කැබිතිගොල්ලෑව යකා වැව මහ වන මැද අක්කර 10 ක පිහිටි මිහින්තලාවට සමාන වු බිමක පන්සලක් හදා දෙන ලෙස ගැමියෝ ඉල්ලති.
යකා වැවට පන්සලක් නැත.
අනුරාධපුර තලාවේ ආබාධිත කාන්තා සංවිධානයේ සභාපතිනි ඩබ්ලිව් ඇම් කමලාවතී මහත්මිය මේ ස්ථානය ගැන විස්තර එසැණට කීවාය.
කොටි සංවිධානයේ රජ දහනක් වු එහි සෙල්ලිපි,චෛත්‍ය නටඹුන් ,ගල්කණු ,කටාරම් කෙටු ගල් ගුහා ඇති බව ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත්.හොඳ තැනක් වගේ.රත්නසිරි මහතා ඇතුළු බොහෝ දෙනෙක්.ධනාත්මක ලෙස .සිතනු පෙනේ. ඇත්තවශයෙන්ම අපිට අමාරුද.සංවිධානයක්.ඇතිකොට.මෙහි.බෞද්ධ .මධයස්ථානයක් ඇති කිරීම.පිළිගත් භික්ෂුවක් මාර්ගයෙන්.ආධාර එකතුකොට.ඒ දේ කරන්න.මෙහිදී ලංකාදීප ආයතනයට.විශාල කර්යාබර්යක් කිරීමට හැකිනම්.ගොඩාක් පින්. අපි එකතු වෙලා ගොඩනගමු.ඒ සමාජය. අපගේ e mail මගින් සම්බන්ද විය හැකිය .(අ)
අපිට පුළුවන්.නේද. එල්ලාවල.මේධාලංකාර ගරු ස්වාමින් වහන්සේ මුල්කරගෙන.එහි පෞරාණික.පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා කරගනිමින්.මේ වැඩපිළිවෙලක්.කිරීමට අපිට හැකියාව තියනවා .බොහොදෙනක් ගෙන ආධාර උපකාර ගෙන බොහෝ රටවල විසිරි සිටින අයව හවුල් කරගෙන.කරන්න (අ)
අපි සියලු දෙන එකතු වෙලා උදව් කලොත් නරකද පන්සලක් හදන්න (නදී)
මෙවැනි දේ වලට වගේම ,බෞද්ධ සිද්ධස්ථාන ,ජන ජීවිතය ගොඩනගන්න ,රජය ,රටේ ඉන්න ධාන පතියෝ එකතු වෙලා ,අරමුදලක් පිහිටවමු .(අ)
අපි එකතුවෙලා වැඩ කලොත් පන්සලක් හදාගන්න පුළුවන් වෙයි. ඉක්මනටම සම්බන්ද වෙන්න පුළුවන් විදිහක් තියෙනවා නම් පල කරන්න. (නදී)
සතුන්ට අයිති කැළය ඔවුන්ට දියයුතු බවයි මගේ නම් අදහස වන්නේ (නි)
ලෝක වාසි සියල්ලන්ගේම සහාය පතනවා මේ ස්ථාන ආරක්ෂා කර ගන්න (දී)
මමත් උදවු කරන්න කැමති . එයට සම්බන්ද වෙන හැටි දන්වන්න. (අ)
තුසිත සහ සිල්වා මහත්වරුන්ගේ අදහස හා එකග වෙමි. හැකි නම් මේ සඳහා යම් වැඩපිළිවෙළක් පටන් ගන්න, අපි හැමෝටම උදවු වෙන්න පුළුවන් (නි)
ආගමික සිද්ධස්ථාන වගේම ධර්මිෂ්ඨ මිනිසුනුත් එක වගේ ගොඩ නැඟේවායි ප්‍රාර්ථනා කරමු. (නි)
හොද දෙයක් මෙහෙ සබාපති වරිය සම්බන්දකරගන්න අයුරු දන්වන්න (දී)
මෙම සුන්දර ස්ථානය ජනාකීර්ණ නොකර වනවාසී භික්‍ෂූන් වෙත පුදකරන මෙන් බැගෑපත්ව ඉල්ලමි (නි)
මෙහි ඉතිහාසය සොයා මෙය ඉදිරි ජනතාවට රැකදෙනු වෙනුවට කළුගල් වලට විකුණාගන්න හදයිද දන්නෙ නැහැ. ඒ තරම් රටට ආදරය කරන මිනිසුන්නේ දැන් ඉන්නේ. (නි)
මීට ආධාර කරන්න යම් වැඩපිළිවෙලක් තිබේද? (නි)
දහසක් පන්සල් තැනුවත් පළ නැත දහයක් පන්සිල් රකිනාවුන් නැත මෙහෙයක් මිහිපිට කළයුතු වේනම් පන්සල් නොව ඒක සිතක් තනාපන් (දී)
අයියෝ මොකටද මේක පත්තරේ දැම්මේ, තව ටික දවසකින් ගමේ කට්ටියට ඔතන පැල් බදින්න වෙයි නිදන් හොරැන්ගෙන් ඔතන බේරගන්න. (දී)
කරන දෙයක් ඉක්මනට කරන්න. අදම බුදු පිළිමයක් තැන්පත් කරන්න. (දී)
බොහොම හොඳ යෝජනාවක් (නි)
මේවා අපි ආරක්ෂා කරගන්න ඕනේ (දී)
බලන්න යන්න නම් ආසයි (නි)
පන්සල් හැදුවට සිල් ගත්තට වැඩක් නැහැ.නීති ගරුක වෙලා අවිහිංසාවාදී වෙන්න.රටේ අපරාධ බැලුවම ඒක තේරෙනවා .(දී)
ලස්සන ප්‍රදේශයක් යන්න ඕනේ. (අ)
දෙස් විදෙස් බෞද්ධ පින්වතුන්ට මහගු අවස්ථාවක් මේක. පන්සලක් ඉදිකිරීමෙන් බුදු දහම ලක් පොලව තුල ස්ථාපිත කිරීම එදා රජ දවස සිදු කලාක් මෙන් අද ඔබටද සිද්ද කල හැකිය. (නදී)
පන්සලක් හදනවා නම් හොඳ වැඩක්. කාගේත් සහයෝගය ලැබෙයි! (දී)
දහම් දිවයින කීවේ මේ රටට මේ නිසයි. අහිංසක මිනිසුන් දහම් පිපාසයෙන් සිටින බව කාටත් තේරුම් ගත හැකියි. මිහින් තලයේ අනුරුවක් හා සමානයි. අප සියළු දෙනාම උදව් කලෝත් අහිංසක මිනිසුන්ට දහමින් සැනසෙන්න උප කාර වේවි.ධර්මප්‍රචාරයට යූරෝපයටම යන්න අවශ්‍ය නැත. දහමට ලැදි අහිංසක ජනතාව අප අතරම සිටී. (දී)