දෙහිවල අල්විස් පාරේ ගොඩ නැගිල්ලක සිව්වැනි මහලේ සිටි වව්නියා තරුණයකුගේ (22) සිරුරක් ගොඩනැගිල්ල අසළ බිම තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

ඔහු පරිගණක විද්‍යාව හදාරමින් සිටියේය.

පෙරදින රාත්‍රී මිතුරන් පිරිසක් සමග නිදා සිටි ඔහු ගොඩ නැගිල්ලෙන් බිමට වැටුණාද, අනතුරක් කර බිමට ගෙනැවිත් දැම්මාද යන්න පරීක්ෂණ පවත්වයි.

සිරුරේ සීරීම් තුවාල කිහිපයක් පමණක් පෙනෙන්නට ඇතැයි ද පොලිසිය කියයි.