තරුණියක කෙළසීයැයි කියන සැකකරුවකු රක්වාන පොලීසියෙන් අත්අඩංගුවට නොගත්තැයි විරෝධය පාමින් රක්වානේ මහා මාර්ගයේ ටයර් පුළුස්සා අලාභ හානි කළැයි සැකපිට පුද්ගලයන් 39 දෙනකු ඇප මත මුදා හරින ලෙස පැල්මඩුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කළේය.
මෙම විරෝධය නිසා පොදු දේපළ වලට හානීයක් නොවී යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කීහ. පැමිණිල්ල යළි ලබන වසරේ පෙබරවාරි 18 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණියව කෙලෙසපු කෙනාව එහෙම වැරදිලා අත්අඩංගුවට ගත්තේ නැහැ නේද ? (නදී)
ඉතින් තරුණියට කරදර කරන කෙනාව අල්ලලා ඔය කියන ටයර් එයාගේ ඇඟට දැම්ම නම් පොදු දේපල වලට හානි වෙන්නේ නැහැනේ. පොලිසිය තමන්ගේ රාජකාරිය හරියට නොකරන වෙලාවට මහජනතාව නීතිය අතට ගන්න එක වලක්වන්න බැහැ. (නදී)
එහෙම මිනිස්සුන්ට ඕන ඕන දේ කරන්න දෙන්න පුළුවන් නම් මොකටද ලංකාවට නීතියක් (දී)
මාර්ගයට හානියක් වුයේ නැති නීතිවේදීන් කියන්නේ කෙසේද? ඔවුන් ඉන්ජිනේරුවන්ද? මාර්ගයේ ටයර් පිල්ස්සිම නිසා ඇතිවන අදික තාපයට මාර්ග තලයේ පැවැත්මට ඉදිරියේදී හානියක් විය නොහැකිද?(දී)
අදකාලේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන පොලිස් නිලදාරීන් අඩුකම තමයි ගොඩක් ප්‍රශ්ණ වලට මුල. (දී)
පොලිසියට තරුණියක් කෙලෙසු එක පුද්ගලයෙක් අත් අඩංගුවට ගන්න බැරි උනාට ටයර් පුළුස්සපු 39 ක් අත් අඩංගුවට ගන්න පුළුවන්. කොහොමද අපේ පොලිසියේ මොලේ? උස මහත විතරක් බලන්නේ නැතුව මොලේ තියෙන අය පොලිසියට ගත්තේ නැති උනාම තියෙන ලෙඩේ මේක තමයි: (නදී)
ලොයර්ලා කියන්නේ ඇත්ත නැත්ත කරන අය. පොදු දේපොල විනාශ කලාට දැඩි දඩුවම් දිය යුතුය. නැති නම් මෙම ලෙඩේ දිගටම යනවා. (නදී)
ඔය 39 දෙනා පාරේ ටයර් පුච්ච පුච්ච ඉන්න වෙලේ සැක කාරය අල්ලලා පොලිසියට බාර දෙන්න තිබුනනේ . මොකා මොන වැරැද්ද කලත් අර ලස්සනට තියන පාරවල් තමා පලි . අපි කවද්ද කාපට් පාරවල්වල ගියේ නේද ? ඕව තියෙන්න ඕන දියුණු රටවල්වල , අපේ අයට මොන කාපට් පාරවල්ද ? (දී)
මටත් තියෙන ප්‍රශ්නය දුෂණය කරපු එකෙක් අල්ලගන්න බැරි පොලිසිය තව 39 දෙනෙක් කොහොමද ඇල්ලුවේ කියල. රටම දේශපාලනයට යට වෙලා. (දී)
මේ මිනිස්සු උද්ගෝෂණය කලේ තරුණියක් කෙලෙසු අයෙක් අත්අඩංගුවට ගැනීම පොලිසිය නොකළ නිසයි මෙතෙන පොදු දේපොළවලට හානි උනේ නැහැ (දී)
අනේ මන්දා මටනම් මොකවත් කියන්න නැහැ (දී)