මහා පරාක්‍රමබාහු රජු යැයි කියාගත් පුද්ගලයෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව කියමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධයක නිරත වෙයි.
තමා නැවත ඉපදී රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට සත්‍ය ක්‍රියා කළ බව පවසන මොහු බිංගිරියේ දළුපත පදිංචි නීල් ධම්මික ගුණසිංහ නමැත්තෙකි.
ප්‍රභාකරන් ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටවත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටවත් කළ නොහැකිවූ බව පවසන මොහු 2004 සුනාමි ව්‍යසනයේදී ප්‍රභාකරන් මිය ගිය බව කියයි.
තමා දන්නා සත්‍යය හෙළි කිරීමට ජනපතිවරයා හමුවීමට ඉල්ලමින් මොහු විරෝධතාවයක යෙදී සිටී.
ඡායාරූප - අකිල බද්දෙවිතාන






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බයේ ඉන්නේ ඔය විදියට අනෙක් රජවරුත් කොටුවට ආවොත් කොහොමද ඒ අයට ආරක්ෂාව සළසන්නේ කියලා (නි)
මෙහෙම යනකොට හෙට අනිත්දා මන්ත්‍රීලා ඇමතිලා වෙන්නේ මේ වාගේ අය තමයි (නදී)
මෙයා දාන පොත ළඟ තිබෙන ලිපියෙන් බලාගන්න. කොහොමහරි අගමැතිතුමා මුණගස්සන්න. මෙයා හොඳයි ඊළඟ ඇමතිකමට (නි)
මානසික ලෙඩෙක් වගේ මෙයා අපි ඇත්තටම මේ වගේ පුද්ගලයින්ට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීම නොකර උදව් කරමු (බ)
තාවකාලික ජනප්‍රියත්වයක් ලැබීමට නොවරදින මග. (ස)
ඔය අන්තිම ඡායාරූපයේ හැටියට මට පෙනෙන්නේ මුචලින්ද නාගරාජයා පෙනය පුප්පනවා වගෙයි (නි)
තාවකාලික ජනප්‍රියත්වයක් ලැබීමට නොවරදින මග.. (නදී)
මාරු අදහස් ටික.., හිනා සාගරයයි.., සොපි ඔයා හොදට මතක් කරලා බලන්න හොදේ (අ)
මෙයා මෙහෙම කියනවානම් මේකේ ඇත්ත නැත්ත බලාගන්න ජනාධිපතිතුමා හමුවෙන්න ඉඩ සලසා දෙන්න බැරිද? (ස)
අර පෝස්ටර් එකේ තියෙන කතාවනම් ඇත්ත කියල මටත් හිතෙනවා. පෙර රජ දරුවෙකු නැවත ඉපදිලා රට බෙර ගත්තට අපිට ඔහුව රැක ගන්න බැරි උනා දැන් වෙලා තියෙන්නේ දුෂ්ටය රජ උන වැඩේ නේද. (බ)
මේ වගේ පුද්ගලයින්ට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීම නොකරන මෙන් මම ඉල්ලා සිටිනවා (නි)
