පුත්තලමේදී පෙර දින වල් අලියකුගේ ප්‍රහාරයෙන් ගැමියෙකු මිය යාමේ සිද්ධියෙන් පසුව පුත්තලමේ ප්‍රාදේශිය ලේකම් එම්. එල්. ඒ මලීක් මහතාට පහර දුන්නාට විරෝධය දක්වමින් පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල අටක දෙදහසකට වැඩි සේවකයෝ කලු පටි බැදගෙන පුත්තලම් නගරයේ පැයක විරෝධතාවක් ඇරැඹුහ.
රජයේ සේවකයිනට හේතුවක් නැතිව හිරිහැර කිරීම ගැන ජනතාව දැනුම්වත් කිරීම සදහා මේ පා ගමන යොදා ගන්නා බව පුත්තලම අතිරේක දිසාපති ජේ. එල් .එම් .සී බණ්ඩාර මහතා පැවසීය.
(වීඩියෝ එච් චන්දන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසන්, 83 මේ ගෙවල් කඩ ගිනි තිබ්බේ නිලදාරිද ඔයාලද? කොහෙද උන්නේ.(නදී)
කට්ටියම එකතුවෙලා අලියට ඔය විදියට ගැහුවා නම් හරිනේ. (නි)
මේ රටේ නිකම් කාලය නාස්ති කරන මිනිස්සු කොතරම් ඉන්නවද පෙනෙන්නේ නිවුස් එක දාපු තප්පරයට මේවාට ලැබෙන අදහස් දැක්කම මයි ඇත්තටම.(නදී)
මේ සිද්දිය ගැන මම දන්නවා. මම මෙහෙ තමා. ප්‍රාලේ තමන්ගේ රාජකාරිය හරියට කරලා තියනවා. කෝටි 1.29 ක ව්‍යාපෘතියක් ලක්ෂ 20 කින් කරන්න බැහැ කියලා ප්‍රාලේ කියද්දී ගමේ අය තමයි අපි කරන්නම් කියලා වැඩේට බැස්සේ. ගමේ සමිතියේ ප්‍රියන්ති මේ ගැන දන්නවා. වැලි ජයන්ත තමා ප්‍රලේට ගැහුවේ. මොකද එයාට අලිවැට ප්‍රශ්නයක් නිසා. මිනිහා දෙපාරක් අලිවැට කැපුවා.(නදී)
ඔහොම නෙමෙයි දෙන්න තිබුනේ... යන්න ඕනෑ උජාරුව බලන්න කන්තෝරුවකට.සිංහයෝ වගේ කතා කරන්නේ. හැබැයි දෙක පාස් නැති දේශපාලකයෙක්ට නම් දුරකතනෙනුත් ඔලුව නමලා කතා කරන්නේ.අපි දැකල නැතැයි වෙන රටවල ලොක්කන්ගේ නිහතමානිකම. (නි)
නිලධාරීන් වැරද්දක් කර ඇත්නම් ඒ පිළිබඳව කටයුතු කළ යුත්තේ නීතිමය රාමුව ඇතුලත තුල සිටිමින් මිස හොරෙන් වැලි අදින අයගේ මුග්ධ ප්‍රහාරයන් මතින් නොවන බව මේ පිළිබඳව කවුරුත් පිළිගන්න දෙයක්. මේකට උඩ ගෙඩි දෙන අයටත් යම් දවසක මේ ප්‍රචණ්ඩත්වයටම මුහුණ දෙන්න වෙවි. එදාට ඔය කට්ටිය මොකද කියන්නෙ.(නදී)
කල්ලඩියේ මේ මිනිස්සු අන්ත අසරණයි. මේ වගේ වෙලාවක නිලධාරීන් බුද්ධිමත්ව වැඩ කරන්න ඕනෑ (නි)
අදහස් දාපු අය කොච්චාර හොදද? මේ විදිහටම හිතන්න පටන් ගන්න. එතකොට ටික ටික නිවැරදි තීරණය ජනතාවත් ගනී (නි)
මහජනතාව නීතිය අතට ගත්තම රටම අරාජික වෙනවා. (නි)
