දිවුලපිටියේ නිවසක් අසල ජනපතිගේ රුව සහිත කටවුට් ප්‍රදර්ශනය කරනවාට විරුද්ධ වූ නිවැසියන්ට පහර දුන් බව කියන දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති අත්අඩංගුවට ගනීමට සොයන බව දිවුලපිටිය පොලිසිය කියයි.
කටවුට් ප්‍රදර්ශනය කරනවාට නිවැසියන් විරුද්ධ වූ ආකාරය සහිත වීඩියෝව -
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත් සාදාරන රාජ්‍ය පාලනයක්. යුද්දය නිම කල පලියට මිනිසුන් තැලීම පෙලීම ඉතා තුච්ඡ ක්‍රියාවකි. (නදී)
ඕක තමයි බන්දුල වගේ අය මේ ආණ්ඩුවට කඩේ යන්නේ .තමුන්ට කීයක් හරි හම්බවෙනවා නම් ඕන දෙයක් කරයි.ආණ්ඩුවේ අය කරන්නෙත් ඒකමයි (නදී)
දියුණු රට වල මැතිවරණයට කිහිප දිනකට පෙර නගරයේ පුවරුවක පමණක් සියලුම අපේක්ෂකයින්ගේ නම්, ඡායාරූප ප්‍රසිද්ධ කිරීම කරනවා. අපේ ලංකාව නම් තාම ම්ලේච්ච දේශපාලනයෙන් මිදී නැහැ. (නදී)
මෙතන තියෙන්නේ අපිට ඕනිම තැනක කටවුට් ගහන්න පුළුවන් කියන බලහත්කාරය නේ? මිදුලේ නෙමෙයි හරිනම් ලයිට් කණු ගානේ කටවුට් ගහන එකටත් විරුද්ධ වෙන්න ඕනි. ඒවා මහජනයාගේ දේපළ. (හේ)
දැන් ලංකාවේ ගොඩක් අයගේ විනොදාංශේ මේ නීතියට පටහැනි කටවුට් ඉරන එක.(හේ)
මෙහෙම මානව හිමිකම් උල්ලංඝනය වෙන වැඩ කළොත් මේවා ජාත්‍යන්තරයටත් ගිහින් රටේ නම කැත වෙන බව මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද ? (හේ)
දැන් ඉතින් අපිටත් කියන්න වෙන්නේ " අනේ පවු " කියලා තමයි .(හේ)
ප්‍ර සභාපතිලා ඔක්කොම ඔය වගේම තමයි.(හේ)
එතකොට ජනාධිපති නියෝග වලට ඉහලින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා වැඩ කරනවා කියලද සමහරු කියන්නේ.(ම)
දැන් මෙයාව ජනතාවට එපා වෙලා පේනවනේ තත්වේ. (ර)
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කල බලවත් තරුණ මන්ත්‍රී තුමාගේ කටවුට් පවා ඒ ප්‍රදේශයේ මිදුල් වල බලයෙන් හිටවූ බව තමයි අපිට ආරංචි වුනේ. (ත)
ඔන්න අද රටේ නීතිය. හැමෝම දැනගත්තනම් හොදයි (දිල්)
එක දිගට කාලයක් බලයේ ඉන්න කොට මෙහෙම වෙනවා, දැන් බලය මාරුවෙන්න කාලේ හරි.(හේ)
මේ වීඩියෝව මේ වෙනකොට සමස්ත ලෝකවාසී ජනතාවටම බැලීමට සලස්වලයි තියෙන්නේ.නීතියක් නැති රටක් කියලා මොනවට පැහැදිලි කරනවද?(හේ)
ස්වාධීන පොලිසියක් අවශ්‍යයි .(හේ)
මේ විදිහට රට ගමන් කරන්න ඉඩ දුන්නොත් ,අපි දුක් මහන්සියෙන් හදා ගත්තු නිවසත් බලහත්කාරයෙන් අල්ල ගන්න දවසක් එනවා.(හේ)
දැන් ඉතින් කට්ටිය කියාවි කොටින් ගෙන් බේරා ගත්ත රටේ ජීවත් වන අයගේ මිදුල් වල කටවුට් ගහන්න බැරි මොකද කියලා. (හේ)
ජනපතිගේ රුව සහිත කටවුට් මේ සා විසාල ප්‍රමාණයක් රට වටා ප්‍රදර්ශනය කරන්න තරම් මුදල් කන්දරාවක් කොහෙන්ද ලැබුනේ.ඒවත් අපේ මුදල්ද?(හේ)
මේ යන ක්‍රමය නම් අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුමයි.(හේ)
