අතුරුදන් වූවන්ගේ යැපෙන්නන්ගේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන 20 ක පමණ සහභාගීත්වයෙන් එප්පාවල නගරයේ පැවති ‘වීදියේ විරෝධය‘ වැඩසටහන වාර්තා කිරීමට ගිය ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් මහතා මැර ප්‍රහාරයකින් තුවාල ලදහ. මැරයෝ ඔහුගේ වීඩියෝ කැමරාවද වැනසූහ. පවුල්වාදය තේමා කරගත් වීදි නාට්‍යය බැලීමට පැමිණි පිරිසකටද මැරයන් පහරදී ඇතැයි කියති.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිස මේ ප්‍රහාරය එල්ල කර තිබේ.
මාධ්‍යවේදියාට පහරදීමට පෙර මැරයන් ‘වීදියේ විරෝධය‘ පිරිසටද පහරදී ඇතැයි කියති.
තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හා උතුරු මැද පළාත් සභා දේශපාලඥයකුගේ ගෝල පිරිසක් තිසර සමල් මහතාට මෙම පහරදීම සිදු කැර ඇතැයි කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඔක්කොටම මුඛවාඩම් දාන්න පුළුවන් නම් සමහරු කැමති වේවි. (දිල්)
ප්‍රාදේශීය මන්ත්‍රීවරු කියලා පත් කරගෙන ඉන්නේ යන්තම් අට පාස් මැරයෝ ටිකක් . පුද්ගලයා දිහා බලලා ඡන්දේ දෙනවා වෙනුවට පක්ෂෙට ඡන්දෙ දෙන්න ගියාම වෙන දේවල් තමයි මේ. (හේ)
දැන් ලොකු වැඩක් කළා කියල හිතාගෙන ඇති මේ අයට නිසි දඩුවම් ලබා දෙන්න (දී)
ඔය වගේ වැඩ නිසා තමයි ජනතා විරෝධයක් ඇති වුනේ. මාධ්‍ය නිදහසක් ඇත්තේ නැහැ. ඔය වැඩ නවත්වන්න නම් දේශපාලුවන්ගේ ආධාර කරුවන් පාගා දැමිය යුතුයි. එය කරන්න පුළුවන් හැමෝම එක්වීමෙන්. ආධාර කරුවන්ගේ බල බිඳුන දවසට දේශපාලු බලයත් ඉවරයි. රටට නියම නිදහස ලැබෙන්නේ එදාට.(හේ)
අමුතු අමුතු සංවිධාන එළිබැහැලා. අපි නම් දන්නවා මේ කවුද, මොනවද කරන්නේ කියලා. හෙට අනිද්දා වෙනකොට අතුරුදන්වූවන්ගෙන් යැපෙන්නෝ නෙමෙයි කට්ටිය එකතුවෙලා අතුරුදන්වුවොත් පාරට බස්සාවි. (නි)
දැන් හොදටම ඉවසුව ඇති ,(හේ)
දේශපාලනය කියන්නේ වැසිකිලි වලක් (දී)
සත්‍ය පාල මහත්තයාගේ වයස කීයද අම්මප..හරියට මොන්ටිසෝරි ළමයි වගේනේ..හමුදාවට පොලිසියට අත තිබ්බම කන්න වුනේ එකදාස් නමසිය බර ගණන්වල ඉදල..ඒවගේම මැතිවරණයකදී විපක්ෂය ගුටි කෑවෙත් ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුනු දවසේ ඉදල.. ඒවා බලය හුවමාරු වීම අනුව ඕන පැත්තකට පොදු ඉරණම.. ගහපු එකනම් වැරදියි. ..ඒත් මේ කවුද..කාවද අතුරු දැන් වෙලා තියෙන්නේ..මොන හේතුවකටද අතුරුදන් වෙලා තියෙන්නේ කියල හිතෙන්නේ නැද්ද මේ දාගෙන ඉන්න ජැකට් එකෙනුයි මේ බැනර් එකෙනුයි.මෙයාලට ගුටි කන තරමට තමයි ගාන කැපෙන්නේ.එයාලට ඕන කරන්නෙත් එක..කවුරුවත් ගැහුවේ නැත්නම් තමන් තමන්ට හරි ගහ ගන්නවා..ඒකත් මේ නාට්‍යයේ කොටසක්...එක හින්ද වැඩිය හිත කරදර කරගන්න එපා,, (ස)
මම නම් කියන්නේ බය නිසා තමයි මෙහෙම කරන්නේ (දී)
නීතියක් නැද්ද (දී)
අපේ වාසනාවට ඉදිරියේදී මෛත්‍රී පාලනයක් (නදී)
හොඳටම බයවෙලා වගෙයි. (දී)
