ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු ශිවන්ත මංචනායක මහතා නියෝග කළේය.
සභාපතිවරයා නීතිඥයෙකු මාර්ගයෙන් හලාවත පොලීසියට බාර විය.
පසුගිය 08 වැනිදා හලාවත - බංගදෙණිය ප්‍රදේශයේදී අවන්හලකට කඩා වැදී එහි සිටි පුද්ගලයින් තිදෙනෙකුට පහර දී තුවාල සිදු කර වාහනයක් ඇතුළු දේපල වලට හානි කිරීම සැකකාර සභාපතිවරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය.
සැකකාර සභාපතිවරයාට ඇප නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියත් මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත්,සැකකරු පසුගිය කාලය තුළ පොලීසිය මග හරිමින් සිටි බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි හලාවත පොලීසියේ නිලධාරීන් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඕනා (නදී)
සදා කාලිකවම හිරේ යවන්න ඔන මිනිහෙක් තාමත් නිදැල්ලේ (නදී)