අනේ ඔබතුමන්ලාට සොයා ගන්න බැරිද ? කමක් නැහැ සෙසු පුරවැසියන්ම එයාව ඡන්දෙන් පස්සේ සොයා ගනීවි. . (හේ)
ජනතාවගේ හදවතට කිට්ටුවෙන් වැඩ කරලා තියෙනවනම් මොකටද මේ තරම් ජනපතිගේ රුව සහිත කටවුට් ප්‍රදර්ශනය කරන්නේ? (නදී)
දැන් අර යුද්දේ දිනලා මිනිස්සුන්ට අරන් දුන්නා කියන නිදහස කෝ හැබෑට? (ස)
මෙන්න මේ පාදඩ දේසපාලන සංස්කෘතිය නවත්තන්න ඕන. අපිත් මෛත්‍රිපාලට (නදී)
මොකෝ බන්ඩෝ ලංකාවේ ජීවත් වුණා ඇති කියලවත් හිතුනද? (නදී)
පිස්සෝ ටිකක් තානාන්තර වලට පත් කලෙත් ඒ ගම් වලම ඉන්න මිනිස්සුමයි. ඒකෙන් නරක නාමේ එන්නේ ජනාදිපතිතුමාට. වේදිකාවල කුලියට කෑ ගැහුවට අහු වෙන් නැතිව බුද්දීමත්ව ඉදිරියටවත් වැදගත් පිරිසක් පත් කර ගමු. (නදී)
සොයා ගන්න බැහැ කියන්නේ එයා සැඟවුන අමුත්තාට ඇඳලා ද ? (හේ)
ආශ්චර්ය ! ආශ්චර්ය ! (නි)
ඩබල් ඇක්ටින් දුවන කෙනෙක්.(හේ)
මේ වීඩියෝව දවස් දෙකකට විතර කලින් අන්තර්ජාලයට මුදා හැරලා තිබුනා.(හේ)
ඒක තමයි අපි කියන්නේ යුද්ධයෙන් පසුව අපි පුරවැසියන් වෙනුවට යටත් වැසියන් බවට පත් වෙලා කියලා. (හේ)
මේ වගේ අයට දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
දැන් නම් නීතිය අකුරටම ක්‍රියාත්මක කරයි ...(හේ)
මේ වගේ අය එක්ක ගහගන්න ඕනේ කතිරෙන්මයි.(නදී)
එඩිතර කොල්ලට අපේ ආචාරය. කෝ අපේ නිදහස ? (නදී)
ඔන්න චන්ද කඩන මහත්වරු. ජනාධිපති තුමාට ඉන්නේ ඔය වගේ ගෝලයෝ තමා. බල්ලෝ එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක කියනවනේ. දැන් දිවුලපිටියේ චන්ද සැහෙන ගොඩක් කඩන්න හැකි වුණා මෙතුමාට .(නදී)
කෝ රටේ නිතිය. (නදී)
චන්ඩි පාට් දාපු එක වරරදියි. (නදී)
සභාපතිතුමා හිතාගෙන ඉන්නේ මේක එයාලාට ලියලා දීපු රටක් කියලා එ්ක වෙනස් උනා නම් හරි. (නදී)
දිවුලපිටිය ප්‍රාදේශීය සභාපතිට කටවුට් ගහන්න ආපු අය තරමටවත් මොලයක් නැහැ වගෙයි. (නදී)
මිනිස්සුන්ට මුලින්ම රජය එපා කරවන්නේ මෙන්න මේ සක්කිලි ප්‍රාදේශීය සභා දේශපාලුවෝ තමා.(නදී)
දැන් එතකොට මොකද්ද මේ නිදහස කියල දෙයක් ජනතාවට තියනවා කියන්නේ. (බ)
බොරුවට කටවුට් දැම්මට වැඩක් නැහැ ජනතාව දන්නවා කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියල. පොළොන්නරුව පැත්තෙත් දාල තියනව කලගුණ සලකමු කියල, කලගුණ සැලකුව රටේ හැමෝම මහින්ද රාජපක්ෂට. ඒ උනාට එයා සැලකුවේ එයාගේ අයට විතරනේ. මහින්ද විතරද ලංකාවේ ඉන්න එකම කෙනා ජනාධිපති වෙන්න? (බ)
මේ තියෙන්නේ යුක්ති ගරුක දේශපාලනයේ ලක්ෂණ ! අනේ මෙහෙමත් රටක් ! (නදී)
එඩිතර කොල්ලෙක්, රටේ හොරුන්ට විරුද්ධව මේ වගේ 100ක් 200ක් හිටිය නම් ගොඩ. (නදී)
උෟවේ බුද්දිමත් ජනතාව වගේ ප්‍රතිචාර දැම්මා නම් ඡන්දේ දවසට වැඩේ ගොඩ (නදී)
දැන් ඉතින් මේ ගෙදර මිනිස්සු ඡන්දෙම දේවි (නදී)
