දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරියට ඉකුත් 26 වෙනි දින නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉතා පහත් අන්දමින් දුරකථනයෙන් බැණ වැදුණේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) දහවල් ජනාධිපති වරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව එකගතාවයකට පත්ව ඇත.
මේ අනුව අද සිට සුපුරුදු පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ පරිපාලන සේවා කටයුතු පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා තමුන්ගේ බල ප්‍රදේශය තුළ වෙන අකටයුතුකම් ගැන මේ නිලධාරීන් ඇස් කන් වසාගෙන හිටපු බව. මේකද යහපාලනය? කෝ නීතිය? මහින්ද මහත්තයා හිටියා නම් මේ නිලධාරීන් පහුවදා ගෙදර යවලා. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වැඩක් කරගන්න එක ගලෙන් පට්ටයක් ගන්නවා වගේ. (නි)
මට නම් හිතෙන විදිහට රන්ජන් මහත්මයා ප්‍රාදේශීය ලේකම්වරියට කතාකළ විදිය හොඳ වැඩියි සහ එම ප්‍රාදේශීය ලේකම්වරියට දඬුවම් කළයුතුයි. (නි)
රන්ජන්ගේ මේ වැඩ නිසා යහපාලන රජයත් අපහසුතාවයට පත්වෙනවා (නි)
මේක හොඳ ආදර්ශයක්. සුදු වෑන් යවන්නෙ නැතුව, ගස් බඳින්නෙ නැතුව, රතුපස්වල වගේ මිනීමරන්නේ නැතුව ප්රශ්නය විසඳීමක්. (නි)
අපිට හිතාගන්න පුළුවන් වෙච්ච දේ. (නි)
සමීරගේ කතාව මමත් අනුමත කරමි , රන්ජන් රටට ජනතවට හිතැති නායකයෙක් , රන්ජන්ට මිනිස්සු පෝලිමේ ගොස් ලක්ෂ ගණන් මනාප ගහන්නේ හේතුවක් ඇතුව (ම)
අපේ දේශපාලකයන්ට සමාව ගැනීම උගන්වන්නත් එක්ක සමාව ගන්න කියලා බල කළයුතුයි. එතකොට මෙයාලා කට අරින්න කලින් කියන්න තියෙන දේ ගැන හිතලා බලන්නවත් පුරුදු වේවි. (නි)
මේ සමහර අයගේ අදහස් දැක්කම ලංකාව සංවර්දනයවූ රටක් කරන්න ගොඩක් අමාරුවෙයි (ම)
බොරුවට සද්දේ දාන්නේ නැතුව හිටියා නම් සංගමේ නම්බුව බේරාගන්න තිබුනනේ (නි)
මීටවඩා දේවල් හැමදාම වුණා. මේ වෙන්නේ යහපාලනය භාවිතාකර යහපාලනය විනාශකිරීමයි (නි)
තමුන්ගේ රාජකාරි බල ප්‍රදේශයේ පස් ටික කපාගෙන යනතුරු නිදාගෙන හිටි මේ නිලධාරීන්ට මේ යමපාලකයින්ගෙන් දඬුවම් ලැබෙයි කියලා හිතන්න බැහැ. මහින්ද මහත්තයා හිටියා නම් මේ කාර්යාලයේ සේරම ගෙදර. (නි)
ගරු ජනාධිපතිතුමනි, රට පුරා අද විශාල රැල්ලක් ගොඩනැෙඟෙමින් තියෙනවා, මේ රාජ්‍ය නිලධාරිනියට ඉල්ලා අස්වෙන ලෙසට. ඔබතුමා මැදිහත්වෙලා මේ ප්රශ්නය විසඳන්න (නි)
රට අවුල් නොකර මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු වැරදි කළ සේවකයින් සේවයෙන් පහකරන්න. (නි)
තම රාජකාරි බල ප්‍රදේශය තුළ පස් හොරුන්ට නිදහසේ පස් හොරකම කරගෙන් යන්න ඉඩදුන් මෙම නිලධාරීන් සේවයෙන් පහනොකළත් මහජනතාව බහීවි පාරට. (නි)
අද කාලේ මන්ත්‍රීලා පර්මිට් හරහා නීත්‍යානුකූලව හොරාකනවා. ඒ හින්දා මේ පොඩ්ඩන්ට රන්ජන් මහත්තයාගෙන් පුහුණුවක් ලබාදෙන්න. පර්මිට් එකක් කෝටි 4 යි. 225 කට දෙන්න ගියාම කෝටි 900 යි. මේ ඇරෙන්න මන්ත්‍රී ලේකම්ලාගේ පර්මිට්. බුදු අම්මේ! රන්ජන් විතරයි මිනිස්සු ගැන හිතන්නේ (නි)
කොහොමද දන්නෙ නැහැ අන්තිමට මේක විසඳුනේ? (නි)
රන්ජන්, මේ පස් හොරුන් හින්දා අපේ පැත්තේ ගෙවල් ගණනාවක් නායයාමේ තර්ජනයට ලක්වෙලා. පස් මුදලාලිලා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ සාක්කු පුරවනවා. රන්ජන්, ගම්පහ විතරක් නෙමෙයි අනිත් පැති ගැනත් සොයන්න. (නි)
ජරාව කන අයට නම් මොන වචනෙන් බැන්නත් දුක නැහැ (නි)
භානුක, සුදුස්සෝ යටකර නුසුදුස්සෝ වැඩේ දෙයි යමරෙට. කරුණාකර මේ ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සේවයෙන් පහකර, වගකීමකින් තමුන්ගේ රාජකාරි ප්‍රදේශය ආරක්ෂා කරගන්න පුළුවන් අයට, වැඩ කරන්න පුළුවන් අයට මේ තනතුරු ලබාදෙන්න. (නි)
පසුගිය අාණ්ඩු කාලේ ගස් බඳිනකොට නිදාගෙන හිටි අයම නේද ඔය නැගිටලා විරෝධය දක්වන්නේ (නි)
මෙතන තිබෙන අදහස් සියල්ල කියෙවූවෙමි. මට කියන්නට දෙයක් ඉතිරිව නැත (නි)
ප්‍රසිද්ධියේ බැණවැදීම වැරදි වෙන්න පුළුවන්. එහෙත් එසේ වූයේ නිලධාරිනියගේ ක්‍රියාකලාපය නිසාද කියන්න බැහැ. මෙවැනිම සිද්ධියක් නිසා මේ පළාතේ පාරක වැසි අවස්ථා වලදී යාමට නොහැකිව තියෙනවා. ඉතින් මෙවැනි අයට ඇනිමෙන් පමණක් වැඩක් නැහැ. හරිනම් ජනතාව පාරට බැසිය යුතුය. සමහරවිට මා කියන දෙය ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇත. (නි)
රන්ජන් වගේ කෙළින් කතාකරන අය තව 10ක් හිටියා නම් හොඳටම ඇති (නි)
භානුක, මේ පස් කැපිල්ල දැනට අවුරුදු 4 කට පෙර සිට කරන එකක්ලුනේ. මේකේ පස් කටුනායක අධිවේගෙටත් ගියා කියනවා. දැන් තමයි කට්ටිය නින්දෙන් නැගිටලා ඉන්නේ. (නි)
පාලිත, ප්රශ්නය තියෙන්නේ පොඩි පස් ප්‍රමාණයක් ඉවත් කරන්න පර්මිට් එක අරගෙන එතන මරියානා ආගාධයක් කරන එක. ලී හොරු කරන්නෙත් මේ වැඩේ. මුලින් ගස් දෙක තුනක් කපන්න පර්මිට් අරගෙන කැළෑවම කපලා දානවා. නිලධාරීන්ට කොමිස් දීලා ඒගොල්ලන්ගේ කටවල් වහනවා. (නි)
මෙතන වැරදි කළ රාජ්‍ය නිලධාරීන් ඇත්නම් ඔවුන්ට නීතියෙන් දඬුවම් කිරීමට කිසිවෙක් විරුද්ධ නැත. ගැටලුව ඇමතිවරයා චණ්ඩියෙක් සේ හැසිරීමයි. ශිෂ්ඨ සමාජයක් මෙවැනි දේවල් අනුමත නොකරයි (නි)
පරිපාලන සේවාව කියන්නේ යටත් විජිතවාදී ආකල්ප වලින් සුද්දාට යටවුණ, දේශපාලකයින්ට යටවුණ, පිට කොන්ද බිදුණු කණ්ඩායමක්. (නි)
