ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් මීට සුළු වේලාවකට පෙර  07 පසුවී විනාඩි 10 ට යෙදුණු සුබ මුහුර්තියෙන් පෙරහර ගමන් ආරම්භ කළේය.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා සධාතුක කරඬුව වඩම්මවමින් දළදා මාලිගාවේ සඳගල මත පය තැබූ මොහොත .

ඉන්දි රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස කණ්ඩුල සහ මියන් රාජා හස්තියා ගමන් කළේය. පෙරහර සජීවි විකාශය lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැකියි.

(ෂේන් සෙනෙවිරත්න)