල හෝ ක්‍රිකට් පිට්ටනිය අදට වැඩකට නැති ඒවා වගේ පෙනුණාට බලන්නකෝ ඉස්සරහට ඒවායේ වටිනාකම. කරන හැම දේම ඇදේට බලන්නට පුරුදු වෙන්නේ නැතිව ටිකක්වත් මධ්‍යස්ථ වෙලා බලන්නකෝ. මම නම් කාගේ හෝ වැරදි දේ වැරදියට දකිනවා වගේම හොඳ දේ අගය කරනවා. මහින්ද මහත්තයලා වංචා දුෂණ කරලා තියෙනවා නම් අල්ලලා දඬුවම් කරන්න ඕන. නමුත් දැනට එහෙම දෙයක් පේන්ට නැති හින්ද අපි මහින්ද මහත්තයා වෙනුවෙන් හීනියට හෝ හඬක් නගමු. නේද.? එතුමා නැවත එන්න ඕන කියන එක තමයි මගේ හැඟීම. (ස)
අදහස් ටික බලපුවාම පේනවා පහු වෙද්දී කොහොම අයද අදහස් පලකොට තිබෙන්නේ කියලා. නුගතා තමන් ගැනම පම්පෝරිය ගහ ගත්තාට තරම පේනවා. "කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා" කියල තමයි ඕකට සිංහල ජන වහරේ නම් කියන්නේ. නායකයෙක් වටේ ඒකරාශී වෙන පිරිසෙන් හිතාගන්න පුළුවන් ඒ නායකයාගේ තරම. මෙතන ලියල තියන අදහස් වලිනුත් ඒ බව පැහැදිලියි. (ස)
මම ලියන්න හිතන් ඉන්න "රාජපක්ෂ පවුල් වනාන්තරය විසින් රටේ මහජන මුදල්ගසා කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුව" එලි දකින දවසට චෞර රැජින කියන පොත මොනවද කියල හිතෙයි. (ස)
මේ ආණ්ඩුව වෙනුවෙන් අන්දයෝ වගේ පෙනී සිටිනා මහතාටයි . ඔබතුමා අහලා තියෙනවා ද ට්‍රාන්ස්නැෂනල් ගවන්මන්ට් ඔෆ් ටැමිල් ඊළාම් ගැන. මේ ආණ්ඩුවේ පාලනය ප්‍රතිපල තමා . දැන් අර මංගල ඇමති තුමා එංගලන්තේ සාකච්චා කරන්නෙත් අපේ රටේ අනාගතය ගැන ද ?එහෙමනැති නම් ටී ජී ටී ඊ රටින් පිට සිට ක්‍රියාත්මක වන්නේ රට වෙනුවෙන්ද ? බුද්දි මත් පාටකයනි මේ ගැන ත් හිතන්න . රට මුහුණ පා ඇති අනතුර තේරුම් ගෙන දිනා ගත නිදහස ඔබ ගේ දරුවන්ටත් බුක්ති විදින්න ඉතිරි කරන්න (ස)
ශාමිලා, අනේ ඔයාට තේරෙන තරම නේද? අනුන් ගේ ළමයිනට හඳහන් හදන්න එපා. දින 100 කරන්ඩ හැදුවේ මොකක්ද කියල ඔයාට වඩා දේශපාලනය ගැන කතා කරන පොඩි ළමයිනුත් දන්නවා. මොකද දින 100 කරන දේ ඒ ගොල්ලෝ කාල් සටහනකුත් එක්ක කීවා. අලුත් ඉපදෙන ළමයින්ට රු.20000 දෙනවා කීව, අධ්‍යාපනයට 6% දෙනවා කීව, දැන් ඒවා අමතකයි . (ස)
මහානාම මහතාණෙනි, ජාතික ණය සැමට පොදු දෙයකි. ඒ ගැන ඔබතුමා කරදර නොවී සැහැල්ලුවෙන් ඉන්න. රටට ආදරෙයි කියන්නේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය වත්කම් කිසිවකුට අව භාවිතයට ඉඩ නොදීමත්, එසේ වැරදියට කටයුතු කරන අයට වචනයකින්වත් උදව් නොකිරීමයි. ඒවගේම නීතියට ගරුකරන (නිතිය තමන්ගේ පැවැත්මට සකස් කර නොගන්න) සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ සහෝදරත්වයෙන් කටයුතු කිරීමද රටට ආදරය කරන්නාගේ ලක්ෂණයක් විය යුතුය.රටට ආදරය කරන්නා ඒ රටේ හැම පුර වැසියෙකුටම ගරු කළ යුතු නොවේද? ඔබ තුමා ඒ ගැනත් සිතා අදහස් පළ කරන්නේ නම් මැනවි. (ස)
අපේ රටේ ජනතාව අවරුදු 30 පමණ කාලයක් තිස්සේ බුරුතු පිටින් මහා පාරේ , බස් එකේ , කෝච්චියේ බෝම්බවලට සතුන් වගේ මියගියා. අනිත් ජනපතින් වගේ රාජපක්ෂත් ජාත්‍යන්තරයට බියවෙලා සටන ආපස්සට ගත්තනම් අදත් අපේ ජනතාව දීන ලෙස එසේ මිය ඇදෙනවා. එදා අපේ ජනතාවගේ එකම ප්‍රාර්ථනය වුනේ බෝම්බයේ මරණයෙන් බේරී ජීවත් වීමට මිස අනෙකක් නොව. එදා අපේ රට තිබුනේ කුනුගොඩොක . පාරවල් කැඩිලා , ගොඩනැගිලි කැඩිලා . අද මේ සියල්ලම නැතිවෙලා. මේවා අපිට අමතක කරන්න බැහැ. (ස)
අපේ අනාගත අගමැති (ස)
මහින්දව පරදා රට සහ සංවර්ධනය ජය ගෙන ඇත. (ස)
මේ දැන් මම අමරදේව මහතාගේ සසරවසන තුරු ගීතයට සවන්දුන්නා. අපි අපේ රටේ නැවත උපදින්න කැමතියි. එත් මේ හොරු රැල නිසා අපිට අයෙමත් සුන්දර රටක් දාල අහිංසක ජනතාගේ බදුමුදලෙන් ඉගෙනගෙන රටට හරියට යමක් නොකර මේ රටවල අපි ජිවත්වෙන්නනම් වෙන්නේ අපි උගත්දේ මගේ රටේ දියුණුවට කැපකර නොවේ. කොහෙවත් ඉන්න පිටරටියනට දීල. මොකද කරන්නේ? මේ හොරු ඔක්කොම පාට පක්ෂ නොබලා එලවන්න අපේ ජීවිත කාලයටම බැරිවේවි. ලංකාවේ ජීවත්වෙන හුඟක් මිනිස්සු හරිම හොඳ අහිංසක අය. එහෙම මිනිසුන්ගේ ධනය හූරන්කන අය මකබෑවිල යන්න ඕන මුළු පුවුල් පිටින්ම. (ස)
ඔබලා කවුරු වෙනුවෙන් මෙතන අදහස් ලීවත් කමක් නැහැ. මෙතන ජාතිවාදය අවුස්සන කතා ලියන්න එපා. ඔය ඔබලා කඩේ යන දේශපාලකයින්ගේ දරුවන් කවදාවත් හමුදාවට බැඳිලා යුද්දෙකට යන්නේ නැහැ. ඔබලාගේ දරු මුනුබුරන්ටම තමයි ඒකටත් උරදෙන්න සිදුවෙන්නේ. ඒ හින්ද කට්ටිය පොඩ්ඩක් පරිස්සමින් වචන පාවිච්චි කරන්න. අද ලෝකය මේ තරම්ම පිරිහිලා තියෙන්නේ යුධ වදින සොල්දාදුවෝ නිසා නෙමෙයි. අන්තවාදී ලෙස ජාතිවාදය හා ආගම් වාදය අවුස්සන අමනයින් නිසා බවත් මෙතන ලියන අයත් හොඳට අවබෝධ කර ගන්න. (ස)
ලසන්ත. ඔබේ සටහන කියවනවිට මට කරුණු කීපයක් ලියන්නට සිතුනා. සංස්කෘතිය කියන වචනය ඔබ දකින්නේ එහෙම වුණාට මට නම් පෙනෙන්නේ වෙනත් විදිහකටයි. එහි දිග පළලක් නැහැ. වපසරියක් නැහැ. රටක ජාතියක අනන්‍යතාවය සංස්කෘතිය තුළිනුයි පිළිබිඹු වෙන්නේ. එය සමාජගතවුවක්. නීතිගතවුවක්. ආගමික සිසිලසක් සහ සුවඳක් වහනයවන්නක්. අප්‍රිකාවෙත් අරාබි රටවලත් රුසියාව ඇතුළු සමස්ත ආසියාවේත් එකිනෙකට බැඳුණු පිවිතුරු සංස්කෘතීන් ඇත. ඒ වාගේම අපේ රටේ තරුණ තරුණියෝ අහිංසකයි. ඔබ කියන දේවල් යම් තැනක සිදුවුණා වියහැකියි. නමුත් රටේ සමස්ත තරුණ කොටස් වලට ඒවා අදාල නැහැ නේද? මන්දයත් එවැනි දේ සැබෑවටම හොඳ හැදියාවක් ඇති අපේ රටේ බුද්ධිමත් තරුණ තරුණියන් ප්‍රතික්ෂේප කරන බැවිනි. (නි)
