අසනීපයෙන් සිටින ලග්ගල රෝහලේ වෛද්‍යවරයාට සහ ඔහුගේ බිරියට ලග්ගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බැණවැදුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇතත් මෙතෙක් සැකකරු අත්අඩංගුවට නොගැනීම නිසා වෛද්‍යවරයා රෝහලෙන් පිටවී යන්නම යන බව දැනගන්නට ඇත.
මේ බව සැලවීමත් සමග දහසක් පමණ ගැමියෝ රෝහලට අසලට පැමිණ සිටිති.
දේශපාලන බලවතකුගේ රැකවරණ ලබා සිටින හිටපු සභාපති හෙට වන විට අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියා ඇත.
පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන මත්පැන් බී ඇද්දැයි දැනගැනීමට වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි ගැමියෝ ප්‍රශ්න කරති.
පොලිසිය වහා ක්‍රියාත්මක නොවනුයේ කිසියම් හේතුවකින් සැකකරුට වාසි ලබාදීමට විය හැකි යැයි රෝහල් ආරංචි කියයි. රෝහලේ සිටිනුයේ මෙම වෛද්‍යවරයා පමණී.
ඔහු ලග්ගල වත්මන් මන්ත්‍රීවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම පක්ෂයේම නායකයන් මන්ත්‍රීධුර සඳහා නාම යෝජනා දීමට පෙර පුද්ගලිකව සොයා බලන්න. තම තමන්ගේ හිතවතුන් කියපු පලියට, නුසුදුසු උදවියට නාම යෝජනා දෙන්න ගියොත් තමන්වම තමයි අමාරුවේ වැටෙන්නේ. (නි)
මම ඉන්න රටේ දේශපාලකයන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ, පත්වෙන්නේ , එම ධුරය හොබවන්නේ ඉතා ඉහළ විනයක් ශික්ෂණයක් ඇතුවයි. ඉන්පසු ගෙදර යන්නේද ගරු නම්බු පිටින්මයි. කිසිම අයුරකින් තමන්ගේ බලය අයුතු ලෙස භාවිතා කර පොදු ජනතාව තලා පෙළන්නේ නැහැ (නි)
අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)
සිය කාර්යබාරය තමුන් විසින්ම අපූරුවට ඉටුකරනවා වගේ. ඔහොම යමු! (නි)
එයාල ඔහොමම තමයි. (ස)
අපේ රට වර්තමාන දේශපාලකයන්ගෙන් බේරා දෙන්න. දෙවියනේ. වර්තමාන දේශපාලකයින් සිරිමා, සර් ඩී බී ජයතිලක, රත්නායක, දහනායක, පිලිප්, එන් එම් ,කොල්වින්, ප්‍රේමදාස, වැනි අයව ආදර්ශයට ගත යුතුයි. (ස)
මහානාම, ඔබට පෙනෙන්නේ නැද්ද මැතිවරණ කරන විදිය? (නි)
මිනිසුන් කරන මෙවන් උඩඟු ක්‍රියා දෙවියන් පවා කම්පිත වී හැඩීමට හේතු වෙනවා. (නි)
දෙවියන් පා නොගැසූ තැන් වල මෝඩයින් පිනුම් ගසනවාලුනේ. (නි)
මහනාම, යකාගේ විදිහටලුනේ විමානේ තියෙන්නේ (නි)
පොලිසියට බැනලා වැඩක් නැහැ (නි)
මට මතක විදිහට ඉතා විනීත උගත්, මහජන උන්නතිය වෙනුවෙන් වැඩකරපු අන්තිම රජය ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ රජයයි. ඒ කාලයේත් සුළු සුළු ප්‍රශ්න තියෙන්න ඇති. නමුත් රස්තියාදු කාරයෝ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ විනයක් තිබුනා. රටේ නීතියක් තිබුනා. නීතිය ක්‍රියාවේ යෙදවුනා. ඩඩ්ලි සේනානායක මහත්මයාගේ යුගයෙන් පස්සේ. මේ දේශපාලනික පිරිහීම පටන්ගත්තා. අපි අද අත්විඳින්නේ ඒ පිරිහීමේ අවසාන ප්‍රතිපලයයි. එ්ත් ඩඩ්ලි වගේ වැදගත් උගත් අහිංසක මහත්මයෙක් කවදාවත්ම ආයෙත් අපේ රටේ පාලකයෙක් ලෙස පත්වේවි කියලා සිහිනෙකින්වත් හිතන්න බැහැ.(නදී)
ඉන්න පලා බබුත් එකයි හිටපු පලා බබ්බුත් එකයි රට කනවා. දේශපාලුවෝ උන්ව රකිනවා. කාට කියන්නද මේ අවනඩුව. (නදී)
මෙතැන වරද අපේ අතේමයි අපි ඡන්දෙ දෙනකොට බුද්දිමත් හා චරිතවත් අයට දිය යුතුයි. ප්‍රශ්නය ඡන්දෙට ඉදිරිපත්වන අය හා ඉදිරිපත් කරවන අයගේ මේ සුදුසුකම් නැති නිසා අපි රැල්ලට ඡන්දෙ දානවා. අපි තල වපුරලා ගොයම් බලා පොරොත්තු වෙන්න බැහැ. (නදී)
අපේ රට තමා ලෝකයේ ඉතාමත් සීඝ්‍රයෙන්ම දේශපාලණීය කරණය වු රට. දේශපාලකයාට උඩින් සිටිය හැක්කේ තවත් දේශපාලකයෙකු ට විනා නිලධාරියෙකුවත්, බුද්ධිමතෙකුවත් එමෙන්ම ආගමික නායකයෙකුවත් නොවේ. රටේ දේශපාලණය ඉදිරියේ නීතිය යනු හුඳු වචනයක් පමනයි. දේශපාලකයා ඉඳිරියේ පොදු නොවන නීතිය, සාමාන්‍ය මිනිසා අභිමුවෙහි වියරු වෙයි. (නදී)
මට පෙන විදියට පොලිසියේ අය මොනවා හරි බීල වගේ. වෙරි හින්දෙනකන්ද හෙට වෙනකන් ඉන්නේ අත්අඩංගුවට ගන්න?පොලිසියේ අද බේරන්න තියෙන ජිවිතේ හෙට මැරෙනකන්ද බල ඉන්නේ? හැම දොස්තර කෙන්නෙක්ම පොලිසියේ අයගේ පවුල්වල අයට බෙහෙත් නොකරොත් මොකද වෙන්නේ?දොස්තරලා ඉන්නේ හැමෝගෙම ලෙඩට බෙහෙත් දෙන්න එහෙම එකේ පොලිසිය ගරු කරන්නේ නැත්තේ මන්ත්‍රිටත් ඇමැතිටත් බයේනම් පොලිසියේ ඉන්න එපා. නිල ඇඳුම ගලවල ගවුමක් අන්ද්ගන්න.පොලිසියට බැඳෙනකොට දීපු පොරොන්දුව මතකද? ඒ පොරොන්දුවට මොකද උනේ? තමන්ගේ දරුවට මෙහෙම කරදරයක් උනානම් මොකද වෙන්නේ? පොලිසියට අණ දෙන්නේ මන්ත්‍රී ඇතිලද? . (දී)
දහසක් විතර එකතු උනා නම් ක්‍රියාත්මක නොවෙන නීතිය ක්‍රියාත්මක කරලා පෙන්නන්න තිබුනා නේද? මිනිස්සුනේ දැන් නම් බලා ඉඳලා හරියන්නේ නැහැ.පොලිසියට ඔය දහසම අත් අඩංගුවට ගන්න බැහැ. ක්‍රියාත්මක වෙලා අනික් ප්‍රදෙස වලට ආදර්ශයක් වෙමු,වැරදි කල නීතිය ක්‍රියාත්මක නොවෙන දෙසපාලකයෙකුට ගමක්ම එකතුවෙලා ගහපු දවසට ඔය ක්‍රමය ඉහලින්ම නවත්වාවී . (දී)
අපේ රට විනාස කරන මේ දේසපාලුවෝ රටටම පිළිලයක් .. . (දී)
සැම ගමකම,චන්ද කොට්ටශ්‍යකම වෘත්තිය සමිතියකට හා සමාන එම ප්‍රදේශයේ සමිති බිහි විය යුතයි.එම සමිතිය ගම වැසියන් නියෝජන කර, සාදාරනය විසදුමක් අහිංසක වැසියන්ට ලබා දියයුතයි.දේශපාලකයන් වැරදි කලොත්,ඔවුන්ට එරහිව,චන්දයකදී ක්‍රියා කල යුතුයි.මේ ක්‍රියවලිය පටන් ගත්තොත්,ගම්මුන් ගේ බලය දෙසපලක්යගේ බලය අබිහිබව යනවා ඇත. . (දී)
අපේ පොලිසියටත් ලැජ්ජා නැහැනේ. අන්තිමට දේශපාලුවන්ව රකින්නෙත් පොලිසියමයිනේ. (නි)
මට පෙනෙන්නේ ඇමතිලා බෙහෙත් දෙන්නත් පටන් අරගෙන වගෙයි. (නි)
මිනිපේ හරි (නි)
අනේ මෙහෙමත් දේශපාලුවෝ! (නි)
ලංකාව වැනි පුංචි රටක් පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ දේශපාලකයින් සුළු ප්‍රමාණයක් පමණයි. දැන් රටට අවශ්‍ය දේශසේවකයින් පමණයි. මේ විදියට ගියොත් මහජනයාට වැඩිය දේශපාලකයින් වැඩි වෙයි. කරුණාකර අපේ රටේ නිවහල්භාවය රැකගන්න උපකාර කරන්න. අනවශ්‍ය දේවල් වලට බලපෑම් කිරීමෙන් වළකින්න. (නි)
පොලිසියේ අයත් කෙළින් වැඩ කරන්නේ කොහොමද විවධ බලපෑම් තිබෙනකොට? (නි)
ලසා, ඔබේ කියමන හරියටම හරි. (නි)
මේවට අපි කොච්චර කතා කළත් මේ දේවල් වලට සුදු හුණු ගාන උදවිය මේ සභාවේම ඉන්නවා. අර දුව පැහැරගත්තා යයි ලතවෙන පියාගේ පුවතට එයා කියපු දේවල් වල හැටියට මේ ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
මේවා ඉස්සරහට තව වැඩි වේවි. මෙවැනි වැඩ අනුමත කරමින් මෙතන දඟලන සමහරුන්ගේ දේශපාලන දර්ශනය අනුව හැමෝටම පැහැදිලියි මීට වඩා හොඳ හැසිරීම් දේශපාලුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා (නි)
මම බලාගෙන ඉන්නේ ලංකා තිලක් මේ පුවතට මොකද කියන්නේ කියලයි. (නි)
රෝහලේ එකම දොස්තරට මෙහෙම කළේ ඇයි? (නි)
දොස්තර මහතාට තියෙන්නේ දේශපාලුවන්ටම දොස්තර වැඩේ කරගන්න කියලා උගත්කමක් ඇති ශීලාචාර දේශපාලකයන් ඉන්න රටකට යන්න. (නි)
මෙතන සමහරු බෙරිහන් දෙනවා නිදහස් අධ්‍යාපනය ලබන සමහරු රටට සේවය නොකර පිටරට යනවා කියලා. මෙන්න බලන්න රටට සේවය කරන්න ලංකාවේ නැවතිලා ඉන්න උගතුන්ට සිද්ධ වෙන දේවල්! අපිට කියන්න තියෙන්නේ දෙයියෝ සාක්කි කියලා විතරයි (නි)
සමහරු පිටරට යන ලාංකිකයන්ට බැන ගත්ත ගමන් ඉන්නේ. මෙන්න මේ වගේ තුට්ටු දෙකේ වැඩ නිසා අසාධාරණයට පත් වුන උගත් උදවිය බොහොමයක් පිටරට ගිහිල්ලා. බුද්ධි ගලනය නවත්ත ගන්න නම් ඉස්සෙල්ලාම දේශපාලන නාම යෝජනා දෙනවිට උගත් හික්මීමක් සහ යහපත් අතීතයක් ඇති අයට තැන දෙන්න හැම පක්ෂයක් ම වෑයම් කල යුතුයි. එහෙම නැතිව තමන්ට වැඩියෙන්ම කේලාම් කියපු , වැඩියෙන්ම කොන්ද නමපු, මැර කම කරලා ඡන්ද අරන් දීපු කෙනාට මුල්තැන දෙන්න ගියොත් තව අවුරුදු 1000 ක ට ලංකාව ගොඩ එන්නේ නැහැ. (නදී)
අටේ පන්තිය යන්තම් පාස් කල අයව පත්කර ගත්තා නම් දෙකේ පන්තියෙන් එහා උසස් කමක් ඇති වැඩක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ? (නදී)