ගෙවී ගිය දිනවල රජරටට බලපෑ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව අක්කර අඩි 88,900 දක්වා ඉහළගොස් ඇතැයි කලාප වාරි ඉංජිනේරු ආර්.එම්.පී. කරුණාරත්න මහතා කියයි. එය මුළු ධාරිතාවෙන් සියයට 80 කි.
දැඩි නියගය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව අක්කර අඩි 50,000 දක්වා පහත බැස තිබුණි. කෙසේ වුවද අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි ලැබුණද වැව්වල ජල මට්ටම එතරම් ඉහළ ගොස් නැත.
නුවර වැවේ ජලමට්ටම අඩි 9ක් පමණ වන අතර තිසා වැවේ ජලමට්ටම අඩි 12 කි. කලාවැවේ ධාරිතාව අක්කර අඩි 13.272 කින් ඉහළ ගොස් ඇත. කලාවැවේ දැනට පවතිනුයේ අක්කර අඩි 68,200 කි.
කලාවැව (ඡායාරූප සේනක බණ්ඩාර)
නුවර වැව (බී.ජි. චතුරංග)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පේ! අපි හිතාගෙන හිටියේ වහින්නත් මහින්ද මහත්තයා ඕනෑවේවි කියලා (නි)
පරාක්‍රම සමුද්‍රය පමණක් නොව රටේ සියළු ජලාශ මෙසේ පිරීඉතිරේවා! (නි)
පසුගිය දවස් වල එක්කෙනෙක් තවත් කෙනෙක්ව දැනුවත් කළාලු ඉදිරියට එන මහා නියඟය පිළිබඳව. ඒක අහපු නිලධාරීන් ලකුණු ගන්න වෙන්න ඇති නොයෙක් කොළ ජාති මහජනතාවට කවන්න ලෑස්ති වුණා. දැන් ඒ ජවනිකා වලට සහභාගිවූවන් කොළ ජාති කනවා ඇති. (නි)
හරිම ලස්සනයි (නි)
එඩ්වඩ්, පරාක්‍රම සමුද්‍රයට වඩා ලොකු වැව් නූතන යුගයත් හදලා තියනවා. අපේ මිනිසුන්ගෙ තියන්නේ ඉතිහාසයට අාවඩන එක විතරයි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන නූතනය හදන විදියයි හිතන්න ඕනෑ (නි)
මේ වැව් වල රොන් මඩ පිරිලා. වැවේ සම්පුර්ණ ධාරිතාව ගන්න අමාරුයි. පොඩි වැස්සටටත් පිරිලා වාන් දානවා. කිසිම නඩත්තුවක් නැහැ (නි)
රංගගේ කතාව හරි. බොහොමයක් ජලාශ රජ කාලෙන් පසුව අලුත්වැඩියා කරලා නැහැ. ගොඩක් වැව් වල රොන් මඩ පිරිලා. පොඩි වැස්සකටත් පිරිලා වාන් දානවා. ඒ වගේම පොඩි පෑවිල්ලකටත් හිඳෙනවා. මේ රොන් මඩ ඉවත් කරන්න ක්‍රමවේදයක් සකසන්න ඕනෑ. (නි)
විමලා, මහින්ද මහත්තයලා වසර නවයක් මොකද කළේ? (නි)
ධනුෂ්ක, ඔබේ කතාව හරි. 80 දශකයේ හදපු පංචමහා ජලාශ ගොවිතැනට පමණක් නොව රටේ ජල විදුලියෙන් 46% ක් ලබාදෙනවා. ඒ වගේම මහින්ද යුගයේ හදපු වෙහෙරගල, ලුණුගම්වෙහෙරත් රටට විශාල සේවයක්. මෛත්‍රී යුගයේ තැනෙන මොරගහකන්ද ව්‍යාපෘතිය මෑත ඉතිහාසයේ සුවිශාලම වාරි කර්මාන්තයයි. මේ වැව් හැදුවේ රජකාලෙ විතරයි කියන අය වැරදියි (නි)
මීට වඩා නම් කොහොමත් පුරවන්න බැහැ. මොකද අර හෝටලය ගැනත් බලන්න වෙනවනේ (නි)
එඩ්වඩ් මහතාණෙනි, ඩී.එස්.සේනානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව ඉදිකළ ගල්ඔය සේනායක සමුද්‍රය අක්කර අඩි 770,000 ක්. පරාක්‍රම සමුද්‍රය අක්කර අඩි 111,125 ක්. ඒ කියන්නේ පරාක්‍රම සමුද්‍රය වාගේ හත් ගුණයක්. එපමණක් නොව අපේ සිරිසේන අතිගරු ජනාධිපතිතුමා මේ ළඟදී මංගල දියවර පිරවීම ආරම්භ කළ මොරගහකන්ද ජලාශයේ විශාලත්වයත් දුටු සහ කියවූ වාර්තා අනුව පරාක්‍රම සමුද්‍රයට වඩා හය ගුණයක් විශාල බව තමා සඳහන් වන්නේ. (නි)
ඇසට ප්‍රියජනක දසුනක් (නි)
පුද්ගලික විදුලි උත්පාදනකරුවන්ට හොඳටම තරහ ගිහින් ඇති (නි)
ඔව් ඒ කාලේ රජවරු ඉදිරිය දකිමින් මේවා හදලා තිබ්බා. දැන් ඉන්න අය මේවායේ වටිනාකමක් දන්නේ නැහැ. රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවන්න වාරිමාර්ග පද්ධතිය වැඩිදියුණු කරන්න කිසිම උවමනාවක් නැහැ. පිටරටින් හාල් එනකන් බලා හිටපල්ලා. ක්‍රෝටන් කොළ කොස් කොළ තමයි කන්න වෙන්නේ. අනේ රටට ගිය කලක්. (නි)
මෙවන් දසුන් දැකීමත් වාසනාවක් (නි)
පරාක්‍රම සමුද්‍රය වැනි ජලාශ නැවත ඇතිකිරීම සිහිනයක් පමණයි නූතන පරම්පරාවට (නි)