ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් තමා මරා දැමීමට පවා ඉඩ තිබුණු බව මෛත්‍රීපාල සිරිසේන ජනපති සිය පළමු පොළොන්නරු සංචාරයේ දී පැවසීය.
‘මහින්ද රාජපක්ෂ දිනුවා නම් මගේ දරුවනුත් අත්අඩංගුවට ගන්න හිටියා. මට වද හිංසා කරන්න සියලු පිඹුරුපත් සකසා තිබුණා. ‘
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සිරිසේන මහතා තරඟයට ඉදිරිපත් වූයේ එක්කෝ රජ ගෙදර යන්නයි නැත්නම් හිරගෙදරට යන්නයි.
වික්‍රමසිංහ මහතා හිටපු ජනපතිට ද ස්තුති කළේය. රාජපක්ෂ පාලනය ගැන කළකිරී සිටි ඡන්ද දායකයන්ට සිය ඡන්දය දිමට අවස්ථාව සලසා දීම ඊට හේතුව බව ද වික්‍රමසිංහ මහතා කීවේය.
නව ජනපති පිළි ගැනීමට පොළොන්නරුවට අදත් මහ පිරිස් ඇදී ආහ.
සිරිසේන මහතා ළමා කාලයේ සිටම ආ ගිය ධර්ම විජයාරාමයට ද ගියේය.
දහම් පාසල් දරුවෝ රටේ නායකයා එහි දී සෙනෙහසින් පිළිගත්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපති වුනාට පස්සෙත් ඔය වගේ කතා කියන එක ඔබතුමාගේ ඊළඟ චන්දෙටනම් හරිම අවාසියක් නේද? දොස්තර මහත්තයත් ඔය කතාවම කිව්වා අපිට මතකයි.(අ)
මෝඩ රණවකයෝ ඉස්සර ඔබ වගේ කෙනෙක් හිටිය බන්දුල පෙරේරා කියල ඔබත් ඒ වගේම ගොනෙක්. (අ)
අනේද කියන්නේ උදාර, අලිබබා සහ හොරු හතලිහ කතාවත් ලංකාවේ විතරක් නෙවේ ලෝකෙම ජනප්‍රියයි.(අ)
මහින්ද යූඇන්පියට පරාජය කිරීමට නොහැකි නිසා ඔහුගේම පක්ෂය වූ ශ්‍රීලනිපයෙන් ගත් කොටස් උපයෝගී කරගෙන ශ්‍රීලනිපය භේද කර උතුරු නැගෙනහිර ඡන්ද සමග එකතුකොට බලයෙන් ඉවත්කිරීමේ කොන්ත්‍රාත්තුව වත්මන් ජනධිපතිතුමා ඉටුකර තියෙනවා. යූඇන්පියේ අය හැර ශ්‍රීලනිපයෙන් මහින්දට එරෙහි වූ සියල්ලම අහිමි වූ හා නොලද යම් යම් වරප්‍රසාදමත මහින්ද කෙරෙහි අතෘප්තියෙන් හා වෛරයෙන් ඔහුට එරෙහි වූවා මිස රටට හෝ අපට ආදරේට මහින්දට එරෙහි වූවෝ නොවන බව අප ඡන්දයට පෙර සිටම දැක්කා. (අ)
බන්දුල පෙරේරා නමින් මෙච්චර කල් ලියල තියෙන්නෙ ගෝඨා වෙන්න ඇති (අ)
හිටපු ජනාධිපතිතුමා රට බේරාගත් බව අපි දන්නවා. ඒකෙ සැකයක් නැහැ.එතුමාට අපි ණයගැතියි.දැන් ඔබතුමා මේ රට තවත් සංවර්ධනය කරමින් රටේ ජනතාවට හොඳින් ජිවත්විය හැකි ආර්ථිකයක් සාදාදෙන්න. අපිට පක්ෂ පාට වැදගත් නැත.ඔබතුමාට ජයෙන් ජය !!!!! (නි)
අනේ මන්දා මෙයා මොනවා කියනවද කියලා (දිල්)
අපේ රට බේරාගත්තේ වීරෝධාර රණවිරුවෝ ඒ යුද ජය රණවිරුවන්ට හිමි විය යුතුයි (දිල්)
සන්වානි ගෙ මතය දරන තවත් හුගදෙනෙක් මේ රටේ ඉන්නවා. ඒ සියළු දෙනාට ඉක්මනින්ම ප්‍රඥාව පහළ වේවා කියා ප්‍රාර්ථනය කරනවා. (නදි0
මොකද මේ ජනතාව අතරින් යනකොට ලොකු ගාර්ඩ් එකක් දාගෙන යන්නේ? අනේ ළමයිනේ දැන් ඉතින් ඈත ඉඳන් වැඳගෙන ඉන්න.(නදී)
නුවණක්කාර ජයන්ත දිවුරුම් දෙන දවසේ රු 6000න් ඒ වැඩේ කරගන්න ඉන්ධන දුන්නේ ඔයාගේ වියදමෙන් වෙන්න ඇති නේද? ලැජ්ජයි තමා. එ්ත් මේ වගේ ගොන් ජෝක් දාන්න පටන් ගත්ත අයට එයාලගේ ඔලුවේ තියන වල්බිහිවුන අදහස් අයින් කරගන්න කිව්වා නම් වඩා හොඳයි. (නදී)
මේ පින්තුරයෙන් පැහැදිලි වන්නේ මෙතුමා නියම ජන නායකයෙක් නොවන බවයි. පන්සලක සැදැහැවත් පිරිසක් අතරට යාමටවත් ඔහුට නොහැකියි. ආරක්ෂකයින් පිරිවරාගෙන යන්නේ පන්සලකට නොවෙයි යුද්දයකට වගෙයි.(නදී)
පැරදුනා නම් අපි ඔක්කොම ඉවරයි. රටත් ඉවරෙටම ඉවරයි. (නදී)
මිනීමරු ප්‍රබාකරන්ගෙන් රට නිදහස් කර ගත්තට වැඩිය ලොකු යුද්දයක් කරලයි රට නිදහස් කර ගත්තේ.එ්කත් හමුදා කුමන්ත්‍රණයකින් වෙනස් කරන්නයි බැලුවේ. ඉදිරියටත් පරිස්සමෙන්. කරුණ,කප්,දයා මාස්ටර් ජෝර්ජ් මාස්ටර්ලා ඔක්කොම ඉන්නේ හිටපු ජනාධිපති ලග. (නදී)
ෂෙරිෆ් රිහම් ඔය සෞදියේම ඉන්න ලංකාවට එන්න හිතන්න එපා (නදී)
දිය ඇදල කලේ බින්දා වගේ වැඩක් හිටපු ජනපති කලේ. යුද්දය දිනුවට ජනතාව කලගුණ සැලකුවා අවුරුදු හයකට. (නදී)
ඉවරයි තමයි.(හේ)
පැරදුනානම් ඔබතුමා විතරක් නොවෙයි අපිත් ඉවරයි ,රටත් ඉවරයි .එහෙනම් අපිට ඉන්න වෙන්නේ මැදමුලන වලව්වේ සේවකයෝ වගේ.(හේ)
බන්දුල ගේ අවතාර ගොඩක් මේ කේ තියෙනවා . සන්වානි ,ලෝචන , සුනිල් , කුමාරි ,රණවක ,උදාර මේ ඉන්නේ බන්දුල ගේ අවතාර ටික (බ)
අනිවාර්යෙන්ම (බ)
රණවක ,තවම වලන් හෝදන වැඩේ කරගන යනවා නේද ,දැන්වත් ඕක නතර කරලා ගෙදර යන්න (බ)
මෙයාට වධ හිංසා කරන්න කව්රුත් යන්නේ නැහැ . අවරුදු කීපයකට පෙර ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමති කියල ඇමෙරිකාවට ගෙනල්ල සම්මානෙකුත් දුන්නනේ.අන්න ඒක තමයි මොහුව ජනාධිපති අපේක්ෂක කමට යොදා ගැනීමේ උපාය.රට බේරා ගත් නායකයාව විනාශ කරන්න තමයි මෙයා ඇවිත් ඉන්නේ.මේක රටේ ජනතාව තේරුම් ගත යුතුමයි. (බ)
