IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පරණ ත්‍රිරෝද ගන්නේ බලාගෙනයි

සොරාගන්නා ත්‍රිරෝද  රථවල ලියැවිලි,චැසි හා ඇන්ජින් අංක  වෙනස් කැර විකුණු බව කියන හත් දෙනෙක් පිළියන්දල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ. වැඩ තහනමට ලක් වු  කොස්තාපල්වරයක් ද ඒ අතර සිටි.

අනතුරුවලට ලක් වී ෆිනෑන්ස් සමාගම්වලින් ඉවත් කරන ත්‍රිරෝද අඩු මිලට ගෙන ඒවායේ අංක එම ත්‍රිරෝද රථවලට යොදා ඇතැයි පෙනේ යැයි පොලිසිය කියයි.

පිළියන්දල නිවසක් කුලියට ගෙන මොවුන් කලක් තිස්සේ මේ වැඩේ කැර ඇති බවත්  රුපියල් ලක්ෂ පනහකට අධික ත්‍රිරෝද රථ,  ඒවා අලුත්වැඩියාව සඳහා යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර එහි තිබු බවත් පොලීසිය පවසයි.

DSC01928  DSC01938

 DSC01943.jpg44  DSC01948

 



අදහස් (0)

පරණ ත්‍රිරෝද ගන්නේ බලාගෙනයි

ලහිරු Monday, 18 August 2014 04:40 PM

පිළියන්දල පොලිසිය හොඳ වැඩක් කරලා තියෙන්නේ (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 18 August 2014 06:51 AM

ත්‍රීරෝද රථ වල වෙනස්කම් කිරීම පහසු ඇති (නි)

:       0       0

සත්‍යපාල Monday, 18 August 2014 07:17 AM

බඩුමිල ඉහළ යන විදියට ජීවත්වෙන්න හොරකම් කරන්නම වෙනවා කියලා හිතෙනවා ඇති (නි)

:       0       0

සදජිත් Monday, 18 August 2014 08:54 PM

අනේ අපොයි! (නි)

:       0       0

ඉසුරන්දි Monday, 18 August 2014 07:32 AM

මේවා ගැන හොයලා බලන එක බොහොම හොඳයි.නැත්නම් ඕවා ගන්න අය ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. (නි)

:       0       0

සෑම් Monday, 18 August 2014 07:37 AM

ත්‍රීරෝද හොරකම් කරලා විකුණන එකත් දැන් ජනප්‍රිය ස්වයං රැකියාවක් වෙලා වගේ. (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 18 August 2014 07:43 AM

කොස්තාපල්ගේ වැඩ තහනම් කළාට පස්සේ තහනම් වැඩමනේ කරලා තියෙන්නේ කොස්තාපල් (නි)

:       0       0

ධම්ම Monday, 18 August 2014 08:05 AM

එකට වැඩ කළ කෙනෙක්ම ඔත්තුවක් දෙන්න ඇති. අනිත් එක කාලයක් තිස්සේ කළ වැඩක් වගෙයි මේක. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 18 August 2014 08:16 AM

ත්‍රීරෝද රථ කතා මොනවාටද ?ජපානයේ සුපිරි වෙළඳ සැල් අසළ නවතා ඇති සුපිරි වාහන, අයිතිකරුවන් එනවිට උස්සලාලු.මෙහෙම වාහන 15 ක් 20 ක් නැතිවීම ගැන පොලීසියට පැමිණිලි ලැබිලා. අල්ලාගන්න බැරිවීමෙන් ජාත්‍යන්තර පොලීසි වලට පවා දන්වලා.අන්තිමේ අහුවෙලා තියෙන්නේ කාටද දන්නවද? (නි)

:       0       0

රොෂාන් Monday, 18 August 2014 08:24 AM

පුදුම හොරුනේ. මේ අයව තියන්න වටිනවද මේ කරලා තිබෙන දේ හැටියට? (නි)

:       0       0

අශාන් Monday, 18 August 2014 08:47 AM

හොඳ පුවතක් (නි)

