පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සාමාජිකයෝ පුංචි බොරැල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹූහ. එම මාර්ගයේ වාහන තදබදයක්ද ඇති වී ඇත.
පොලිසිය හා කැරළි මර්ධන ඒකකයට තල්ලු කරමින් පැමිණි උද්ඝොෂකයෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වීදුරු දොරටු බිඳ ඇතුළු වූහ.
පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කරමින් පිරිස පාලනය කිරීමට උත්සහ කරයි.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි, ඔබේ අදහස හරි. උපරිම බලය යොදා හෝ මෙල්ල කළයුතුයි. (නි)
"හෝ ගාන පොකුණ" ටිකක් බලන්න. සමාජවාදය ඉගෙනගන්න. (බ)
මේගොල්ලෝ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඉදිරියේදී මොනවද කරන්නේ? මෝඩයින්ගේ ජීවිත උගසට ගැනීම හැර වෙන නම් කළ හරියක් අපි දන්නේ නැහැ. (නි)
අපිටත් නොමිලේ නැවත ජාතිකත්වය දෙන්න. අපි නම් නරක වැඩ, නීති උල්ලංගන කිරීම් කරලා නැහැ (නි)
මොවුන් හරියට පාතාලයෝ වගෙයිනේ හැසිරෙන්නේ (නි)
පෙරටුගාමිනේ! පසුගාමී වෙන්න කැමති නැතුව ඇති. (නි)
සටන් කරන්න , සාමකාමී වන්න , අධිකරණය ස්වාදින වියයුතුයි .(හේ)
රටේ නීතියට අනුව අධිකරණය දුන් තීන්දුවට එරෙහිව මේ අයගේ හැසිරීම මෙහෙම නම් බැරිවෙලාවත් රටේ බලයත් ලැබුනොත් කොහොමට හිටියිද?(හේ)
මේකට තමයි කියන්නේ අනේ දෙන්නකෝ කියලා ඉල්ලන් කනවා කියලා (නි)
ලැබුන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන මේ මිනිස්සු මේ කරන්නේ රටේ නිතිය හෑල්ලුවට ලක් කිරීමයි. ලංකාවේ දැනට පවතින ආගමන නීති අනුව රට තුළට ඇතුළුවීමත් තහනම්. එහෙනම් මොහු මේ වෙනකම් ඉඳලා තියෙන්නේ සියලුම නීති උල්ලංගනය කරමිනුයි. (නි)
මුළු රටම අවුල්. කොච්චර ලස්සනට දියුණු වේගෙන ආපු රටට නේද මේ සාපය වැදුනේ.(හේ)
දහම්, ආප්ප කාපු එකේ ශාපය තමයි ඉතින්. (නි)
රටක් දියුණු කරනවා කියන්නේ කෝටිගණන් අපේ රට ණයකර සියයට හැටක් සාක්කුවල දමාගෙන සොච්චමක් වියදම් කර නුගතුන් රැවටීමකට නොවේ (නි)
මොකක්ද ශාපය? රටකට එන්න ඕනෑ වීසා අරගෙන. විස ඉවර වුණාම ආයෙත් යන්න ඕනෑ. එ්කට මේ අහක ඉන්න අය නහින්න ඕනෑ නැහැ. (නි)
ඒ දවස් වල රතුපස්වල, කටුනායක, හලාවත හරි ලස්සනට තිබුනා මතකයි (නි)