සංවර්දනය මුවාවෙන් එහි නියමුවන් කොළඹ තිබු වටිනා ඉඩම් රාශියකට පිඹුරු පත් සකසාගෙන කියා දන්නෙහිද ....අපි ඉන්නකන් එක හොරකමක් වත් හන්ගන් ඉන්න ලැබෙන්නේ නැහැ ..ඒවා හොයා හොයා නීතියේ දෙවඟනගේ අවධානයට යොමු කරවනවා ......(ස)
ඉහල පුටුවටත් - පහල පුටුවටත් මහින්න්ද ඔට්ටුයි....... අපි කවදත් මහින්දටයි. නාමල් රාජපක්ෂ ඔබ අපේ අනාගතය.... අත් නොහරිමු මෙම තරඟය..(ස)
අනේ, මෙත්සාර කියන තැනකට වඳින්නම්. රාජසිංහ රජ්ජුරුවන්ගේ ඔය රන් කඩුව ගැන නම් මතක් කරන්න එපා. (නි)
අපේ රටට ආයිත් හොරුන් තක්කඩින් එපා. මහින්දට ස්තුතියි. ඡන්දයක් ඉක්මනට තියා අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගනිමු. මහින්දව විවේක ගන්වමු. (ස)
රට බේරාගත්ත කියලා බෙරිහන් දෙන කට්ටිය දැනගත යුතුයි එය කණ්ඩායම් වැඩක් බව.මේකම කිය කියා අඬබෙර ගසමින් සාමාන්‍ය ජනතාවට උහුලන්නට බැරි ජීවන බරක් පටවමින් මහජන මුදල්,සුනාමි ආධාර ඇතුළු මෙකී නොකී මුදල් කන්දරාවක් ගසාකමින් ජීවත්වුණේ 'රෝයල්' ලෙවල් එකෙන්. විරැකියාවෙන් උගත් තරුණ පිරිස් සෝ සුසුම් හෙළද්දී රජුගේ රජ කුමාරවරු ජීවත්වුණේ සදාම් හුසේන්ගේ පුත්තු වාගෙයි.මෙවන් අයට නම් නැවත කිසිදාක අපේ ඡන්දය නම් ලැබෙන්නේ නැත. (නි)
වින්සන්ට් මහතා කියන දේ මට තේරෙන්නේ නැහැ. ඔබතුමා හරි වැරදි කරන උදවිය නිවැරදි විනිශ්චයක් කිරීමෙන් රටේ පවතින නීතිය අනුව උසාවි මගින් දඩුවම් කළ යුතුයි. මා කාගැනවත් හොදයි කියන්නේ නැහැ. මම අද රට හැම අතින් ම අසාර්ථක බව කියනවා විතරයි. ඇයි මේ ඔබතුමා පටලවා ගෙන . මම දිලාන් මහතාට දී ඇති පිළිතුර කියවා බලන්න. (බ)
අනේ අපිනම් මුකුත් කියන්නේ නැහැ..මැතිවරණය එනකම් .අපි බලන් ඉන්නේ,,යහපාලානේ වලලල ලස්සන සොහොන් කොතක් බදින්න ..ඩුබායි තිලක්ගේ ගෙයි මිදුලේ....(බ)
අපේ වඳුරෝ ටික හිතන්නේ ගොඩනැගිලි ටික හදන එක සංවර්ධනේ කියලා (බ)
මහින්ද කරපු තව දේවල් දසනායකලාට තේරෙයි තව පස්සට. (නි)
මහින්ද මැතිතුමා කුරිරු යුද්දය නිම කළාට මුළු ලෝකයම එතුමාට ස්තුති වන්ත විය යුතුයි.එතුමා වැඩ කාගත්තේ වටේ හිටපු කේවන්ටයන් නිසාත් මෝඩ උපදේශකයන්, මෝඩ පුත්‍ර සමාගම නිසාත් බව නොකිය නොහැකිය. (බ)
කාන්ත් මහතා මෙහි අදහස් දාන උදවියට මෝඩයෝ කියා අපහාස කරන්න එපා. අනික මේ ජරා දේශපාලනේ ගැන දැන ගන්න රට යන්න ඕනේ නැහැ. රට ගිය උදවිය ෆේස් බුක් හා කුණුහරුප ගොසිප් අඩවි වලින් ගොඩක් නිවුස් ලබා ගන්නවා . මොකද ෆේස්බුක් එක භාවිතා නොකරන කෙනෙක් නැති නිසා. තවද සිංහ බෞද්ධයන්ට අපහාස කරන්න එපා. ඔබතුමාගේ නම අනුව ඔබතුමාට ගරු කිරීමක් ලෙස මෙහි ඩයස්පෝරාවෙන් වෙන දේවල් කතා නොකරමි (බ)
මේ ඡන්දෙන් පස්සේ මහින්ද රාජපක්ෂ අගමැති වෙන එක ස්ථිරයි. ඉර හඳ වගේ. (බ)
නදිනි රණවීර,වාගේම මටත් ඉතාම පැහැදිලිවම පෙනුන කරුණක් තමයි කුලියට ලියන අප්පුලා ජාතිවාදය,ආගම් වාදය ඇදගෙන අමුතුම නාඩගමක් නටන්න යන විත්තිය. වැඩි දැනුම් තේරුමක් නැති පිරිස් මේවා දැක නොමගට යා හැකියි. (බ)
ඇයි මහින්ද නැවත පාර්ලිමේන්තුවට එන්න ඕන කියන අදහසට බොහෝ දෙනා එකඟ වෙන්නේ.? ඒ ඔහු තුල රටක නායකත්වයට සුදුසු නියම පෞරුෂත්වයක් තිබීම, දුර දක්නා නුවණ, නොබියව නිවැරදිව දේශීය හා ජාත්‍යාන්තර ප්‍රශ්නවලදී තීරණ ගැනීම. මේ රට සිංහලයින්ගේ රටක්ය කියලා කොහෙද කියල තියෙන්නේ.." යි වැදගත් ඇමතිවරයෙක් ප්‍රකාශයක් කළේය. මේ වසර එළඹෙන තුරු කිසිවෙක් එවැන්නක් කියා නැත. අසාද නැත. එවැනි දේ ඇහෙන විට මගේ දරුවා දිවි දුන්නේ, රට ජාතිය නිහඬව වනසන වෙස්වලාගත් සිංහලයින්ට වයින් බොන්නද කියලා මට හිතුනා. ෆොන්සේකා රණ විරුවා ඒ ගැන නිහඬ උනා. මගේ පුතා එතුමා ගැන ඉතා උසස් ලෙස උදාර බලාපොරොත්තුවක් තබා සිටියා. මෙවැනි කොතෙකුත් දේ මේ පහුගිය දින කීපය තුළ සිදු උනා. රටේ මහජනතාව මම වාගේම මහින්ද දෙසට හැරෙන්නේ ඒ නිසයි කියලා මට තේරුණා. කවුරු මොනවා කිවත් ඒක වැරදි නැහැ. ඒක වරදින්නෙත් නැහැ. (බ)
රොහාන් දුනුවිල මහතා වැනි උදවියගේ සේවය අතවශ්‍ය කාලයකි. කරුණාකර ඔබගේ වටිනා අදහස් මෙහි පලකරන්න. උපන් බිම වෙනුවෙන් නිහඩ සේවයක් කරන මෙන් ඉල්ලමි. (බ)
මහින්ද කරපු නොකරපු හොඳ නරක ජනතාව දන්නවා, තවමත් බල තණ්හාව, පැරදුනාට පස්සේ වැදගත් විදියට හිටියනම් තම හොද, දේශ පාලන කෑදර කම (බ)
වැසිකිලි වලට ඇරෙන්න හදන හදන හැමතැනටම තමන්ගේ නම දමා ගන්න තරම් හීනමානයක් තිබුන කෙනෙක් ගැන කවර කතාද ? ඕන වුනේ බණ්ඩාරනායක මහතාටත් වැඩිය ලොක්කෙක් කියලා පෙන්නන්න (බ)
මහින්දව විවේක ගැන්වීම හෝ නොවීම බහුතර ජනතාව තීරණය කරාවි. මහින්දට දේශපාලනය එපා උනාට දේශපාලනය ට මහින්ද ඕනේ මේ බෙදුම්වාදය පරාද කරන තුරු. ජන 8 ඉදන් වෙමින් පවතින වෙනස දැන් පේනවනේ . ඡන්ද පොරොන්දු ඔක්කොම එකෙන් එක ඉටු කරනවනේ . හැබැයි අපිට නොවේ අරහෙට. එ්ත් කමක් නැහැ රට නොබෙදා රටේ අබිමානය පාවා නොදී (බ)
