2016-11-27-ent-129

හර්බට්.ඇම්. සෙනෙවිරත්න කියන්නෙ අපේ රටට පහළ වුණු ප්‍රතිභාසම්පන්න ගිය පද රචකයෙක්. පසු කලෙක ඔහු නළුවෙක් ලෙසත් ජනප්‍රිය වුණා. හර්බට් තරැණ ගැටයෙක්ව සිටි අවදියේ පටන්ම අපේ ප්‍රථම නිළි රැජන රැක්මණී දේවිගේ දැඩි රසිකයෙක්ලු. ඇය ගැන ඔහු ඉඳලා තියෙන්නෙ විශාල උමතුවකින්ලු. ඔහුගේ මුදල් පසුම්බියේ රැක්මණීගේ ඡායාරූපයක් නිතරම තිබුණලු.

HADASARA 2016.11.27ඒත් දෛවය විසින් ඔහුව පසුකාලීනව නළුවෙක් කළා. පුදුමය නම් ඔහුගේ මුල්ම චිත්‍රපටයේ ඔහුට රඟපාන්නට ලැබුණේ රුක්මණී දේවී සමඟින්. චිත්‍රපටයේ නම ‘උමතු විශ්වාසය.’

පසුගියදා දැයෙන් සමුගත් මහා සංගීතවේදී පණ්ඩිත් අමරදේවයෝ ඉන්දියාවේ සංගීතය හදාරමින් සිටි කාලයේ ඔහුගේ වයලීන ගුරැවරයා වූයේ ශ්‍රී විෂ්ණු ගෝවින්ද ජෝග්ය. ජෝග්ගේ හොඳම ශිෂ්‍යයා වූයේ අමරදේවය. ඒ ගුරැ - ගෝල සම්බන්ධතාවය කෙතරම් ප්‍රබල එකක්දැයි කීවොත් ජෝග් පසුකාලයේදී ඔහුගේ මුණුපුරාට අමරදේවයන්ගේ නම තබා තිබෙනවා. ඔහුගේ මුණුපුරාගේ සම්පූර්ණ නම අමරදේව විජය ජෝග්ය.

චිත්‍රා බාලසූරියගේ නම ඇසූ පමණින් අපගේ මතකයට නැඟෙන චිත්‍රපට නම් දෙක ‘පරසතු මල්’, ‘තුන්මංහන්දිය’, චිත්‍රා අදටත් ප්‍රසිද්ධ ඒ චිත්‍රපට දෙකේ නිෂ්පාදකවරයා හැටියටය. ඒ චිත්‍රපට දෙක දෙස් විදෙස් සම්මානවලටද පාත්‍රවීම නිසා චිත්‍රාගේ නාමය අදටත් අමරණීයව තියෙනවා.

ඒත් පාසැල් කාලයේදී චිත්‍රා ප්‍රසිද්ධියක් උසුලා තිබෙන්නේ ඔහු තුළ තිබුණු විරුදු ගායනා හැකියාවටලු. ඒ කාලයේ පාසැලේ උත්සවයක් සඳහා වරෙක් ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ ඇත්තේ එවකට අග්‍රාමාත්‍ය වූ ඩී.එස්. සේනානායක මැතිඳුන්. ඔහු ඉදිරියේ දක්ෂ ලෙස විරැදුවක් ගායනා කළාට එදා චිත්‍රාට අගමැතිතුමන්ගෙන් රත්තරන් පවුමක් තෑගි ලෙස ලැබී තිබෙනවලු.

අපේ කලා ලෝකයේ බොහෝ ප්‍රතිභාපූර්ණ ශිල්පීන් කලා ලොවට අවතීර්ණ වී තිබෙන්නෙ අහම්බෙනි. දෛවය විසින් ඔවුහු කලාවට ඇද දමා තිබෙන්නට ඇතැයි සිතෙන වාර අනන්තයි.

අද අපතර නැති සුප්‍රසිද්ධ ගායන ශිල්පී ගුණදාස කපුගේද පාසැල් කාලයේදී සංගීතයට දැඩි ඇල්මක් දැක්වුවද ඔහු කරන්දෙනිය මධ්‍ය මහ විදුහලේ උසස් පෙළ හදාරා තිබෙන්නේ ජීව විද්‍යා අංශයෙන්. කලාවට ඇති දැඩි ආශාව නිසාදෝ, පහේ ශිෂ්‍යත්වය විභාගය ඉහළින් සමත්වූ කපුගේ, විද්‍යා අංශයෙන් උ.පෙ. විභාගය අසමත් වුණා. ඊළඟ වසරේ ඔහු කලා අංශයෙන් විභාගය පෙනී සිටිමින් උ.පෙ. සමත් වුණා.

අති දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන විජය නන්දසිරි හා ගිරිරාජ් කෞෂල්‍ය ගජමිතුරන් වූ බව මේ රටේ කවුරැත් දන්නා කාරණයකි. ඒ දෙදෙනා අතර තිබුණු දැඩි මිත්‍රත්වය නිසාමදෝ විජය හා ගිරා එකතුව දායක වූ නිර්මාණ රැසක්ම අතිසාර්ථක වුණා. එතුමා, කතුර, සිකුරැහතේ, සුහද කොකා ඊට හොඳම නිදසුන්ය.

ඒ හැරෙන්නට විජය නන්දසිරිගේ බිරිය දේවිකා මිහිරාණි හා ගිරිරාජ්ගේ බිරිය මංගලිකා යන දෙදෙනාගේ උපන් දින යෙදී අත්තේ මාර්තු මස 21 වැනිදා වීමත් තවත් සුවිශේෂී අහම්බයක්.

 

රමේෂ් උවයිස්

 

2016-11-27-ent-130