රන්ජන් වගේ කතාකරන අය නිසා තමා මේ ආණ්ඩුව වැටෙන්නේ. එ්ක හොඳට මතක තියාගන්න (නි)
නිමල් ලලිත, නිලධාරිනියගේ ක්‍රියාකලාපය වැරදි නම් ඉහළට වාර්තා කරනවා විනා මිනිසුන්ට බැණීමට කාටවත් බලයක් නොමැත. අධිකරණ සම්බන්ධව වුණා නම් ඔහොම බනින්න පුලුවන්ද? බැන්නොත් මොකද වෙන්නේ. අපේ මිනිසුන්ගේ මෝඩකම නිසා නළුවෝ දේශපාලනයට අවා මිසක් මේගොල්ලෝ ඊට සුදුසු අය නොවෙයි (නි)
අපිට ජනතාවට පෙනෙන්න බොරු රගපෑම් කරන දේශපාලුවෝ අවශ්‍ය නැහැ. ජනපති, අගමැති ඉදලම කරන්නේ මින්ස්සු රැවටීම පමණි. අපිට අවශ්‍ය වෙන්නේ රට ගැන හිතල හරි තීන්දු අරගෙන රටට වැඩකරන සහ රජයේ සේවකයන්ගෙන් හරියාකාරව වැඩකරව ගැනීමට හැකි දේශපාලකයන්. ඔවුන්ට ඒ සදහා බුද්ධිය, දැනුම සහ පළපුරුද්ද අවැසි , බොරුවට මාධ්‍යයට පෙන්න කැ ගහල නැති ප්‍රශ්න හැදුවට රටට වැඩක් වෙන්නේ නැහැ. (ම)
අනේ ලේකම් නෝනා ගණන් ගන්න එපා, යහපාලනේ නේ (බ)
මේ නිලධාරිනිය වැරැද්දක් කළා නම්, එයට අනිවාර්යයෙන්ම නීතියෙන් ක්‍රියා කළයුතුයි. වෘත්තීය සමිතීන් බලා ඉන්නෙ ඔය වගේ සිදුවීමක් වෙනකන්, වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න. තමන්ගේ නිලධාරීන්ගේ හරි වැරැද්ද ඔවුන්ට අදාළ නැහැ. ඔන්න අපේ රටේ දියුණුවට උරදෙන උදවියගේ ක්‍රියාකාරකම්. (නි)
මම දකින ලෙසින් රන්ජන් හරි රන්ජන්ට කඩේ යනවා නෙමෙයි රට ජාතිය වෙනුවෙන් කතා කරන නායකයෝ නැති තරම් වැඩ කරන මිනිහට කැපිලි එනවා එය වළක්වන්නට බැහැ (බ)
බැනපු එක ගැන කතාකරන කවුරුත් පස්කපපු එක ගැන කතාකරන්නෙ නැහැ? (නි)
රජයේ පරිපාලන සේවය ගැන දන්නේ ඇතුලේ සේවය කළ කෙනෙක් පමණි.මම එක අධිකාරියක පුහුණුවක් ලැබුවා. එලියට එනකොට මම ඉගෙන ගත්ත වෙලාවට කනහැටි වෙලාවට තේ බොන හැටි.කෑම පැයේ එලියට ගිහින් ෂොපින් කරන්න ඕපාදුප අහන්න කතා කරන්න .තව මොනවද? (බ)
පහුගිය ආණ්ඩුව කරපු උදවිය පවා, මේ සම්බන්ධව අඩි හප්පමින් කෑමොර දෙනවා. සමෘද්ධි නිලධාරියාව ගස් බැන්දේ, යහපාලනයෙන් වෙන්නැති...? ඒ කාලේ පුස්පැටවූ වගේ කීකරුව හිටි ගොඩක් අය, දැන් දැන් බලුසිංහ ලීලාවෙන් සද්දේ දානවා. ඔය වගේ හරි ඔවුන්ට හිතේ හැටියට කටක් අරින්න පවා නිදහස ලැබුනේ, යහපාලනයේ වල්බුරු නිදහස නිසයි. (බ)
දැන් කාටත් සැපයි. වැරදි කරන කෙනා හොඳයි. ඒකට විරුද්ධව කථා කරපු කෙනා තමයි වැරදි. මේකයි අපේ වගේ රටවල් හැමදාම මේ විදියටම ඉන්නේ. (ර)
මේ වගේ විහිලු චරිත යහපාලන ආණ්ඩුවේ ඇමති. (බ)
ඔබනම් අති විශිෂ්ටතම චරිතයක් ජනතව වෙනුවෙන් හඩ නගල දූෂිත රාජ්‍ය නිලධාරින්ට කෙලින්ම කතාකරලා වැරදි දේට වැරදියි කියන්න කොන්දක් තිබුන ඔබවැනි ඇමතිවරු තමයි රටට ඔන නමුත් කාලකණ්ණි දූෂිත රාජ්‍ය නිලධාරි සිටින අප රටේ ඔබ වැනි චරිත රුස්සන්නෙ නැත ගන්න එපා (බ)
