තම ගනුදෙනුකරුවන් ගේ ඉණ ඉහ අතගා ගැනීමට තවත් පිරිසක් යොදවන බව කියන අබිසරුලියක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් රුපියල් 3000 ක මුදල් හා රුපියල් 10,000 ක ශරීර ඇප තුනක් මත මුදා හරිනු ලැබීය.
පැමිණිලිකරු පොලිසියට පවසා ඇත්තේ තමා කිරුළපනේ යද්දී එම අබිසරුලිය තමා නතර කර ගෙදරට රැගෙන ගිය බවයි. නිවස අසලදී ඇගේ මව හා තවත් පුද්ගලයකු බ්ලේඩ් තලයකින් ඇඟ කපා ඉණ ඉහ අත ගාගත් බව ඔහු සඳහන් කර ඇත.
හඳුනාගැනීමේ පෙරට්ටුවේදී පැමිණිලිකරු සැකකරුවන් හඳුනාගත්තේය. මේ අබිසරුලියට එරෙහිව මෙවැනි පැමිණිලි රැසක් ඇතැයි පොලිසියට දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයින්ගේ ආරක්ෂාවට මීට වඩා දැඩි දඬුවම් දෙන්න ඕනෑ (නි)
මේ වගේ පහත් වැඩ කරන අයට උපරිම දඩුවම් දියයුතුයි (නි)
අභිසරු ඇසුර පතන අ යට හොඳ පාඩමක් (ම)
අැයි පස්සෙන් යන්නේ ? (හේ)