දවස් කීපයකට පස්සේ ඇඟේ ලේ පිරිසිදු වුණා වගේ. එකිනෙක අදහස් කියවද්දී මට හිනාව නවත්තගන්න බැරිව ගියා. කලින් කල මෙවැනි දේවල් එළියට එන එක හොඳයි. අදහස් දාපු ඔක්කොටම ස්තූතියි (බ)
දුටුගැමුණු නම් ආවේ පාර්ලිමේන්තුව හරහා.මෙතුමා බලන්නේ මේක හරහා පාර්ලිමේන්තුවට යන්න වගේ. (ම)
කොහෙද අර ගස්ලබු මෙව්වා එක (බ)
පස්වාස දස දහසකට අවසර අපේ රජතුමණි! මන්ද මානසික වරයෙකු හම්බුණොත් නරකද? (ම)
මේ ළමය වික්‍රමබාහුගේ ගෝලයෙක් වගේ පෙන්නේ (බ)
මෙන්න තිලක් -ඩුබායි කොළඹ ඇවිල්ල! (ස)
නිවුස් එකට වැඩිය ලස්සනයි කොමෙන්ටු ටික (බ)
අපි අද හැමදේම දිහා බලන්නේ සමච්ච්ලේට වගේ ..ඒක අපේ පුරුද්දක් වෙලා ....මේ මනුස්සයා අයි මෙහෙම කියන්නේ කියල හොයල බලල ඔය තමන්ගේ අදහස් ප්‍රකාශ කලා නම් නේද හොඳ ? මේ මනුස්සයා පිස්සෙක්ද ..මෝඩයෙක්ද කියල හොයල බලන්නත් කලින් සමහර අය ඒක තීරණය කරලත් ඉවරයි...අද අපේ හුගක් අයගේ හැදියාව තමයි මේ ..(ස)
පරාක්‍රමබාහු කෙසේ වෙතත් වික්‍රමබාහුගේ කට් එක නම් තියෙනවා. (ම)
ඔබ තුමාට මේ බව කියන්න මෙච්චර පරක්කු උනේ ඇයි දේවයන් වහන්ස. මිනුස්සුන්ගෙන් ගුටි නොකා මාලිගාවට වෙලා හිටියොත් ඇඟට ගුණයි නේද? (ම)
ඉන්දියන් කාරයෙක්ද කොහෙද. (ර)
මොහුත් අර ආචාර්ය තුමාගේ යාලුවෙක් වෙන්න ඇති දෙන්නටම එකම ලෙඩේ නේ ..... (ම)
වෙන්න බැ. මෙයා තවත් වික්‍රම බාහු කෙනෙක්මයි (අ)
මම හිතන්නේ මෙයා කරන්නේ වෙළඳාමක්.එයාගේ පොතක් තියනවා "බුදු දහම හා සතුට " කියලා.මෙයා එ්ක මාර්කට් කරන්න කරන වැඩක්.අනේ අපොයි මිනිස්සුන්ට වෙන දේවල්. (බ)
දේවත්වයෙන් සලකන මහා පරාක්‍රම රජ තුමාට අවමන් නොකරන් මිනිසුනේ . (ර)
අනේ පොලිස් මහත්තයෝ මේ පිස්සු මනුස්සයාගේ කනෙන් අැදලා දාන්න. නැත්නම් කාගෙන් හරි ගුටි කාල මැරෙයි. (බ)
මුණේ තියෙන ලස්සනට පේනවා මෙයා හොද පරාක්‍රමබාහු කෙනක් කියලා..(දිල්)
මම හිතනවා ජනපතිතුමා හමුවන්න පහසුකම් ලබාදෙන්න ඕනේ. (ර)
රේණුක මොනවිදියට හිතුවත් මේක මානසික තත්ත්වයක්. මෙයාට ඕන ජනප්‍රිය වෙන්න. සමහරවිට ඉදිරියේ වෙන්න තියෙන දෙයක පෙරනිමිත්තක්. (ස)
යහ පාලනයේ පරාක්‍රම රජු ඇවිල්ල. (ස)
කැපී පෙනෙන්නට ගත් උත්සාහයක්. (ස)
මු සතෙක්ද කොහෙද (බ)
මෙයාටත් ඇමති කමක් දෙන්න ඕනේ (දී)