පාන්දර 3.30 ට කැලේට ගිහින් අලියා ගැහුවට ප්‍රාදේශීය ලේකම් පලිද? මැරුණු අයට අගෞරව කරන්න හොඳ නැහැ තමයි. ඒත් මේ මැරිලා තියෙන්නේ රජයේ කැළෑව කපන්න ගිය අයෙක් බව අමතක නොකරන්න. මේ ගොල්ලෝ ගස් කපනවා, හොරෙන් මී ඔයේ වැලි ගොඩ දානවා. ඉතින් අලි ගහන එක අහන්න දෙයක්ද? (නදී)
අනේ නන්දන නොදිටි මොක්පුර
සිද්දිය සමාදාන කරන්න කියල පළාත් සබා ඇමති කෙනෙක් ප්‍රාදේශීය සබා උප සභාපතිත් එක්ක එකතුවෙලා ප්‍රා .ලේ. ගාව වැඳ වැටෙනවා. නිලධාරින්ට ගහපු එකහොඳයි කියනඅය දැන් මොකද කියන්නේ?(අ)
ගැහුවා නෙමෙයි හම ගැහැව්වත් සමහර රජයේ උද්ච්ච සේවකයින් හදන්න බැහැ කවදාවත්.(නදී)
නීතිය අතට ගත් මැරයින්ට උඩගෙඩි දීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුය.(නදී)
සමින්ද, ඔබ විතරයි සත්‍යය දැකල තියෙන්නේ. වාහනයක් හැප්පුනාම කිසිම හෙවිල්ලක් නැතුව මිනිස්සු රියදුරුට ගහලා වාහනේ ගිනි තියනවා. අපි රජයට බනිනවා නීතිය වල්වැදිලා කියලා. කවුද ඒක කරන්නේ? මිනිස්සු නීතිය අතට ගැනීමෙන් රටකට සිදුවන හානිය ගැන කවුරුත් හිතන්නේ නැහැ. මෙතන අදහස් දාන පිරිසගෙන් දරුවන් ඉන්න අයට කියන්න පුලුවන්ද හිතට එකඟව තමන්ගේ දරුවන් ලොකුවුනාම කවුරු වෙනවා දකින්නද බලාපොරොත්තු වෙන්නේ කියලා. පවුකාරයාට ගල් ගහන්න එකතුවෙලා ඉන්න කට්ටියෙන් සුපිරිසිදු එක්කෙනා පළමු ගල ගහන්න.(නදී)
උතුරේ ජනතාව දකුණට එරෙහිව යුද ප්‍රකාශ කරන්න එක හේතුවක් උනේ ඔය නිලධාරි වාදේ. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. පරිපාලන ගැටළු කියලා හැම සාම සාකච්ඡාවකදිම එලියට ආවේ දකුණේ සිංහල නිලධාරීන්ගේ නිලධාරිවාදේ නිසා උතුරේ වැඩ වෙන්නේ නැහැ කියන කතාව හරි. ඒක උතුරට පමණක් නොවේ දකුණටත් එහෙම තමා. දෙමල අයගේ කොන්ද පන තියන නිසා මේවා කතාකරනවා.(නදී) .
බාල තෙල් නැවක් ආවලු. හෙජින් ගනුදෙනුවක් අත්සන් කලාලු. කාලගුනේ ධීවරයන්ට දැනුම් දෙන්ට බැරි උනාලු. අලි වැටවල් අමතක උනාලු. ඩෙංගු මතක් වෙන්නේ වහින කොටලු. බෙහෙත් නැහැ කියලා මතක් වෙන්නේ ලෙඩ්ඩු මැරෙන කොටලු. මේ රට කන්නේ දේශපාලකයෝ වගේම නිලදාරියෝ.(නදී)
රජයේ නිලධාරියකුට පහරදීම අනුමත කරන්න බැහැ, නමුත් රජයේ කාර්යාලයකට වැඩක් කරගන්න ගියහම ජනතාවට සලකන ආකාරය සහ රජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් කරන අක්‍රමිකතා නිසා කෝටි ගණන් ජනතා මුදල් නාස්ති වෙන ආකාරය දැකලා ජනතාව ඉන්නේ කෝපයෙන්. රට දැන් ටික ටික අරාජිකත්වයක් කරා ඇදෙන බැව් මට නම් පෙනෙන්නේ (නි)
