දක්ෂිණ අධිවේගී මාර්ගයේ පානදුර හා කළුතර අතරදී අඟහරුවාදා පස්වරු 3.40 ට පමණ එසැණ ගත් මෙම පින්තූරයෙන් පෙනෙනුයේ රියදුරු බලපත්‍රයක් නැති ළමයකු ලොරියක් ධාවනය කරන බවයි. ඔහුගේ පියා යැයි සැලකෙන පුද්ගලයකුගේ උකුලේ වාඩිවී මේ ළමයා එම ලොරිය පැදවීය.
මෙම ඡායාරූපය ගත් අපේ ඡායාරූප ශිල්පියා ගමන් කළ රිය මෙම ඡායාරූපය ගෙන ලොරිය පසුකරද්දී එම රිය පැයට කිලෝ මීටර් 100ක පමණ වේගයෙන් ධාවනය වූ බව පෙනිණි.
රියදුරු ආසනයේ දෙදෙනකුට වාඩිවී රිය පැදවීම නීති විරෝධී ක්‍රියාවකි. වයස අවුරුදු 18ට අඩු ළමයකුට රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්නේද නැත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිසියක්ද කැමරාද ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් තාත්තෙක්. (බ)
ලොරියක් තමුන්ගේ ව්‍යාපාර වලට ගත්තා නම් ඒ කාර්යය කරනවා මිසක් මේ වගේ වැඩ කරන්නේ, ඔලුව ඉදිමුණ අය තමයි. මේ වගේ ඔලුව ඉදිමුන වැඩ කරන අය කොළොම්පුරේදීත් දකින්න ලැබෙනවා. (නි)