ලසන්ත මහතාණනි. ඔබ හරි. දළදා සමිදුන් වටකර කාර් රේස් ගිය දවසක් තිබුණා. තවත් පාසලකට පැනපු කොල්ලෝ කට්ටියකගේ දඩබ්බර කමකුත් තිබුණා. ඒ එදා. නමුත් ඔබට හිතන්නවත් බැරිද මෙදා ඇමති පුත්තු අතින් සිදුවෙන ගැහැණු මංකොල්ල ගැන.? ඔබ කියන ඒවාට වඩා මේවා ලොකු නැද්ද.? වලිගය නැති කවුදෝ වගේ මැස්සන්ට ගහන්න යන්න එපා. (බ)
නාමල්ටලු රටේ අනාගතය. කාර් රේස් යන එකයි රගර් ගහන එකයි බාලිකා පාසල් වලට කඩන පැනලා දැරිවියන්ට නටන්න කතා කරන එකයි ඇරෙන්න වෙන මොනවත් දෙයක් රට වෙනුවෙන් කරලා තියනවාද ? (නදී)
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විදේශගත ශ්‍රී ලාංකිකයින්වත් පෙන්නන්න බැරුවයි හිටියේ. ඒකනේ ද්විත්ව පුරවැසිකම දීම නවතා දැම්මේ. මොවුන්ට අමතක වෙන්න ඇති බෙහෙත් ටික ගන්නවත් ප්‍රමාණවත් නැති විශ්‍රාම වැටුපෙන් ජීවත්වෙන මව්පියන්ව නඩත්තු කරන්නේ විදේශගත ලාංකිකයින් බව. ලෝකය මොකක්ද කියලා සියැසින් නොදැක්ක මෝඩයෝ ටික බක පණ්ඩිතයෝ කරවලා සැබෑ බුද්ධිමතුන්ව රටින් පිටුවහල් කරන්න තමයි හිටපු අය කටයුතු කළේ. ඒකට තමයි බුද්ධිමත් ජනතාව එයාලව ගෙදර ඇරියේ. ඒ පරාජය පිළිගෙන දැන්වත් ගෙදරට වෙලා ඉන්න. (නි)
මහානාම මහතාණෙනි,ඔබේ අවවාදය ස්තුති පුර්වකවම පිලිගනිමි.මා කිසි දිනෙක සිංහල බෞද්ධයන්ට අවමන් නොකරමි.මා දවස පටන් ගන්නෙත් බුදුන් වැඳබව ඔබ නොපිලිගන්නවා ඇතයි.සිතමි.මා දමිල ත්‍රස්ත වාදයට එරහි වූ නිසාත් පෙළපාලි වලට සහබාගි නොවූ නිසාත් මා ඉන්න රටේ මට බොහෝ පිරිස් අහිමි වූ බවත් මතක් කර සිටිමි. (බ)
රටේ සිංහලයන්ගේ බහුතරයේ හැටියට තමා අපේ නායකයා පත්වෙන්නේ. (බ)
මහින්ද , යුග පුරුෂයෙක්.මේ ලට පට වලට ඔහුත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? (බ)
සමන් මහත්මයා ලියලා තියනවා ඔය කියන දේවල් යම් තැනක සිදුවුනා විය හැකියි කියලා.අනුමානයෙන් ලියන්නේ මොනවාටද?එය එහෙම තමයි සිදුවුනේ. (බ)
තිලක්.-ඩුබායි, එතකොට සමහරු ජීවිතේට ඡන්දයක් දිනන්නේ නැතුව ඔය අවුරුදු ගානක් හිටියේ (නි)
සන්ෆ්ලවර් ලයිව් ෂෝ එකකටත් මීටවඩා සෙනඟ එනවා (නි)
උදේ සිට සවස් වෙන කන් මෙතන ක්රු ලීවත් මහින්දට තවමත් බැරි වෙලා නේ මෙතන විරුද්ධ දේශපාලන මත දරන අයගේ කටවල් වහන්න (බ)
මාතර රැලිය ඇති සාර්ථකයි. අති විශාල ජනකායක් මහින්දගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් සිටියා. මෙහි අදහස් දමන කීප දෙනෙක් වාගේම මගේ එකම ශ්‍රේණියේ නිලධාරින් කීප දෙනෙක් ද ඇසු ප්‍රස්නයක් ඇත. ලංකාවේ ඇති උසස්ම ආසනයේ වාඩිවී සිටි මහින්ද මැතිතුමාට නැවත පාර්ලිමේන්තුවේ අගමැති හෝ වෙනත් පුටුවක් වාඩි වෙන්න පුලුවනිද යන්නය. මගේ පිළිතුර වුවේ "පුළුවන්." යන්නයි. ලැජ්ජාවක් නැද්ද.? යන්න ඔවුන්ගේ ඊළඟ පැනයයි. "දේශපාලනය කියන්නේ ඒකයි. තමා තවමත් ජනතාව අතර සිටිනවා නම් ජනතාව තමා ඔනෑයැයි ජනතාව ඉල්ලනවානම් පවතින ව්‍යවස්ථාව යටතේ ඇති ඉහළම තනතුරට යාමට ලැජ්ජාවක් තිබිය නො හැකිය." මහින්ද රාජපක්ෂ දේශපාලනයට අමුත්තෙක් නොවෙයි. ඔහු කුඩා තැන සිට ඉහළම තැන දක්වා පියවරෙන් පියවර අත්දැකීම් ලබමින් පරිනත වෙමින් පැමිණියෙකු නිසා ඔහුට කොතනත් එකයි. ඒ බව නිහතමානිව ඔබ පිළිගත යුතුය. රටේ ජනතාව වෙනදාටත් වඩා මහින්ද රාජපක්ෂව ඉල්ලනවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඉදිරියට පැමිණිය යුතුය. ඔහු පැරදවීමට කවුරුන් හෝ මෙවර අඹුඩ ගසනවා නම් මතක් කර දිය යුත්තේ කඩුල්ල අසුකර අඹුඩේ ගසා නොගන්නා ලෙසටයි. මහින්ද යටතේ නැවතත් රටේ සංවර්ධනය. (අ)
අනේ මෙහෙමත් කට්ටියක්? දින 100 ආණ්ඩුව හැදුවේ සංවර්ධනය කරන්න නොවෙයි! මුලින්ම නැතිවුණ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න. දින 100කුයි අවුරුදු 10 කුයි සංසන්දනය කරන්නේ කොහොමද? ඊළඟට පත්වෙන රජය සංවර්ධනය කරන එක ඒ වෙලාවට බලමු. (නි)
ලසන්ත මහත්තය කොහෙන්ද ගොඩ බැස්සේ..අපිනම් ඔයිට වඩා ගොඩක් දේවල් තරුණ තරුණියෝ සම්බන්ධව දැකල තියෙනවා..දෙන්න පුළුවන් දෙතිස් වද දීල අතපය ගලවල දුෂණය කරලා තරුණ තරුණියන් 60000 කට වඩා මහමග පිළිස්සුනු බලු කපුටන්ට කබරයින්ට අහාර වුනු කාල පහු කරලා අපි මෙතන ඉන්නේ.ඔය යහපාලන බෝධිසත්ව වරු තමයි ඒ කාලේ බලයේ හිටියේ...තරගයකදී ආවේගී වීම විනිසුරුන්ට පහර දීම අපිනම් ඕන තරම් දේශීයව හා ජාත්‍යන්තරව දැකල තියෙනවා ඔබ තුමා දැක්කේ එක පාරයි උනාට..අනෙක් ක්‍රියා දෙක අපිත් අනුමත කරන්නේ නැති වුනත් එයිට වඩා සිය දහස් ගුණයක් බලවත් සංස්කෘතික සෝදාපාලු මේ රටේ තියෙනවා අපි කතාකළ යුතු (බ)
මහින්දට බනින අයගෙන් බොහෝ දෙනා මේ රටේ දේශපාලන ඉතිහාසය වත් නොදන්නා බව මේ ප්‍රතිචාර වලින්ම වැටහෙනවා. ලි කවන් යු සිංගපුරුවේ අවිරුදු විස්සක් රට කරන කොටත් මේ වගේ විවේචන ආවා. එතුමා ඒ දේවලින් සැලෙන්නේ නැතිව රට දියුණු කළා. මහින්දත් 2020 ට සැලසුම් කරලා තිබුනේ එක තමයි. රට එක තැනම තියාගෙන එදා වේල වගේ කක බිබී මොනවත් නොකරන අ යට විවේචන චෝදනා එන්නේ නැහැ. මහින්ද යුද්ද කළා. 2009 දිනුව. මානව හිමිකම් පිලිබඳ චෝදනා ලබනවා.. 2010 රට සීග්‍ර සංවර්ධනයකට යොමුකලා. වංචා චෝදනා ලබයි. සංවර්දනය වඩාත්ම තිබෙන ඕන රටක වංචා චෝදනාත් තියනවා. අපේ රටේ 1948 දීත් 1980 දීත් මහා විශාල සංවර්දන වුණා. ඒ කාලයේත් ඔය චෝදනා තිබුන. (අ)
