පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය කාර්යාලයය යාපනය ස්ටැන්ලි පාරේ ආරියකුලමේ දී විවෘත විය.
පසුගිය කාලයේ පැහැරගැනීමට ලක්වූ මුරුගානන්දන් කුගන්ගේ දියණිය සාරංගා පීත්ත පටිය කපා නව ඡන්ද කාර්යාලයය විවෘත කළේය.
කොමියුනිස්ට් පක්ෂයේ චීන පාර්ශවයේ එන් ශන්මුගදාසන් සහෝදරයාගේ කාර්යාලයය පිහිටා තිබු ස්ථානයේම නව කාර්යාලයය වීවෘත කළ බවත් මෙය යාපනයේ වාමාංශික දේශපාලන ඉතිහාසයේ වැදගත්ම ස්ථානයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා පැවසීය.
මෙසේ යාපනයේදී ආරම්භ කරනුයේ වසර 80ක් පැර‚ ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ සාධනීය උරුමය උකහා ගන්නා අතරම එහි සීමා ජයගන්නා නව වාම දේශපාලනය බවත් වැඩිදුරටත් හේ පැවසීය.
පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ධර්මලිංගම් කිරුබාහරන් මහත්වරු ඇතුළු යාපනයේ පැරණි වාමාංශිකයෝ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝ ද එහි වූහ .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිසයේ රතුපාටවත් තවම තියෙනවා ඇති. ජය වේවා (නදී)
රට ප්‍රජාතන්ත්‍රවාදී මඟට යන්න වුණාම මෙහෙම දේවල් කරන්න මොකද බැරි? (නි)
ජාතිවාදයෙන් හා අාගම්වාදයෙන් රට විනාශ කරපු ධනපති හිවලුන්ට පෙරටුගාමීන් දෙන ආදර්ශය ශ්‍රේෂ්ඨයි වැඩ කියන්නේ පීඩිත පන්තියේ ශ්‍රමය තුට්ටු දෙකට මංකොල්ල කන ධනවාදීන්ට කඩේ යන එක කියල හිතන ඔලු වලට හෙට දවසේ දේශපාලනය ගෙනයාමට උතුරේ දකුණේ නැගෙනහිර බටහිර දස දෙස පෙරටුගාමින්ට ශක්තිය හා ධෛර්යය (බ)
කිසි වැඩක් බැරි බොරු පොතේ ගුරාලා හතරපස් දෙනෙක් විහිළු කරනවා. (නදී)
උතුර දකුණ යාකරන පාලම මාක්ස්වාදී දර්ශනය කියලා හිතලා වැඩකළ බුද්ධිමත් හා අවංක දේශපාලනඥයෝ අතීතයේ නොහිටියා නොවේ. නමුත් එය අසාර්ථක වුයේ පුද්ගලින්ගේ වරද නිසා නොව ඔවුන් තෝරාගත් දහම ඊට නොගැළපුන නිසයි. අතීතයේ උතුරුකරයේ මිනිසුන් අතර සහජීවනය හා අනෝන්‍ය අවබෝධය ඇතිකළේ බුදු දහමයි. පසුකාලයක උතුරේ ව්‍යප්තවූ හින්දු දහම බුදු දහමට එරෙහි වුණේ නැහැ. නමුත් ද්‍රව්‍යවාදී පදනමක් මත බිහිවූ මාක්ස්වාදයට ආධ්‍යාත්මික සුවයක් සොයන මිනිසුන්ට විමුක්තියක් දෙන්න බැරිබව පෙරටුගාමී මෙන්ම කුරුගාමීන්ද තේරුම් ගන්නවා නම් හොඳයි. (නි)
පෙරටුගාමීන්ට ජයවේවා! (නි)
රටට යහපතක් වෙනව නම් එච්චරයි. (නදී)
අපේ ඕපාත මල්ලීට ජයවේවා ! (නදී)