( හසිත රංග ගුණතිලක )
ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නිත්‍යනුකූලව පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසීය.
ප්‍රතිජීවක ඖෂධ වැරදි ලෙස භාවිත කිරීම වර්තමානය වන විට ජාත්‍යන්තර අර්බුදයක් වී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම මේ සම්බන්ධව අමාත්‍යංශය මට්ටමින් සිදු කළ හැකි උපරිම කාර්යයන් කඩිනමින් සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී ප්‍රතිජීවක ඖෂධ නිසි භාවිතයේ අවශ්‍යතාව පිළිබඳ අද (20) පැවැති සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතා නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පසු සහභාගී වු පළමු රැස්වීම මෙය විය.



( ඡායාරූප සහ වීඩීයෝ - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැත්නම් ඉතින් කුඩු ලෝඩ් එක විකුණන්නේ කොහොමද ?
මේ GMOA එක නං යවන්ඩ ඕනේ... නැත්තන් පොඩි උණක්, කැසිල්ලක් ආවත් වර්ජනය කරනවා.
මෙතුමා සෞඛ්‍ය ඇමති වුනොත් වෛද්‍ය සංගමය මොන මොනවද කරනවා කිව්වා නේද?
රජයේ සම්මන්ත්රණ ප්‍රයිවට් තැන්වල තියන්න පුලුවන්ද දැන්?
ගෞරවනීය ඇමතිතුමනි, ඔබතුමාට ලැබියයුතු, පිදියයුතු තනතුර නැවත වතාවක් ලැබීමම පිදීමම ගැන මගේ සතුට හා ආශිංසනය පළමුව පිළිගන්වමි. නීරෝගිබව පතන සැමගේ පැතුම එය යැයි මම සිතමි. " ජාතික ගුවන්විදුලි සංස්ථාවේ " දිනපතාම ප්රවෘත්ති විකාශයට පෙර හා පසුව සෞඛ්‍යය පිළිබඳ දැන්වීම්වලදී ඔබතුමාගෙන් සිදුවූ සේවය අගයකිරීම් රෝගීන්ගේ මුවින් ගිලිහේ... සංක්‍රාන්ති සමයේදී පවා එය සිදුවූ බව මම පැහැදිලිවම කියමි. ජයවේවා!!
ඇමතිකම් නෙමේ... සක්කිලි කටාට දෙන්න ඕනෑ. ලෙඩ්ඩුන්ට අබ සරණ තමයි. තව නැව් ටිකක් ගනී...
මෙවැනි තීරණ දේශපාලකයින්ට ප්‍රථම වෛද්‍ය වෘතිකයින් විසින් ගත යුතුයි. අපේ රටේ වෛද්‍ය වෘතිකයින් බලා ඉන්නේ කොයි වෙලේ අපිව බිල්ලට ගෙන වැඩ වර්ජනයක් කරන්නද කියලානේ...!