
(අංජුල මහික වීරරත්න)
ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැක ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ආරක්ෂක හමුදා අද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බව ද ජනාධිපතිවරයා කීය.
පැලවත්ත අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානය මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කරගැනීමට සහභාගිවූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට මෙහිදී ජනාධිපතිවරයා අතින් ප්‍රණාම සහතික ද ප්‍රදානය කෙරිණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ..





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් ඇත්ත.... පොලිස් ඇඳුමට හූ කියලා පාර්ලිමේන්තුව අසල සිටි ප්‍රචණ්ඩකාරීන් පොලීසියට අරගල ප්‍රණාමය ඒ මොහොතෙම දුන්නා නේද..!!
අනේ රනිල්මෙ නිකං විහිළු කථා කරන්න එපා. මෙහෙම ගියොත් ගෝඨාභයට ප්‍රණාම සහතික දේයි වගේ
රනිලට පාර්ලිමේන්තුවට මිනිස්සු මොනා කළාටද.
මෙයාට හමුදාවෙ සහය නැතිව රට පාලනය කරන්න බැහැ
හැමදාම ආමි ගාඩ් එක හම්බවේවි කියලා හිතාගෙන ඇති.දවසක ඔය ගාඩ් අපි අයින් කරනවා.එදාට “සම්බෝල“ තමයි.
ඕන ගොනෙකුට යුද්ධයක් කරන්න පුලුවන් කියලා මෙයා නේද කිව්වේ?
මේ මොනවද කියන්නේ? හමුදාවට ජාතියේ ප්‍රණාමය ලැබුනේ 2009 දෙමළ ත්‍රස්තවාදය පරාජය කරපු දිනයේ සිටයි. ඊට ඉහළින් ප්‍රණාමයක් ලබාදීමට දෙයක් ඉතිරිවෙලා නැත.
ජනතාව පන්නා දමන ලද සහ ජනතා ප්‍රසාදයක් නොමැති පුද්ගලයෙක් ජනාධිපතිවරයා වීමට ඉඩ හැරීම කවර ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා කිරීමක්ද යන්න තේරුම්ගත නොහැකියි.
Mr. President, Please stop doing silly things. It was just a single day. Don't they do their job on other days to protect the house? People never wanted to attack the house the day on which you got elected. it was you who portrayed such a likelihood.