පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුණරත්නම්ට ලංකාවට පැමණීමට ඇති ඉඩ කඩ සිතා මතා අවහිර කරතියි කියමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව සහ මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත මහත්වරු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.
වසර දෙක හමාරකට පෙර පැහැරගෙන ගොස් රටින් පිටුවහල් කළ ගුණරත්නම් ලංකාවට ගෙන්වා ගැනීම සදහා මාද දෙකක සිට වෙහෙසෙන බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් අවශ්‍ය පියවර ගත් බවත්, තවමත් ඔහු ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන උවමනාව නිසා බවත් එම පක්ෂය කියයි.
රටින් පිටුවහල් කළ බොහෝ දෙනකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ද පෙරටුගාමීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හෙමින් බෝවෙන විෂබීජයක්. ඉන්න රටක ඉන්න අරින්න. අපේ රටේ තියන ලෙඩ රෝග හොදටම ඇති අපිට. කුරුටු ගගා ඉන්න අයත් එකයි එන්න හදන අයත් එකයි. (නදී)
ඔය ගමන් බට්ටි ගැනත් හොයල බලන්න. එයත් අතුරුදහන්ලු (නදී)
මොන කොමිසමට ගියත් ලංකාවේ පවතින ආගමන විගමන නීති අනුව ඔහුට ලංකාවට එන්න බැහැ, එන්න අයිතියකුත් නැහැ. (නි)
දැන් එයා මෙතන ඇවිල්ලා මොනවා කරන්නද ? ඕස්ට්‍රේලියාවේ දේශපාලනය කරගෙන හිටියා නම් ඉවරනේ. එහෙ පුරවැසි වෙලා ඉඳගෙන ඇයි මෙහෙ එන්නේ? (නි)
විෂ බීජ (අ)
ජවිපෙට මීටවඩා හොඳ දර්ශනයක් තියෙනවා (නි)