ශ්රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන දස දහසක බැඳුම්කර නිකුතුවක් ප්‍රකාශයට පත් කර එය හිටි ගමන් මිලියන දස දහස් හතළිස් පහක් කිරීමත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට එම බැඳුම්කර 12.5%ක පොළියක් යටතේ ලබාගැනීමට ක්‍රියා කිරීමත් ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම පරීක්ෂණය පැවැත්වීම සඳහා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තාවකාලිකව එම තනතුරින් ඉවත් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ කියයි.
පරීක්ෂණයේ විනිවිද භාවය සුරැකීම සඳහා ඔහු සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් ජවිපෙ මන්ත්‍රී හඳුන්නෙත්ති මහතා පවසයි.
ඔහු කැමැත්තෙන් ඉල්ලා අස්නොවුණහොත් ඔහු ඉවත් කළ යුතු බවද ජවිපෙ කියයි.
මෙම සිදුවූ බව කියන අක්‍රමිකතා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික,කබ්රාල් නම් කැමතියි වගේ ඒ වගේ දේවල් වලට. මැදමුලනින් කරන කොට හොඳ නැහැ කොළඹ හත අය කරන කොට හොඳයි (දිල්)
මෙච්චර වේලාසනින්ම යහපාලනය පටන්ගන්නට බය හිතුනේවත් නැද්ද (දිල්)
දින සීයයෙන් තාම කරපු දෙයක් නෑ (දිල්)
අනේ ඇත්තට රටකට ගිය කාලයක් (දිල්)
පුදනකොටම කාපි යකා කිවුවලු. (නි)
ලංකාවේ තැන්පතු සඳහා පොළිය තීරණය කරන්නෙත් දැන් මහබැංකුව. දැන් ලංකාවේ තියෙන්නේ කෘතීමව සකස්කරන ලද මුදල් වෙළදපලක්. ඒ නිසා තමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙනම පොළී අනුපාත තීරණය කරන්න වෙලා තියෙන්නේ. තවද ණය පොළී අනුපාත අඩුවුණා කියලා ණය සැපයුම වැඩිවෙලා කර්මාන්ත දියණුවෙලා ආර්ථිකය වර්ධනය වෙලා තියනවද? දැන් හරි නිවැරදි දේ කරන්න (නි)
ලංකාවේ තැන්පත් සදහා පොලිය තීරණය කරන්නෙත් දැන් මහ බැංකුව. ඒ නිසා තමා ජෙෂ්ට පුරවැසියන්ට වෙනම පොලි අනුපාත තීරණය කරන්න වෙලා තියෙන්නේ. තවද ණය පොලි අනුපාත අඩුවුණා කියලා ණය සැපයුම වැඩිවෙලා කර්මාන්ත දියණුවෙලා ආර්ථිකය වර්ධනය වෙලා තියනවද.? දැන් හරි නිවැරදි දේ කරන්න. (ර)
ලංකාවේ තැන්පත් සදහා පොලිය තීරණය කරන්නෙත් දැන් මහබැංකුව.වෙළඳපල බලවේග අනුව එය තීරනය වීම කෘතීමව නවත්වල තැන්පත්කරුවන්ට අඩු පොලියක් ගෙවල තමන්ගේ ධනය සදහා පමණක් කෘතීමව වැඩි පොලියක් ගන්න ක්ර්ම හදාගෙන. මේ විදියට මුදල් වෙළදපල පාලනය කරන්න පටන්ගත්තේ ගිය ආණ්ඩුව කාලේ ඒක නිසා දැන් ලංකාවේ තියෙන්නේ කෘතීමව සකස්කරන ලද මුදල් වෙළදපලක්. ඒ නිසා තමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙනම පොලි අනුපාත තීරණය කරන්ට වෙලා තියෙන්නේ. තවද ණය පොලි අනුපාත අඩුවුණා කියල ණය සැපයුම වැඩිවෙලා කර්මාන්ත දියනුවෙල ආර්ථිකය වර්ධනය වෙලා තියනවද. දැන් හරි නිවැරදි දේ කරන්න. (බ)
පුදන කොටම කාපි යකා කියන්නේ ඕවට තමා. මේක පුදුම රටක් . වෙන රටක නම් මුදල් ඇමති ඉල්ලලා අස්වෙලා. (බ)
මුල ඉදලම හදන්න වෙනවා. වැරදි කරන සියලු දෙනාව නීතියේ ඉදිරියට ගෙන්න ඕන. (ර)
