බලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රෝග නිධාන නිශ්චිතව හඳුනා ගැනීමේ රුධිර පරීක්ෂණ උපකරණ තුනක් සහ ඊට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් අක්කරෙයිපත්තු පෞද්ගලික රසායනාගාර දෙකක දී අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
රුධිර පරීක්ෂණ සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය සියල්ල කල් ඉකුත්වී ඇති බවත් එවැනි රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් මොවුන් කාලයක පටන් රෝගීන්ට වෛද්‍ය වාර්තා නිකුත් කර ඇති බවත් එම අධිකාරිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd