දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර කථා බහ දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.
ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව කැඳවූ අතර වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඇතිවූ කථා බහ දුරදිග ගොස් මන්ත්‍රීවරු සභාවේ තිබූ ජල බෝතල් හා මයික්‍රෆෝන යන්ත්‍රවලින් ප්‍රහාර එල්ල කර ගත්හ.
එම අවස්ථාවේ සභාපතිවරයා සභාවෙන් පිටව ගොස් සිටි අතර විනාඩි 5 ක පමණ කාලයක් පැවති ගුටි බැට හුවමාරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසින්ම සමථයකනට පත් කරගත්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ කඩපු ඒවාට වියදම මේ අයගෙන්ම අයකරගන්න ඕනෑ. (නි)
මේ කැඩුණු දේපල වලට කවුද දන්නේ නෑ වගකියන්නේ (බ)
සියලු අලාබ සිදු කරපු මන්ත්‍රී වරුන්ගේ වේතනයෙන් කපන්න...කාලකන්නි, මහජනතාවගේ සල්ලි තමයි මේ විදියට කබානීසිය කරන්නේ.(බ)
ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාදේශීය සභා ඇතුළු සෑම මැතිවරණයකදීම උගතුන් හා බුද්ධිමතුන් පත්කර ගන්නට කවුරුත් වගබලා ගත්තොත් නම් හොඳයි නේද? රටේ හැම තැනම දේශපාලන කෝලම් මඩු. (බ)
සවිය තිබේද (බ)
උගත් බුද්ධමත් අය රට පාලනය කරන්න යවන්න ඕනෑ (ම)
උගත් බුද්ධිමත් අය මෙහෙම හැසිරෙන්නේ නැහැ. මෙහෙම හැසිරෙන උදවිය උගත් බුද්ධිමත් අය බලයට පත්කරන්නෙත් නැහැ. (නි)