2008 ඔක්තෝබර හය වැනි දා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ අධි චෝදනා ලැබ සිටි දෙවැනි විත්තිකරු කොටි සංවිධානයේ හිටපු කර්නල් චෙන්කලඅඩියේ සමිමුගනාදන් සුදාහරන් වයඹ පළාත් බද මහාධිකරණ විනිසුරු හා උතුරු මැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ අද වරද පිළිගත්තේය.
ඔහුට දඬුවම් නියම කිරීම සැප්තැම්බර 05 වැනි දාට කල් තැබූ විනිසුරු එතෙක් ඔහු රිමාන්ඩ් කළේය.
අනුරාධපුර හිටපු මහේස්ත්‍රාත් හා වත්මන් මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය හමුමේ සැකකරු පාපොච්චාරණයක් කර තිබූ අතර එය ඔහුගේ කැමැත්තෙන් කළේදැයි විමසීමට මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයට කැඳවා තිබුණි.
මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම ප්‍රකාශය කළේ තමාගේ කැමැත්තෙන් බවත්, සියලු චෝදනාවන්ට තමා වරද පිළි ගන්නා බවත් විත්තිකරු අධිකරණයට දැන්වූයෙන් සාක්කිකාරියක ලෙස නම් කළ මහේස්ත්‍රාත් විමලසිරි මෙනවිය නඩුවෙන් මුදා හරිනු ලැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ කෙනෙක්ව මරපු නිසා ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න (නදී)
නිශාන්තගේ ප්‍රශ්ණයට බන්දුල උත්තර දෙනවා නම් මම කැමතියි. (අ)
ජානක පෙරේරා ඉතාමත් හොඳ නිලධාරියෙක්. එකේ විවාදයක් නෑ. එතුමාගේ කාලෙ අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබුණානම් යුද්දේ ඉවර කරනවා. මේ කොටියට සමාවක් නොදිය යුතුයි.(අ)
අපි නම් පිළිගන්නේ නැහැ අපිව එම තත්වයට පත් කලේ පාලකයොයි. (නදී)
සිද්ධිය දවස අනුරාධපුර එජාපයට විශේෂ අවස්ථාවක් වුනත් හදිසි කැඳවුමකට පාන්දරින්ම කොළඹ යන්න එජාප මන්ත්‍රීතුමෙක් පිං කරලා තිබුනා.(අ)
ඕවයේ ඇත්ත නැත්ත දන්නෝ දනිති. (නදී)
වරද පිළිගත් නිසා කලින් කලා වගේ කරමු නේ (අ)
යුද්ධයේදී විශාල සේවයක් කළත් බොහෝ දෙනෙකුට අමතක වී ගීය කෙනෙක් තමයි ජානක පෙරේරා. (අ)
ජානක පෙරේරා, ජොහන් පුල්ලේ මැතිතුමන්ලා ඇතුළු සියලුම මිය ගිය අයට නිවන් සැප ලැබේවා.(අ)
මෙයාටත් උප ඇමති කමක් සුවර් ! (අ)
ජානක පෙරේරා සැමදා අප සිහිපත් කළ යුතු රටට අතිමහත් සේවාවක් කළ උදාර සෙන්පතියකි. (අ)
ජානක පෙරේරා ඝාතනය කල දවසේම තමයි කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට දිවුරුම් දුන්නේ. එයාට නඩු නැහැ නේද ? (නදී)
ජෙනරල් කොබ්බෑකඩුවට පසු හා ජෙනරල් ෆොන්සේකාට පෙර බිහිවුන අති දක්ෂ සෙන්පතිතුමා , ඔබ රටට කල සේවය මිල කල නොහැකිය. ජානක පෙරේරා සෙන්පතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා. (නදී)
මෙන්න නියම විරුවෙක්, මෙන්ම හොඳ සටන් කාමියෙක්. ඔබ තුමාට නිවන් සුව පතමි. (නදී)
ජානක පෙරේරා මැතිතුමනි, ඔබට නිවන් සුව (නදී)