පෙරටුගාමී නායකයාගේ මුහුණෙන්ම පේනවා පක්ෂය මොනතරම් ප්‍රචණ්ඩකාරී එකක්ද කියලා අපිට. එවැනි පක්ෂ වලට අනාගතයක් නැත (නි)
සුදු වෑන් හොඳයි කියලා හිතෙනවා මේවා දකිනකොට. (බ)
ඉස්සර මෙහෙම කළා නම් කන්නේ මේ වගේ නෙමෙයි. රටම අවුල් කරන්නේ ඔලුව අවුල් මේ වගේ අය. දැන් උසාවිය ළඟට යන්න බයයි වගේ. (නි)
වෙන රටක එහෙම වුණා නම් ආයේ ජීවිතේටම පාස්පෝර්ට් නැහැ. අනෙක මේ වගේ අය නිසා සාමාන්‍ය ජනතාවට කොච්ච්ර කරදරද? (නි)
දහම්, මමත් හරි කණගාටු වෙනවා මේ තත්වය නිසා. 1980 ඉඳලා මම පිටරට ඉන්නේ. මේ වගේ අයහපත් කාලයක් කොහොමටවත් දැක්කේ නැහැ (නි)
ගිය ආණ්ඩුව ගැන හැමෝටම පෙනෙන්නේ උඩින් පෙනුන දියුණුව විතරයි, සමාජයේ පිරිහීම දැක්කේ නැහැ. මේ හදන්නේ වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න හදන එකයි (නි)
දහම්, ඔයා මොනවද නොකිය කියන්නේ? ඉස්සර උද්ඝෝෂණ තිබුනේ නැද්ද? වෙනස තියෙන්නේ රතුපස්වල කටුනායක වගේ මිනීමරන්නේ නැති එක නේද? (නි)
දහම්, පහුගිය කාලේ ගොඩනැගිලි, මහාමාර්ග හැදුනා තමයි. එ්ත් මිනිසුන්ගේ අාධ්‍යාත්මය පිරිහුණා. ගෝත්‍රික ආකල්ප වලින් මුලාවූ සමාජය අමනුස්සයෝ විදිහට හැසිරෙන්න පටන් ගත්තා. සුචරිත දහම වෙනුවට,විපරිත දහමක් සමාජයට හඳුන්වා දුන්නා. එදා හදපු ඒ මහාමාර්ග වල අද ගමන් කරන්නෙත්, එදා ඒ බිහිකළ අධර්මිෂ්ඨ මිනිසුන්ම තමයි. (නි)
මේ දහම් කියන්න මනුස්සයා මොන රටේද ඉන්නේ? මෙහෙමත් පිස්සෙක්! (නි)
මේ අයට බෙහෙතක් දෙන්නම අවශ්‍යයි. මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවානේ. හොඳින් නැත්නම් නරකින් හරි මෙල්ල කරන්නම ඕනෑ. (නි)
රටේ නීතියක් තියෙනවා. එ්කට කොහොමද මෙහෙම බලපෑම් කරන්නේ? (නි)
මෙම සිද්ධියට සම්බන්ධ චීචරධාරීන් ගැන නම් විශේෂයෙන්ම සොයාබැලිය යුතුයි (නි)
නීතියට පිටින් යන්න දඟලන කාටත් දඬුවම් දියයුතුයි (නි)
ලස්සන ශ්‍රී ලංකාවට කරපු අපරාධයක්! (නි)
දැන් රටම අවුල් ජාලයක් (නි)
දහම්, මේ අපිට දේශනා කරන්න උත්සාහ කරන්නෙ අර ළඟදි රහත් වුණ කෙනා වදාරන ජාතියේ බණක් නේද? කෙළින්ම කියන්න දියුණු වුණේ රටද? පවුලක්ද? මොකක්ද දැන් රටට හදිසියේ වැදුණු ශාපය? නීතිවිරෝධී වැඩ කරපු අය නීතියේ රැහැනට හසු කරගන්න එකද? (නි)
