IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාරේ ටයර් පිළිස්සු 39 කට ඇප

තරුණියක කෙළසීයැයි කියන සැකකරුවකු රක්වාන පොලීසියෙන් අත්අඩංගුවට නොගත්තැයි විරෝධය පාමින් රක්වානේ මහා මාර්ගයේ ටයර් පුළුස්සා අලාභ හානි කළැයි  සැකපිට පුද්ගලයන් 39 දෙනකු  ඇප මත මුදා හරින ලෙස පැල්මඩුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල්  පෙරේරා මහතා නියෝග කළේය.

මෙම විරෝධය නිසා පොදු දේපළ වලට හානීයක් නොවී යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කීහ. පැමිණිල්ල යළි ලබන වසරේ පෙබරවාරි  18 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

පාරේ ටයර් පිළිස්සු 39 කට ඇප

අප්පුහාමි Wednesday, 24 September 2014 11:11 AM

තරුණියව කෙලෙසපු කෙනාව එහෙම වැරදිලා අත්අඩංගුවට ගත්තේ නැහැ නේද ? (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 25 September 2014 02:19 AM

ඉතින් තරුණියට කරදර කරන කෙනාව අල්ලලා ඔය කියන ටයර් එයාගේ ඇඟට දැම්ම නම් පොදු දේපල වලට හානි වෙන්නේ නැහැනේ. පොලිසිය තමන්ගේ රාජකාරිය හරියට නොකරන වෙලාවට මහජනතාව නීතිය අතට ගන්න එක වලක්වන්න බැහැ. (නදී)

:       0       0

ලලිතා Thursday, 25 September 2014 03:06 AM

එහෙම මිනිස්සුන්ට ඕන ඕන දේ කරන්න දෙන්න පුළුවන් නම් මොකටද ලංකාවට නීතියක් (දී)

:       0       0

නිමල ලිත Thursday, 25 September 2014 03:06 AM

මාර්ගයට හානියක් වුයේ නැති නීතිවේදීන් කියන්නේ කෙසේද? ඔවුන් ඉන්ජිනේරුවන්ද? මාර්ගයේ ටයර් පිල්ස්සිම නිසා ඇතිවන අදික තාපයට මාර්ග තලයේ පැවැත්මට ඉදිරියේදී හානියක් විය නොහැකිද?(දී)

:       0       0

සෙනරත් Wednesday, 24 September 2014 12:54 PM

අදකාලේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන පොලිස් නිලදාරීන් අඩුකම තමයි ගොඩක් ප්‍රශ්ණ වලට මුල. (දී)

:       0       0

අසෝකා Wednesday, 24 September 2014 02:18 PM

පොලිසියට තරුණියක් කෙලෙසු එක පුද්ගලයෙක් අත් අඩංගුවට ගන්න බැරි උනාට ටයර් පුළුස්සපු 39 ක් අත් අඩංගුවට ගන්න පුළුවන්. කොහොමද අපේ පොලිසියේ මොලේ? උස මහත විතරක් බලන්නේ නැතුව මොලේ තියෙන අය පොලිසියට ගත්තේ නැති උනාම තියෙන ලෙඩේ මේක තමයි: (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 24 September 2014 02:33 PM

ලොයර්ලා කියන්නේ ඇත්ත නැත්ත කරන අය. පොදු දේපොල විනාශ කලාට දැඩි දඩුවම් දිය යුතුය. නැති නම් මෙම ලෙඩේ දිගටම යනවා. (නදී)

:       0       0

සිරි Wednesday, 24 September 2014 02:52 PM

ඔය 39 දෙනා පාරේ ටයර් පුච්ච පුච්ච ඉන්න වෙලේ සැක කාරය අල්ලලා පොලිසියට බාර දෙන්න තිබුනනේ . මොකා මොන වැරැද්ද කලත් අර ලස්සනට තියන පාරවල් තමා පලි . අපි කවද්ද කාපට් පාරවල්වල ගියේ නේද ? ඕව තියෙන්න ඕන දියුණු රටවල්වල , අපේ අයට මොන කාපට් පාරවල්ද ? (දී)

:       0       0

නලින් Wednesday, 24 September 2014 03:11 PM

මටත් තියෙන ප්‍රශ්නය දුෂණය කරපු එකෙක් අල්ලගන්න බැරි පොලිසිය තව 39 දෙනෙක් කොහොමද ඇල්ලුවේ කියල. රටම දේශපාලනයට යට වෙලා. (දී)

:       0       0

ගයන්ත-රක්වාන Wednesday, 24 September 2014 03:20 PM

මේ මිනිස්සු උද්ගෝෂණය කලේ තරුණියක් කෙලෙසු අයෙක් අත්අඩංගුවට ගැනීම පොලිසිය නොකළ නිසයි මෙතෙන පොදු දේපොළවලට හානි උනේ නැහැ (දී)

:       0       0

පියල් Wednesday, 24 September 2014 10:26 AM

අනේ මන්දා මටනම් මොකවත් කියන්න නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site