ඕනෑම අවස්ථාවක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අත්වැල් බැදගන්නා බව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද (2) විදේශ අමාත්‍යාංශයේදි ඇමැති මංගල සමරවීර මහතා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවසීය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝන් කෙරී මහතා පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා රටට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට කිසි විටෙක නොපැකිලෙන බවයි. .එය වර්තමාන රජයේ දින සියයේ වැඩපිළිවෙළින් වඩා ඔප්නැංවනෙ බවදඔහු කීවේය .
ඒ අනුව ලංකාව හා ඇමෙරිකාව අතර වාර්ෂිකව ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ගොඩනැගීමටද කටයුතු කරන බවද ජෝන් කෙරී පැවසීය..
මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ ලංකාවේ ඇති වී තිබෙන නව වාතාවරණය තුළ පවතින ආයෝජන අවස්ථා වලින් ඇමෙරිකාව ප්‍රයෝජන ගනු ඇතැයි අපේක්ෂා කරන බවය...
19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමමෙන් මෙරට නිදහස සුරක්ෂිත කිරීමට හැකියාව ලැබෙන බව කී අමාත්‍ය සමරවීර මහතා කියා සිටියේ වගවීම් සහතික කරමින් ඇති කෙරෙන මෙරට දේශීය පරීක්ෂණයක් සදහා ඇමෙරිකාවටද සහතික විය හැකි බවය..





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව යටත්විජිත ක්‍රම අනුගමනය කරමින් රට රටවත්වල අභ්‍යන්තර අවුල් ඇතිකර ඒ රටවල් තම සිතැඟි පරිදි හැසිරවීමටත් මැද පෙරදිග තෙල් වලටත් එම රටවල හා කලාපවල ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ඇමරිකානු දේශපාලනයට ආවඩන අය දන්නේ මොනවද? ඇමරිකානු සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය හරියට සැඟවුන බෝම්බයක් වගෙයි. පිටතින් පෙනෙන සුන්දරත්වය එහි අභ්‍යන්තරයේ නැහැ. (නි)
වැරදි ඇති.නමුත් ඇමෙරිකාව නැත්නම් අන්තවාදීන් මුළු ලෝකයම අල්ලගෙන. (නි)
මෙතන සමහර අය අදහස් දාලා තියෙන්නේ දේශපාලනික වශයෙන් බව පැහැදිලියි. (නි)
සම්පත් කවුද කියන්නේ ඉරාකයේ , සිරියාවේ , ලිබියාවේ ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුනා කියා? ඒවායේ සිටියේ ඒකාධිපති පාලකයන්. (නි)
නිපුන් - ඇමරිකාවවේ ප්‍රජාතන්ත්‍රවාදය දන්නවද මොකක්ද කියලා? (නි)
ප්‍රජාතන්ත්‍රවාදය අපට උගන්වන්න එන ඇමරිකාව තමයි 2009 දී අපට බලකළේ ප්‍රභාකරන් මුදාගන්නට (නි)
කොටියාට සුදු හුණු ගෑවේ කවුද කියලා අපි දන්නවා (නි)
මෙදා සැරේ මොනවා වෙයිද? (නි)
ඒ ප්‍රකාශයට ගොඩක් සතුටුයි.ඒ විදියටම උදව් කරනවානම් ගොඩක් හොදයි.(හේ)
පළමුව ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ආදර්ශය දෙන්න. ඇමරිකන් අත පෙවීම මත ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව ඇති ඉරාකය, ලිබියාව, සිරියාව, ඊජිප්තුව, ආදී මැදපෙරදිග රටවලට සහ ලතින් ඇමරිකානු රටවලට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට ඉඩදෙන්න. අපිට අපේ ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන්. ඒවා දේශපාලනික අවශ්‍යතාවන් මත ඇමරිකාවට අවශ්‍ය පරිදි හැසිරවීමට කටයුතුකර අවුල් නොකරන්න. (නි)
මෙයාල මෙහෙදී එකක් කියනවා, එහෙ ගිහින් වෙන එකක් කියනවා. බටහිර රටවල බොහොමක් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ක්‍රියාකලාපය එහෙම තමා. (නි)
මෙයාලා ගිය කිසිම රටක් හොඳින් පැවතුනේ නැහැ. විනාශ කළා. (නි)
සමහර මිනිස්සු ඇමරිකාව කලුද සුදුද කියලා දන්නෙ නැතුව මෙතැන අදහස් දානවා.ඇමරිකාව කියන්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීම රටක්.ඇමරිකාව නිසා තමා ලෝකය සෝවියට් අන්තවාදයෙන් ගැලවුණේ.මැදපෙරදිග රටවල ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේ ඒ රටවල ආගමික අන්තවාද නිසා මිස ඇමරිකාව නිසා නෙමෙයි.ලතින් ඇමරිකානු රටවල් සමාජවාදයෙන් ගැලවිලා ප්‍රජාතන්ත්‍රවාදය ළඟාකරගත්තේ ඇමරිකාවට පින්සිදුවන්න... (නි)
නිපුන්, ඔබ ඉතා නිවරදි. ඇමරිකාව කියන්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීම රටක්. විවිධ රටවල ජනයා ඉතා සතුටින් ඉන්න රටක්. ලංකාවේ අය හිතන්නේ ඇමෙරිකාව උදේ හවහ ලංකාව දිහා බල ගෙන ඉන්නේ කියලා ලිදේ ඉන්න මැඩියා දන්නේ ලිද තම ලෝකය කියලා. මෙහෙ ගොඩක් මිනිස්සු 'ශ්‍රී ලංකා' කිව්වහම දන්නේ නැහැ. (ර)