මුන්ට ගහල මදි, රටට ආදරයක් නැති උරගයෝ ,ජාතික දේ ආරක්ෂා කිරීම පොලිසීයේ වගකීමක් කුමාර් ගුණරත්නම් අනිවාර්යෙන්ම හිරබත් කෑ යුතුයි (බ)
උතුරත් ගිනි-දකුණේත් ගිනි (බ)
දහම්, ඔයා පාර වරද්දාගත්තද? යන්න ආගමන විගමන එකට. දියුණුවෙන්නේ ලෝකෙට ණයවෙලාද? ණයවෙලා කරන වැඩ දියුණුව නෙමෙයි. (නි)
උතුරේ බෝම්බ ,දකුණේ පාතාලය, මෙයාලා මොනාද මේ කරන්න යන්නේ. අධිකරණයෙන් දීපු නඩු තීන්දුවකට නේද මේ සටන් කරන්නේ.දහම්, යහපාලනයට ඔලුව උස්සන්නම දෙන්නේ නැහැ නේද........(බ)
පොලිසිය මීට වඩා තදින් ක්‍රියා කළයුතුයි. පොදු ජනතාවට අපහසුවන උද්ඝෝෂණ නැවැත්විය යුතුයි. (නි)
දහම් රතුපස්වල, කටුනායක තව තව දේවල් ඒකාලේ වුණා නිකන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා (බ)
දැක්කා නේද වෙනස? (නි)
ජනාධිපති බලතල ටිකක් පාවිචී කලාට කමක නැහැ. එකාධිපති වෙන්නෙ නැතිව..(රේ)
දැක්කා නේද?සෙල්ලම් නැහැ කොල්ලෝ ඔන්න යහපාලනයත් එක්ක! (නි)
1980 විතර අපි උසස් පෙළ පන්තිවල ඉන්නකොට ඔය කුමාර් මට මතකයි අපිට පහළ පන්තියේ ගණිත පන්තියේ හිටියා . සමහර වෙලාවට මම ඔහුත් එක්ක කතා කරලා තියෙනවා.ඇඟේ තිබුනේ සමාජවාදය. රන්ජිතම් උනත් අපේ පාසලේ තමයි උසස් පෙළ කරලා තියෙන්නේ. අපි ඉන්න කොට ඔහු විශ්වවිද්‍යාලයට ගිහින් . පේරාදෙණියේ දී මම ඔහුත් සමඟත් කතා කරලා තියෙනවා. සමාජවාදී දේශපාලනය මොනවා උනත් පුද්ගලයෝ විදියට අහිංසක බුද්ධිමත් තරුණයන්. මම අහලා තියෙන විදියට තාත්තා නැතිවෙලා අම්මා ගොඩක් දුක් මහන්සියෙන් තමයි මේ අයට උගන්නල තියෙන්නේ. ඒ මහළු මෑණියන් ගැන හිතලා හරි මොහුට තම මෑණියන් සමඟ ජීවත් වෙන්නට පහසුකම් සලසා දීම සදාචාර සම්පන්නයි කියලයි මටනම් හිතෙන්නේ.(රේ)
නිදහස් කරන්න නෙමෙයි, උසාවියෙන් දීපු දඬුවම පොඩි වැඩියි. හරිනම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෑ, මෙයා කරලා තියෙන ඒවාට. අධිකරණ තීන්දුවක් නොසලකා හරින්නට දැඩිව දඬුවම් කළයුතුයි (බ)
දහම් එ්කට හේතුව වෙන මොකුත් නොවේ සුදු පාට වාහන වලින් උද්ගොෂකයෝ උස්සන් යන්නේ නැහැ නොව මේ කාලේ (බ)
පරණ ටයර් වුවමනා වෙයිද (බ)
මුං ටිකත් කුමාර් සමගම හිරේට දැමිය යුතුයි. ආලභය මුංගෙ පෞද්ගලික දේපල වලින් හෝ අයකර ගත යුතුයි. ඒ වගේම කුමාර් ගුණරත්නම්ව වසරක සිර දඩුවමින් පස්සේ ආපු රටටම පිටුවහල් කළ යුතුයි.(බ)
දහම්, මේ ශාපය ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)
විසා නැතුව ඉන්න ඉන්දියන් ජාතිකයින් වත් අල්ලා මේ ලෙසම දඬුවම් දුන්නොත්, හිර ගෙවල් අලුතින් හදන්න වේවි. (බ)
මේ අයට ගහලා මදි.(හේ)
මේ වැඩකට නැති පෙරටුගාමියෙක් හින්දා පුදුම කරදරයක්නේ තියෙන්නේ.(හේ)
ආගමන විගමන් දෙපාර්තුමේන්තුව ක්‍රියාත්මක කරන්නේ රටේ පවතින් නිතියි ,ගොඩනැගිල්ලට පහරදීම අනුමත කරන්න බැහැ , මේ විකාර නිසා වැඩ කරගැනීමට මෙහි අපු විශාල ජනතාවක් නිකන් රස්තියාදු වෙන්න ඇති කුමාර් ව නිදහස් කලොත් මින් ඉදිරියට හොර පාස්පෝර්ට් හදපු මිනිස්සු , විස නැතුව ලංකාවේ හිටපු මිනිස්සු ඔක්කොම කියාවි මේක ආදර්ශයට අරන් ඔවුන්ව නිදහස් කරන්න කියල . මේ පහර දීපු මිනිස්සුන්වත් හිරේ යවන්න ඕනේ (හේ)
රටක නීතිය උල්ලංඝනය කරපු විදෙශිකයෙක්ව (නම් පහකින් පෙනී සිටින හොරෙක්) අත්අඩංගුවට ගත්තම මේ විදියට හැසිරෙන්නේ හරක් ද ? (හේ)
ඔවු අවුල් වගේ ශාපයක් වැදුන කියල වගේ දැනෙන අය ඇති. හැබැයි මේ වෙලා තියෙන්නේ බැදලා තිබ්බ හරක් ලෙහුව වගේ දෙයක්. (බ)
පෙරටුගාමින්ගෙ වැඩ අන්තිම ප්‍රාථමිකයි. නොදියුණු ක්‍රම භාවිතා කරන්නෙ. කවුරුත් නීතියට අවනත වියයුතුයි (නි)
මෙතන ඉන්න හැමෝම අල්ලලා හිරේට දාන්න ඕනා. මේ අය මේ සමච්චල් කරන්නේ මේ රටේ නීතියටයි.(බ)
දහම් කියන්නේ රතුපස්වල වගේ කරන්න කියලද? (නි)
හැමෝම නීතියට ගරු කළ යුතුයි.(හේ)
උසාවියට දාලා දඬුවම් දීපු එක වැරදිද එතකොට? මේ රටේ ඉපදුනා කියලා දැන් පුරවැසිභාවය නැත්නම් විසා නැතුව ඉන්න දෙන්නද කියන්නේ. හිටපු පාලනයේ ලස්සන අපි දැක්කා දහම්, පැහැරගෙන ගිහින් අතුරුදහන් කළේ කවුද දන්නේ නැහැ දහම් නේද? (නි)
ආගමන විගමන දෙපාර්තමේන්තුවට පුලුවන්ද හිරකාරයෙක් නිදහස් කරන්න? (හේ)
ගොඩක් රටේ කට්ටිය දියුණු බව එෆ්සීඅයිඩී එකේ පරීක්ෂණ වලින් පේනවා. (නි)
දහම්, ලස්සනට තිබුණු රට විනාශ කළ කට්ටිය ගෙදර ගියත්, ශාපය තාම ඉවර නැහැ. ඒ ශාපය ඉවර වූ දවසට ආපසු රට ලස්සනට හැදෙනවා. එ්ක දරාගන්න බැරි කට්ටිය අපල මවනවා. (නි)
දැනවත් තණකොල කාපු අයට තේරෙනවද මොනවද මොවුන් කරන්නේ කියලා (නි)
වැනසිලා තියෙන්නේ මේ රට නෙමෙයි, මේකේ ඉන්න මිනිසුන්ගේ ඔලු ටික (නි)
පෙරටුගාමිද? පසුගාමිද? (නි)
දහම්, කුමාර් ගුණරත්නම් කාගේ කොන්ත්‍රාත්තුද ඉටුකරන්නේ කියලා බැලුවා නම් ශාපය කාගේද කියලා තේරෙයි (නි)
අද ඉතින් එයාලගෙම දවසනේ. අප්‍රේල් 1 (නි)
කඩාකප්පල්කාරීන් කකුලෙන් අදිද්දී කොහොමද රටක් හරියට කරන්නේ? (නි)
කුමාර් ගුණරත්නම් යනු ලංකාවේ ආණ්ඩු බලය මේ වනතුරු මාරුකරගත් පක්ෂ දෙකේ හිතවත් කෝටිපතියෙක් වුණා නම් හෝ වත්මන් ආණ්ඩුවට අවැසි ලෙස ජවිපෙට මඩගහන්න භාවිතා කිරීමට පුළුවන් වුණා නම් තවමත් ඔහු නිදහසේ ඉන්නවා (නි)
යහපාලනයට දෙවි පිහිටයි! උතුරේ බෝම්බ, දකුණේ පිකටීන්... කොහොමද වෙනස? දැන් හැමෝටම සැපට නින්ද යනවා ඇති. (නි)
මේ වගේ නොමේරූ විප්ලවවාදීන්ගේ ප්‍රාථමික වැඩ අවසාන වශයෙන් සේවය කරන්නෙම ප්‍රතිගාමීන්ටයි. මහ පොළවේ පයගහලා ප්‍රායෝගිකව හිතන්න බැරි විප්ලවවාදී කොලු කුරුට්ටන්ගේ වැඩ. මේ අය මෙහෙම ගිහිල්ලා තලෙයිබාන් වැඩ ඉස්සරහට කරන්න පුළුවන්. මොකද ජන පදනමක් ඇති කරගන්න තරම් භාවිතාවක් ගැන හිතන්න බැරි නිසා. (නි)
රජයේ දේපළ වලට හානිකළාට මෙහෙම වෙලා මදි (නි)
පුරවැසිකම දීමයි, නඩු තීන්දුව අතරයි තිබෙන සම්බන්ධය කුමක්ද? කෙසේවෙතත් මේ වැඩේ කළේ පෙරටුගාමී හෝ ජවිපෙ නොවුණා නම් නීතිය මීට වෙනස් වෙන්න තිබුනා. කෙසේවෙතත් යහපාලන ආණ්ඩුව යටතේ නීතිය මෙතරම් වේගෙන් ක්‍රියාත්මක වෙන හැටි පෙනෙනකොට ආසයි. (නි)
දැඩි දඬුවම් මොවුන්ට දියයුතුය. නීතියට ගරු කළයුතුය. ඉපදුන රටට නිගා දී පිටරට වලට ආවඩා, ඒවායෙන් වරප්‍රසාද ලබා, තම මවුරට පාවා දී සුදුසු කල පැලපදියම් වෙන්න එන අය ඔක්කොටම මෙහෙම කළයුතුයි. ඉපදුන පළියට රටක නීතිවිරෝධිව ඉන්න කොහොමත් දෙන්න බැහැ. (නි)
කැලණියේ ආචාර්යතුමා නැති පාඩුව දැන් පේනවා නේද? නෙතිනම් මේ උන්දලා ඔක්කොම ගස් බැඳලා නේද? (ම)
දහම්, ඔයා හොඳ ආර්ථික විලේෂණ ලිපි කියවලා රටේ හරි තත්වය තේරුම් ගන්න (නි)
දැන් ආගමන විගමන දෙපාර්තුමේන්තුවද නඩු තීන්දුව දුන්නේ? ප්‍රායෝගිකව හිතන්න බැරි පොතේ ගුරාලා. (නි)
නීතියට පිටින් වැඩකරන්න කියලද මෙයාලා කියන්නේ? (නි)
පෙරටුගාමියෝ හැමදාම කචල්! බලාගෙන යනකොට ගිය ආණ්ඩුව හරියටම හරි (නි)