අපි කාල ඇඳල ඉන්නෙ රජතුමා අපිට දෙන දේන දේවල් වලින්. අපි එතුමා ආරකෂා කරන්ඩ ඕනේ. (නදී)
ඉහළින් ලියා ඇති කට්ටියම දුන් ජන බලයේ මහිමය තමයි මේ ප්‍රදර්ශනය වෙන්නේ (නි)
පුදුම වීරයෙක් නේද? අගයන්න වටිනවා (නි)
රටේ නීතියක් නැහැ කියලා නැවතත් ඔප්පුකර පෙන්වා තිබෙනවා. (නි)
ගමේ මෝඩයන්ට ගුටිකෙළි... ලොකු අයට සැණකෙළි ... මෙහෙමත් මෝඩ මිනිසුන් ඉන්න රටක්! (නි)
අපගේ බලවත් කණගාටුව. ජනවාරි වලින් පස්සේ හරියාවි.(හේ)
මේ පරාජයේ වියරුවයි.(හේ)
ප්‍රාදේශීය නායකත්වයට ඉස්කෝලේ ගිහින්වත් නැති උන් දාගත්තම මේවගේ වැඩ හරිම ලේසියි. මේ කට්ටියව මීළඟ පාර පළාත් සභාවටත් ඊළඟට පාර්ලිමේන්තුවටත් යවන්නේ අපේම මෝඩයෝ. (බ)
මිනිසාට මිනිසුන් පහර නොදෙයි. මෙවන් අය මිනිසුන් ලෙස හැඳින්විය හැකිද? (නි)
99%ක් මේකේ මිනිස්සු වැදගත් විදිහට මේ වැඩේ හෙළාදැකලා අදහස් දාලා තියෙනවා. හැබැයි මම දැක්කා එක් කෙනෙක් කියලා තියෙනවා මේ උද්ඝෝෂණය කරන්නේ 'කොටිලු', 'ඩොලර් වලටලු'....මම ඔහුගෙන් ඉල්ලන්නේ මැරයින් ඇවිල්ලා තමන්ගෙ පවුලේ කෙනෙකුත් උස්සනතුරු, නැත්නම් තමුන්ගේ සහෝදරියක් බිරියක් පැහැරගෙන යනතුරු ඔය "ඩොලර්/ විදේශ කුමන්ත්‍රණ/ රට පාවාදීම්" වගේ සුරංගනා කතා අහ අහා ඉන්න කියලයි (නි)
යුද්දෙ දින්නා රටේ විශාල සංවර්ධනයක් වෙනවා (බ)
අති නින්න්දිතයි. පාරවල් හැදුනට,තව තව දේවල් තිබුනට රට දියුණු වෙලා නැහැ. තම දේශපාලන අදහසට විරුද්ධ මතයක් දැරීම නිසා පහරදෙන මරාදමන,වාහනයක් පොඩි අනතුරකට ලක්වුණාම හමුදා කඳවුරකින් පැමිණ පහරදීම,පොලිස් නිලධාරියාට තමන් නිවැරදි බව කීවිට අපහාසාත්මකව බැනවැදීම සහ එය නිවැරදි බව පොලිස් ලොක්කන්ම ප්‍රකාශ කිරීම රටක නීතියක් නැති බවට කදිම නිදසුන්ය. පෞරුෂයක් කොන්දක් ඇති මිනිසුන් අසාධාරණයක් වෙනුවෙන් කතාකරනවිට නිල බලය විසින් ඔවුන් යටකර දැමීමෙන් නිවට නියාළු ජාතියක් බිහිවේ. (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට මෙහෙම ප්‍රසිද්ධියේ, පොලිසිය බලා සිටියදී මහජනතාවට මැර ප්‍රහාර එල්ල කරන්න පුළුවන් නම් රටේ නීතිය ගැන කවර කතාද? (නි)
පහරදීම වැරදියි. හැබැයි ඔය සිවිල් සංවිධාන සහ ඒවට කඩේ යන අයට තියෙන්නෙ මිනීමරු කොටියාට සිදුවුන පරාජයේ වියරුව සහ ඩයස්පොරාවේ ඩොලර් වල රස. (ර)
වෙනදාට පිටු බාගයක් විතර අදහස් දාන අපේ බන්දුල පෙරේරා මහත්තයා මේ දවස් වල සද්ද වහලා ඉන්නේ ඇයි (නි)
නිශාන්ත ඔබතුමාත් තුර්කි වැසියෙක්ද? (දිල්)
නිශාන්ත මහත්තයෝ, ඔය හැම දෙයකටම දාන ඩයස්පොරාව ඩොලර් කතාව හොදයි ඔබතුමන් වගේ කොන්දේ බැදපු චීන්නුන්ට , ඩොලර් මේ මිනිස්සු දැකලවත් නැතුව ඇති,මේක තමයි සැබෑවටම වියරුව , අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය සහ ඇත්ත දැනගැනීමේ නිදහස අහුරනවා කියන එක තමයි නැවතත් ඔප්පු වුණේ මේ (දිල්)
මැර දේශපාලනයට තිත තැබිය යුතුයි (නදී)