මේ රටේ අර්තිකෙට මෙතරන් හෙනගැහිලා තියෙන්නේ කාගේ වරදින්ද. 1 දේශපාලකයන්ගේ හොරකන් 2 දේශපාලකයන්ගේ අමන තීන්දු. 3 රටේ ප්‍රගමනය තකා නොව දේශපාලකයන්ගේ ප්‍රගමනය තකා ප්‍රතිපත්ති හදන නිලදාරීන් අතලොස්සකගේ වැඩ නිසා... තව යනවා පෙළපාලි. (අ)
පෙලපාලියටත් ගහන්න දුවන කන්.... අර වල අලියා ගැහුවේ ලංකාවේ පලවෙනි මිනිහටද.මොකෝ අදද දන්නේ අලි ගහනවා කියල. රස්සාව හරියට කරන්න මහත්තයෝ බැරිනම් අඩුම ගන්නේ නම්බු පිට ඉල්ලා ඇස වෙන්න වෙනරටවල වගේ....(අ)
දැන් කාගේත් මෝඩ අදහස් දැක්වීම් වලට පිළිතුරු ලැබීලා නේද ? මේ වගේ රටක උංට අලි ගහල මදි .(අ)
මේ විදිහට ගියාම නයෙක් කාලා මිනිහෙක් මළත් ඊළග දවසේ ප්‍රා.ලේ.ට ගහයි නේද? (නි)
උපාලි මහතා ඕකට උත්තරේ දීර්ඝ එකක්. මොකෝ මිනිස්සු නිතිය අතට ගන්නේ වැරදිකරු ජරාව දීලා හෝ දේශපාලකයන්ට ඇමතුම් දීල ගැලවෙන වග අත්දැකීමෙන් දන්නා නිසා. මේ අත්දැකීම් ලබල ලබලා දැන් ඉච්ඡා බංගත්වෙන් ඉන්නේ. ඉතින් නිතිය අතට ගන්නවා. ඒක වැරදි වැඩක් උනත් වග කියන්න ඕනා දේශපාලකයෝම තමා.(නදී)
ඒ උනාට ඒ කට්ටියගෙන් වෙන දේවල් වලට අපි උද්ඝෝෂණය කළා නම් කොහොමට තියෙයිද (දී)
පද්මා හරි. (නි)
සමන් අලියා ගැමියාට ගැහුවා කියලා ඇයි ඉතින් ජයන්ත ප්‍රා.ලේ. ට වැලි ගැහුවේ. දැන් මේ අලි ප්‍රශ්නය වැලි ප්‍රශ්නයෙන් යට යයි වගෙයි මට නම් පෙන්නේ.(නදී)
ගස් කපන්න ගිය එකාට අලි ගහන්න ඕනා (අ)
සියලු දෙනාම ලොකු ලොකු කතා කියනවා කාරණා නොදැන. දැන් දේශපාලකයො ගුටි කාපු අයට තර්ජනය කරනවලු වැඩේ ගොඩින් බේරාගමු කියලා. මෙහෙමත් රටක්.(නදී)
සියලු දෙනාම ලොකු ලොකු කතා කියනවා කාරණා නොදැන. දැන් දේශපාලකයො වැඩේ ගොඩින් බේරාගමු කියලා කියනවද දන්නෙ නැහැ. මෙහෙමත් රටක්. (නි)
ආ සමින්ද, දැන් එතකොට රට අරාජික වෙලා නෙමෙයිද තියෙන්නේ? මහජනතාවට බලය ලැබීම තමයි එතකොට දැන් වැරදි (නි)
මේ කාර්යාලවල වැඩ කරන්නේ කවුද දැන්? 2000 ක්ම මහා පාරේ නීතිය කරන්නේ මෙයාලද? දැන් මේ කාර්යාල අටෙන් සේවාව ලබාගන්න එන අය පාරට බැස්සොත් මොකෝ වෙන්නේ ? මෙහෙම අයට තමා කාලේ කන්නෝ කියන්නේ. (නි)
නිලදාරීන් හොදට දන්නවා අලි වැටවල් දුම්රිය ගේට්ටු ඕනෑ කියලා.ඩෙංගු මදුරුවෝ මරධනය කරන්න ඕනෑ කියලා. (නි)
දේශපාලකයොයි ඔවුන්ගේ නිලදාරියෝයි ගහට පොත්ත වගේ. ඇමති ජරාව කන්නේ නැහැ හැබැයි ලේකම් කනවා. එයින් තුන් කාලක් ඇමතිට දී ඉතිරිය ලේකම් ගන්නවා. (නදී)
