(අංජුල මහික වීරරත්න)
ලංකාවේ සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පීටර් බෘෘවර් මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහත්වරුන්ට දැනුම් දී තිබේ.
රාජ්‍යයේ නාස්තිය ,වංචාව,දූෂණය නතර කිරීම මූල්‍ය අරමුදල ආණ්ඩුවට පැවරූ( Government diagnosis) ප්‍රධාන කාර්යභාරය වේ.
මූල්‍ය අරමුදලේ මෙම අරමුණු සහ එකඟතා ඉටුවේදැයි සලකා බැලෙන දෙවැනි සමාලෝචනය මාර්තු මාසයේදී සිදු කිරීමෙන් අනතුරුව තුන්වෙනි ණය වාරිකය නිදහස් කිරීමට නියමිතය.
එමෙන්ම දෙවැනි සමාලෝචනය වන තුරු මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුවේදැයි සොයා බැලීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට පැවරීමටද මූල්‍ය අරමුදලේ දූත පිරිස තීන්දු කර තිබේ.
ඒ අනුව සාගල රත්නායක මහතා දෙවැනි සමාලෝචනයේදී මූල්‍ය ආරමුදල ලංකාවෙන් බලාපොරොත්තු වන කාරණා සම්බන්ධයෙන් වගකීම් දරන්නා ලෙසද කටයුතු කරනු ඇත.
ලංකාවට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම යාපනය ඇතුළු තෝරාගත් ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති අතර සියලු කාරණා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපති ඇතුළු ලංකා ආණ්ඩුවට ස්තුතිය පළ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතිසංස්කරණ ගැන මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්
සල්ලි Saturday, 27 January 2024 11:19 AM
විදේශීය අරමුදලකට අවශ්‍ය පරිදි හසුරුවා ගන්නා එකම රට ලංකාවද?
චන්දන Saturday, 27 January 2024 12:27 PM
ඔව්.... තමුන්ලා සෑහීමකට පත්වෙනවා. රටේ ජනතාව එදා වේල හම්බ කරගන්නේ කොහොමද කියලා හිඟාකනවා. අයි එම් එෆ් වන්දනාවේ ගියපු කිසිම රටක් ගොඩ ගිහිල්ලා නැහැ. මොවුන් උපදෙස් දෙන්නේ භාණ්ඩාගාරය පුරවා ගන්න හැටි විතරයි. රටේ අපනයන සහ කෘෂි ආර්ථිකය නගාසිටුවන්න කියලා මොනවාද දීපු උපදෙස් සහ බලපෑම්...? එකක් කියන්න පුළුවන්ද?
samanSaturday, 27 January 2024 09:06 PM
දැන් තේරෙනවාද ඇයි කබ්රාල් උන්නැහේ කිව්වේ අයි.එම්.එෆ්. වන්දනාවේ යන්ට එපා කියලා?