(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.
නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට වන්දි දෙන්නට පෙර ගෑස් ටැංකි පිපිරීමෙන් සහ වගා හානියට පත්වූ පත් වූ ගොවීන් සඳහා වන්දි ලබා දෙන්නේ නැද්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
පසුගියදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සජබ අයට දඬුවම්
AB Wednesday, 18 May 2022 02:51 PM
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අඳුරු අවස්ථාවන් ගණනාවක් අප දැක තිබේ. පාර්ලිමේන්තුව තුළ භික්ෂූන්ට පහරදීම, මිරිස්කුඩු ඉසීම, සෙංකෝලය පැහැරගෙන යාමේ සිට කතානායකවරයාගේ අසුනට ජලය දමා එම අසුන පෙරලා දැමීමේ සිට ඊයේ දිනය දක්වා සිදුවූ සිද්ධීන් දාමය සහ රට දැවැන්ත ආර්ථික, සමාජීය අර්බුදයකට මැදිව තිබෙන්නා වූ අවස්ථාවක සියලුදෙනා එක්ව විසඳුම් සොයනවා වෙනුවට පාර්ලිමේන්තුවක් තුළ ඔවුනොවුන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අවසානයක් නොමැති, විසඳුම් නොමැති දේශපාලන අර්බුද නිර්මාණය කරගනිමින් සිටියි. රටේ ජනතාව මේ වනවිට සිටිනුයේ දැඩි ආර්ථික, සමාජීය පීඩනයකින් වේ. මෙම අර්බුදය රටේ ජනතාව නිර්මාණය කරනලද අර්බුදයක් නොවේ. ජනතාව වෙනුවෙන් සේවය කිරීම පිණිස පාර්ලිමේන්තුවට පත්කළ දේශපාලකයින්ගේ පරිපාලනය නිසා සිදුවූවකි. මේ වනවිට 225ද, නොඑසේනම් 22.5 මිලියනයද කියා ජනතාව ඔවුනොවුන් තර්ක කරමින් සිටියි. එම නිසා ඇමෙරිකාවේ සිදුවූ " Capitol Riot " වැනි සිදුවීමක්, හානියක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිදුනොවීමට 225ම වගබලා ගැනීම ඔවුන්ගේ යුතුකමකි...
Pradeep Kumara Wednesday, 18 May 2022 03:10 PM
සජබ කට්ටිය ප්‍රචණ්ඩත්වයට ආධාර අනුබල දුන්නෙත් නෑ. එයාලාට කවුරුත් කරදර කළේත් නෑ. මොකද එයාලා හරිම අහිංසක කට්ටියක්නේ...
fairoos Wednesday, 18 May 2022 04:46 PM
ඉතාම හොඳ තීරණයක්
Bamunuarachchi Thursday, 19 May 2022 09:02 AM
ගමේ ගෙවල් ගිනිතියපු මගොඩිස්ට විරුද්දව ඔබලා ක්‍රීයා කොරන්නේ කොහොමද? රටේ ඔබලාට වෙනම නීතියක් තිබෙනවාද? ඔබලා දඬුවම් කොරන්නේ කොහොමද? මොනවාද දෙන දඬුවම්? ඒගැන පරීක්ෂණ පොලිස්සිය කරාවි. ඔබලා පැත්තකට වෙන්න.