(සිරංගිකා ලොකුකරවිට)
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වු නිවාස හා දේපළවලට හානි සිදුවු පවුල් සඳහා වන්දි ලබාදීමේ කටයුතු සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන බව රජය දැනුම් දෙයි.
මේ සඳහා ආපදා සිදුව ඇති ප්‍රදේශයන්හි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සෙනසුරාදා හා ඉරිදා දිනවල දී විවෘතව තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගැමති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආපදා සිදුවූ ප්‍රදේශයන් හි රාජ්‍ය බැංකු විවෘතකර තැබීමට ද කටයුතු යොදා ඇති බවයි.
හානියට පත් නිවාස හා දේපළ තක්සේරු කිරීමෙන් පසුව වන්දි ප්රදානය කරනතුරු අත්තිකාරම් මුදලක් ලෙස මෙම ප්‍රදානයන් කරන බව ඇමැති අබේවර්ධන මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යාල ටිකේ දොරවල් ඇරිලා තියෙයි. සේවකයෝත් ඉඳියි.. හැබැයි වැඩක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි .. සතියේ අනිවාර්ය වැඩ දවස් වලත් වැඩ නොකරන එකේ සති අන්තේ ගැන මොන කතාද..? මම සතියකට ලංකාවට ඇවිත් ඉන්න ටිකේ වැඩක් කරගන්න ජා ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට ගියා. ආනයනයකට අවශ්‍ය වෙලා මගේ ව්‍යාපාර ලියාපදිංචියේ කොපියක් ඉල්ලගන්න. ඒකට ඇප්ලිකේෂන් එකක් පුරවලා රුපියල් 1100 ක් ගෙවලා මාසයක් බලන් ඉන්න ඕනලු.. ඒ ෆයිල් හොයලා සහතික කල කොපියක් දෙන්න.. මම මගේ හදිස්සිය ප්‍රාදේශීය ලේකම්ට කිව්වා. එයා කියනවා මෙතන ෆයිල් 15000 ක් විතර තියෙනවා.. ඔයාලගේ හදිසියට එහෙම වැඩ කරන්න බැහැ. ඒවා හොයන්න කල් යනවා කියලා.. එතකොට මම ඇහුවා එච්චර හොයන්න කල් ගන්නේ ෆයිල් පිළිවෙලට තියලා නැද්ද කියලා. සේවකයෝ නිවාඩු නම් මට ගබඩාව පෙන්නුවොත් මම රුපියල් 1100 ක් ගෙවලා මම හොයාගන්නද කියලත් ඇහුවා.. එතකොට මම කල්පනා කළා මම ජීවත්වෙන වෙන විදේශ රටේ ඔහොම වුවමනාවක් වුණොත් නගර සභාවට ගිහින් ඇප්ලිකේෂන් එක පුරවලා කවුන්ටර් එකට දුන්නම ඕනෑම ලියවිල්ලක සහතික කල කොපියක් ලබාගන්න වැඩිම යන්නේ විනාඩි 5 යි.. ගෙවන්න වෙන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 300 ක් විතර .. රට ජපානේ...