මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දින සියයේ වැඩපිළිවෙළින් මඟහැරුණු දෑ සිදු කරන ලෙස බල කරමින් හා ඊට ඇතුළත් නොවුණු දෑ ගැන ජනතාව දැනුම්වත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (26) කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට අත් පත්‍රිකා බෙදීය.
එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවයි.
ලබන 28 වැනි දා සිට ජනතාව දැනුම්වත් කරමින් රට පුරා සම්මන්ත්‍රණ පවත්වන බව ද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක යහ පාලනයට ප්‍රසංසා වගේම විවේචනත් අත්‍යවශ්‍යය. කරන දේ හරියට කරන්න එ්ක උපකාර වෙනවා. එනමුත් විවේචන ප්‍රයෝගික විය යුතුය. (අ)
ජවිපෙට අමුතුවෙන් ගහන්න දෙයක් නෑ. බොරුවට කෑ ගහනවා විතරයි. කිසිම දෙයක් නොකර අනුන්ව විවේචනය කිරීම තමයි පුළුවන්. වැරදි සිදුවන්නේ වැඩ කිරීමේදීයි. ජීවිතේටම වැඩක් නොකරන මිනිහෙක් අතින් වැරද්දක් වෙන්නේ නෑ. (නදී)
ප්‍රසිද්ධියක් නොමැති අය දින සීයේ පිහිටෙන් ප්‍රසිද්ධියක් ලබාගන්නවා. (බ)
මෙයාලගේ ලොක්කා ආපහු කැන්ගරු දේශයට වැඩම කළාද..? (බ)
බොර දියේ මාළු බාන්නද මේ කට්ටිය ඉන්නේ, පිස්සු නැත්නම් අපට!!! (බ)
ජනතාව වෙනසකට මග පාදල දුන්න එකේ අකුරක් නෑර කරන එක වටිනවා. අඩුපාඩු කියල දුන්නම එ්ක තමන්ට ආශීර්වාදයක් කරගෙන වැඩ කරන්න ඕනේ. කාටවත් මඩ ගගහ ඉන්නැතුව. (ස)
ජ.වී. පෙ. කාර්ය භාරයට පන පොවන්න කව්රු හරි එපැයි. නැත්නම් කෑවේ නෑ වගෙයි මගේ රටේ (නදී)
තවම කුණු හෝදනවා..(හේ)
මේ ගොල්ලන්ට තියෙන හදිස්සිය. ආයෙත් ද්විත්ව පුරවැසි කාරයා පසුගිය රජයේ කොන්ත්‍රාත්තුව පටන්ගෙන වගේ (නදී)
මුන්ට පහරදී පන්නා දැමිය යුතුයි ....(බ)
මේ දේවල් නිසා නැතිවෙන්නේ ඒ අයගේ ඡන්ද ටික.(හේ)
ආ මේ කුරුටු ගාමියෝ පහුගිය කාලයේ කොහෙද හිටියේ ..(අ)
මේගොල්ලන්ගේ අපේක්ෂකයාව ජනතාව ප්‍රතික්ෂේප කලානේද. ඉතින් මේගොල්ලන්ට දින සියය ගැන අහන්න අයිතියක් නැහැනේ. මේගොල්ලෝ පැවතිච්ච රජයට උදවුවක් කළා වගේ මතකයි. (අ)
ජනතාව කාටත් වඩා පෙරටුගාමී බව නොදනීද? (නි)
ජවිපේ කාරයන් එන්න කලින් බහින්න. (අ)
පෙරටුගාමීන් ඡන්දෙ ඉල්ලපු දාට දැන ගැනී රටේ තැනක් තියෙනව ද කියල. (අ)
ඉස්සරහින් රනිල්,උඩින් අනුර දිසානායක, දකුණ පැත්තෙන් නිමල් සිරිපාල වමෙන් හකීම්. යටින් දෙමල පක්ෂ ටික. වැටෙන්නේ නැහැ. (අ)
රටක යහපාලනයට ප්‍රශංසා වගේම විවේචනත් අත්‍යවශ්‍යය. අපි හැමදාම කළේ දුෂිතයෝ පන්නලා අලුත් පාලකයෝ ගෙනල්ලා පැත්තකට වෙන එකයි. අපිට බැරිනම් කරන අයට සහයෝගය දෙන්න ඕනෑ. ඉල්ලූ වෙනස කළා. දැන් වැඩකරන්න (නි)
ඇයි මොකක්ද මේකේ ඇති වැරැද්ද?දින 100න් කරන්න ඕනි දේ සොයා බලලා නොකෙරුණ දේ කර ගන්න එක හොඳ නැද්ද? මිනිස්සු ඡන්දෙ දුන්නේ ඒ වැඩපිළිවෙල ගැන පැහැදිලා නෙවෙයිද?කරනවා කිව්වා දේ කළා නම් මේ කාටවත් මොනවත් කියන්න බැහැනේ.(අ)
ඉතින් පොඩ්ඩක් ඉන්නවල ඉවසාල තාම කුණු අැද අැද හෝදනවා අනුකම්පාව ගන්න රටවටේ යනවා රනිල් එක්ක මාව මරන්න හැදුව කියල ඉතින් ඒවා ඉවරවෙලා දින 100 වැඩ පටන් ගනී අපේ අයට ඉවසුමක් නෑනේ (අ)
මැතිවරණයට දවස් දෙකකට කලින් ආණ්ඩුව විසින් ජවිපෙට ගහන්න මෙගොල්ලගේ නායකයා පැරචුට් එකෙන් ගෙන්නලා බස්සල පැරදුනාට පස්සේ දැන් ලජ්ජා නැතිව දින සීයේ කැලි අහුලනවා. චි චී (අ).
යහපලානේ යටතේ මේවා ගැන කතාකරන්න බැරිද.? (ර)
ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ නැතිව එහි වත්මන් නායක කාරකාදීන්ගේ විමුක්තියට යන විට එහි විජේවීර ප්‍රතිපත්ති පෙරට රැගෙන යන්නෝ පෙරටුගාමීන්. ජ.වි.පෙ 1994 සිට ධනපති හා ධනපතින්ට කත් අදින හා ගොවි කම්කරු ජනතාව ගොනාට අන්දමින් සිය පටු අරමුණු වෙනුවෙන් ගමන් කරන දේශපාලන ධාරාවක්. (අ)