(උපාලි ආනන්ද)

අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය  සභාවේ ටිපර් රථයකින් රාත්‍රි කාලයේ ඉතා සූක්ෂම ආකාරයෙන් ඩීසල් සොරා ගත් බවට චෝදනා ලැබ සිටින එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වාහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුවට මාරු කළ බව උතුරු මැද පළාත් පාලන කොමසාරිස් සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් රෝයි නිශාන්ත මහතා පවසයි.

ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයේ වැඩ බැලීමට එම ප්‍රාදේශීය සභාවේ සිටින ආසන්නතම ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කළ බවද හෙතෙම පවසයි

චෝදනා එල්ල වී සිටින‍ෙ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට දැනටමත් උතුරු මැද සහකාර පළාත් පාලන කොමසාරිස්වරිය පත් කර ඇති බවද රෝයි නිශාන්ත මහතා කියා සිටියේය

එකී විමර්ශනයේ වාර්තාවට අනුව චෝදනා ලබා සිටින අදාල ලේකම්වරයා සමිබන්ධයනේ ආයතන මට්ටමින් දැඩි විනය පියවර ගන්නා බවටද කීවේය.

ප්‍රාදේශීය සභාවේ ටිපර් රථයේ ඉන්ධන ටැංකියට තමා පුරවන ඩීසල් අඩු වන බවට එම ටිපර් රථයේ රියදුරු ප්‍රාදේශීය සභාවේ සභාපති එස් ඩී කුමාරදාස මහතාට සහ තාක්ෂණ නිලධාරිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව සභාපතිවරයා මේ බව උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරයාට දැනුම් දීමෙන් අනතුරුව මෙම ඩීසල් සොරකම පිළිබදව තොරතුරු අනාවණ වී තිබේ.