(සුජිත් හේවාජුලිගේ )
ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත
මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය.
මෙම පනත් කෙටුම්පතෙන් එලෙස දේපළ අත්පත් කර ගැනීමේ පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 15 දින දක්වා අත්හිටුවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් බය නැතුව ණය ගන්න එකයි තියෙන්නේ.
ඕක ලොකු ණය පොලු කාරයින් බේරගන්න කරන වැඩක්. ලොකු ණය වලට පමණයි පරාට් නීතිය එකවර ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. දැනට තියෙන නීතිය අනුව, පොඩි ණයවලට උසාවිය හරහා පමණයි වෙන්දේසි කරන්න පුළුවන්. දැනට තියෙන නීතිය අනුව, ඔය හදන්නේ ලොකු ණය පොලු කාරයෝ රැකගන්න.
අර හොස්පිටල් එක වෙන්දේසි කළාද?
බැංකු මුළින්ම කපා ගන්නේ පොලිය. ඉතිං මිනිස්සු කොච්චර ගෙවත් මුලික ණය මුදල අඩු වෙන්නෑ . සමහරු ගත්ත මුදල වගේ 3න හතර ගුණයක් පොළිය ගෙවලා . එත් මූලික මුදල එහෙම්මයි . විගේශයෙන්ම තනි පුද්ගල ඉදිකිරීම් ආයතන විනාශම වෙලා . සමහර ආයතන හිමියෝ රට වසා තිබ්බ කාලෙත් නයට අරං පඩි ගෙවලා . නමුත් බැංකු සත පහක්වත් පොලිය අඩු කරේ නැ . පොලිය එකතු කරලා කල් දුන්නා විතරයි . නැවත වියාපාර නැගිටින්න අතදීලා ණය දුන්නේ නැ . දැන් බලන්නේ ගත්ත මුදල වගේ 3න හතර ගුණයක් පොළිය ගෙවලා ඉන්න අයගේ දෙපළත් අරගෙන ලාබ පීට ලාබ ලබන්න
ව්‍යාපාර සඳහා 2017 පසු පුද්ගලික බැංකු මගින් දේපළ ඇප මත ලබා දී ඇති සියලු ණය අද වෙනකොට 16% -20% වාර්ෂික පොළිය එකතුවෙලා. මිනිස්සු කොචර ගෙව්වත් බැංකු ඉසෙල්ලා පොළිය අඩු කර ගන්න නිසා මුලික මුදල කවදාවත් අඩු වෙන්නැති තැනට වැටිලා . ගත්තට වැඩිය දස ගුණයක් විතර වෙලා . අඩුම මුලික මුදල තරම අද වෙනකොට ගෙවා ඇති අය ගේ දේපළ ඇප නිදහස් කර දුන්නොත් ඒ වැසි ගිය ව්‍යාපාර නැවත මුල සිට පටන් ගන්න හිතන්න හරි පුළුවන්
බැංකු ලාභ උපරිම කරන ආයතන විය නොහැක. “එකතු-සාක්‍ෂි” “Collection-proof” යනු යම් යම් ණය ආපසු ගෙවීම සඳහා නීත්‍යානුකූලව අත්පත් කර ගත හැකි ආදායමක් හෝ වත්කම් නොමැති පුද්ගලයෙකු ලෙස හඳුන්වා දිය හැකියි .ඒ වගේම ණය “ප්‍රතිමාව තහනම්” “statue barred” වූ පසු ණයහිමියා දිගටම ඔබව සම්බන්ධ කර ගන්නේ නම්, ඔබට බැංකුව හිරිහැර කිරීම ගැන අධිකරණයට වාර්තා කිරීමට හා වන්දි ලබා ගැනීමට ඔබට අයිතියක් ඇත. ණය ගැතියා ආරක්ෂා වන නීතිමය ප්‍රතිපාධන නිතිය තුළ බොහෝ ඇතත් බැංකු විසින් ඒවා හැකිතාක් නීතිය තුළ වල දැමීමට කටයුතු කර ඇත .
කොවිඩ් වසංගතය හා ඉන්පසු ඇති උ රටේ ආර්ථික අර්බුදය නිසා අද නොවැටුණු එකම ව්‍යාපාරය බැංකුවයි. 2020 සමඟ 2021 2022, 2023 සසඳා බැලුවොත් සමහර බැංකුවල ආදායම 100%කින් තවත් සමහර බැංකුවල ආදායම 150%කින් වැඩි වී තිබෙනවා. හැම ව්‍යාපාරයක්ම, කර්මාන්තයක්ම අර්බුදයට යද්දි බැංකුවලට පමණක් ඉතා ශක්තිමත්ව ආදායම් උපයාගන්න හැකිවී තිබෙනවා. තිබෙන්නේ දැන්වීම්වල කියන ආකාරයේ සුහද හදක් ඇති බැංකු නම් මේ වෙලාවේ මේ රටේ පොදු ජනතාව දෙස විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දෙස මීට වඩා සාධාරණ ලෙස බැලිය යුතුයි. එසේ බලන දිශාවකට බැංකු පරිවර්තනය කරන්න