ගාමා..! විසකුරු පොළගෙක් ගෙට දාගත්තා වගේ හිටීවි...! මොහු වීරයෙක් නොව පොලිසිය එනවිට බයේ තාප්පෙන් පැනලා යනකොට පොලිසිය ට අසු වී කුදලාගෙන ගෙනගිය මිනිහෙක්. මොහු ගේ සංවිධානය පිළිලයක් අපේ රටට. කුමාර් මේ රටට අනවශ්‍ය පුද්ගලයෙක්. දඬුවම අහවර වූ පසු පිටුවහල් කරන්න ආපු රටටම .(රේ)
අධිකරණ තීන්දු සාධාරණ වියයුතුයි. කළු ජූලිය ඇතිකර ජවිපෙ තහනම් කර 89 කැරැල්ල නිර්මාණය කළා මෙන් නැවත රට අකගාධයට තල්ලු නොකිරීමට ආණ්ඩුව කටයුතු කළයුතුයි. (නි)
මෙයා මෙච්චර රටට ආදරේ නම් බිරිඳටත් දියණියන්ටත් ඕස්ට්‍රේලියා පුරවැසිබව අහෝසිකර ලංකාවේ පුරවැසිකම ඉල්ලන්න කියන්න (නි)
පෙරටුගාමියනි, නිදහස අයුතුලෙස පරිහරණය නොකරනු! නීතියට ගරුකරනු! සාමය සුරකිනු! (නි)
පොලිසිය හරියම හරි. පොදු දේ විනාශ කරනවාට ඔයවිදියට කරලා මදි. දැන් ඉතින් පොලිසියට නඩු! (නි)
මහජන දේපල විනාශ කිරීම මොවුන්ගේ අතීත (88/89) පුරුදුනේ. දැන් කොහොමද මහජන ඡන්දෙ ඉල්ලන්නේ? (නි)
රටේ නීතිය ගැන පුරසාරම් කියවන්න පුළුවන් වුණාට කාටද ඔය නීතිය තියෙන්නේ? අපිට ඔය නීතියේ සාධාරණත්වය හම්බවෙලා තියෙනවද? නීතිය පෙනේරයක් වගේ, අපි හැළෙනවා ඒ නීතියෙන් පහළට (නි)
රටේ උසස් අධ්‍යාපනය විනාශ කරනවා මදිවට මහජන දේපලත් විනාශ කරනවා (නි)
අපේ සහය ඔබට (ම)
හාමුදුරුවනේ, සිවුරට අගෞරව කරන්න එපා (නි)
සහෝදරවරුනි, ඔබ මේ නැඟීසිටින්නේ ඔහු ඔබේ නායකයා නිසාද? හොඳින් හිතා බලන්න. ඔබට ප්‍රතිවිරුද්ධ දේශපාලකයෙකු මේ රටේ දොස් කියා පිටරටක පුරවැසිකම ලබාගත්තා නම් කුමක්ද ඔබේ ප්‍රතිචාරය.....?? කුමාර් මේ රටේ උපන්නෙකි. හිරදඬුවමින් පසු ඔහු ඔස්ට්‍රේලියාවට පිටුවහල් කළ නොහැකි බව අවධාරණය කරමි. (නි)
කුමාර් සමාජවාදීය. එහෙත් ඔහු පිහිට පතා යන්නේ දියුණු බටහිර ධනවාදී රටකටය. ඇයි කියුබාවට හෝ උතුරු කොරියාවට නොගියේ? (නි)
උසාවියෙන් තීන්දු කලට පස්සේ මේ මොනවාද? අනික එයාව පිටුවහල් නොකර හිර ගත කලේ අහවල් දේකටද? (ම)
මේ පිටුපස විදේශීය බලවේග තිබිය හැකිය (නි)
දහම්ගේ කතාවට මාත් එකඟ වෙනවා (නි)
මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඔය බැටන් පොල්ල නැතුව වෙන ක්‍රමයක් හොයාගන්න වෙයි. (නි)
මෙයාලා මේ මොනවද ඉල්ලන්නේ? පැහැදිලිවම රටේ නීතිය උල්ලංගනය කරන්න කියලා නේද මේ බලපෑම් කරන්නේ? පෙරටුගාමියෝ වෙන්නේ කොහොමද මෙයාලා? (නි)
