පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය කාර්යාලයය යාපනය ස්ටැන්ලි පාරේ ආරියකුලමේ දී විවෘත විය.
පසුගිය කාලයේ පැහැරගැනීමට ලක්වූ මුරුගානන්දන් කුගන්ගේ දියණිය සාරංගා පීත්ත පටිය කපා නව ඡන්ද කාර්යාලයය විවෘත කළේය.
කොමියුනිස්ට් පක්ෂයේ චීන පාර්ශවයේ එන් ශන්මුගදාසන් සහෝදරයාගේ කාර්යාලයය පිහිටා තිබු ස්ථානයේම නව කාර්යාලයය වීවෘත කළ බවත් මෙය යාපනයේ වාමාංශික දේශපාලන ඉතිහාසයේ වැදගත්ම ස්ථානයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා පැවසීය.
මෙසේ යාපනයේදී ආරම්භ කරනුයේ වසර 80ක් පැර‚ ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ සාධනීය උරුමය උකහා ගන්නා අතරම එහි සීමා ජයගන්නා නව වාම දේශපාලනය බවත් වැඩිදුරටත් හේ පැවසීය.
පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ධර්මලිංගම් කිරුබාහරන් මහත්වරු ඇතුළු යාපනයේ පැරණි වාමාංශිකයෝ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝ ද එහි වූහ .
2025 දෙසැම්බර් මස 18
89
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
141
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරටුගාමියෝ උතුරට යති
ගුණසිරි Wednesday, 01 July 2015 07:24 AM
කමිසයේ රතුපාටවත් තවම තියෙනවා ඇති. ජය වේවා (නදී)
ලුම්බිණි Wednesday, 01 July 2015 04:39 AM
රට ප්‍රජාතන්ත්‍රවාදී මඟට යන්න වුණාම මෙහෙම දේවල් කරන්න මොකද බැරි? (නි)
සමන්ත Wednesday, 01 July 2015 08:06 AM
ජාතිවාදයෙන් හා අාගම්වාදයෙන් රට විනාශ කරපු ධනපති හිවලුන්ට පෙරටුගාමීන් දෙන ආදර්ශය ශ්‍රේෂ්ඨයි වැඩ කියන්නේ පීඩිත පන්තියේ ශ්‍රමය තුට්ටු දෙකට මංකොල්ල කන ධනවාදීන්ට කඩේ යන එක කියල හිතන ඔලු වලට හෙට දවසේ දේශපාලනය ගෙනයාමට උතුරේ දකුණේ නැගෙනහිර බටහිර දස දෙස පෙරටුගාමින්ට ශක්තිය හා ධෛර්යය (බ)
සේන Wednesday, 01 July 2015 05:02 AM
කිසි වැඩක් බැරි බොරු පොතේ ගුරාලා හතරපස් දෙනෙක් විහිළු කරනවා. (නදී)
සත්‍යයා Thursday, 02 July 2015 12:51 AM
උතුර දකුණ යාකරන පාලම මාක්ස්වාදී දර්ශනය කියලා හිතලා වැඩකළ බුද්ධිමත් හා අවංක දේශපාලනඥයෝ අතීතයේ නොහිටියා නොවේ. නමුත් එය අසාර්ථක වුයේ පුද්ගලින්ගේ වරද නිසා නොව ඔවුන් තෝරාගත් දහම ඊට නොගැළපුන නිසයි. අතීතයේ උතුරුකරයේ මිනිසුන් අතර සහජීවනය හා අනෝන්‍ය අවබෝධය ඇතිකළේ බුදු දහමයි. පසුකාලයක උතුරේ ව්‍යප්තවූ හින්දු දහම බුදු දහමට එරෙහි වුණේ නැහැ. නමුත් ද්‍රව්‍යවාදී පදනමක් මත බිහිවූ මාක්ස්වාදයට ආධ්‍යාත්මික සුවයක් සොයන මිනිසුන්ට විමුක්තියක් දෙන්න බැරිබව පෙරටුගාමී මෙන්ම කුරුගාමීන්ද තේරුම් ගන්නවා නම් හොඳයි. (නි)
නිවන්තක Wednesday, 01 July 2015 05:55 AM
පෙරටුගාමීන්ට ජයවේවා! (නි)
ඉසුරන්දි Wednesday, 01 July 2015 06:19 AM
රටට යහපතක් වෙනව නම් එච්චරයි. (නදී)
සෙනෙවි Wednesday, 01 July 2015 06:27 AM
අපේ ඕපාත මල්ලීට ජයවේවා ! (නදී)