මම පශ්චාත් උපාධියක් හදාරපු රාජ්‍ය පරිපාලන විභාගය ඉහලින් සමත් කෙනෙක්. මෙම ප්‍රාදේශීය ලේකම්වරිය අස් කරන්නේ නම් මම සුදානම් මේ තනතුර බාරගන්න. ඒ වගේම අනික් නිලධාරීනුත් ඉල්ලා අස් වෙනවනම් මේ තනතුරු බාරගන්න සුදුස්සන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපි පොරොන්දුවක් වෙනවා අපිට මේ තනතුරු ලබා දෙන්නේ නම්, ප්‍රදේශයේ සිදුවන අකටයුතුකම් ගෙන දැඩි අවදානයෙන් සිටින බවටත් , ප්‍රදේශයේ සිදුවන මෙවැනි ක්‍රියා නතර කිරීමට යුහුසුළුව ක්‍රියාත්මක වන බවටත් (බ)
මේ විදියට බස් ඩ්‍රයිවර්ලගේ දඩ ප්‍රශ්න වලටයි, ලොතරැයිකාරයින්ගේ ප්‍රශ්න වලටයි, ප්‍රාදේශීය ලේකම්ලගේ ප්‍රශ්න වලටයි, විශ්ව විද්‍යාල ප්‍රශ්න වලටයි, හැමදේම රටේ ජනාධිපති අතදාලා විසඳනවා නම් ඔය අැමතිලාගෙන් වැඩක් නැහැ නේද? (නි)
රන්ජන් සමාව ගත්තද? (නි)
අපි ඔහොම බැන්නා නම් මෙලහකට දඬුකඳේ ගහලා (නි)
රන්ජන් වගේ 10 ක් පාර්ලිමේන්තුවේ හිටියනම් මන්ත්‍රී පර්මිට් නවත්තගන්න , පස් හොරු , ගස් හොරු එලවන්න වැඩි කල් යන්නේ නැහැ. (බ)
මේ විදිහට බැලුවහම, හැම ප්‍රශ්නයකටම ජනපති සම්බන්ධ නොවුණහොත් විසඳුමක් නැහැ. මෙය කණගාටුදායක තත්වයක්. (නි)
ඒ විතරක් නොවෙයි මේ උපඇමති, වජිර අබේවර්ධන ඇමතිතුමාගේ පන්තියටත් නොවරදවාම සහභාගි කරවන්න. (නි)
ඇත්තටම කිව්වත් වගේ පස් හොරුන්ගෙන් කමිෂන් එක ගන්න වෙලාවේම ගිහිල්ල හොබ්බ තැලුවනම් ආයේ කිසිම එකෙක් පගාව ගන්නේ නැහැ. (බ)
බැණවැදීම වරදක් නම් අවුරුදු කිහිපයක් තිස්සේ නීතිවිරෝධිව කරගෙන ගිය පරිසර හානිය නොදැක්කා වගේ කරගෙන යාමට ඉඩදුන් අදාළ නිලධාරීන් කළේ වරදක් නොවේද? වඩා බරපතල වරද යටපත් කිරීමට සුළු බැණවැදීමක් ඉස්මතු කරගැනීමට ගන්නා උත්සාහයක් අපට පෙනෙන්නට ඇත. ඒ සම්බන්ධවද යම් ක්‍රියාමාර්ගයක් ගැනීම ජනාධිපතිතුමාගේ වගකීමක් බව ජනතාවගේ පැත්තෙන් කිවයුත්තකි. (නි)
මම ඉන්නේ ඉතාලියේ. මෙහෙ කාණුවක් වැරදියට කැපුවත් කවුන්සිල් එකෙන් එනවා. මෙච්චර විශාල ජාවාරමක් වෙනතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙනා නිදි. බෝලය පාස්නොකර වැරැද්ද බාරගෙන මෙම නිලධාරීන් ඉල්ලා අස්වෙන්න. අනිත් රජයේ සේවකයන්ටත් ආදර්ශයක් දෙන්න. (නි)
එතකොට මේ නිලධාරීන් අස්කරන්නේ නැද්ද? මේකද යහපාලනය? දුෂිත නිලධාරීන් නිදැල්ලේද? (නි)
අපි පොරොන්දුවක් වෙනවා අපිට මේ වගේ තනතුරු ලබාදෙන්නේ නම්, ප්‍රදේශයේ සිදුවන අකටයුතුකම් ගෙන දැඩි අවදානයෙන් සිටින බවටත්, ප්‍රදේශයේ සිදුවන මෙවැනි ක්‍රියා නතරකිරීමට යුහුසුළුව ක්‍රියාත්මක වන බවටත්, ඒ පිළිබඳව සොයාබලා අදාළ ආයතන හරහා නීතිය ක්‍රියාත්මක කරන බවටත්. (නි)