මෙවැනි මොහොතක භීෂණයක් ඇති කරගැනීමට උත්සාහ කරන කණ්ඩායම්ද සිටිය හැකිය. මිනිස් ජිවිතවලට වඩා තමන්ගේ පටු දේශපාලන අරමුණු වැදගත්වෙන දේශපාලකයන් රටකට, ජනතාවකට ආදරය කරන්නේ නැත. (නි)
පොලිසියේ නියම ස්වභාවය මතුවූ තවත් අවස්ථාවක්. (නි)
මේ ශාපය වැදුනා නෙමෙයි. තව ඉස්සරහට බලමු (නි)
දහම් දැන්ද නින්දෙන් නැගිට්ටේ? (නි)
ඔයාලට ඡන්ද කීයක් විතර ලැබුණද? (නි)
රටේ දේපොළ විතරක් නෙමෙයි, සමාජයම විනාශ කරන විෂබීජ තමයි මේ. (නි)
උසාවියේ තීන්දු වලට නේද මේ අභියෝග කරලා තියෙන්නේ. මේ අයවත් උසාවි දාන්න. (නි)
ආගමන විගමන හදන්නේ අපි, කඩාගන්නෙත් අපි. අපි අපිටම ජයපැන් බොමු (නි)
රටම අවුල් වියවුල්. පොල් වල බලය නේද? (නි)
දහම්, පහුගිය ආණ්ඩුව රටේ නීතිය ගැන සැළකිල්ලක් නොකර රට පාලනය කරපු එකේ විපාක තමයි ඔය. (නි)
ඕනැම රටක මිනිසකු ඉපදුනානම් ඔහුට හෝ ඇයට ඉපැදුනු රටේ පුරවැසිකම හිමිය එය අහිමිකළ නොහැක (බ)
දුක් වෙන්නේ එපා දහම්. කළගුණ නොදත් සියලු දෙනා අද මහපාරේ. එදත් අපේ රටේ ගුණමකුවෝ හිටියා. අදත් එහෙමයි. හැමෝම බැලුවේ මහින්දට රිද්දන්න. දැන් ඔය මුළු රටටම රිදිලා තියෙන්නේ. (නි)
ආර්ථික වාසි වලට ඕස්ට්‍රේලියා ගිහින් එහි පුරවැසිකම ගත්තා නම් දැන් පිටරට වැසියෙක්. ඔහු ලංකාවේ නීති වලට යටත් වියයුතුයි. මේගොල්ලන්ට ඡන්ද දහදාහක්වත් නැහැ (නි)
සිරදඬුවමෙන් පසු මොහු රටින් පිටුවහල් කළයුතුයි. අධිකරණ තීන්දුවට අභියෝග කරන හා රජයේ දේපොළ වලට හානිකරන අය පිළිබඳවත් නිසි පියවර ගතයුතුයි. (නි)
කටින් සමාජවාදී වුණාට බඩ තවමත් ධනවාදියි. නැත්නම් ඉතින් ඔච්චර සමාජවාදී රටවල් තියාගෙන ඔස්ට්‍රේලියාවට පැනලා එහි පුරවැසිකමත් ගනීවිද? ඔච්චරටම මහලොකු සමාජවාදියා නම්, පී. ආර්. එක විතරක් අරගෙන ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම නොගෙන ඉන්න තිබුනනේ. "කතාව දෝලාවෙන් ගමන පයින්" කියන්නේ මේවට තමයි. ඔක්කොම බොරු සෝබන. (නි)
මේගොල්ලන්ගේ සමාජවාදය බලයට ඒමට පමණි. ඊටපස්සේ වැඩ කරන්නේ ධනවාදී මුලධර්ම වලටය (නි)
දහම් මැරිලා ඉඳලා ඉපදුනේ 2016 දී වෙන්න ඇති (නි)
අර්ජුන් මහේන්ද්‍රන්ට දුන් පුරවැසිබාවය කුමාර් ගුණරත්නම්ට අහිමි ඇයි? (නි)
මේවා කරලා නිදහසක් ලැබෙන්නේ නැහැ (නි)
පොලිස්පතිතුමනි, නීති කඩන අයට අවම බලයවත් යොදන්න (නි)