2015.04.06 ප්‍රනීත් මගේ අදහසට යමක් ලෙස මෙය ලියමි ඔබ සිතන ගසල්බු බෑය යනු විය ගසය එය නගුලේ කොටසකි රට සහලින් ස්වයන්පොෂිත කළ නිසා එසේ වියගස අතේ තබාගෙන රූපය අඹා ඇත...(බ)
පහුගිය කාලේ පරාක්‍රම බාහු කිව්වේ අපේ ලොක්කටනේ. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. වහාම මේක ගැන හොයන්න හොඳවයින් තුන් දෙනෙක් පත් කරන්න ඕනේ. (ස)
යහපාලනයට යන්න අයියේ. ඔයා වගේ අය එතැනට ඕනෑවෙනවා (නි)
මෙයා මේ පරක්‍රමබාහු රජතුමා, සරත් ෆොන්සේකා , මහින්ද රාජපක්ෂ තුන්දෙනාම එකට එකතුකරලා පොතක් ලියලා ඒක දැන් ඉන්න ජනාධිපතිතුමාට ප්‍රදානය කරන්න හදනවද දන්නේ නැහැ නේද? (නි)
මමත් කාලයක් හිතාගෙන හිටියා මම තමයි චණ්ඩියා කියලා. දවසක් සිවිල් එකේ හිටපු ඕඅයිසී මහත්තයාට පාට් එකක් දාන්න ගිහින් ගුටිකෑවම තමයි දැනගත්තේ මගේ අදහස වැරදියි කියලා (බ)
එයාට එයාගේ අදහස කියන්ඩ ඉඩ දෙමු, සතියක් යද්දී මෙයා නැගිටලා යාවි ඉන්න තැනින්. (දී)
අනේ පව්. පාර වරදගෙන වගේ... (දී)
ජනතා අදහස් දැක්කම හිනා යනවා (දී)
ඇත්ත නැත්ත කෙසේ වේවා.. පැරකුම් නිරිදුගේ පිළිමයේ ඇති පුස්කොළ පොතට ගස් ලබු කෑල්ල යයි පවසා ජාතියේ අභිමානවත් නායකයා බඩජාරියෙකු නොකරන්න.(ප්‍රනීත් ඇතුළු හැමෝටම) (බ)
මෙගා පොරක්නේ.(බ)
වහාම මොහුව ළඟම සිටින මනෝ වෛද්‍යවරයකු ගාවට හෝ අංගොඩ යවා සුවයක් ලබා දෙන්න , මේවාගේ අය පෙරත් ලංකාවේ බිහිවුණා (දිල්)
දැන්නම් හොඳටම සනීප නැද්ද කොහෙද (නි)
ඔව් ..ඔව් ...මෙයා මානසික රෝගියෙක් නම් අපි හිනාවෙන එක වැරදියි .කල යුත්තේ උදව් කිරීමයි .නැත්නම් එයාගේ මව් පියන්ටයි , අඹු දරුවන්ටත් අවමානයක්නේ .දැන් නම් මටත් කණගාටුයි . (දී)
භවයෙන් භවයට යන්නේ විඥානය නැත්නම් හිතයි. පෙර භවයක පරාක්‍රමබාහු වුණා කියමු. දැන් ඒ කතා වැඩක් නැහැ. දැන් ඉන්නේ වෙන කෙනෙක්.ප්‍රදීප්, මස්මාංශ කෑම ගැන මිට වැඩිය කරුණු හොයලා ලියන්න. බුදු දහමේ කියන්නේ තමන් වෙනුවෙන්ම මරණ ලද මාංශ අනුභව කරන්න එපා කියලා මිසක් කන්නම එපා කියලා නොවේ. කන්නම එපා කියපු මාංශ වර්ග කිහිපයකුත් තියනවා. (නි)
අපි ඇත්තටම හොයලා බලමු මෙයා කියන්නේ මොකක්ද කියලා(දිල්)
