නගරයේ කසල අදින කම්කරුවාට ගෞරවයක් ලැබෙන ආකාරයට ‘අපද්‍රව්‍ය මෙහෙයුම් සහායක‘ ලෙස ඔවුන් හඳුන්වන ලෙස සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පවසයි.
ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දිරි දීමනා ලබාදීමටත් සේවය ඇගයීම සඳහා වාර්ෂිකව සම්මාන ප්‍රදානය කිරීමටත් වැඩසටහන් ආරම්භ කරන ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටී.
ඔවුන්ගේ දූ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසද ඇමැතිවරයා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම විතරක් වෙනස් කරලා මදි... ඔවුන්ට නිසි වැදගත් පෙනුමක් ඇති නිල ඇඳුමක් දෙන්න ඕනේ ග්ලවුස් සහ බූට් වගේ සපත්තු ද සහිත ව අභිමානයත් පිරිසිදු බවත් පෙනෙන විදියට ... ඊටත් වඩා ආකල්පමය වශයෙන් ඔවුන්ට වෘත්තීය අභිමානයක් ලැබෙන මනෝ විද්‍යාත්මක පුහුණුවක් නිතරම ලබා දිය යුතුයි... ඔවුන් කරන සේවාව රටට ඉතාම වැදගත් දෙයක් බව ඔවුන්ට හැගෙන සහ ඔවුන්ගේ නුගත් සිරිත් විරිත් වගේ දේවල් නැති කළ යුතුයි... (බ)
හොද වැඩසටහනක්.... මෙයාලාටත් සමාජයේ ගරුත්වයක් තිබිය යුතුය. (ම)
මුලින්ම කළ යුත්තේ කසල ඉවතලන පිරිසිදු ක්‍රමයක් ගෘහස්ත වශයෙන් සහ ව්‍යාපාරික මට්ටමින් හඳුන්වා දීම. විවිධ අපද්‍රව්‍ය සඳහා විවිධ බහාලුම් ආදිය. ඉන්පසු එම බහාලුම් වල ඇති කසල ඉවත් කිරීම මෙම සේවකයන් මගින් කළ යුතුයි. සේවකයන්ට සහ ගෘහනියන්ට කසල කළමනාකරණයෙන් තොරව ඉවත දැමීමෙන් සිදුවන හානිය පිළිබඳව දැනුවත් කළ යුතු අතර සේවකයන්ට සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය දැනුම සහ ආම්පන්න සැපයිය යුතුයි. (බ)
වැඩේ නම් හොඳයි. ඒත් පළාත් පාලන ඇමතිතුමාට තියෙන දැවෙන ප්‍රශ්ණය එනම් මැතිවරණය මගහරිමින් වෙනත් දේවල් ගැන කථා කිරීම ඵලක් නැහැ. රජය තවත් අපකීර්තියට පත්වීම විතරයි වෙන්නේ. (බ)
හොඳ වැඩක්. (බ)
ඒක නම් හොඳ වැඩක්. ඇමෙරිකාවේ ඉන්නේ සනිපාරක්ෂක ඉංජිනේරුවෝ බව කවුරුත් කිවුවට පිළිගන්න එකක් නැහැ නේද. ඒක ඇත්ත. අනෙක ඒ අය ඇඳගෙන ඉන්න ඇඳුම වුණත් හරිම ප්‍රියමනාපයි. මොන රැකියාව කළත් හොඳට ඇඳලා ඉන්නවා නම් කොච්චර හොඳද. බලන්න අප්පේ තේ කඩේකට ගිහින් ඒ අය ඇඳගෙන ඉන්න හැටි, ආපහු හැරිලා එන්න හිතෙනවා. (නි)
දැන් මේ තනතුරු රට කන අන්තරේ උපාධිධාරීන්න්ට දුන්නානම් හොඳා, (බ)
ඉතාම හොඳ ගෞරවාන්විත තීරණයක්, ඒ වගේම ඔවුනට ප්‍රමාණවත් වැටුපකුත් ලබා දෙනවා නම් හොඳයි.(බ)