ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හා වාර්ගික අර්බුදය නිමා කිරීමට සම්පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
එම දෙපාර්තමේන්තුවේ කලාපීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ නීල් ක්‍රොමාෂ් මහතා කියනුයේ ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් ඒකාධිපති පාලනයක් අවසන් කර ශ්‍රී ලංකාව අංශ ගණනාවකින් වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහී, ඔයා ඇමරිකාවේද ඉන්නේ. බොරු කියන්න එපා, ප්‍රජාතන්ත්‍රවාදය වැඩි නිසා කරදර වැඩි රටක්. ඔයාට ලංකාව හොඳ නම් අපහු ලංකාවට යන්න. (නදී)
පළමුව ප්‍රජාතන්තවාදය කියන්නේ මොකක්ද කියලා ඇමරිකාව හොඳින් ඉගෙනගෙන ඊටපස්සේ අපිට පාඩම් කියලා දුන්නට නම් වරදක් නැහැ (නි)
ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න සහාය දෙනවා හැබැයි අපි කියන විදිහට වැඩ කොරන්න ඕනේ හරිද ? හොඳයි සර් ඔලුවෙන් හරි ඉන්නම් (නදී)
මහි , ඕයා ඇමරිකාවේ වෙන්න බැහැ. නිකන් පට්ට පල් බොරු කියන්න එපා. (නදී)
ඇමරිකාව මුළු ලෝකයටම ලොකු පිළිකාවක්. එම පිළිකාවේ කොටස් මුළු මැද පෙරදිගම වෙලාගෙන අවසානයි. අපේ ශ්‍රී ලංකාවටත් ඉන් කොටසක් දීමට කැමැත්තෙන් සිටිනවාලු!! (නි)
ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. එයාල කිසිම රටකට නැගිටින්න දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේ එයාල ළඟ තමයි. (ර)
ඇමරිකාවටත් ඕනෑ නැති දෙයක් නැහැ, අනිත් රටවල්වල කුණු හොයනවා මිස. එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි හොඳට තිබෙන රටවල් විනාශ කරන එක (නි)
අමන්ද,ඔයා ඔහෙටම වෙලා ඉන්න. ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදය අපට එපා. ඔය ඔලුව හරවලා බලන්න ලිබියාව, සිරියාව, ඇෆ්ඝනිස්තානය වගේ ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ රටවල් දිහා. ලෝකෙටම ලොකුම ලෙඩ දන්නේ ඇමෙරිකාව. (නි)
අමෙරිකාව අතගහපු රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙනවා මිසක් රැකෙන බවක් නම් පෙනෙන්නට නැහැ. (නි)
මේ වෙලාවේ බටහිර රටවල් සහ ඇමෙරිකාව සමඟ අනවශ්‍ය ප්‍රශ්න හදාගන්නේ නැතුව සිටීම නුවණට හුරුය. ඇමෙරිකාව සහ යුරෝපය අතර කරන වෙළඳාමෙන් අපට වැඩි වාසි ඇතිවන අතර චීනය සහ රුසියාව සමඟ කරන වෙළඳාම් වලින් වැඩි වාසි ඇතිවන්නේ ඔවුන්ටය. මංගල , මෛත්‍රී , රනිල් සහ ක්‍රිස් නෝනිස් මහත්වරුන් දැනට මෙම ප්‍රශ්න නිසිලෙස කළමණාකරණය කරගෙන යන බව පෙනීයයි (නි)
තමුන් ළඟත් හරියට නැති එකක් කොහොමද දන්නේ නැහැ ඇමරිකාව අපිට දෙන්නේ ..... (නි)
ඔය හොඳට ඇමරිකාව පහුගිය කාලේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළේ වියට්නාමයේ, ලිබියාවේ, ඇෆ්ගනිස්තානයේ, සිරියාවේ, පලස්තීනයේ එහෙම. අපිටත් උදව් කරයි හොඳට (නි)
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුන නිසා තමයි මහින්දව ගෙදර යවන්න පුළුවන් උනේ. ඇමෙරිකාවත් එ්කේ යටින් ඉන්ට ඇති සමහරවිට (නදී)
ලිබියාව, සිරියාව, ඇෆ්ඝනිස්තානය වගේ අපේ රටෙත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර කඩේ යන එක සමහරු හිතන් ඉන්නේ නිසිලෙස කළමණාකරණය කියලා (නදී)
මෙතැන සමහර අය ඇමරිකාව කලුද සුදුදු කියල දන්නේ නැතිව ප්‍රතිචාර දානවා. ඇමරිකාව කියන්නේ කථාකිරීමේ හා රැස්වීමේ නිදහස උපරිමයෙන් තියෙන රටක්. මැදපෙරදිග රටවල් දුක්විදින්නේ අන්තවාදය නිසා. සවුදි, ඩුබායි, කුවේට්, කටාර්, ජෝර්දාන් වගේ රටවල් මෙච්චරවත් බේරිලා ඉන්නේ ඒ රටවල තියෙන ඇමරිකානු කදවුරු නිසා. නැතිනම් අන්තවාදීන් මෙලහකටත් ඒ රටවල් අල්ලගෙන. (නදී)
චීනය ඈත් කරලා ඇමරිකාව ලං කරගෙන බලන්නකෝ මොකද වෙන්නේ කියලා. (ර)
අපේ අවසන් සටන වෙලාවේ ප්‍රබාකරන් ඇතුළු එල්ටිටි නඩය බේරගන්න ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් උත්සහ කලාද? (ර)
ඇමරිකාවේ ජීවත්වන අය ඇමරිකාවේ වැරදි දකින්න කැමති නැහැ. ඒ වගේමයි මැදපෙරදිග ඉන්න අයටත් ඒ රටවල වරදක් පෙනෙන්නේ නැහැ. (ර)
හැම දෙයක් ගැනම අන්තවාදීව හිතීම රටට සුබ නැහැ. අලුත් සාශ්‍රය ජයගන්න නම් අන්තර්ජාතිකයට මුහුණ දිය යුතුයි. ඒ තුලින් ලැබෙන හොද නරක වෙන්කර ගෙන වැලදගත යුත්තේ අපියි.(හේ)
ලංකාවේ තියෙන ප්‍රජාතන්ත්‍ර වාදයට උඩින් තවත් වාදයන් ඇමෙරිකාව හදන්න හදනවද ? ඒවගේම වාර්ගික අර්බුදය ඉවර කරලා තිබෙන්නේ, එයාලා තමයි කුණු ගොඩවල් අවුස්සලා ගඳ ගස්සන්නේ.(හේ)
ඇමෙරිකාව අපට පුදුම ආදරයක් තියෙන්නේ.(හේ)
ඇමෙරිකාවේ තියන ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද. නිදහසේ පෙළපාලියක් යන්න පුලුවන්ද ? නිව්යෝර්ක් වල විරෝදතා දක්වපු මිනිස්සුන්ට මුහුණට කෙල ගහල පොලිසියෙන් ඇදගෙන ගියේ. ලංකා මේවා පෙන්නුවේ නැහැ.(නදී)
හැම දෙයම කුහක විදිහට බලන්න එපා (අ)
ඔහොම යන්...ඔහොම යන්.... (අ)