දැන් මොකද දන්නේ නැහැ එළියට ආවේ? (නි)
බලන්නකෝ රජතුමාගේ ලස්සන! (නි)
මෙයාට මන්මුලාවැල් පෑගිලා ඒ අතරේ අමු කැවිලා. (බ)
පිස්සුද කොහෙද? (නි)
අවසර මහරජතුමණි! අම්මට සිරි යකෝ මේ මහරජ පරාක්‍රමභාහුම තමයි... බලපන්කෝ තේජස් පාට ... ජනාධිපතිවරණයට ඉල්ලුවනම් උඩින්ම දිනුම්... (බ)
ඊළඟ ජන්දෙට නියමයි. නියම ප්‍රසිද්ධියක් (බ)
මෙයාව සුදුසු තැනකට රෝගී තත්ත්වයට ප්‍රථිකාර ලබන්න යොමුකළොත් නරකද ලෙඩේ වැඩිවෙන්න කලින්? (නි)
පව්. අපි බලමු මේ කවුද කියලා (නි)
මේක බටහිර රටවල ප්‍රසිද්ධ රෝගයක්. මම දන්නා දොස්තර කෙනෙක් තමයි මටත් කිව්වේ. මේ මානසික රෝගය අනුව තමන් ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියලයි කියන්නේ. කවුරුහරි මොහු සුදුසු දොස්තර කෙනෙක්ට යොමුකරන්න. (නි)
පරාක්‍රමබාහු කෙසේවෙතත් මට නම් ප්‍රභාකරන්ගේ පෙනුම මොහුට තිබෙන බවයි පෙනෙන්නේ. අනේ කාලේ වනේ වාසේ! මෙහෙම මිනිසුන්ට අපි නම් කියන්නේ වයර් මාරුවුණ කට්ටිය කියලා (නි)
මේ බොරුකාරයෙක්. එහෙනම් මට කියන්න පුලුවන්නේ මමයි දුටුගැමුණු ආත්මය කියලා. සත්‍ය ජයගනු ඇත. (නි)
මානසික රෝහලකට යවන්න කියලයි මම නම් කියන්නේ (නි)
එල , මෙයා විතරද දැන් රටට අඩුවකට ඉන්නේ ? මෙයාටත් රජ කමද ඉල්ලන්නේ ? (ස)
හෙට අනිද්දට කියන්න බැරි නැහැ මම සිරිසඟබෝ කියලත් (නි)
මාර ෆන් මෙයා, (ස)
පරාක්‍රමබාහු කට් එක තියෙනවා වගේ (බ)
දෙදාහේ නොවෙම්බර් දහ වෙනිදා සවස 7:45 ට ඔලුවට පොලයක් වැටිලා.
මෙතුවක් කාලයක් ගැටලුවක්ව තිබෙන ගස්ලබු බෑවක් වගේ එකක් අතේ තියාගෙන ඉන්න පිළිමය කාගේද කියල දැනගන්න පුළුවන් මේ මනුස්සයගෙන්. (සමාජයේ ජනප්‍රිය වෙන්න එක එක දේවල් කරන එකත් මානසික ලෙඩක්ලු. හැබැයි ඕකෙන් වෙන්නේ ජන අප්‍රිය වෙන එකයි (නදී)
අභාවප්‍රාප්ත වාස්තු විද්‍යාඥ ලලා ආදිත්‍ය මහතා විසින් රචිත "Search for Sugala" පොත කියවන්න දෙන්න මෙයාට. එතකොට ඔය උන්මාදය හොඳ වෙයි.(ස)
දෙදාහේ නොවැම්බර් දහ වැනිදා සවස 7:45 ට ඔලුවට පොලයක් වැටිලා. (බ)
ඔප්පු කරල පෙන්නන්න කියමු. (ර)
මටත් දැන් දැන් ටික ටික මතක් වෙනවා මම තමයි ලොවක් වසඟ කළ ක්ලියෝපැට්රා.(බ)
