දෙහිවල අල්විස් පාරේ ගොඩ නැගිල්ලක සිව්වැනි මහලේ සිටි වව්නියා තරුණයකුගේ (22) සිරුරක් ගොඩනැගිල්ල අසළ බිම තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
ඔහු පරිගණක විද්‍යාව හදාරමින් සිටියේය.
පෙරදින රාත්‍රී මිතුරන් පිරිසක් සමග නිදා සිටි ඔහු ගොඩ නැගිල්ලෙන් බිමට වැටුණාද, අනතුරක් කර බිමට ගෙනැවිත් දැම්මාද යන්න පරීක්ෂණ පවත්වයි.
සිරුරේ සීරීම් තුවාල කිහිපයක් පමණක් පෙනෙන්නට ඇතැයි ද පොලිසිය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පරිගණක සිසුවාගේ මරණය අබිරහසක්
මැණික් Thursday, 12 June 2014 07:31 AM
පවු! තවත් එක් මිනිස් ජීවිතයක් නේද මේ? (නි)
මාලක Thursday, 12 June 2014 07:30 AM
බන්දුල, දෙමළ වුණ පළියට එහෙම හිතන එක වැරදියි (නි)
චානුක Wednesday, 11 June 2014 06:45 PM
මේ වවුනියාවේ කොල්ලෙක් නේද? අනේ! මම අඳුරන කෙනෙක්වද්ද දන්නේ නැහැ. (නි)
බන්දුල පෙරේරා Wednesday, 11 June 2014 06:48 PM
පරිගණක පාඨමාලාවක් හදාරන්න වත්කමක් මොහුට තිබෙනවද, එහෙම නැත්නම් ඒ සදහා වියදම් ලැබුනේ කොහෙන්ද, මේ යාලුවන් කවුද, මොහුගේ සැබෑ අරමුණ මේ පාඨමාලාවද කියලා බුද්ධි අංශ සොයා බැලිය යුතුයි. (නි)
රොකී Wednesday, 11 June 2014 07:44 PM
මේ බන්දුල පෙරේරා කියන පුද්ගලයා ගැනත් බුද්ධි අංශ සොයා බැලුවොත් හොඳයි. (නි)
ශාන්ති Wednesday, 11 June 2014 01:55 PM
අපරාදේ තරුණ ජිවිතයක් ,ඔබට නිවන් සැප ලැබේවා. (ස)
චන්දන මල්ලව ආරච්චි Wednesday, 11 June 2014 08:24 PM
මේකටද මේ ආසියාවේ ආශ්චර්ය කියන්නේ. (නි)
ඉසුරන්දි Wednesday, 11 June 2014 03:01 PM
හොයල බැලුවොත් හොඳා. (ස)
ලුම්බිණි Wednesday, 11 June 2014 03:33 PM
කණගාටුදායක පුවතක් (නි)
බන්දුල පෙරේරා Wednesday, 11 June 2014 09:42 PM
රොනී මහත්තයෝ..වව්නියාවෙන් ආපු කෙනෙක් නිසා ද්‍රවිඩ තරුණයෙක් කියල අනුමාන කරලා දාපු මගේ අදහස සංස්කරණය වෙලා වැටිලා තියෙන්නේ....ඒ නිසයි මම කියන්න හදපු දේ හරියට වැටහෙන්නේ නැත්තේ..මැටි කොරහේ කිබුලෙක් ඉන්න බැරි උනාට පැටියෙක් ඉන්න පුළුවන්..කොලඹ නගරය පහු ගිය ත්‍රස්තවාදී උවදුර තිබු කාල සීමාවේදී ඔය විදියට රැකියා සදහා සහ පාඨමාලා සදහා ආ අයගෙන් වැඩි පිරිස කොටි සංවිධානයේ අරමුණු ඉටු කරන්න ආපු කට්ටිය..ඒ කාල සිමාවේ අත් දැකීම තියෙන නිසයි අපිට ආයේ ඒවගේ කාලයක් දකින්න අවශ්‍ය නැත්තේ.මොහු අහිංසකයෙක් වෙන්න පුළුවන්..නමුත් විපරම වැදගත්.පහුගිය දා දෙහිවල බේකරියකින් දෙවැනි නැගිටීමට ආපු තරුණ පිරිසක් අසුවුණු බව ඔබතුමා දන්නේ නැතුව ඇති.(දී)
සෙහාන් අමරසිංහ Wednesday, 11 June 2014 10:17 PM
බන්දුලගේ අදහස මමත් පිලිගන්නවා.
ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 11 June 2014 04:22 PM
හොඳට හොයලා බලන්න ඕනෑ (නි)
වසන්ත Wednesday, 11 June 2014 05:47 PM
මෙය සිය දිවි නසාගැනීමක්වද්ද? (නි)