හැම පාලකයකුම විසින් රටට කරපු හොඳ වැඩ අගය කලයුතු අතර නරක වැඩ පෙන්නා දිය යුතය. එතකොට පත්වෙන කව්රුහරි හොද වැඩ පමණක් කිරීමට උත්සා කරවී. මොකද අපි හැමදෙනාම කුමන හෝ බලයක් ලැබුනම වැරදි කරති.(අ)
මේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් සැබෑ යුග පුරුෂයා මහින්ද මහත්මායි.දේශීය ,විදේශීය කිසිම බලවේගයකට නොනැමී යුද්ධය ජාවාරමක් කර ගන්නේ නැතුව මුළු රටටම අභිමානය ගෙනදුන් දේශපාලන නායකයා ඔබයි.අදත් කුහකයින් ඔබට විරුද්ධවන්නේ ඔබ සැබෑ නායකයෙකු නිසාය.එනිසා කළ ගුණ දත් අපේ ආශිර්වාදය ඔබට ලැබෙනවා. (බ)
තිලක්, චානක, මේක ලංකාව. මෙහෙ ඇවිල්ලා සටන් කරන්න (නි)
මෙතන දාන අදහස් දැක්කහම පුදුමයි. රට දවස ගානේ අනාරක්ෂිත වෙනවා. ඒ බව නොදන්නවා වගේ මේ උදවිය කතාකරන්නේ. එක එක නම් වලින් අදහස් දැම්මාට එයාලා දන්නේ නැහැ ඩයස්පෝරාව දැන් කොතරම් ප්‍රබල ලෙස ඉදිරියට ඇවිල්ලද කියලා. මෙයාලට මේ රට ගැන හැඟීමක් නැහැ.ඕනෑ එජාප රජයක් පමණයි (නි)
හොරු සමඟ හෙළුවෙන් කියන්නේ මේවට තමයි (නි)
අපි අපේ රටට ආදරෙයි. අපේ කැමැත්ත ඒ වීරයා වන මහින්ද රාජපක්ෂටයි (නි)
පාලිත, එතකොට කේපී, කරුණලා එක්ක මොකක්ද කළේ? (නි)
ගණන් ගන්න එපා සඳමාලි.ඒ දෙන්නා සිංහල නම් වලින් පෙනීසිටියට එයාලා සිංහල නෙමෙයි වෙන්න ඇති. (නි)
මොකද? දැන් දුකද? නැත්නම් ලැජ්ජද? (නි)
මහින්ද මහත්තයට අභ සරනයි (අ)
රටේ සංවර්ධනයද? හොරු කට්ටියගේ සංවර්ධනයද පැරදුනේ කියලා පැහැදිලි කළා නම් නේද වැඩිය හොඳ? (නි)
ඒකනම් ඇත්ත.(හේ)
ඔය ලැයිස්තුවේ ඉන්න කීදෙනෙකුට තනියෙන් තරඟ කළොත් දිනන්න පුළුවන්වෙයිද? (නි)
මෙතන ගොඩාක් අදහස් දාන උදවිය නිකන්ම ඉවත්වේවි නියම නමින් හෝ ෆේස් බුක් එකෙන් ලොග් වුණොත්. මොකද විවිධ ජාතින් කීපදෙනෙක් විවිධ නම් වලින් පෙනී සිටිමින් ශ්‍රී ලංකාවට අවමන් කරමින් බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටින නිසා. (නි)
මහින්ද රජු පැරදුනේ සිංහල ඡන්ද නිසා නොවේ. අපේ ජාතික වීරයාට ජයවේවා! සිංහලයන්ට සිදුවුණ වරද සාදාගන්න ආයෙත් ඉඩක් දෙන්න ඕනෑ. (නි)
පැරදුනේ සංවර්ධනය නොවේ, පැරදුනේ මහින්ද/සන්ධානය නොවේ.පැරදුනේ ශ්‍රී ලංකාවයි. පැරදුනේ ලබාගත් නිදහස් රටයි.නමුත් සුපුරුදු පරිදි පාට කණ්ණාඩි දාගෙන ඉන්නා රට ගිය ඇත්තන්ට නම් මේවා ප්‍රශ්න නොවේ. මහත්වරුනි , නෝනාවරුනි, අපිට වැදගත් මහින්ද හෝ සන්ධානය නොවේ. අපි විරුද්ධ වියයුත්තේ මෛත්‍රීට , රනිල්ට හෝ එජාපයට නොවේ. අපි විරුද්ධ වියයුත්තේ මේ රට කැබලි කර වෙනම රාජ්‍යක් ඉල්ලා නොනිමි සටනක ඉන්නා බෙදුම්වාදී ඩයස්පෝරාව සමඟයි (නි)
සංවර්ධන හොරු නම් පැරදුනා පසුගිය කාලයේ! (නි)
මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වය මේ තීරුවේ තියෙන අදහස් ප්‍රමාණයෙන්ම පැහැදිලියි.කප්පන් චන්ද ටික එකතු කරන් වැඩි චන්ද ලක්ෂ හතරක් හදා ගත්ත පලියට නායකයෝ බිහිවෙන්නේ නැහැ..ඔවුන් බිහිවෙන්නේ ජනතාවගේ හදවත් තුල..අපිට අවශ්‍ය අපේ චන්ද ලක්ෂ 58 ට සාධාරණත්වය ලැබීම..අපි චන්දෙ දුන්නේ එක එකාට ඒක මංකොල්ල කන්න නෙමෙයි. (අ)
ජය වේවා !! (නි)
කට්ටියගේ භීතිය හිතේ අමාරු ඔක්කොම තීරුවෙන් දිග ඇරෙනවා.ඕවා ඔහොම තමයි. අමු අමුවේ පළිගැනීම් කරන්න යන්නේ නැතුව ටිකක් ඉවසලා ඉඳලා මහා මැතිවරණය තියලා බලය අරගෙන ඔය දේ කළා නම් කට්ටිය ගොඩ. සුළුතරයක් තියාගෙන බහුතරයෙන් පළිගන්න යන එක අන්තරාදායකයි කියලා ඔය පරිණත දේශපාලන මොළ වලට නොතේරුනාට අපිට තේරෙනවා.මහින්ද මහත්තයගෙන් පළිගන්න පළිගන්න රටේ මිනිස්සු මහින්ද මහත්තයා පැත්තට නැඹුරු වුණා.පාක්ෂිකයන්ගෙන් පළිගන්න පළිගන්න එයාලා මහින්ද මහත්තයාට නැඹුරු වුණා. ඒ දේවල් එහෙම නොවුණා නම් අද මහින්ද මහත්තයා කාල්ටන් වල විශ්‍රාම සුවෙන් ඉන්න ඉඩ තිබුනා.දැන් ඉතින් සියල්ල සිදුවී අවසන්! (නි)
මහින්ද රටේ ඉහළම පුටුවේ අවුරුදු 10 හිටියනේ. ආයෙත් පහළට එන්න ලැජ්ජා නැද්ද? නැත්නම් බල තණ්හාව ඊට වඩා ලොකුද? දැන් වෙන අයට අවස්ථාව දෙන්න ඕනෑ. මහින්ද නැත්නම් රටත් නැහැ කියනවා නම් මහින්ද නැති කාලෙක රට නැතිවෙයි. (නි)
සංවර්ධනය කළා රට ගසා කෑ හොරුන්ගේ ඊළඟ පරම්පරා හතක්. අට පාස් නැති කට්ටිය තට්ටු පිට තට්ටු ගෙවල් ගහලා නෑදෑයන්ට බෙදන්නත් එක්ක. තාත්තගේ ආණ්ඩුවේ මාසික පඩිය කීයද? පුතා දාන්නේ ලක්ෂ තුනේ සපත්තු. සමහරුන්ගේ නංගිලා මස්සිනාලා සිංහ රාජයා කපාගෙන මාළිගා හදලා. සා පෙළ පාස් නැති මස්සිනාලාට සමාගම් සභාපති ධූර. ඔන්න සංවර්ධනයේ සමහර කඩඉම්! තව තියනවා අත කැඩෙනතුරු මෙතැන ලියන්න පුළුවන්. (නි)
මහානාම වගේ ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ට මහින්ද වගේ අත දිගහැර සළකන නායකයන් නැතුව ව්‍යාපාර ගෙනයන්න බැහැ. උදේ වැසිකිළියටවත් යන්න වෙලා නැතිව ඇති මෙතන හැම පුවතටම ලියන ලිවිල්ල බැලුවාම.
