මාර්ග නීති හතක් කඩ කරන්නෙකුට රුපියල් 25000ක දඩ නියම කිරීමේ රජයේ යෝජනාවට එරෙහිව මීගමුව දුම්රිය පාර හා මහ පාර හරස් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආනන්ත හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
පොලිසිය සොයමින් සිටි පළාත් සභා මන්ත්‍රීහු දෙදෙනා අද උසාවියට භාර වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රීතියි ! ප්‍රීතියි!! (බ)
මහජන පීඩා කරන්නේ ජනතාවට දැරිය නොහැකි දඩ ගහන්න කතාකරන රවී , රාජිත වගේ මිනිස්සු හරිනම් ඒගොල්ල උසාවියට ඉදිරිපත් කරන්න ,මේ ටිකක් ප්‍රසිද්ධ වෙන්න දඟලන හාල්මස්සෝ දෙන්නෙක් අල්ලාගෙන ඔච්චර දඟලන්න ඕනද ? මේගොල්ල රිමාන්ඩ් කර ගමන් අත්මාංචු පෙන්න පෙන්න සුපර්ස්ටාර්ල වගේ වැලිකඩ යාවි ඊට පස්සේ මේ ගොල්ල නිකම්ම ප්‍රසිද්ධ වෙනවා අනාගතේ පාර්ලිමේන්තු ගොස් විශාල ධන උල්පතක් පාද ගන්න පුළුවන් වෙනවා (බ)
ඉස්සරහට කිසිම විරෝධතාවක් තියන්න බැරිවෙයි වගේ ආණ්ඩුවට විරුද්ධව. දැන් එතකොට ආණ්ඩුවෙන් තියන රැලි, පාගමන් වලටත් මහජන පිඩාවක් කියලා ඔහොම නීති නවනවද? (නි)
මේ පලා බබාලාගෙන් රටට ඇති ප්‍රයෝජනය මොකක්ද? (නි)
මේගොල්ලෝ ඔය විරෝධතා කළේ ජනතාවට ආදරේට නෙමෙයි. වීරයෝ වෙන්න. අද වෙන රිය අනතුරු වලින් 95% වෙන්නේ මාර්ග නීති බල්ලට දාලා රුපියල් 500 බේරිලා යන රියදුරන් නිසයි. අන්න ඒ වගේ පාරේ යන මිනිස්සු මරලාහරි අපිට සල්ලි හම්බකරන්න ඉඩදෙන්න කියන බස් රියදුරන්ටයි ත්‍රීවිල් රථ රියදුරන්ටයි මේගොල්ලෝ උද්ඝෝෂණය කළේ. මෙයාලා වීරයෝ කරන අනිත් අය ඊටවඩා මෝඩයි කියලයි මගේ අදහස. (නි)