තුෂාර කිවුවා වගේ ප්‍රවෘත්තිය දැක්කහම හිනා ගියා. අදහස් දැක්කහම හිනාගිහින් පණ ගියා (නි)
පස්වාන් දහසකට අවසර රඡතුමනි..! නඩු වැටෙන්න කලින් රඡ මාලිගාවට සැපත් උනොත් හොඳා. යන ගමන් වෙද රාළ මුලිච්චි උනොත් යහපති. (නදි)
තුෂාරගේ කතාවට නම් මට හොදටම හිනා. එ්ත් පව් තුෂාර අහිංසකයෙක්. අපි විහිලුවට ගන්න ඕනේ නෑ (නදී)
මෙයාගේ මුහුණ හොඳට දැකල පුරුදුයි. ගොඩක් වෙලා කල්පනා කළාමයි මතක්වුනේ, ඉස්සර පැරකුම්බා දත්කුඩු පැකට් එකේ තිබුන. (බ)
ජය ශ්‍රී! ජය ශ්‍රී ! මේ රජතුමාටත් ඇමතිකමක් දුන්නොත් ජාතික ආණ්ඩුව සම්පුර්ණයි. රජකම උනත් දෙන්නට බැරිකමක් නැ වගේ.රටේ වාසනාවට මේවගේ අයමයි බිහිවෙන්නේ.(දිල්)
අනේ මන්දා මේ මිනිසුන්ට පිස්සුද කියලා (දිල්)
අපහස උපහාස නොකර එයාගේ අදහස් වලටත් සවන් දෙන්න. එක වැරදි නිවැරදි භාවය තීරණය කිරීම වෙනමම කරුණක්. (ර)
අර සමහරුන්ගේ රජ පිස්සුව මෙයාටත් ගහලා. (නි)
නිවන් අවබෝධ කර ගත්තා කියමින් මස් මාංස වලඳින ඉන්න රටේ මෙහෙම මිනිස්සු ඉන්න එක පුදුමයක් නොවෙයි නේ? (ර)
යහපාල මහත්තයෝ, සමහර අය පන්සල්වලට ගිහින් මේ දවස්වල කරන්නෙත් මීට සමාන දෙයක් කියලයි මගේ නම් අදහස ! (නි)
පිස්සු වුණත් කියන්නේ ඇත්තද දන්නෙ නැහැ. මහින්දව මුණගැස්සුවා නම් හොඳයි. මොකද එයත් රජෙක්නේ (නි)
ආචාර්ය දුටු ගැමුණු පෙළපතට තවත් කෙනෙක්ද ? (නදී)
නිවන් අවබෝධ කර ගත්තා කියමින් මස් මාංස වලඳින ඉන්න රටේ මෙහෙම මිනිස්සු ඉන්න එක පුදුමයක් නොවෙයි නේ? (නදී)
තමන් රජෙක්යැයි සිතන මිනිසුන්ට පිස්සු යැයි මම සිතමි. ඒවා අදහන මිනිසුන්ටත් පිස්සු.අතීතයේ නොමැති රජවරු මවන අයටත් පිස්සු. "සියලු සත්වයෝ උන්මත්තකයෝය"! (නි)
මේවා කාලෙන් කාලෙට පැවත එන වසංගත ලෙඩ වගේ. ලෙඩේ දරුණුම උනොත් කාලයක් පවතිනවා නැත්තම් දවසින් දෙකෙන් ඇරිලා යනවා. මේකත් ඒ වගේ තමයි. (නදී)
දෙයියනේ මේ පරාක්‍රමබාහු නේන්නම් ...(බ)
සමන්ත බද්දගේ ඥාතියෙක්ද කොහෙද? (නදී)
මුනේ තියෙන තේජසෙන්ම පේනවා මොකක්දෝ අමුතු ගතියක්. (නදී)
පරාක්‍රමබාහු රජ්ජුරුවෙත් මොඩ් වෙලා (දිල්)
පරාක්‍රමබාහු සන්ග්ලාසුත් දාලා. (නදී)
මෙන්න නියම පිස්සො. සමාජයට විහිළු සපයන අය (නදී)