පුදුම සෙනඟක්! මම මාතර කවදාවත් මෙහෙම සෙනඟක් දැකලා නැහැ (නි)
ජනවාරි 8 දිනුවේ පොදු මහජනතාව!
නියම සංවර්ධනය! ඩොලර් බිලියන 6 වියදම්කොට හැදුවේ මොනවාද? නැවු නැති වරායවල් , ගුවන්යානා නැති ගුවන් තොටුපොළවල්, ක්‍රිකෙට් ගහන්නේ නැති ක්‍රිකට් පිටි... (නි)
මහිද්නගේ දේශපාලනයට විරුද්ධ අදහස් දැමුවොත් ඒ මිනිහා දේශද්‍රෝහියා, ගුණමකුවා, වර්ගවාදියා! මහින්දගේ ගෙදර රෙදි අපුල්ලන්න යනවා නම් අන්න එයා දේශප්‍රේමියා, කෙළෙහිගුණ දන්නා මිනිහා සහ මානව හිතවාදියා! අනේ මේ මිනිසුන්ට රටක්ද ඕනෑ තනි කෙනෙකුට කඹුරන්නද ඕනෑ කියලා මෙතන ලියවිලා තිබෙන දේවල් වලින් පැහැදිලියි.මහානාම මහත්තයෝ, මහා ලොකුවට කියනවා ඔබතුමා හිතන්නේ මෙතන කතා කරන්නේ රට ගැන කියලා. මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුගේ කාලයේ නොවුණ සංස්කෘතික පරිහානියක් වුණේ මහින්දගේ කාලයේ. ඒක නැහැ කියලා කියන්න බැහැ. (නි)
මහින්දත් එක්ක අලුත් යුගයක් කියන්නේ අවුරුදු දහයක් තිබුනේ මොන යුගයක්ද? ඒක එපාවෙලා තමයි ජනතාව එයාව ගෙදර යැවුවේ. මේවා දවල් හීන. අපරාදේ මේ රැස්වීම් වලට වියදම් කරන සල්ලි. මෛත්‍රීට ලක්ෂ 62ක් ඡන්දෙ දුන්නේ මහින්දට අගමැතිකම දෙන්න නෙමෙයි. වහාම ඡන්දෙකට ගොස් ශක්තිමත් රජයක් පිහිටුවිය යුතුයි. එතකොට හොරු රැළ නිකන්ම ගෙදර.
සමහරුන්ගේ අදහස් කියෙවුවහම අනේ අනිච්චං කියලා හිතුණා (නි)
මට නම් දැනෙන්නේ පැරදුනේ අපිමයි කියලයි (නි)
රටේ සංවර්ධනයට වඩා අනේ පව් මේගොල්ලන්ගේ සංවර්ධනය නැතිවුණ එකනේ මෙච්චර දුක (නි)
රුකී,තමන්ගේ දරුවන්ට මහජන මුදලින් රුපියල් කෝටි 20-25 වටිනා ලැම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ කාර් 7-8 ගුවනින් ගෙනවිත් දුන් රාජ්‍ය නායකයෙක් ලෝකයේ මොන රටේද ඉන්නේ? (නි)
සංවර්ධනය නැවතිලා නෑ.තව ටික දවසකින් නැවත සංවර්ධන කටයුතු සිදු වෙයි.(හේ)
කොහොම කොහොමහරි අන්තිමට පැරදුනේ නම් දිනූ දේශයයි (නි)
දැන් මහින්ද මහත්තයා මේකටත් නැද්ද?(හේ)
තුසිත මහතා, ඔබතුමාට මා ගැන දැනගන්න අවශ්‍ය නම් කඳානෙන් අහන්න. නැත්නම් මම මෙහි මගේ දුරකතන අංකය සඳහන් කරන්නම්. මගේ විස්තර සඳහන් කිරීම නම් සදාචාරාත්මක නැහැ. ඒක නිසා කරුණාකර නොදන්නා, නොදැකපු උදවියට අපහාස නොකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මට මොන ආණ්ඩුවක්වත් මොන ජනාධිපති කෙනෙක්ගෙන්වත් පුද්ගලික කිසිත් අවශ්‍ය නැත.මම හැමදාම ලිව්වා, කියනවා. මම මේ ඉටුකරන්නේ මම ගත් ජාතික ණයෙන් බිඳක් හෝ ගෙවීමට උත්සාහ කිරීමක් පමණි. (නි)
මහානාම - කඳාන,පිවිතුරු යහපාල,බන්දුල පෙරේරා,ඇසල,සුගුනවති, මෙතන ලියනවා හැරෙන්න වෙන වැඩක් නැද්ද? (නි)
ඉතින් ඔය කියන මෛත්‍රී මහින්ද ආණ්ඩුව මොකද කලින් ඇති නොවුණේ? මෛත්‍රී මැතිතුමා කලින් හිටියේ එජාපයේද? ඇයි එතකොට මොකද්ද කලින් තිබුනේ? (නි)
මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වය මේ තීරුවේ තියෙන අදහස් ප්‍රමාණයෙන්ම පැහැදිලියි.කප්පන් ඡන්ද ටික එකතු කරන් වැඩි ඡන්ද ලක්ෂ හතරක් හදා ගත්ත පලියට නායකයෝ බිහිවෙන්නේ නැහැ..ඔවුන් බිහිවෙන්නේ ජනතාවගේ හදවත් තුල..අපිට අවශ්‍ය අපේ ඡන්ද ලක්ෂ 58 ට සාධාරණත්වය ලැබීම..අපි ඡන්දෙ දුන්නේ එක එකාට ඒක මංකොල්ල කන්න නෙමෙයි. (බ)
ජනවාරි ඡන්ද ප්‍රතිඵල හොඳින් විග්‍රහකර බැලුවා නම් පේනවා කොහොමද කවුද දිනුවේ කියලා. මෛයිත්‍රී මහතාට උපරිම ඡන්ද ලක්ෂ 50 යි , මහින්ද මහතාට අවම ඡන්ද ලක්ෂ 57 යි. කමක් නැහැ.ඡන්දෙ ඉවරයිත ඡන්දෙ බොහොම සාධාරනයි. ප්‍රතිඵලයට අපි ගරුකරනවා. දැන් තියෙන්නේ මේ රටේ ආරක්ෂා කරගෙන , ලැබූ නිදහස රැකගෙන , සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාමයි (නි)
"පැරදුනේ මහින්ද නොවේ අපගේ සාක්කු සංවර්ධනයයි" කියා කීවා නම් තමයි හොඳටම ගැලපෙන්නේ .(හේ)
කවුරු දැන් මොනවා කිවුවත් අපිට ආපස්සට හැරෙන්න බැහැනේ! (නි)
තව 66 ක් මේ අයට දීලා බලමු. (නි)
අපිත් බැලුවා ඇත්තටම මහානාමට මෙතැන් ලියන හැටියට කොහොමද ව්‍යාපාර කටයුතු කරගෙන යන්න වෙලාවක් කියලා. අනෙක් කට්ටියට දොස් කියන්න කලින් නරකද ඔබතුමාම මතක කළොත් ඔබේ ඇති හැකි කම් ගැන මෙතන දීර්ඝ විස්තරයක් ඔබම තමයි පසුගිය පුවතකදී ලිව්වේ. ඉතින් අනෙකුත් පාඨක භවතුනට හිතන්නේ නැද්ද ඔබ වැනි කාර්ය බහුල ව්‍යාපාරිකයෙක් කොහොමද මෙතන හැම දේශපාලන පුවතකටම මෙහෙම දීර්ඝ ලෙස හැම අදහසක් පස්සෙන්ම පන්නා යමින් උත්තර ලියන්න වෙලාවක් තියෙන්නේ කියලා. ඔබම ටිකක් හිතන්න. මම හිතන්නේ නැහැ කාටවත් ඔබේ පුද්ගලික විස්තර අවශ්‍යයි කියලා (නි)
ඒකනේ තිලක් ඩුබායි, මෙතැන මිනිස්සු අහන්නේ වැසිකිළි යන්නවත් වෙලාවක් තියනවද කියලා. (නි)