මෙම අලියා පහර දි තිබෙන්නේ ගමකදී-නගරයකදි හෝ නොව රජයේ රක්ෂිත කැලැවකදීය.ප්‍රාදේශීය ලේකම් අදාල ස්ථානයට ඵන්නේ මෙම වල් අලියා පලවා දැමීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වනජිවි නිලධාරින් කැදවා ගැනිමටයි.අලින් ගම්වැදීම ප්‍රාදේශීය ලේකම් ගේ වරදින් සිදුවන්නක් නොවේ.ප්‍රාදේශීය ලේකම් සහ රියදුරු පහර කැමට ලක්වන්නේ මෙම ගැටළුවට විසදුම් දිම සඳහා ගිය හෙයිනි. ඵසේ යන නිලධාරින්ට පහර දුන්විට ප්‍රශ්න විසදිම පහසුද?අපහසුද? (නි)
මේ වගේ මෝඩ සමාජයකට අලි ගහලා මදි (නි)
මෙහිදී මිය ගොස් සිටින පුද්ගලයා අදාල ප්‍රදේශයේ පදිංචි කාරයෙකු නොවන අතර හොරෙන් දර කැපීම සදහා රක්ෂිතයකට ඇතුළු වූ අයෙකි. නමුත් කාරණය වන්නේ මෙම පහරදීම සංවිධානය කල පුද්ගලයා ප්‍රදේශයේ හොරෙන් වැලි ගොඩ දැමීම [වැලි ජයන්ත ]කරගෙන යන පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම් වරයාගේ දඩුවමට ලක්වූ පුද්ගලයෙකු වීමයි. තත්වය මෙසේ වුවත් පොලිසිය තවමත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත්තේ ඔවුන් ඇමැතිවරයා ගේ හෙන්චයියන් වීම නිසාද ?(නදී)
හේතුවක් නැත්තේ මොකද මෙයා එයාගේ වගකීම් පැහැර හැරලානේ. ජනතාව ආරක්ෂා කරන්න තීරණ සහ ක්‍රියා මාර්ග ගන්න එකනේ මෙයාලගේ රාජකාරිය. ගහලා මදි මෙයාලට රස්සාවෙන් දොට්ට දාන්නයි ඕනා. මෙයාගේ පඩිය ගෙවන්නේ මහා ජනතාවගේ බදු මුදල් වලින් කියලා එයාට අමතක වෙලා මයේ හිතේ.(නදී)
දිසාපතිලා, අතිරේක දිසාපතිලා නෑ දැන්. .ඉන්නේ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම් වරු.(නදී)
දැන් කාලේ වන සතුන් මිනිසුන්ට වඩා හොඳ බවකුයි පෙනෙන්නේ. (නදී)
රන්ජනී ලන්ඩන් දිව්‍ය ලෝකෙන් මේ ලෝකෙට අද ගොඩ බැහැලා වගේ... ඔහොම තමයි අර ගමේ ගොඩේ ගෑනු උදවිය මැදපෙරදිග රස්සා වලට ගිහින් ආවමත් කතා කරන්නේ. ඒ මිනිස්සු කෑ ගහන්නේ තමන්ට වුණු අසාධාරණේට.. අනික ඔය මිනිස්සු වුනත් රස්සාවක් කරන්නේ. අපි පෞද්ගලික අංශයේ රැකියා කර කර රජය රැකියා කරන මිනිස්සුන්ට බැන්නට, අපි කවුද බනිනවා මිසක් වෙන දෙයක් කරන්නේ. හැම දේම අංග සම්පූර්ණව ඕනෑ නම් ඒ දේවල් ඉන්න මිනිස්සු කරන්නේ නැත්නම් කෑගහන උදවිය කරන්න ඕනෑනේ.මම නම් විරුද්ධයි ඇති දේ ඇති සැටියෙන් දකින්න බැරි මිනිස්සු මේකේ අදහස් දක්වනවට.... (නි)
