ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පෙර ගමන් රථයක් බුත්තල - මොනරාගල පාරේ මහගොඩයාය තුරු සෙවණේදී අද අලුයම නවතා තිබූ ටිපර් රියක ගැටී පොලිස් නිලධරයන් දෙදෙනකු ඇතුළු 3 දෙනකු මිය ගොස් සිව්දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
තුවාලකරුවන් සිරිගල රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. මෙම ජිප් රියේ ගමන් කළ වැඩිදෙනා පොලිස් නිලධරයෝ වෙති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ඉන්න උද්දච්චම අය ඉන්නේ ලංකාවේ. (නි)
අපරාදේ ජිවිත 3 ක්. දුකයි එත් අපි මොනවා කරන්නද?(හේ)
නවතා තිබූ ටිපර් රථයක නේද ගැටී තිබෙන්නේ? ඔවුන්ට නින්ද ගිහින්වත් තිබුණාද දන්නෙ නැහැ. (නි)
හැම තැනම සාමය ආරක්ෂාව තිබෙනවා නේද කියන්නේ ? දැන් මේ අමතර ආරක්ෂාවල් මොනවටද ? ඔන්න යුද්ධෙට ගිය මිනිස්සුන්ට නම් පෙරගමන් නෙවෙයි පැය 24 ආරක්ෂාවක් සැපයුවත් කමක් නැහැ. (නදී)
මේක නම් හොඳ පෙරමඟ ළකුණක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
ටිපර් රියදුරු අතේද වරද? (නි)
පෙර මඟ සොහොන් ලකුණු එන්න එන්නම වැඩිවෙන බවයි පෙනෙන්නේ (නි)
පෙරගමන් වාහන යන්නේ මොකද?ලොකුකම පෙන්වන්නද?රටකට ගිය කලක්. (නි)
මේ වාහන පාරට අඟල් ගණනක් උඩින් යන්නේ. ඒකනේ මෙහෙම වෙන්නේ (නි)
මට නම් දුකක් දැනුනෙම නැහැ (නි)
මට දුක හිතෙන්නේ නැහැ. මොකද මම ගිය සතියේ මහා රෑ මාර්ගය නොපෙනෙන නිසාත්, ඉදිරියට එන වාහන නොතිබුණු නිසාත්, සම්පූර්ණ විදුලි පහන් දල්වා ගමන් කිරීම නිසා මා හට උසාවි යන ආකාරයට පොලිසියෙන්ම දඩ කොලයක් ලැබුණි. කොපමණ ඇවිටිලි කළත් ,මාර්ගයේ අඩු ආලෝක තත්වය සහ දුෂ්කරබව පහදා දුන්නත් ඔවුන් මතය එයම විය (නි)
පෙරගමන් වාහන ලයිට් දමාගෙන යන්නේ අනිත් වාහන වලට තර්ජනය කරගෙන. (නි)
මියගිය අය ගැන දුකයි. අනෙක් අය ඉක්මනින් සුවපත් වේවා කියා පතමු. පෙර ගමන් යන අය ප්‍රවේශම් වුණොත් හොඳයි. (නි)
කණගාටුදායක පුවතක්! (නි)
තිදෙනාටම නිවන් සුව ලැබේවා.(හේ)
මියගිය යට නිවන් සුව පතමි. (හේ)
සරත්,ජාත්‍යන්තර නීතියට අනුව, වීථි පහන් නොමැති ඕනෑම මාර්ගයක හෙඩ් ලයිට් දල්වාගෙන වාහනයක් ධාවනය කළහැකියි. එවැනි නීතියක්වත් නොදන්නා අපේ පොලිසියෙන් මීටවැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැකියි.හැබැයි මට ඔවැනි දඩ කොලයක් දීමට පොලිසිය උත්සහා කළහොත්, මා නම් සත පහක්වත්වත් නොගෙවන බවත් සදහන් කළයුතුය. (නි)
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
ටිපර් ලොරිය වැරදි තැනක නතර කරලා තියෙන්න ඇති (නදී)
සෙනසුරු මාරුවේ පල විපාකද කොහෙද (හේ)
මේ අයට තාමත් පරිවාරක රථ නැතුව යන්න බැහැ. දුප්පත් මෝඩ ජනතාව ඉන්නවනේ මේවට ගෙවන්න. දෙවියෝවත් මේවට දඩුවම් කරන්න ඕනේ (නදී)