පාලිත මහත්තයෝ,ඕක තමයි මේ අපිත් අහන්නේ. (නි)
කලින් අවුරුදු 10 ක් තිස්සේත් තිබුනේ එහෙම ආණ්ඩුවක් තමයි කියලා සමහරුන්ට තේරෙන්නේ නැහැ. (නි)
අහන්නේ මොනවද යහපාල උන්නැහේ ? යසට සුදුසුකම් සලකලා අගමැති කම දීලා පක්ෂයේ තියාගන්න තිබුන මනුස්සයාව කකුලෙන් ඇදලා අනෙක් පැත්තට තල්ලු කළේ කවුද කියලාද ? (බ)
මෛත්‍රී මැතිතුමා පක්ෂයේ ඉන්නකන් කුඩම්මාගේ බත් හැන්දෙන් බෙදලා දැන් වෙන තැනක ඉන්නකොට සමාගම් වලට කතා කරනවා. .ලැජ්ජාවක් නැද්ද ? (බ)
කසුන්ගේ සංවර්ධනයට බාලගිරි දෝෂය! (නි)
අන්තිමට එතන තිබුනේ ශ්‍රී ල නි ප ය නෙවෙයි. මැදමුලන නිදහස් පක්ෂය. ! ඉතින් වැදගම්මක් ඇති මිනිස්සු ඔය පක්ෂයේ ඉතිරි වේවිද ? (බ)
නැහැ පැරදුනේ මහින්ද නෙමෙයි සිංහල අපි! (නි)
මෙහි බොහෝ අදහස් සමඟ මට එකඟ වෙන්න අමාරුයි (නි)
පැරණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තේරෙනවා පසුගිය කාලයේ සිදුවුණ දේවල්. මහින්ද බලයට ආ ගමන් කළ පළමු දෙය තමයි පක්ෂයේ නිර්මාතෘගේ මතකයට පල නොකිය පලා බෙදීම. අන්තිමට පක්ෂය ගොඩනැඟීමේ මුලික වුණේ රාජපක්ෂලා කියලා තමයි හැමතැනම පාරම් බාන්න පටන් ගත්තේ. මේවාට නැහැ කියන්නේ අර අමතක වෙන ලෙඩේ හැදුන උදවිය විතරයි. (නි)
විවේකය ලැබුණ ගමන්ම මම පත්තර කියවන්න ගත්තා. මම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දුන්නේ නැහැ. ඒ ගැන කියන්න නොවෙයි මම හදන්නේ. ඔහු අපේ රටේ ජනාධිපති වෙලා ඉඳලා දැන් අගමැති කරවන්න පිරිසක් දරන උත්සාහය නිසා යම් හේතුවකින් ඔහු පත් වුනොත් ඒ තනතුර භාර ගන්නට ලැජ්ජාවකින් තොරව ඔහුට පුලුවනිද.? යන ප්‍රශ්නය කිසියම් කෙනෙක් අහලා තිබුණා. මේ ප්‍රශ්නය මගේ හිතේ නැගුනේ මිට වසර ගණනාවකට කලිනුයි. එත් ඒ මහින්ද රාජපක්ෂ මහතා නිසා නොවෙයි. අපේ පක්ෂයේ නායක තුමා 28 වරක් පරාද වුනා. එ්ත් ඔහු ඡන්දෙ ඉල්ලනවා. ඔහුට කිසිම ලැජ්ජාවක් නැත්නම් මහින්ද රාජපක්ෂ මහතා කුමට ලජ්ජා වෙන්නද? මේ ප්‍රශ්නෙට කිසිවෙක් ගැලපෙන පිළිතුරක් දෙන්න. පිළිතුර මට සැහීමකට පත්වෙන්න පුළුවනි නම් මගේ ඡන්දෙ මෙවරත් පුරුදු විදිහට දෙනවා. (බ)
රංග මහතා, ඔබ හරි. මා ලියනවා රට වෙනුවෙන් මට හරියි කියන දේවල්. ඒවා වැරදි නම් ඔබතුමා මගේ නමින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. නමුත් අපහාස හා උපහාස මා කවදාවත් භාවිතා කරන්නේ නැහැ. මගේ නමින් අදහස් දක්වන උදවියට මා ගරුකරන අතර 100% පිළිතුරු සපයමි. (නි)
බන්දුල මහත්තයෝ, මෛත්‍රී මහින්ද ආණ්ඩුවක් යැයි කියන්න තිබුනේ ජනවාරි 8 වෙනිදාට ඉස්සර නේද? (නි)
අපිට යන්න බැරිවුණ එක ගැන දුකයි (නි)
මහින්ද රාජපක්ෂ පැරදුනා නොවෙයි. පැරදුනේ රටේ සංවර්ධනයයි. කියලා කියන කතාව එහෙමම තියෙද්දී මට හිතෙනවා පැරදුනේ රණවිරුවා සහ අපේ රටේ සංස්කෘතියයි කියලා. ඇමෙරිකාව අපේ රටට බහින්න කුරුමානම් ඇල්ලුවේ අවුරුදු ගණනාවක ඉඳලයි. එදා හිටපු සිරිමා බණ්ඩාරනායක මැතිනිය,යැංකි ඩිකී ලෙසින් හැඳින්වූ ජේආර් ජයවර්ධන මහතා, ආර්.ප්‍රේමදාස මහතා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සහ ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතා යන නායක නායිකාවන් ඇමෙරිකාවේ ඉල්ලීම් පිළිගත්තේ නැහැ. බැහැර කළා. නමුත් අද වෙන්නේ මොකක්ද.? ජෝන් කෙරී එනවා. ඒකට අප්පුඩියක් ගහනවා. ඔබාමා එන්න යනවා. ඒකට තව අප්පුඩියක් ගහනවා. ඇමෙරිකාවේ තුට්ටු දෙකේ අශිෂිත දේවල් අපේ සංස්කෘතියට මිශ්‍ර වේවි. අද ජපානයට වෙලා තියෙන්නේ ඒකයි. මේ තත්වය තුළ මහින්ද පරාද උනා නොව, අපේ දරුවන් පරාදවීම සිදුවේවි. ඒ නිසා මහින්ද පැමිණිය යුතුමයි. (බ)
මහජන මුදල් අනිසිලෙස පාවිචි කළානම් මොනවිදිය නායකයෙක් උනත් මැරෙන්න මොහොතක් තියා හරි වමාරන්න සිදුවන බව පැරණි කියමනක් ඇත . අපේ රට බුදුන් වැඩිය රටක් ඒ බව නොතකා රට පාලනය කරන ඕනම කෙනකුට අනිසි විපාක වලට මුහුණ දෙන්න සිදුවනවා ඇත (බ)
තිලක් ඩුබායි මහතා හැමටම වඩා ඔබතුමා මෙහි අදහස් දානවනේ , ඔබතුමා මොන අදහසක් දැරුවත් ඔබතුමා කරන දෙය මා අගයකරමි , තමා ගේ කාලය වැයකර මෙහි නිරතුරුව ලිවිම ලේසි පහසු නැත , නමුත් අපහාස හා උපහාස නැතිව , ඔබගේ අදහස් දැක්වුවා නම් හොදයි නේද ? (බ)
ගැමුණු මහත්තයෝ, සිංහල කියමනක් තියෙනවා "බාගෙන කන්ඩතියෙනවල ඉහගෙන කෑව "වගේ කියල. තව අව්රුදු දෙකක් කන්ඩ තියෙද්දී කලබලේ මොකට ද ඡන්දෙ තිබ්බේ කියල පැහැදිලි කරන්ඩ කෝ.සේරම් මහත්තයෝ අපේ රටේ සංස්කෘතිය කිව්වේ...අර අපේ සංස්කෘතිය භාර ඇමතිතුමා ගේ "ලිබර්ටි ප්ලාස"ළඟ තිබුන කාර්යාල එතනින් අයින්කරපු එකද? අනේ උත්තරයක් දෙන්ඩලා කෝ, (අ)