පුළුල් වැඩසටහනක් අනුව විසඳිය යුතු ගැටළුවකි. ප්‍රාදේශීය ලේකම්වරයෙකුට වල් අලියෙකුගේ පහර දීමක් වැළැක්වීමට හැකියාවක් නොමැත. එහි වගකීම ඇත්තේ වනජීවී සංරංක්‍ෂණ දෙපාර්තමේන්තුවටයි. ඔවුන්ටත් තනිවම මෙය විසඳිය නොහැක. අලි ප්‍රහාරයකින් පීඩිත පුද්ගලයන්ට සහන සැලැසීමට එම ස්ථානයටම ගිය ප්‍රාදේශීය ලේකම්වරයා අගය කල යුතුය. මෙහි ප්‍රතිචාර කර ඇති බොහෝ දෙනා කුමක් හෝ හේතුවක් මත රජයේ සේවය කෙරෙහි ද්වේෂයෙන් පසුවන බව පෙනේ. (ඔවුන්ට රාජ්‍ය සේවයට එක් වීමට ඇති නොහැකියාව ද හේතුවක් විය හැක).(නදී)
පද්මා අක්කේ, බොරුවට කියවන්නේ නැතුව ඔය කියන හැමදේටම හේතුවෙනවා කියලා ඔයාම කියන හොර දේශපාලකයෝ ටික එලවන්නකෝ. මේ රටේ මුළු මහජනතාවට බැරි වුනු හොර දේශපාලකයෝ පන්නන එක අපි වගේ අහිංසක රජයේ සේවකයෝන්ට කරන්න පුළුවන් කියලද ඔයා හිතන්නේ. සන්තෝසයි.(නදී)
සමන්, ඔබ සත්‍ය කරුණු හෙලිකරපු එක ඉතාම වටිනවා. හරියට රාජකාරිය කරන්න ගිය ප්‍රාදේශීය ලේකම්ට ගහපු එකමයි හොඳ කියල අදහස් දාපු මහා සුචරිතවාදීන් දැන් දන්නවද වැඩේට අත්අඩංගුවට අරන් ඉන්නේ කවුද කියලා. (නි)
මම නම් කියන්නේ ගැහුවා මදි.මොකෝ නිලදාරීන් හොදට දන්නවා අලි වැටවල් දුම්රිය ගේට්ටු ඕනෑ කියලා.ඩෙංගු මදුරුවෝ මරධනය කරන්න ඕනෑ කියලා.මොකුත් නොකර පුටු රත් කර කර මාන්නෙන් ඉදලා වැඩේ වැරදුනහම එනවා මුණ පෙන්නලා මොනවා හරි කළා කියන්න. (නි)
කතා කරන්න එපා වැඩක් නැහැ (දී)
දැක්ක දැක්ක තැන දුවනකන් දුන්නා නම් එක්කෝ වැඩ කරයි නැත්නම් දමලා ගහලා යයි.මොකෝ අපිනේ පඩි ගෙවන්නේ.අපට අයිතියක් තියනවා සේවයක් ලබන්න. (නි)
කොහොම කොහොම හරි අන්තිමේ අසරණ උනේ මහජනයා (දී)
වැඩේ සාධාරණයි
හොද වැඩේ. නිලදාරිවාදේ,පන්ති බේදේ අතුරුදහන් කරවිය යුතුයි (නි)
මම හිතේ තියෙනදෙවල් මොකුත් කියන්නේ නැහැ (දී)
පුත්තලමේ නේද අර අහවල් නම තියන සතා ඉන්නේ.....????? (නි)
සුද්දා ගිය දා ඉදලා මිනිස්සුන්ගේ අවංකව වැඩ කිරීමේ ගුණයත් ගිහිල්ලා. කොච්චරකල් මේවා මෙහෙම තව වෙයිද? දෙන එක දෙන්න ලිබියාවේ වගේ.(නදී)
නිලදාරිවාදෙන් ඔලුව උදුම්මගත්තු නිලදාරියන්ට ඉස්සරවෙලා කියල දෙන්න ඕනෑ "කස්ටමර්" කවුද "සර්විස් ප්‍රවයිඩර්" කවුද කියලා. ඒක තේරුම් ගන්න බැරි තරම් මොලය ඉදිමිලා නම් කම්මැලිකමෙන් බරිත වෙලා නම් ගුටි පුජාවක් හැර වෙන විකල්පයක් නැත. (නි)
මේ නිලදාරියෝ පඩි ගන්නේ අපේ සල්ලි වලින් නිසා අපේ කකුල් දෙක ලගට එන එක එයාලගේ රස්සාව.ඒක මදිකමක් නම් රස්සාවෙන් අස් වෙලා ගෙදර යන්න.වෙන රටවල නම් වැඩ වෙන්නේ එහෙමයි.ඒ දෙකම කරන්න බැරිනම් ගුටි බලාපොරොත්තුවන්න. (නි)