හලෝ රණවක නිකන් කළුවරේ ඉඳගෙන අතපත ගාන්නේ නෙතුව උත්සහ ගන්න පෙනෙන මාර්ගයේ යන්න. ඔයා දන්නේ නැතිනම් දැනගන්න මහින්ද හැම දෙයක්ම කර තිබෙන්නේ නීතියට විරුද්ද දේවල්මයි. මෙයා මේ විදියට පරාද නොවුනා නම් මෙයාට සිදුවෙන්නේ කුණු කාණුවක් යට ජීවිතෙන් වන්දි ගෙවන්නයි (නදී)
සන්වානි, කරුණා කරලා කියන්නකෝ මොකද ඡන්දෙ පරාද උනු ගමන් බැසිල් රාජපක්ෂ රටෙන් මාරු වුනේ කියලා. ඕගොල්ලන්ට හැම දේකටම උත්තරයක් තිබෙනවානේ. බොරු කියන්න එපා මොකද ඔහු ගැන අපි හොඳට දන්නවා. ඒවා අවශ්‍ය නම් ඉදිරියට අපි දෙන්නම් (නදී)
ඇති ගරු ජන පති තුමනි අතීතය ගැන ප්‍රීතිවීම ශෝක කෙරීමට කලයක් නොමැත දිනු සාමයට යහ පාලනය ගොඩ නැගිය යුතුය.(හේ)
මැදමුලන වලව්වක් කොයි හරියේද තියෙන්නේ .(හේ)
දැනුත් ඉතින් මලා වගේනේ ,නැත්ද ? (ස)
ඔබයි අපේ ජනපති. ඔබයි අපට කියා දුන්නේ විරුද්ධවාදීන්ට මෛත්‍රිය කරන්න කියා. එහෙත් මෙවන් කතා නිසා අප තුළ රාජපක්ෂලා ගැන වෛරයක් ඇතිවෙනවා. (බ)
අපට රැකියාවක් තමයි ඕනේ. (ස)
රණවක වැඩ කරන්නේ මැදමුලන වලව්වේද නැති නම් කාල්ටන් වලද ? (නදී)
සෙනෙවි දැන් එයා රමණි කියල ගැහැණු නමකින් ලියනවා. ඒක අල්ල ගත්තෙත් පාඨක සභාවේ බවලතුන් ටික. ලැජ්ජාවේ බැහැ. (නදී)
රණවක හිතන්නේ ඔය රට බේරා ගත්තේ අසවලා සහ පවුලේ කට්ටිය කියල. රටේ අනිත් හැම මිනිහාම ඒ ගොල්ලන් රට බේරා ගන්න කන් බුදියන් ඉඳලා තියෙන්නේ. (නදී)
රණවකට ඉල්ලා ගන්න තිබුන වරදාන ටික අරගෙන ඉවර කර ගන්න බැරි වෙලා වගේ. තව ටිකක් කල් ඉල්ලනවා. (නදී)
දේශපාලන පක්ෂවල ඉන්න සමහරුන්ට රට ගැන ආදරයක් නැහැ තමන්ගේ වාසිය විතරයි බලන්නේ. (නි)
රණවක හිතන්නේ මේ ඔයාට ඕන විදියට අනිත් මිනිස්සු ඡන්දෙ දෙන්න ඕන කියලද ? මේක ගෝත්‍රික රටක් ද ? මිනිස්සු තමන් කැමති කෙනෙකුට ඡන්දෙ දීල වැදගත් විදියට නායකයෙක්ව පත් කර ගත්තා. මොකද මේ මනුස්සයා රණවකගේ ලොක්කව බලෙන් එලවලාද මේ තනතුර ගත්තේ ? නිකන් මෝඩ කතා කියන්න එපා. මේක ප්‍රජාතාන්ත්‍රික රටක්. (නදී)
ඔබතුමා වගේම අපිත් පින්වන්තයි. ඔය තත්ත්වය නොවුනානම් අපටත් හුනුපෝරනුවේ වැඩ නැතිව යනවා.(හේ)