රංග එක එක්කෙනාගේ පුද්ගලික විස්තර මෙතැන අවශ්‍ය නැහැ වැදගත් වන්නේ අදහස් පමණි , නමුත් ඒ අදහස් පිළිගත හැකි හා පිළිගන්න පුළුවන් මුලාශ්‍ර වලින් ලබා ගත යුතුයි , මේ ඔප්පු කරන්න තියා හිතන්නවත් බැරි ෆේස් බුක් වල තියෙන කුණු ජරාව මෙතන පල කරන්නේ ඇයි ? පුළුවන් නිතිය ඉදිරියට ගිහින් සාක්කි දෙන්න , එහෙම නැතිනම් තමා ගේ නියම නමින් ෆේස් බුක් ගිණුමකින් අදහස දාන්න , එතකොට පුලුවුන් මොන ජාතිකයෝ ද , කොහේ ඉදලාද අදහස් දාන්නේ කියල (බ)
පිවිතුරු මහතාණනි , මෙතන අදහස් දාන කීප දෙනෙක් මම දන්නේ නැහැ මොන ජාතියේද මොන ආගමේද මොන රටේ ද කියලා , මෙයාලා ශ්‍රී ලාංකික නම් වෙන්න බැහැ, මෙයාල කොහොමද දන්නේ නැහැ නිවුස් ගන්නේ ? බැරිද දන්නේ නැහැ මෙහෙ අර අපරාධ පොලිසියට ගිහින් සාක්කි දෙන්න ඔච්චර දන්නේ එකේ (බ)
යහ පාලනය පවතින හෙළ දෙරණ මත බල වියරුවට මින්පසු අවසරය නැත (ස)
තිලක් ඩුබායි මහතා මට නම් ඔබතුමාට වගේ නොවේ වැඩ වැහි වහලා , ඒ මොනවා වුනත් රට ගැන දැන ගැනීමට , රට වෙනුවෙන් කතා කිරීමට හා ලිවීමට නම් මට ඕනේ තරම් වෙලා තියෙනවා (බ)
මේ සිංහල අපගේ රටයි....අපි ඉපදුන මැරෙන රටයි.... මහින්ද කෙලවගත්තේ මෛත්‍රීට අගමැතිකම නොදී...මෛත්‍රී කෙලවගන්නේ මහින්දට අගමැතිකම නොදී..(හේ)
මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව අදහස් යොදන පුද්ගලයින් මෙතන ඉන්නේ අතක ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් පිරිසකුයි. වෙනස් නම් වලින් ලිවුවට මේ තීරුවේ පලවන සටහන් නිතිපතා සැළකිල්ලෙන් කියවන කෙනෙකුට ඔවුන් ලියන ග්‍රාම්‍ය භාෂාව නිසා මේ අසවලාය කියා හඳුනා ගන්නට පුළුවන්. මේ කවුරුත් කියන්නට තනන්නේ අප කොතෙකුත් අසා ඇති දින කල්පිරුණු හෙවත් පිළුණු වූ පුවත්ය. නමුත් මහින්දයන්ගේ වේදිකාවෙන් ඇසෙන්නේ සියලු වරද නිවරද කරගත්, නව මගක සැබෑවන සිහිනයක තොරතුරුය. එය සිහිනයක් වන්නේ බලයට පත්වන තුරු පමණය. එය සැබෑ වන්නේ බලය සමග විහිදෙන සංහිදියාව නිසාය. අද අපේ ජනාධිපතිතුමා පත් වී සිටින තත්වයෙන් එතුමා මුදවා ගෙන නිදහසේ සැනසිල්ලේ හුස්ම ගන්නට සැලැස්විය හැක්කේ, එතුමා කල එළියට ගෙන ආ හැක්කේ, රට තුළ සිදුවන ගුණාත්මක සැබෑ වෙනස දැක සතුටින් සිටින්නට එතුමාට හැකිවන්නේ මහින්දගේ ආගමනයෙන් බව නොබියව කිව හැකි දෙයකි. ජනාධිපතිතුමා අද රට පත්වී සිටින අරාජික තත්වයෙන් මුදවා ගන්නට කැමති සිංහලයෙකි. බෞද්ධයෙකි. පරණ අමනාපකම් ඇතොත් ඒ සියල්ල රට වෙනුවෙන් අමතක කොට සමස්ත මහජනතාවගේ සුභ සිද්ධිය පතා එක්විය යුතු කාලය මෙයයි. ඉදිරි මැතිවරණයේදී ජයගන්නා මහින්ද රාජපක්ෂ පිළ අන් කවරෙකුගෙන්වත් සමන්විත නොවේ. එහි සාමුහික එකතුව පිරිසුදු නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ය. මේ බව සියලු පාක්ෂිකයින් දන්නා අතර ජනාධිපතිතුමාද පැහැදිලිව දන්නවා යැයි විශ්වාස කරමි. එහෙයින් රට වැසියනි ඔබ ඔබේ දරුවාට රටක් දායාද කරන්නට නම් මේ ගොඩනැගෙන නවතම රැල්ල හා එකතුවන්න. රටට ජය. ඔබට ජය. (බ)
මෙන්න කට්ටිය හඳට බුරනවෝ.(හේ)
කවුරු මොනවා කිවත් මෛත්‍රී ,රනිල් කොටියට රට දෙනවා . හැබැයි ආපසු බෑ හොඳේ , සොරි තමයි. (බ)
දිලාන් මහතා ඔබතුමා 100% හරි , පසුගිය මහින්ද සමයේ විශාල ලෙස මේ රටේ සංස්කෘතිකව , සමාජයීය පරිහානියක් වුනා , පිලිගන්නවා විවාදයක් නැතිව . මා කතා කරන්නේ මහින්ද වෙනුවෙන් නොවේ , මේ රට වෙනුවෙනි , මේ රට ලබා ගත් නිදහස් භාවය රැකගෙන ඉස්සරහට යනවා නම් මොකටද අපිට ආයෙත් මහින්ද පාලනයක් ? ඔබතුමා හරි , දැන් බලන්න මොකද වෙන්නේ කියලා , එජාපෙ දුෂිතයි කියලා පතුරු ගහපු හැම ව්‍යාපෘතියක්ම දැන් ආයේ කරගෙන යනවා ගැටළුවක් නැහැ පොඩි පොඩි තාක්ෂණික ප්‍රශ්න පමණයි ඇත්තේ කියලා . වරාය නගරය පටන් ගන්නයි යන්නේ , මහා පරිසර හානියක් උනා කියලා නවතපු උමා ඔය වියාපෘතිය දැන් පටන් ගන්න යන්නේ , බලන්න දිලාන් මහතා මේ වෙනස ඔබතුමා බුද්ධිමත් බව ප්‍රතිචාරයෙන් පැහැදිලියි . මම එදත් අදත් විරුද්දයි හම්බන්තොට වරායට , ගුවන්තොටුපොළට හා ක්‍රිකට් ක්‍රීඩා පිටියට , මේවා අනවශ්‍ය දේවල් නොවේ , නමුත් අත්‍යවස්ය නැහැ මේ මුදල් නැති වෙලාවේ , අනෙක පහුගිය කාලේ නිතිය වල් වැදිලා තිබුනේ , සරත් පොන්සේකා මහතා ට හා ශිරානි බණ්ඩාරනායක මහත්මියට වුනේ බලවත් දේශපාලන පලි ගැනීම් . හරි දේ හරියි කියන්නත් වැරදි දේ වරදිදී කියන්නත් අපිට කොන්දක් තිබිය යුතුයි නේද දිලාන් මහතා , මහින්ද ගෙන් වුන වැරදි වලට ලබා ගත් නිදහස පාවා දීම , රට දියුණු කිරීමට රටේ නිවහල් බව උකස් කළ යුතුද ? එකසත් ජාතින් ඩොලර් බිලියන 3 ක් අපිට දෙන්න යනවා නේද ? මේ රටේ සන්හිදියාවක් ඇතිකරන්න හා දේශීය යුද යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න කියලා , දේශීය යුද යාන්ත්‍රනය මොකටද මේ අපේ වීර රණ විරුවෝ දන්ගෙඩියට දක්වන්න නේද දිලාන් මහතා , (බ)
