බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය මරදානේ ගණිකා නිවාස තුනක් වටලා කාන්තාවන් 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ගණිකා නිවාස පවත්වාගෙය යෑම හා කලමනාකරණය සම්බන්ධයෙන් කැලණිය, ගම්පහ සහ තලවකැලේ සැකකරුවෝ පස් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් කාන්තාවෝ දෙවිනුවර, හැටන්, රක්වාන, අවිස්සාවේල්ල, කදපොල, කල්මුණ, රත්මලාන, වරකාපොල, තලවකැලේ, නුවරඑළිය, මැදවච්චිය, කඩුවෙල, මරදාන, බටගොඩ, මිනුවන්ගොඩ, රත්මලාන, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචිකාරියෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඕනවට වඩා සංවිදාන තියෙනවා. හැබැයි ඔය එක සංවිදානයක් වත් සුරාවට, සූදුවට ගණිකා නිවාස වලට විරුද්ධ ව කථා කරන්නේ නෑ.(නදී)
කාන්තාවන්ට අයිතිවාසිකම් උරගා ගන්න විතරද බටහිර සංස්කෘතිය ඕනේ. අවස්තාවදීන්ගේ වැඩ නිසා මෙහෙම වෙනවා. දේශියත්වය තමන්ගේ වාසියට විතරයි.(නදී)
ගලබඩ ලොක්කෝ. අප්පුහාමි ඔය කියන දේ කොරන්ට ගියොත් ආණ්ඩුව තවත් අමාරුවක වැටෙනවා. පෙළපාලි උද්ගෝෂණ කුස්සිවලින්ම මතුවෙයි. (නදී)
ලෝකයේ අනිත් රටවල් සමග සසඳා බලනකොට අපේ රට මේ මාතෘකාව යටතේ ඉන්නේ ඉතා හොඳ අවම මට්ටමකට කියලයි මම හිතන්නේ. ඉන්දියාවේ මේ තත්වය අති භයානකයි. විශේෂයෙන් ආන්ද්‍ර ප්‍රදේශය වගේ තැන්වල. අපේ රටේ ගෞරවනීය නම කෙලෙසන යෝජනා ගෙනෙන්න වැදගත් මහත්තුරු දීන උත්සාහක යෙදෙන්න එපා. අපිට දරුවන් සිටිනවා. ඔවුන් ගැන සිතා අපි වැඩිහිටියන් ලෙසින් සමාජය හදාගෙන යා යුතුයි. කිකිළියද බිත්තරයද කලින් බිහිඋනේ වැනි ලාබාල තර්ක වෙනුවට පිරිමි ඔබේ උදාර හිත පාලනය කර ගන්නට සහෝදරවරුන් සිතුවොත් මේ අවාසනාවන්ත කාන්තාවෝ වෙනත් මගකට යොමුවනු ඇත. මේ ඔබට සිතන්නට කාලයයි. (නදී)
කුඩුවලටත් විශාල ඉල්ලුමක් හා සැපයුමක් තිබෙන නිසා එයත් නීතිගත කළොත් කොහොමට තියේවිද? ඉල්ලුම තියෙන හැමදේම නීතිගත කරන්න බැහැ මේ හා බැදී ඇති සමාජ සාරධර්ම නොසළකා හැර. එහෙම උනොත් රාජ්‍යයකට පැවැත්මක් නැතිව යනවා. (අ)
එහෙනම් රුවනි අන්ධ්ර ප්‍රදේශ් ගිහින් තියෙනවාද? (අ)
සල්ලි හොයන්න අම්මවත් සහෝදරියන්වත් ගණිකා වෘතියට යොදවන පුත්තු ඉන්න රටක් මේක. ගැහැනියගේ ආත්මය කිලිටි කලත් මෙයින් උපයන මුදල් කිසිදාක කිලිටි වෙන්නේ නැහැ. (දී)
ඔහෙප්පලයන්. මෙන්න සත්‍යා අදාළ නැති කතාවක් වෛරයෙන් කියනවා. මේක නම් මහා අඬාඩියාවක් අප්පා. (දී)
සත්‍යා. අයියේ ඔයා හරිම නිර්භීතව ඔයා ගැනම හැඳින්වීමක් කරලා තියෙනවා. ඒක හොඳ ආදර්ශයක්. (දී)
ඉල්ලුම තියන නිසානේ මේ තරම් සැපයුමක් දීලා තියෙන්නේ ? මම නම් කියන්නේ තම තමන්ගේ ශරිරවල් තම තමන්ට ඔනෑ වීදියට හසුරව ගන්න නිතියෙනුත් ඉඩක් තියෙන්න ඕනා ?කවූරු කොහොම කියුවත් මේක අපේ උප්පතියෙන්ම එන ප්‍රශ්නයක් ?එතැනදී මේක හොදනම් පස්සේ නරක් වෙන්නේ කොහොමද .සමහරු මේ ගැන එක එක විදියේ අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි ඉතින් බලන කොට එයාලගෙත් යටි හිත කියන්නෙත් මේක නීතිගත කොලොත් හොදයි කියලා. බැරිද කට්ටියම කතා වෙලා මේකට විසදුමක් හොයල දෙන්න , දන්නවිදියට මේකට විතරයි ඇමතිකෙනෙක් පත් කරලා නැත්තේ ? (නදී)
අල්ලන් යනවා වගේ නෙවෙයි ඔය පම්පෝරි ගහන ලොකු ලොක්කෝ මේ අයව පුනරුත්ථාපනය කරලා, වෘත්තීය පුහුණුවක් දීලා සමාජයට නැවත එකතු කරන්න වැඩපිළිවෙලක් ගැන වත් හිතලා තිබෙනවද? (නදී)
වෙලාව ආපු එකේ ඔය වැඩේ අතහැරලා ඡන්දෙ ඉල්ලුවානම් ඉවරයිනේ.(නදී)