ජය වේවා! (නි)
මේකට තමයි වෙනස කියන්නේ. (නි)
එක් එක් පුද්ගලයාට විවිධාකාරයේ චෝදනා... යහපාලනය නේද මේ? (නි)
බන්දුල, කවදත් බැංකු පොළී අනුපාත තීරණය කරන්නේ මහා බැංකුව. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් විශේෂ පොළී අනුපාත තීරණය කළේ පසුගිය රජය. එය වෙනසක් පමණයි කළේ. (නි)
පසුගිය පාලන කාලයේ නම් මේවා වුණේ නැහැනේ. කෝ ඉතින් තිබුනා නම් අල්ලාගන්න එපායැ (නි)
මේවා කොච්චර කිව්වත් වැඩක් නෑ. හොර බොරු නැති ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න ඕන. (ර)
දැන් ගොඩක් අයට තේරේවි යහපාලනය කොහොමද කියලා (ධිල්)
මේක තමා යහ පාලනය කියන්නේ .දැන් තේරේනවා නේද හිටපු නායකයා කොයිතරම් හොදයිද කියලා (දිල්)
මෙය ඉතා වැරදි පූර්වාදර්ශයක්. මහ බැංකුවේ අධිපති තුමා නිදොස් නම් ඔහු මේ පරීක්ෂණය නිම වෙන තෙක් තනතුරින් ඉවත් විය යුතුයි. එයයි යහ පාලනය.. (ම)
යහ පාලනේ මන් සලකුණු ... දැන්ම දඩුවම් දෙන්න ඕනේ ..(නදී)
මිනිසුන් කිරලා මැනලා අායෙත් වෙනසක් ගේනවා. (නදී)
මෙයාලා මහා බැංකුවෙන් පටන් අරන් තියෙන්නේ සැබෑ වෙනස (නදී)
දුෂිත වැඩක් නම් කරලා තියන්නේ කල් බලන්න දෙයක් නැහැ ඉවත් කල යුතුමයි. (ර)
අනේ රටකට ගිය කලක් (නදී)
ඉන්දික යෝජනා කොරන්නේ හම්බන්තොට මැද මුලන ගමේ බයියන්ගෙන් වැඩේ පටන් ගන්න කියල වෙන්නැති. මහා බැංකුවේ සල්ලි මුළු රටේම සල්ලි උපයන්නේ රටේ පුරවැසියෝ නැතුව පුටු රත් කර කරා තරබාරු වෙන දේශ පාලුවෝ නෙමේ (බ)
දැන් පරණ වංචා සොයන්නේ කොහොමද පෝලිමේ අලුත් වංචාවන් එනවිට. 2015.01.08 දිනට පසුව සිදුවෙන දුෂණ සෙවීමට වෙනම අල්ලස් කොමිසමක් පිහිටුවොත් වටිනවා. (බ)
එදා සහෝදර සමාගම-අද බෑණා සමාගම -ජනතා සමාගම -සිහිනයක් පමණක්ද ? (නදී)
මෙයාට ලංකාවේ පුරවැසි බවත් නැහැ. අපේ ලංකාවේ පුරවැසියෙක් නැද්ද මහා බැංකුවේ අධිපති කමට සුදුසු? (නදී)
මහින්ද හොරු රැක්කා වගේ ඉන්න එපා. වැරදි නම් වහාම දඩුවම් දෙන්න. නැත්නම් යහපාලනයෙන් ඇති වැඩක් නැහැ. (නදී)
මුණ දිහා බලල හොරු කව්ද කියල හොයා ගන්න අද රටේ පාලකයන්ට බැරි උනාට අපිටනම් හොයාගන්න පුළුවන්. (නදී)
වැඩක් නැ මෙයාල බොරුවට කැගහනවා කඩේ යනවා විතරයි. විජයදාස මහත්තයත් කිව්වේ. අමු බොරු කාරයෝ ටිකක් මිනිස්සුන්ව රවට්ටනවා. (බ)
මේ යහපාලනයේ පෙරනිමිතිද , කියන්නේ එකක් කරන්නේ එකක් (බ)
පවුල් වාදය ලංකා දේශපාලනයේ මෙන්ම පරිපාලන අංශයේද මුල්බැසගෙන තියෙන්නේ. තාත්තලා පුතාලා නැන්දලා, මාමලා, යෙලිලා බැනලා පමණයි ලංකාවේ දේශපාලනය කරන්නේ. ප්‍රධාන පක්ෂ දෙකම එකයි. රාජ්‍ය නිලධාරීන්ද අද එම ක්‍රමය අනුගමනය කරනවා.(දිල්)
ඉන්දික යෝජනා කරන්නේ හම්බන්තොට මැද මුලන ගමේ අයගේ වැඩ පටන් ගන්න කියලා වෙන්නැති නේද?(දිල්)
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කියන එක වෙනස් කරලා මහින්ද යවලා මෛත්‍රී ගත්තා වගේ කියන්න වෙයි වගේ (ම)