සාරා,අපි යන්නේ කිලිනොච්චියට. මැදවච්චියට නොවේ (නි)
යහපාල මහත්තයෝ මම ගොඩ බැස්සේ හුණුපෝරණුවක දැවිලා සාක්ෂියක්වත් නැතිව මියගිය තරුණියක සිටිය ගමෙන්. ඔය බේබිලා සුද්ධ කරන්නේ පරිස්සමෙන්. කට පරිස්සමෙන් කතා නොකළොත් උඩ බලන් කෙල ගැහුවා. (බ)
කරු, එක කට්ටියක් පැරදිලා තව කට්ටියක් එනවා. බැලුවහම කොයි කවුරුත් එකයි අපිට (නි)
පැරදුනේ මහින්ද නොවේ ඔහු වටේ උන්න හොරු හා පාදඩයන් හැබැයි දිනුවේ රටේ සියලුම සිවිල් ජනතාවයි (බ)
අනුර මහත්තයෝ, තනිවම ඉල්ලලා දිනන එක ගැන නෙමෙයි මෙතන කියලා තියෙන්නේ (නි)
ඔය කියන වීරයාට අපිත් දෙපාරම අත ඉස්සුවා.හැබැයි ඒ වුණාට දෙවෙනි පාර එතුමා ගියේ හිතුවක්කාර ගමනක්.කැපුවත් කොළ, නිල්, රතු වලින් අයින් වී රටට ගැළපෙන ප්‍රතිපත්තියට අනුව ඡන්දය පාවිච්චි කරන්න නුඹලා කටයුතු නොකරනතාක් අපේ රටට අබ සරණම තමයි.අප ජීවත්වෙන පුරෝපයේ මිනිස්සු යන්නේ ඒ ගමන.මතක තියාගන්න 'සංවර්ධනය බම්බුවටද මිනිසුන් කෑමට උලාකන්නේ නම්'. (නි)
පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගේ නම් ටික දැක්කහම මේ අය දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට නම් ගැළපෙන්නේ නැති බව තේරුම්ගත හැකිය. පාලකයෙකුට වන්දිබට්ටකම් කරමින් තමන්ගේ පැවැත්ම ගෙනයාමට උත්සාහ කරන පිරිසක් මිස, අවංක නායකයකු යටතේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට උත්සාහ කරන දේශපාලනයක් ඔවුන්ගේ ක්‍රියාදාමය තුළ දකින්නට නැතිවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)
මෙම රැලියට සහභාගි වී ඇති බහුතරයකට දුෂණ වංචා මිනීමැරුම් සම්බන්ධ යැයි චෝදනාලත් අයය.මේ අයට තිබෙන චෝදනා වලින් ගැළවෙන්න බැහැ.ඒකට තමයි මහින්දව බලයට ගෙනෙන්න දඟලන්නේ. (නි)
සේරම් මහත්තයෝ, ඔය කියන කෙනාගේ සහෝදරයෝ ඇමරිකන් පුරවැසියෝ නේද? එය අසනීප වුණ වෙලාවේ ගියේ ඇමෙරිකාවට නේද?ගල් යුගයේද තමා ඉන්නේ? (නි)
වින්සන්ට් කතා කරන්නේ මොන ප්‍රතිපත්ති ගැනද? (නි)
මහින්ද හොරකම් කළා කියාගෙන අඬබෙර ගහල චන්දෙ දිනුවා. නමුත් කළාය කියන එක හොරකමක් වත් ඔප්පු කරන්න බැරි වුණා මොනතරම් බලයක් තිබුණත්, මේ ආණ්ඩුවට. අනික කාල්ටන් නිවස රූපවාහිනියේ පෙන්නුව වෙලාවක මම දැක්ක ඒක බොහොම සාමාන්‍ය නිවසක් බව. මහින්ද රටේ මුදල් හොරකම් කළ කතාව මහා බොරුවක්. කොටි සංවිධානයත් මේ යහපාලන රජයත් එකතුවී අපව රවටන්න හැදුව උගුලක්. අපි ඒකට අහු වුනා. රටට ආදරය කරන එකම මනුස්සය එලවාගත්තා. (අ)
රැලියට ඇවිත් ඉන්න මන්ත්‍රී කට්ටියගේ නම් ලිස්ට් එක බැලුවාම හිතාගන්න පුළුවන් රැලියේ තරම. රටේ සංවර්ධනය කෙසේවෙතත් මේ අයගේ පොකට්ටුවේ සංවර්ධනය නම් අඩුවෙලා කියලයි අපි දන්නවා. (නි)
සැබැවින්ම මට කියන්න තියෙන්නේ සිංහල අපට තමන්ගේ ජාතිය ගැන කිසීම අයුරකින් හැගීමක් නැත වුවත් අනෙක් අය තම ජාතිය හා අාගම පළමුකොට සලකයි. ( සියල්ලන්ම නොවේ.) සිංහල දරුවන්ව විවිධ මත් දව්‍ය වලට ඇබ්බැහි කරන්න විවිධ අය උත්සහ කරනවා. සිංහලයෝ කරන්නේ එකිනෙකා ට ඊර්ෂියාකරමින් අවසානයේ දී මෝඩයෝ වීම පමණී. මෙම පිටුවේ දකින්නේ එහි අන්තර්ගතය බව මා හට සිතේ. සියලු දේශපාලකයෝ හොරු හා අමනයෝ යැයි මට සිතේ. අපි කා ගනිමු. එකිනෙකාට වෛර කරමු. එවිට අනාගතයෙදී අපගේ දරුවන්ට යලි ප්‍රභාකරන්ලා හමුවෙවි. එවිට අප ජීවත් ව සිටීද නොදනී. එ් කලයේදී රටේ භාරකත්වයට අපේ රටේ නොසිට එංගලන්තයේ හරි ඇමෙරිකාවේ ඉගෙන ගන්න ගිය දේශපාලකයන්ගේ පුතාලා දුවලා සැදී පැහැදී ඒවී. (අ)
මේ රැස්වීම් තියලා මහින්දවද ගෙනෙන්න හදන්නේ? මෙතන රැස්වීමට ඇවිල්ලා ඉන්න හිටපු මන්ත්‍රීවරු සියලු දෙනාම වගේ මිනිසුන්ගේ එතරම් ප්‍රසාදයක් නැති අය (නි)
මෙතන අදහස් දමන වැඩිහරියක් ශ්‍රී ලාංකිකයෝද? තව ටික දවසකින් අපේ ජාතික කොඩියෙන් සිංහයාත් ගැලවුණු දවසට, මේකේ ඉන්න හැම ජාතිකයාටම දෙවි පිහිටයි! (නි)
සුජීව, වැඩිය බොරුවට උඩ පනින්න එපා. කොඩියේ සිංහයා කෙසේ වෙතත්, ගහගෙන ඉන්න අමුඩේ කඩාගෙන බිමට වැටෙයි. (ස)
කුසුමල වගේ අයට තමා අර සින්දුව තියෙන්නේ ... "කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට මොන කෙන්ගෙඩියද තව ඕනේ කියන්නේ " (ස)
ඔය මන්ත්‍රී වරු මොනවා කිව්වත් මෙතන ඉන්න කට්ටිය මොනවා කිව්වත් මහින්ද ඉන්න කාලේ රට සංවර්ධනය වුණා කියලා පිළිගන්න වෙනවා.පිළිගන්න අකමැති අය අහලා බලන්න ලංකාව ගැන ලංකාවට යුද්ධයට පෙර සහ පසු ආ විදේශිකයන්ගෙන්. එයාලා කියයි මොකද්ද වෙනස කියලා. පක්ෂ බේදයකින් තොරව. (නි)