මටත් ඔය කියුවමයි මතක් වුනේ ශේෂාදි, මෙයා තමයි ඔරිජිනල් පරාක්‍රමබාහු, මට රැවුලෙන්ම කියතහැකි! ඇයි දැක්කේ නැද්ද නළලේ රැලි පිහිටිමත් .....(ම)
මේ මනුස්සයා ගැන මොන කතාද? මෙයාට බිසවක් එහෙම ඕනෑ නම් ඉන්නවා හොඳ කෙනෙක්. (නි)
අනේ ඇත්තට මෙහෙමත් චරිත! (නි)
ජනාධිපති තුමා හමුවෙන්න ඉස්සෙල්ල මනෝ වෛද්‍ය දොස්තර කෙනෙක් ලඟට එක්ක ගියොත් නරකද?(ම)
134 බස් එකේද ආවේ (දිල්)
ජනාධිපති තුමා හමුවෙන්න ඉස්සෙල්ලා මනෝ විද්‍යා දොස්තර කෙනෙක් ළගට එක්ක යන්න. (දිල්)
රුවන්ගේ අදහසට මාත් එකගයි .(දිල්)
මටත් ඉස්සර ඔහොම ප්‍රශ්නයක් තිබුණා, මම හිතුවෙම මම තමයි හිටපු විජයබාහු කියලා. දොස්තර කෙනෙක් හම්බ උනාම පෙති වගයක් දුන්න ...ටික දවසකින් මම කියන්නේ මම මයි කියල අවබෝධ කර ගත්ත (දිල්)
ඔබතුමා දැන් අංගොඩ රජ මාලිගාවට සැපත් වුණොත් යෙහෙකි යැයි සිතේ. (නි)
ගස්ලබු පාළුව අතට ගත්තහම පරාක්‍රමබාහු රජ්ජුරුවෝම තමයි!! (ස)
දැන් එයා පරාක්‍රම සමුද්‍රයටත් අයිතිවාසිකම් කියයිද දන්නෙ නැහැ (නි)
මොහුට සිනාසෙන්න එපා. මේ ගැන පර්යේෂණයක් කරන්න. (ස)
මරේ මරු. අළුත් දෙයක් නැතුව හිටියේ. කාලෙකින් හිනාවෙලා පන යනවා. (ස)
පොළොන්නරුවේ ඇති ප්‍රථිමාව පුලස්ති ඍෂිවරයාගේ නේද? (නි)
මොහු නිසා පරාක්‍රමබාහු කියල රජ කෙනෙක් හිටිය කියල හුගක් අය දැනගත්ත. (ස)
මානසික ලෙඩෙක් වගේ මෙයා. (ස)
තමන් "රජෙක්" කියා කියන/හිතන අය ඔක්කොම මානසික ලෙඩ්ඩු තමයි. (නි)
අංගොඩ ගියානම් නියම තමයි. (ස)
මේ කාලෙට ගැලපෙන්නේ මේ වගේ අය තමයි. දැන් එ්කත් හරි (නදී)
මෙයාගේ පෙනුම ටිකක් ඒ වගේ තමයි. මට මතකයි මම අන්දරේ වෙලා හිටපු කාලේ මෙයාගේ පැදුරේ තිබුන සීනි තමයි කෑවේ. අර අතේ තියාගෙන ඉන්න ගස්ලබු කෑල්ල කාල බඩ විරේක කරගත්තම ඔය ලෙඩේ හරියනවා. මචෝ පරාක්‍රම බහු, කඩුව පොලිෂ් කරගනින්. දැන් කැලණියේ දුටුගැමුණු එනවා යුද්දෙට.(නදී)
ඔයාට මාව මතක නැද්ද? මම ඔයාගේ ඒ කාලේ අගබිසව! (නි)
නමක් හදාගන්න පුලුවන් හොදම ක්‍රමය මේක තමයි. පොඩ්ඩක් කියන්න මම ගැනත්. ඇයි මතක නැද්ද මාත් උඹේ පිටිපස්සෙන් හිටිය ඒ දවස් වල උඹට සාත්තු සප්පායම් කරන්න.අනේ පිලීස් මචන් මාවත් මතක් කරපන්. (ස)
මහරජ, දැන්ම නිවසට තොලොංචි වුණොත් යෙහෙකි.. (නි)