89-90 කාලයේ ඔය වීදී නාට්‍ය කාරයෝ කොහෙද හිටියේ ? තියන නිදහසෙන් අයුතු ප්‍රෙයා්ජන ගන්නවා කියන්නේ ඕකයි. (නදී)
අමුතු අමුතු සංවිධාන එලි බැහැලා...අපි නම් දන්නවා..මේ කවුද..මොනවද කරන්නේ කියලා; හෙට අනිද්දා වෙනකොට අතුරුදන් වූවන්ගෙන් යැපෙන්නෝ නෙමෙයි අතුරුදන් වුවොත් කට්ටිය එකතුවෙලා පාරට බස්සාවී..ඩොලර් ඒ තරමට රසයි..(හේ)
හැසිරීම අනුව කුලියට පැමිණ ඇති කට්ටියකුත් සිටින බව පෙනීයනවා. අසරණ පොලිසිය ගැනත් කණගාටු හිතෙනවා.නීතියක් එක්ක පොලිසියක් කවදා රටේ ගොඩ නැඟේවිද? (නි)
මේවා යවන්න වතිකානුවට පෙන්වන්න මැර බලය ක්‍රියාත්මක වන හැටි. මෙහෙව් රටකට එන එක එතුමාගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පාප් තුමා ගෙන්වන්නේ ඡන්ද වාසියට කියා ඔවුන්ට පහදා දෙන්න (නදී)
මිනිහෙක්ට ගහනකල් පොලිසිය බකන් නිලන් හිටියද (දී)
නිශාන්ත හරි. (නි)
නිශාන්ත, ඔය කියන කතා කුණු කූඩෙට දාලා ගොඩක් කල් (නි)
මාධ්‍ය වේදීන්ට ගහලා ඉල්ලන් කන්න තමයි හදන්නේ (දී)
මේ අතුරුදන්වූවන්ගේ යැපෙන්නො කියන්නේ කොහොම අතුරුදන්වූවන්ද? මුහුදු ගිහින් අතුරුදන්වූවන්ද? නැත්නම් කොටි හමුදාවේ සේවයට ගිහින් වෙඩි කාලා අතුරුදන්වූවන්ද? සිවිල් සංවිධාන කියන්නේ මොනවාද? කැලේ මාරුවුණාට කොටියාගෙ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ. කට්ටියම ඒ ගැනත් හිතන්න (නි)
දෙවන ලෝක මහා යුද්දය ජයගත් එංගලන්තේ වින්ස්ටන් චචිල් ශ්‍රීමතා පිළිබඳව එංගලන්ත ජනතාව ගත් තීන්දුව පිළිබඳව අපේ ජනතාවටද අවබෝදයක් ලබා දිය යුතුය. (නදී)
නිශාන්ත, මේ අය රජරට කලාකරුවන් ඇතුළු රටට ආදරය කරන මිනිස්සු. (නි)
මේක මහා කරුම කාලයක් (දී)
අපි ඡන්දය දෙන්නේ මෛත්‍රීට විතරමයි (නි)
මේ මිනිස්සුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න කවුරුත් නැහැනේ (දී)
මිනිස්සුන්ට ගහන එක හරි ලොකු දෙයක් කියලාද හිතන්නේ (දී)
ලෝකයේ දුප්පත්ම ජනාධිපති පිටිසර ගම්මානයක ගොවිපළක්, කොළපැහැති තහඩු සෙවිලි කළ නිවසක්, අක්‍රමවත්ව තැනින් තැන වැවුණු තණකොළ සහිත මිදුලක්, එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිළිටි රෙදි මල්ලක් සහිතව ජීවත්වෙන කෙනෙක්. ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපිට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා. (නි)
වැරදි කළ මිනිසුන්ට ඒ කළ වැරදි ගැන කතාකරනකොට බොහොම තරහා යනවා. (නි)
මොනවද මේ සිවිල් සංගම් කියන්නේ? තරුණ බෞද්ධ සංගම්, සාහිත්‍ය සංගම්, එහෙම නැත්නම් අවමංගල්‍ය ආධාර සංගම් වගේ ඒවාටද? අසාධාරණයට එරෙහිව නැඟී සිටින්න, අදහස් ප්‍රකාශ කරන්න අයිතියක්, විරුද්ධ මත දරන්න අයිතියක් අවශ්‍ය නැහැ කියලද මුන්නැහෙලා කියන්නේ? (නි)
අපේම වැරදි තමයි ඔය (දී)
බොහොම හොඳ වැඩක් උසස් වීමක් දෙන්න වටිනවා (දී)
පේනවා නේද කට්ටියගේ තරම! (නි)
මේ මාධ්‍ය අගයක් නොදන්නා අය ඔහොම හමා (දී)