(සිතුම් චතුරංග)
වවුනියාව අග්බෝපුර මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් විනාශ කරමින් කැණීම් සිදුකිරීම හේතුවෙන් වවුනියාව අඩවි වන නිලධාරීන්, රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් හා ප්‍රදේශයේ තේක්ක දැව කැපීම් සිදුකළ පෞද්ගලික කොන්ත්‍රාත්කරු වෙත නැවත එම භූමි ප්‍රදේශයට ඇතුල් නොවන ලෙස දන්වා වාරණ නියෝගයක් අද (04) වවුනියාව අතිරේක මහෙස්ත්‍රාත් ෆස්ලම් තවුසිම් මහත්මිය නියෝග කළාය.
පසුගිය අපේ‍්‍රල් මස 19 වැනි දින සිට වවුනියාව වන සංරක්ෂණ නිලධාරීන් විසින් පුරාවිද්‍යා නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් පිහිටි අක්කර 42 ක භූමි ප්‍රදේශය දැව සංස්ථාවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලිඛිතව තේක්ක දැව කැපීම සඳහා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු වෙත ලබාදී තිබිණ.
අදාල ප්‍රදේශය පිළිබද පුරාවිද්‍යා වාර්තාවක් ලබන නඩු දිනය වන සැප්තැම්බර් 11 වැනි දා ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දෙනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd