(අංජුල මහික වීරරත්න)
සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාලව ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කළ පසු සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබීමට සේවකයින් 264 දෙනකු මනාපය පළ කර ඇතැයි රජය කියයි.
ඒ අනුව රාජ්‍ය ව්‍යවසායන්හි අතිරික්ත සේවකයන් ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ප්‍රයෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ නිර්දේශයන්ට යටත්ව පොහොර සමාගම් ඒකාබද්ධ කිරීමට අදාළව සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් යෝජිත අනිවාර්ය විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල් වලින් රුපියල් මිලියන 844 ක් වැය කිරීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙක එකක් කරලා ඒක යාලුවෙක්ට කුණු කොල්ලයට දීලා ඒකෙන් කීයක් හරි සාක්කුවට දාගන්න එක තමයි රනිල්ගේ රට සංවර්ධන න්‍යාය.
මෙතැන කියා තියන දෙයක් වෙනුවට එකක් කියලා මිසක් පුද්ගලික කාරණාවක් නෙමෙයි...ඒ අය රජයට ආයෝජනයක් කියවන්න සිහි බුද්ධියෙන් කියවිය යුතු බව දැනගන්න
කීයක් හරි දීලා දියවන්නාවේ කුබ්බෑයම වහලා දාන්න බැරිද මේ ආකාරයට .. රටම ගොඩ එහෙම වුණොත්
කොමර්ෂල් ආයතනය සිරිමාගේ ජනසතු පිස්සුව තද වූ කාලයේ 1970 ගනන්වල රජයට පවරගත්ත ආයතනයක්. ඕක පෞද්ගලික අංශය යටතේ තිබුණා නම් අදටත් හොඳට තියෙන ආයතනයක්... විනාශකාරී පලිගැනීමේ සිරිමාගේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා තව කොච්චර ආයතන විනාශ කලාද?
මේකේ ඉන්න අය දන්නේ නැහැ... රට බංකොළොත් වුනේ ඇයි කියලා. එකම වැඩේ කරන්න රාජ්‍ය ආයතන දෙකක් හදලා ඒ දෙකට පුළුවන් තරම් මිනිස්සු පටවලා ඒවා පාඩු ලබනකොට ඒ පාඩුව බදු සල්ලිවලින් ගෙවලා බදු සල්ලි මදිවෙනකොට රටේ අනිත් වැඩවලට කෝටි ගණන් ණය වෙලා රටට කෙලවිච්චි බවවත් දන්නේ නැති අපතයින් තමයි කමෙන්ට් දාන්නේ. රාජ්‍ය ව්‍යවසාය පුළුවන් තරම් පුද්ගලික අංශය සමග ඒකා බද්ධ කළොත් ඔය ලබන පාඩුවවත් අඩුවෙයි. නැත්නම් හැමදාම පෝලිම්වල ලගින්න වෙයි...