(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
පසුගිය කාලයේ පාතාලය තියාගන්න, ස්ත්‍රී දුෂකයන් තියාගන්න, විදේශීය කාන්තාවන් දුෂණය කළ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව කටයුතු කළ පිරිසක් වර්තමානයේ පතාලය ගැන කතා කිරීම විහිළුවක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.
අගමැතිවරයා ඒ බව පැවසුවේ ඇමැතිවරයකුගේ රැකවලුන් ලෙස පතාලයේ පිරිසක් සිටින බවට ලංකාදීප පුවත්පත අද (17) පළවු වාර්තාවක් සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පද්මඋදය ශාන්ත ගුණසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
‘අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තිබෙනවා පාතාලයේ පස් දෙනෙකු ඇමැතිවරයකුගේ රැකවලුන් ලෙස ඉන්නවා කියලා පොලිසිය කියන කතාවක්. ඒ ඇමැතිවරයා කවුද ඔහු පාතලයේ අය තියාගෙන හිටියද කියලා කියනවද. මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇමැතිවරයකුට පාතාලයේ අය රැකවල්ලු ලෙස තියගන්න පුළුවන්ද ඒ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට කියන්න’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලේ ආණ්ඩුවේ වැරදි ඒ විදියටම කරන්නද මේ ආණ්ඩුව පත් වුනේ? මැරයන් ආරක්ෂා කරන ඇමතිවරුන් සිටිනවානම් ඔවුන් ආණ්ඩුවෙන් පහ කිරීම අගමැතිගේ යුතුකමකි.
ඔය කියන සභාපතිට මරණ දඩුවම හිමිවුනෙත් එකාලේදීම තමයි.........
ස්ත්‍රී දූෂණ නඩුවක් තිබූ මැරයකු වන ගෝනවල සුනිල්ට සමාදාන විනිශ්චයකාර පදවියක් දී ආරක්ෂාවට තබාගත් තමුන් ගැනත් සොයා බැලුවොත් හොඳයි නේද?
දැන් ඕවා අහල මිනිස්සුන්ට ඇතිවෙලා. හැමදේටම පහුගිය ආණ්ඩුව අදාල ගන්නවා. එහෙම නම් ඒ ආණ්ඩුව මිනිස්සු පරද්දපු එකේ තේරුමක් නැහැනේ. මොකද මෙයාලත් එ් ටිකම කරනවා නම්.
සාරුවා සුනිල්, චොකා මල්ලිලා, තංගල්ලේ සබාපතියා, සෙල්ලම් පිස්තෝල කව්බෝයි වැනි චරිත නැවත ඇති නොවෙන්නයි අපි ඔබට රට බාර දුන්නේ. බැරිනම් කරුණාකර අයින් වෙන්න.
ඒ විතරක්ද ? බටලන්දෙදි අහිංසක කොල්ලො මරපු එවුන්ට නඩු දාල හිරේ යවන්නත් බැරි උනානේ.
මේක නිකන් බොලේ පාස් කරන වැඩක්. හවසට හැමෝම යහළුවෝ. අපිව ගොනාට අන්දලා ප්‍රයෝජන ගන්නවා. අපිත් ඉතින් මෝඩ චුන් ගන්නවා. තාවකාලික ආතල් එකකට.
ගරු අගමැතිතුමනි, පසුගිය ආණ්ඩුවේ නොපනත්කම් ගැන දිගින් දිගට කතා කරනවා වෙනුවට නීතිය ක්‍රියාත්මක කර ඔබේ පාලනය යටතේ පාතාලය මර්ධනය කරන්න. පාතාලයින් ආරක්ෂකයින් ලෙස තබාගත් ඇමැතිවරයා තරාතිරම නොබලා ඉවත් කරන්න...
ඔබලා බලයගත්තේ හරියට කොරන්නම් කියලනේ. දැන් කව්ද ඔය පාතාලයින් තියාගෙන ඉන්නේ කියන ඇමතිගේ නමත් එලියට ආවානේ. දැන් අදාළ ඇමතිට විරුද්දව නීතිය ක්රීයාත්මක කරලා ඔබලාගේ හැකියාව පෙන්වන්න.
හැමදේම සංසන්දනය කරන එක මං මේ ආණ්ඩුවේ දැක්කා. තෙල් මිල ගැන කථා කළත් කියන්නේ අපි ගිය ආණ්ඩුව තරම් තෙල්මිල වැඩිකලේ නෑ කියලා. කාරණාවක් සම්බන්ධයෙන් තවත් ගැළපීමක් කරන්නේ ප්‍රශ්නයෙන් පැන යාමේ අවශ්‍යතාවය නිසයි. රටක සංවර්ධනය කියන්නේ තවත් ආණ්ඩුවක් හා කුළල් කා ගැනීමක් නොවිය යුතුයි. ගිය ආණ්ඩුව එක්ක නොව සිරිමාවෝ මැතිණියගේ කාලය එක්ක සසඳන්න අකමැති ඇයි. ළඟම සිටින සතුරාට විරුද්ධවයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. සංවර්ධනයක් හෝ දීර්ඝ කාලීන සැලැස්මක් නෑ. බලය පවත්වාගෙන ගසාකෑම් වැඩිකරගැනීම විනා වෙනත් කිසිදු අරමුණක් නැති බව පෙනෙන්නට තිබේ. ඊළඟට කව්රු පත්වුණත් මීටත් වඩා සැරට ජනතාවට පීඩා විඳීමට සිදුවනු ඇත. මෙය දේශපාලනය නොව පාලනයයි. ශ්‍රී ලංකා ක්‍රමයයි.