ජනප්‍රිය සිනමා නිළි ප්‍රිටි සින්ටාගේ විවාහය පසුගිය 13 වැනිදාට යෙදී තිබුණි. ඇයගේ අතගත්තේ ඇමෙරිකානු ව්‍යාපාරිකයෙකු වූ ජින් ගුඩ්නෆ්ය. මෙම විවාහය දකුණු මුම්බායිහි තරු හතේ සුපිරි හෝටලයක පැවති අතර, ඒ සඳහා බොලිවුඩ් සිනමා තරු, ඉන්දීය හා විදෙස් ක්‍රිකට් තරු මෙන්ම දේශපාලඥයන්ද විශාල පිරිසක් එක්විය.
විවාහය මංගල්‍යය බටහිර ක්‍රමයට පැවති අතර, බිපාෂා බාසූ හා කරන් සිං ගෝවර්ගේ විවාහය මෙන්ම දැඩි කලබලකාරී බවක් මෙහි දක්නට නොලැබුණ බව සඳහන් විය. ප්‍රිටි හා ජින් දෙදෙනාගේ විවාහ මංගල්‍යයේදී වඩාත්ම අවධානය දිනූ යුවළ බවට පත්වූයේ සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් හා ඔහු මේ වසර අගදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින රුමේනියානු මෝස්තර නිරූපිකා ලුලීයා වැන්තර් දෙදෙනාය. ප්‍රිටි හා ජේන්ගේ විවාහය වුවද සල්මාන් හා ලුලීයා පැමිණීමත් සමග මෙම විවාහය ආවරණය කිරීමට පැමිණි සිටි බොහෝ මාධ්‍යයන් ඔවුන් දෙදෙනා වෙත වැඩි අවධානයක් යොමුකරන්නට විය. සල්මාන් හා ලුලියාට අමතරව බොලිවුඩයේ කිං ඛාන් ලෙස හඳුන්වන ෂාරුක් ඛාන්ද මෙම විවාහය මංගල්‍යට සුවිශේෂී ආරාධිතයෙක් ලෙස පැමිණ සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd