IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්‍රාජාතන්ත්‍රවාදය තහවුරු කරන්න සහාය දෙන බව ජෝන් කෙරී කියයි

ඕනෑම අවස්ථාවක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය  වෙනුවෙන් අත්වැල් බැදගන්නා බව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී    අද (2) විදේශ අමාත්‍යාංශයේදි ඇමැති මංගල සමරවීර මහතා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවසීය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝන් කෙරී මහතා පැවසුවේ    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු  අමාත්‍ය  මංගල සමරවීර මහතා රටට අවශ්‍ය  තීන්දු තීරණ ගැනීමට කිසි විටෙක  නොපැකිලෙන  බවයි. .එය වර්තමාන රජයේ  දින සියයේ වැඩපිළිවෙළින් වඩා ඔප්නැංවනෙ බවදඔහු කීවේය .

ඒ අනුව ලංකාව  හා ඇමෙරිකාව  අතර වාර්ෂිකව ද්විපාර්ශ්වික  සාකච්ඡාවක්  ගොඩනැගීමටද කටයුතු කරන බවද ජෝන් කෙරී    පැවසීය..

මෙම  ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී   අමාත්‍ය  මංගල  සමරවීර  මහතා අදහස්  දක්වමින්  කියා සිටියේ ලංකාවේ ඇති වී තිබෙන නව වාතාවරණය තුළ පවතින ආයෝජන අවස්ථා වලින් ඇමෙරිකාව ප්‍රයෝජන ගනු ඇතැයි අපේක්ෂා  කරන බවය...

  19වැනි ව්‍යවස්ථා  සංශෝධනය සම්මත වීමමෙන්  මෙරට නිදහස සුරක්ෂිත  කිරීමට හැකියාව ලැබෙන බව කී අමාත්‍ය   සමරවීර මහතා කියා සිටියේ වගවීම් සහතික කරමින් ඇති කෙරෙන  මෙරට දේශීය  පරීක්ෂණයක් සදහා ඇමෙරිකාවටද සහතික විය හැකි බවය.. 

06 12 17 19 20



අදහස් (0)

ප්‍රාජාතන්ත්‍රවාදය තහවුරු කරන්න සහාය දෙන බව ජෝන් කෙරී කියයි

සම්පත් Sunday, 03 May 2015 07:21 AM

නව යටත්විජිත ක්‍රම අනුගමනය කරමින් රට රටවත්වල අභ්‍යන්තර අවුල් ඇතිකර ඒ රටවල් තම සිතැඟි පරිදි හැසිරවීමටත් මැද පෙරදිග තෙල් වලටත් එම රටවල හා කලාපවල ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ඇමරිකානු දේශපාලනයට ආවඩන අය දන්නේ මොනවද? ඇමරිකානු සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය හරියට සැඟවුන බෝම්බයක් වගෙයි. පිටතින් පෙනෙන සුන්දරත්වය එහි අභ්‍යන්තරයේ නැහැ. (නි)

:       0       0

සම්පත් Sunday, 03 May 2015 07:35 AM

වැරදි ඇති.නමුත් ඇමෙරිකාව නැත්නම් අන්තවාදීන් මුළු ලෝකයම අල්ලගෙන. (නි)

:       0       0

සම්පත් Sunday, 03 May 2015 07:38 AM

මෙතන සමහර අය අදහස් දාලා තියෙන්නේ දේශපාලනික වශයෙන් බව පැහැදිලියි. (නි)

:       0       0

යහම්පත් Sunday, 03 May 2015 07:39 AM

සම්පත් කවුද කියන්නේ ඉරාකයේ , සිරියාවේ , ලිබියාවේ ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුනා කියා? ඒවායේ සිටියේ ඒකාධිපති පාලකයන්. (නි)

:       0       0

රන්ජිත් Sunday, 03 May 2015 08:33 AM

නිපුන් - ඇමරිකාවවේ ප්‍රජාතන්ත්‍රවාදය දන්නවද මොකක්ද කියලා? (නි)

:       0       0

රන්ජිත් Sunday, 03 May 2015 08:41 AM

ප්‍රජාතන්ත්‍රවාදය අපට උගන්වන්න එන ඇමරිකාව තමයි 2009 දී අපට බලකළේ ප්‍රභාකරන් මුදාගන්නට (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 04 May 2015 04:21 PM

කොටියාට සුදු හුණු ගෑවේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

සිරි Saturday, 02 May 2015 02:00 PM

මෙදා සැරේ මොනවා වෙයිද? (නි)

:       0       0

රේණුකා Tuesday, 05 May 2015 11:06 AM

ඒ ප්‍රකාශයට ගොඩක් සතුටුයි.ඒ විදියටම උදව් කරනවානම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

සම්පත් Saturday, 02 May 2015 03:15 PM

පළමුව ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ආදර්ශය දෙන්න. ඇමරිකන් අත පෙවීම මත ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව ඇති ඉරාකය, ලිබියාව, සිරියාව, ඊජිප්තුව, ආදී මැදපෙරදිග රටවලට සහ ලතින් ඇමරිකානු රටවලට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට ඉඩදෙන්න. අපිට අපේ ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන්. ඒවා දේශපාලනික අවශ්‍යතාවන් මත ඇමරිකාවට අවශ්‍ය පරිදි හැසිරවීමට කටයුතුකර අවුල් නොකරන්න. (නි)

:       0       0

සරත් Saturday, 02 May 2015 11:27 PM

මෙයාල මෙහෙදී එකක් කියනවා, එහෙ ගිහින් වෙන එකක් කියනවා. බටහිර රටවල බොහොමක් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ක්‍රියාකලාපය එහෙම තමා. (නි)

:       0       0

මුණසිංහ Sunday, 03 May 2015 02:07 AM

මෙයාලා ගිය කිසිම රටක් හොඳින් පැවතුනේ නැහැ. විනාශ කළා. (නි)

:       0       0

නිපුන් Sunday, 03 May 2015 03:14 AM

සමහර මිනිස්සු ඇමරිකාව කලුද සුදුද කියලා දන්නෙ නැතුව මෙතැන අදහස් දානවා.ඇමරිකාව කියන්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීම රටක්.ඇමරිකාව නිසා තමා ලෝකය සෝවියට් අන්තවාදයෙන් ගැලවුණේ.මැදපෙරදිග රටවල ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේ ඒ රටවල ආගමික අන්තවාද නිසා මිස ඇමරිකාව නිසා නෙමෙයි.ලතින් ඇමරිකානු රටවල් සමාජවාදයෙන් ගැලවිලා ප්‍රජාතන්ත්‍රවාදය ළඟාකරගත්තේ ඇමරිකාවට පින්සිදුවන්න... (නි)

:       0       0

නිශාන්ත - ඇමෙරික Sunday, 03 May 2015 05:41 AM

නිපුන්, ඔබ ඉතා නිවරදි. ඇමරිකාව කියන්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීම රටක්. විවිධ රටවල ජනයා ඉතා සතුටින් ඉන්න රටක්. ලංකාවේ අය හිතන්නේ ඇමෙරිකාව උදේ හවහ ලංකාව දිහා බල ගෙන ඉන්නේ කියලා ලිදේ ඉන්න මැඩියා දන්නේ ලිද තම ලෝකය කියලා. මෙහෙ ගොඩක් මිනිස්සු 'ශ්‍රී ලංකා' කිව්වහම දන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site