අපිට දැනටමත් ඔබ තුමා ගැන බයයි.වටේ ඉන්න ගෝලයෝ ගැන ප්‍රවේශමෙන්.(හේ)
අපොයි ඒක ඇත්ත,උදාර, හොරු 40 ක් එක්ක හිටපු අලි බබා තාමත් ජනප්‍රියයි.. (නදී)
වැඩ කෙරේ මැදමුලනෙද? කරුණාකර ඔයාගේ අධ්‍යාපන මට්ටම රටටම පෙන්නන්න එපා. මහින්දගේ හොරකමේ ලංකාවේ ඔක්කොම වගේ දන්නවා. අනේ පවු. ඔයාට රට යන්නේ උදවු කරේ කවුද? (ස)
ආයේ කතා දෙකක් නැහැ,(හේ)
ආයේ කතා දෙකක් නැහැ, එස් එෆ් අන්දපු ඇඳුම අන්දනවාමයි (බ)
මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම දෙවැනි අදියර ආරම්භ කරන්න වගේ (බ)
ගරු ජනාධිපතිතුමනි ,සියලු දේවල් අතහැරලා ඔබට නිර්භීතව තීරණයක් ගන්න හිතුනු එක රටේ වාසනාවට සිදුවූ දෙයක්. පරණ කතා අමතක කරලා වැඩ කරන්න ඔබට ධෛර්ය ලැබේවා. (ස)
පැරදුනානම් ඉවරයි තමා (බ)
මහින්ද ඡන්දෙ කරපු විදිහ ගැන මොනවද හිතන්නේ , කරුණා කරලා විවෘතව හිතන්න. (ස)
රණවක මහත්තයෝ ඔයාට හොදටම විශ්වාසද එහෙම වෙන්න තිබුන කියල. අපි දන්නා රජ පවුල නම් ඊට වඩා ගොඩක් වෙනස්. මතක නේද හොඳම යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයට වුන දේ. (බ)
සමහර විට එහෙම වෙන්නට තිබුන.මොකද පසුගිය ජනාධිපතිවරණයේදී පොදුඅපෙක්ෂකයා හිරේ දැම්මනේ,මේපාර ඔබ තුමාට ඒවගේ දෙයක් කරන්න ඉන්න ඇති. ඒකාධිපති පාලනය අවසාන කරන්නට ඔබතුමා ඉදිරිපත් වීම රටේ වාසනාව,ජනතාව පිට බදුබර පටවා රට කිරීම පසුගිය රජයේ ප්‍රතිපත්තිය එය නැවත්වීමට ඔබතුමාට හැකි වේවා !!ජයවේවා!! (බ)
රණවක ගේ අදහස් දැක්කම හිතෙන්නේ බන්දුල පෙරේරා වගේම විලි ලජ්ජා නැති තව කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. (බ)
මොන, ලැජ්ජාවක්ද? අපේ ජනාධිපත් තුමා දාන්නේ රු 1000.00ක් වත් විටින්නේ නැති හම් සෙරෙප්පු කුට්ටමක්නේ.(හේ)
මේවා මහින්ද නැවත දේශපාලනයට එන එක වළක්වන්න කියන කතා. මිනිස්සු තුළ මහින්ද ගැන වෛරයක් ඇතිකරන්න තමයි මේවා කියන්නේ. මේ පිටපත ලියල දීල ඇත්තේ මංගල. මේවා හරියන්නේ නැහැ. ලබන ඡන්දෙදි මේපාර වෙච්ච වැරැද්ද හරිගස්ස ගන්න මෛත්‍රීට ඡන්දෙ දීපු නිදහස් පක්ෂේ අය බලාගෙන ඉන්නවා. (බ)