මේ මනුස්සයාගේ මිදුලේ මේ කටවුට් එක ගහන්න ගොහින් තියෙන්නේ. මේ වැඩේ පසුගිය මැතිවරණ වලත් ගම් පැති වල මිනිසුන්ට සිද්ධ වුනා. (නදී)
මම නම් කිසිම දේශපාලන පක්ෂයකට මගේ පුද්ගලික දේපලක් ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මේ රටේ ඉපදිලා ඉන්නේ දේශපාලකයන්ට කඹුරන්න නෙවෙයි. (බ)
මේ පේන්නේ මේ උදවිය රැස්වීම් වල උඩ පැන පැන, තියනවා කියන සදාචාරය තමයි. (නදී)
කොටින්ගෙන් බේරා ගත්තට තවම අපිව ප්‍රාදේශීය තුමාලගෙන් බේරා ගන්න බැරි වෙලානේ. (නදී)
තමන්ගේ මිදුලේ කටවුට් ගහනවට විරුද්ද වෙන්න මේ ගෙහිමියට පුළුවන්. එ්ක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මේ වගේ රටේ නීතිය වල්වැදිලා නිසා තමා වෙනසක් ඕනේ කියන්නේ. මේ ප්‍රදේශීය සභාපති අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්න. (නදී)
මේක රටක් ද ගෝත්‍රික අඩවියක්ද ද කියලා අපි මේ කල්පනා කරන්නේ. (හේ)
සොයනවා කියන්නේ රටිනුත් පැනලාද ? හොඳට සොයන්න.(හේ)
සොයාගන්න බැරි එයා සැඟවුන අමුත්තාට ඇඳලාද ? (නදී)
වීර එඩිතර කොල්ලෙක්.අපගේ ප්‍රණාමය. (නදී)
මට පුදුම මේ වගේ විරුද්ධ වෙන්න කොන්ද පන තියෙන මිනිස්සු තවමත් ලංකාවේ ඉන්න එක. අවංකවම කියනවා නම් මම මේ වගේ දෙයක් කරන්න බය කෙනෙක්. මොකද රටේ තත්වය දන්නා නිසා. (නදී)
අපිට අපේ දරුවන් සමග ජීවත් වෙන්න සිද්ද වෙලා තිබෙන්නේ කාට අයිති රටකද කියල දැන්වත් තේරෙනවද ?(නදී)
කොහේ තිබෙන නීතියක්ද මේ රටේ දැන් ක්‍රියාත්මක වෙන්නේ. ? පුද්ගලික දේපල බලෙන් පරිහරණය කරන්න තරම් මේ පක්ෂය පහත් තත්ත්වයට වැටිලද ? (නදී)
මේ වගේ හැම ගෙදරකම ඉස්සරහ කටවුට් ගහන්න ශක්තිය දහිරිය ලැබේවා. සියලු දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා. (නදී)
කීයක් හරි දෙනවා නම් අනේ අපේ නිවාස ඉස්සරහ ඕන තරම් කටවුට් ගහනවට මම නම් විරුද්ද වෙන්නේ නැහැ. (නදී)
මැරකම මිසක් වෙන ක්‍රමයක් මේගොල්ලන්ට ඇත්තෙම නැද්ද චන්දෙ දිනන්න ? (නදී)
මෙහෙම ගියොත් අපේ බෙල්ලට තුවක්කුව තියල ඡන්දෙ ගන්න දවසත් වැඩි ඈතක නැහැ වගේ .(නදී)
කශේරුකාව ශක්තිමත් ඔබතුමන්ලට අපගේ ප්‍රණාමය. ලංකාවෙන් 10% අඩුම තරමේ මේවගේ ක්‍රියා කරනවා නම් මොනතරම් හොදද? (නදී)
එහෙනම් මේ වෙනකොට අර සඳුනි , සෙත්මි, ඇසිලින් සහ ජයසිරි මනමෙන්ද්‍රලාගේ ගෙවල් වල වහලවත් පේන්නේ නැතිව ඇති කටවුට් වලින් වැහිලා. . (නදී)
අහෝ! ඛේදයකි! බන්දුල පෙරේරා කීයක් හරි ඉල්ලන තරමටම වැටුනා එහෙනම් මේ මහත්තයටත් රටේ ආර්ථික අපහසුකම තදින්ම දැනිලා. රටේ ජනතාවට ජීවත්වීමට ඇති අමාරුව මොකක්ද කියල.(ම)
නියම සිංහයෙක්. මේකටත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා ද දන්නේ නෑ. හෙට කියාවි සැකකරු අතුරුදහන් කියලා. (ම)
මෙහෙමද මේ පක්ෂයෙන් අපේ ඡන්දේ ඉල්ලන්නේ ? (හේ)
මෙතන මෙහෙම වුනාට අනිත් මිනිස්සු බයට කට වහගෙන කටවුට් එකෙන් වහගෙන ඇති දැන්. (ම)