:       0       0

කුරුවිට Monday, 18 August 2014 09:12 AM

දැන්නම් මොනම හොරකමක්වත් අපේ වීර පොලිසියත් එක්ක කරන්න බැහැ (නි)

:       0       0

නලින් යහම්පත් Monday, 18 August 2014 10:00 AM

අධි පරිනාමයේ වංචාවක් , අධි පරිමාණයේ වෙළදාමක් , මොවුන් යොදා රටට වෙඩක් වන විදියට ගමනා ගමන මණ්ඩලයේ වාහන නඩත්තු කිරීමට යොදා ගන්න , මොවුන්ටත් රැකියාවක් , රටටත් සේවයක් (අ)

:       0       0

සමරසිංහ Tuesday, 19 August 2014 04:17 PM

මම 2010 ජුලි මාසේ කැස්බෑව උසාවි වෙන්දේසියෙන් රාජසන්තක කරන ලද ර්‍ත්‍රවීල් රථයක් මිලට ගෙන.මෝටර් රථ දෙපාර්තමෙින්ත‍වෙි අණපරිදි මා හට නව චැෂි අංකයක් ලබාදුනිමි.කොලොන්නාවෙි පිහිටි රජයේ කර්මාන්ත ශාලාවෙන් එම අංකය රථයේ චැෂියේ සටහන් කරනලෙස අනුමැතිය ලැබින.රු5000 ක මුදලක් ගෙවා මම එය සටහන් කරවා ගතිමි.2013 අවුරුද්දෙ මගේ නිවසට පොලීසියෙන් පැමිණ මගේ රථයේ අංකයට සමාන තව වාහනයක් ගාල්ල ප්‍රදේශයේ තිබෙනවා.පිලියන්දලින් මිලදීගත් එකක්.මාගේ ලියකියවිලි ඉදිරිපත් කරන්න කියා. පොලිසියේත් සහය ලබාදුන්නෙ ගාල්ලෙ රථයේ හිමි කරුට.අංකය එකෙන් මාගේ වාහනය නිරවුල් බවට සහතික කරා.සමහර විට මා උසාවියෙන් මිලදී ගත් රථයේ ලියකියවිලි වලට වෙනත් රථයක් අලුත් වැඩියා කරල තමයි ගාල්ලෙ අයට දීලා තිබෙන්නෙ.මගේ රථයට ආර්.එම්.බී ආයතනයෙන් අලුතින් පොත් පත් ලබා දුන් නිසා ඔය කියන හොර කල්ලිය ගාල්ලෙ තියන රථයට එම පොත් පත් ලබා දෙන්න ඇතැයි මා සිතමි.මින් ඉදිරියටද මාගේ සහය ලබා දීමට කැමැත්තෙමි.බොහොම හොද වැඩක් (අ)

:       0       0

ගිහාන් Tuesday, 19 August 2014 05:52 PM

ඇත්ත තමයි. මිනිස්සු ආර්ථිකව මිරිකෙනකොට ඒ අයට තමුන් කරන හොඳ වැඩකින් ඒ ආර්ථිකයට මුහුණ දෙන්න බැරි වෙනකොට මේ වගේ අනියම් ක්‍රම ප්‍රයෝජනයට ගන්නවා. මෙතැනදී මම කියන්නේ නැහැ මේ අය හරි කියලා. එහෙත් මේ වගේ දේවල් අල්ලාගත්තම ඒ අයව බන්ධනාගාරගත කරගෙන හිරකරගෙන ඉන්නේ නැතුව ඒ අයගේ දක්ෂතාවයට රජයත් පොලිසියත් පිටුපසින් ඉඳලා ස්වයං රැකියාවක් ලෙසට මේ අයව පෝෂණය වෙන විදිහෙත් රටට වැඩක් වෙන විදිහෙත් වැඩපිළිවෙලක් කරන්න ඕනෑ. (නි)

:       0       0

නාත් Tuesday, 19 August 2014 05:59 PM

මේ නම් රජ හොරු ටිකක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site