අපට පෙනෙන හැටියට හිටපු ජනපති රුහුණේ ජනතාවටත් , ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයනටත් බරපතලම අපහාසයක් කරලා තිබෙන්නේ. (බ)
උදාර, එහෙම නැතුව ජාතික ඇඳුම ඇඳලා රු 150,000ක් දීලා ලුවී විටෝන් සපත්තු දෙකක් දාන්නද කියන්නේ? සමහර ලොකු බබාලා එහෙම සපත්තු තමයි දැම්මේ පහුගිය කාලේ. (බ)
නව ජනාදිපතිතුමනි ඔබතුමා පැරදුනා නම් ඔබතුමාගේ පවුල නොව අපේ පවුලත් මේ වෙනකොට මිහිදන් කර හමාරයි. (නදී)
සෙනෙවි එයා දැන් බන්දුල පෙරේරා නෙවෙයි පිවිතුරු යහපාල. ඊයේ හිටි ගමන් රමණි වුනා. (නදී)
අපි නිදි මරාගෙන ඇහැරිලා හිටියේ තුනුරුවන්ට කියා කියා..(බ)
අපිට හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා මහත්මා ගාන්ධි තුමා වගේ...(බ)
මෙයාට වද හිංසා කරන්න කවුරුත් යන්නේ නැහැ .(හේ)
ඔය දේපොළ එක වාහනේ යන එක ආරක්ෂාවට හොද මදි .(හේ)
රණවක ඉස්සෙල්ල කියන්න ඔය කියන රට බේරාගත් කෙනා අමරණියද කියලා ? සක්විති රජතුමාටත් එතුමාගේ චක්‍රවර්ති රාජ්‍යයෙන් චුත වෙන්න දවසක් එනවා. එහෙව් එකේ කාටවත් මෙතන පරමායුෂ වන 120 න එහා රජකම් කරන්න බැහැ. ඒ නිසා තමන්ගේ ආසනය කවදා හරි වෙන කෙනෙකුට දෙන්න වෙනවා කියන කාරනාව ගැන උපේක්ෂා සහගතව හිතන්න බැරි කෙනෙකුට නායකත්වය තව දුරටත් සුදුසු නැහැ. (හේ)
වෛරය වපුරන එක නතර කරමු නේද . (අ)
සත්‍යපාල ඔබ නිවැරදි. (අ)
රට බේරාගත් සියලු දෙනාට පින්! කාටවත් රට බෙදන්න නොහැකි බව අපි දන්නවා. රනිල් රටට ආදරය කරන නායකයෙක්. (නි)
රණවක! ඔයාට අද බෙහෙත් ටික බොන්න අමතක වුනාද ?(හේ)
අපිට ඕන ඔබතුමා වගේ නිහතමානි නායකයෙක් නැතිව මේකප් පාරක් දාගෙන නැති වීර කමක් පෙන්නගෙන දකුණු ඉන්දියානු චිත්‍රපට වල ඉන්න බොරු චන්ඩි වගේ අය නෙවේ ඔබතුමා එඅතින් කොච්චර සරලද ?(හේ)
අනිවරෙන්ම එහෙනම් අපිත් ඉවරයි.(හේ)
පැරදුනානම්නේ ඒ.දැන් දිනුම්නේ.(හේ)
රනිල් මහත්තයා සහ ෆොන්සේකා මහත්තයාව ඉවර කළාද? කට්ටිය මහින්ද මහත්තයට බය වෙලා ඉන්නේ. අදටත් සිංහල ජනතාව අතර ජනප්‍රියම නායකයා ඔහු.(හේ)
පලිගන්න ඔය තරම් බලාපොරෝතුවක් තිබුන නම් මොකද වැරදි කරපු අයට දඩුවම් නොදෙන්නේ? (අ)
ඔබ තුමා අපේ රට නිදහස් කෙරුවට ගොඩක් පිං උදව් කළ සියලු අනෙක් පක්ෂවලට මගේ ප්‍රණාමය (අ)
ඇත්ත නේන්නම් උදාර. ඒකනේ අර සාත්තර කාරයොත් බයටම බොරු සාත්ත්රයක් කිව්වා කියන්නේ. අඩු ගානේ රටේ සාත්තර කියන කෙනාටවත් බය නැතිව ඇත්ත කියන්න පුළුවන් කමක් තිබිල නැහැ. එච්චරට ජනප්‍රියයි. (අ)
මොන තරම් නිහතමානි නායකයෙක්ද?නාස්තිය පිටුදැකීම සඳහා දැන් ඇඳුම් අඳින්නෙත් අඩුවෙන්. (අ)
එකක්වත් ඔප්පු කරන්න බැරිවුණ බොරු චෝදනා විතරයි තාමත් ඇහෙන්නේ. තාමත් ඇඟට දැනෙන දේකට වුණේ ඉන්ධන මිල අඩුකළ එක විතරයි. කවදාද වැඩ පටන්ගන්නේ? (නි)
දිලාන් ඔබ හිට්යේ අර පාමංකඩ රවිල එක්ක නිසා රට බේරා ගත් නායකයා අමරණීය බවපිළිගන්න කැමති නැති බව අපි දන්නවා.රට බේරා ගත් නායකයාගේ නාමය සද අමරණීයයි.ලිච්චවි රජවරු,සක්විති රජවරු ගැන කියන ඔබ වැනි කට්ටිය ඉන්නවා..ඔබගේ අදහසට අනුව නම් තවත් එතුමාට රට පාලනය කරන්න පුළුවන්.මොකද සක්විති රජවරුන්ට 120ක් පුලුවන්නම් හිටපු රට බේරා ගත් නායකයට තවත් කාලයක් දෙන්න පුළුවන්. ඔබ සැම දෙනාම හිටපු නායක තුමාට ණය ගැතියි. (බ)
යන එක අනාගතය විසින් තීරණය කරනු ඇත.අපි එතෙක් බලා සිටින්නෙමු. (අ)
රටකට අවශ්‍ය අතේ වශිබෝල තියාගෙන සාස්තරකාරයින්ගේ කීමට වැඩ කරන නායකයෙක් නොව රටේ ජනතාවගේ අනාගතය පිලිබදව දැක්මක් තමන්ගේ ඔලුවේ තියාගෙන වැඩ කරන නායකයෙක් (අ)
මම ණයගැති මගේ මව් බිමට පමණයි. එහි පාලකයන්ට නොවෙයි. ඔබේ ණයගැති බව පුද්ගලික නම් එය ඔබේ කැමැත්තයි. (ර)
බන්දුල පෙරේරා දැන් බවලතුන්ගේ නම් වලිනුයි පෙනී සිටින්නේ. (නි)
රණවක..,උදාර.., ඔබ දෙපලගේ අදහසට මමත් එකගයි. (නදී)
රණවක, ඔය කියන හැටියට තව ටික කලක් ඉන්න තිබුන රටේ අයිතිකාරයා වගේ වැඩ කරන්නේ නැතිව රටේ භාර කාරය වගේ සිටිය නම් (නදී)
ඔබතුමා අපේ රට ගොඩගන්න. අපි ඔබතුමා සමඟයි (නි)
රණවක මහත්තයෝ, ඔය කියන ඔබේ ඒ නායකයා වෙනුවෙන් අපි අපේ ණය පොලිත් එක්කම ගෙවලා තියනවා. පරම්පරා ගානක් ගොඩ යන්නම. නියම යුධ වීරයා වූ සරත් ෆොන්සේකා මහත්තයා වෙනුවෙන් අපිට විශාල ණයක් ගෙවන්න තියනවා. ඒ උතුම් මිනිසා වෙනුවෙන් ණය ගෙවන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. මේ දමල තියන ෆොටෝ එක දිහා බැලුවම පේනවා නේද? මෛත්‍රීපාල මැතිතුමා අතේ වශී බෝල මුකුත් නැහැ. ඒ එතුමාගේ දෑත් පිරිසිදු නිසා වෙන්න ඇති.
රට කාපු අයට තවමත් කඩේ යන්නන්ට මේවා ඇලජික් වගෙයි. (නදී)
රණවක, ඔබට තිබෙන්නේ එක්තරා අන්දමට පුද්ගලික ප්‍රශ්නයක්. රට බේරා ගැනීම තනි ප්‍රයත්නයක් නෙවෙයි. ඒකට අපි කලගුණ සැලකුවාම, රට නාස්තියට අරන් ගියා. එහෙම උන රටක් චක්‍රවර්ති රාජ්‍යයක් නෙවෙයි රණවක. බලය අපහරණය රට බේරා ගත්තට දෙන බල පත්‍රයක් නෙවෙයි. (නදී)
කට්ටිය හිතාගෙන ඉන්නේ අප්පච්චි මැරුණා කියලා.ලක්ෂ 50 කට වැඩි පිරිසිදු සිංහල බෞද්ධ ඡන්ද තාමත් ඒ අප්පච්චි පිටුපස කියලා කට්ටියට අමතකවෙලා. හිතාගෙන ඉන්නේ ඔහුගේ දේශපාලනය අවසන් කියලා නම් ඒක ඉදිරි මැතිවරණයේදී බලාගන්න පුළුවන් වේවි.අටලෝදහම එතුමාට කැරකුණේ වසර 10 කට පස්සේ. නමුත් සමහරුන්ට නම් ඒක කැරකෙන්න මාස තුනක්වත් යන එකක් නැහැ. (නි)
පැරදුනා නම් අදටත් අපි හැම දේකින්ම බදු ගෙවන්න සිදුවෙනවා. රටේ ජනතාවගේ වාසනාව. ඔබතුමා දිනපු එක. ජයවේවා. (නදී)
ඔබතුමාගේ කුසල් ශක්තිය සහ රටේ අහිංසක ජනතාවගේ වාසනාව නිසයි මේ තත්වය උදා වුණේ.එමනිසා ජනපතිතුමණි, අනාගත තීන්දු තීරණ ගන්නා හැම අවස්ථාවකම ඔය කියූ දේවල් හොඳට මෙනෙහි කරන්න.ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි.....(දිල්)
බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ ප්‍රතිපල නව වැනිදා ලැබුණා. සුභ අනාගතයක්.(දිල්)
මොනවා වුනතු එකක් නම් පේනවා මහින්ද මහත්තය ගමනක්කොට යනකොට එ් පලාතම එලියයි. ලමයි ටික මොකද බලාගෙන ඉන්නේ ,පළාතම අදුරු පාට ,ලංකාවට දවසකට හරි එන්න හිතෙනවා බලල යන්න යන යන තෙන රනිල් පස්සෙ එල්ලිලා මෛත්‍රීට රනිල්ගෙන් නම් බේරුමක් නෑ කාගෙන් බේරුනත්.(අ)
යහ පාලනයේ වෛරී පාලනය දැන්වත් ඔය පලිගැනීම නවත්වන්න මල් වට්ටියක් බුදුන්ට තියල බොරු කියන එක ,නින්දිත වැඩක් හොදේ ,,,,,,(අ)
ආප්පකාල.හොරෙන්ම ගිය නිසා.වෙන්නැති පළිගන්නේ.අපේ රජා.පලිගන්න රජෙක් නොවන.බව..කරඩුව.ඔලුවේ තියාගෙන යනවිට දැනෙන්න නැතුව ඇති අනේ..පව්. (අ)
සියල්ලටම පෙර රටේ නිතියක් තිබිය යුතුයි. (ර)
ජනපතිතුමනි, සියලු පක්ෂ සයෝගය අරගෙන හොරකම් මැරකම් කරපු අයව එලවන්න. රට එදිරියට මෙයවන්න දැනටමත් රට අස්ථාවර කරන්න කට්ටිය බලන් ඉන්නවා. තෙරුවන්සරණ ලැබේවා.! (ර)
මේ උත්සවයට ගිය වියදමත් රු 6000 ද? (ර)
සුජිත් මෝඩයෙක් වගේ කතාකරන්න එපා හැමදේම එකම 6000 ට කරන්න පුලුවන්ද ? අනික මේ කට්ටියට පොළොන්නරුවට යන්න ඉන්දන දුන්නේ ඔයාගේ වියදමින්ද ලැජ්ජයි හලෝ දැන්වත් ඔය ඔලුවේ තියන වල්බිහිවුන අදහස් අයින් කරලා මේ අපේ රට කියල හිතන්න අපක්ෂපාතිව. (අ)
රණවකට ගොඩක් පාඩු ඇති.එයා මැදමුලන වලව්වෙ භාරකාරයානෙ.ඇත්තටම ඔයාට දුකයිද.දැන් නම් රට ගොඩේ ගොඩ.(අ)