තිදෙනාටම නිවන් සුව ලැබේවා.(හේ)
මේ අය පාරේ යන්න දන්න මිනිස්සු නෙමෙයි. පාරේ නීතිය ගරු කරන්නේ නෑ. බොරු හදිස්සියට ලයිට් ගහගෙන අහිංසක මිනිස්සු හප්පගෙන යන්නේ. ඕවාට දුක් වෙන්න ඕන නෑ.(හේ)
ඇත්තටම මහා ඇමතිලට ඇමතිලට පෙර ගමන් රථ දැන් අවශ්‍යද? මේ සෝභන දැන් නතර කල යුතු කාලය එලඹිලා තියෙනවා. දැන් මේ රට ත්‍රස්තවාදී බිය සැක වලින් දුරස් වුනු සාම කාමී රටක්. ජනාධිපතිට අගමැතිට ඇරෙන්න වෙනත් අයට පෙර ගමන් රථ අනවශ්‍යයි. ජනාධිපති තුමා ඉදිරි පාලන කාලයේදී මේ මැති ඇමති වරුන් වෙනුවෙන් වැය කරන නඩත්තු වියදම් අවම කරන්න කටයුතු යොදන්න ඕනා. කාටවත් ඒගැන වදනක් කියන්න බැරිවෙන්න තමන්ගේ වියදම් යම් ප්‍රතිශතයකින් කපා හැරලා ජනාධිපති තුමා ආදර්ශයක් සපයල පෙන්නන්න ඕනා. ජනාධිපති තුමාගේ සිට සියලු මැති ඇමතිවරුන්ගේ නඩත්තු වියදම් පිලිබදව විපක්ෂය නගන චෝදනාවලට ප්‍රායෝගික පිළිතුරක් ලබල දීලා ඒවා දැක්කම කුපිත්වන මහජන ලේ වලට සිසිලක් ලබාදෙන්න ඉදිරියේදී කටයුතු කරන්න කියල ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා කාරුණිකව.දේශපාලනය කියන්නේ එකිනෙකා මාරාන්තිකව යුධ වදින සටන් බිමක්. ඒකෙදි සතුරන්ගේ ආයුද උදුරා ගන්නවා මිසක් සතුරන්ට ආයුධ ලබල දෙන්නේ නැහැ කිසිම පරිනත දේශපාලකයෙක්. දීපු ආයුධ උදුරා ගන්න දැන් කාලේ හරි. (නදී)
ඇත්තටම මහා ඇමතිලට ඇමතිලට පෙර ගමන් රථ දැන් අවශ්‍යද ? මේ සෝභන දැන් නතර කල යුතු කාලය එලබිලා තියෙනවා..දැන් මේ රට ත්‍රස්ත වාදී බිය සැක වලින් දුරස් වුනු සාම කාමී රටක්.ජනාධිපතිට අගමැතිට ඇරෙන්න වෙනත් අයට පෙර ගමන් රථ අනවශ්‍යයි..ජනාධිපති තුමා ඉදිරි පාලන කාලයේදී මේ මැති ඇමති වරුන් වෙනුවෙන් වැය කරන නඩත්තු වියදම් අවම කරන්න කටයුතු යොදන්න ඕන.කාටවත් ඒගැන වදනක් කියන්න බැරිවෙන්න තමන්ගේ වියදම් යම් ප්‍රතිශතයකින් කපා හැරලා ජනාධිපති තුමා ආදර්ශයක් සපයල පෙන්නන්න ඕන.ජනාධිපති තුමාගේ සිට සියලු මැති ඇමතිවරුන්ගේ නඩත්තු වියදම් පිලිබදව විපක්ෂය නගන චෝදනාවලට ප්‍රයෝගික පිළිතුරක් ලබල දීලා ඒවා දැක්කම කුපිත්වන මහජන ලේ වලට සිසිලක් ලබාදෙන්න ඉදිරියේදී කටයුතු කරන්න කියල කාරුණිකව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා .දේශපාලනය කියන්නේ එකිනෙකා මරන්තිකව යුධ වදින සටන් බිමක්..ඒකෙදි සතුරන්ගේ ආයුද උදුරා ගන්නවා මිසක් සතුරන්ට ආයුධ ලබල දෙන්නේ නැහැ කිසිම පරිනත දෙසපාලකයෙක්....දීපු ආයුධ උදුරා ගන්න දැන් කාලේ හරි....(ස)
චමින්ද මේක ලංකාව මිසක් පිටරට නොවෙයි.පිටරට නීතිය මෙහෙට අදාල නැහැ.මෙහෙ ක්‍රියාත්මක විය යුත්තේ ලංකාවේ නීතිය අනුවයි'.ඒ දේ දන්නේ නැත්නම් දැන්වත් ඉගෙන ගන්න. (අ)
තමන්ගේ ආරක්ෂාව සපයාගන්න බැරි මිනිස්සු අනුන්ට ආරක්ෂාව දෙන්නේ කොහොමද? (නි)
පෙර ගමන් රථ වලට මාර්ග නීති නෑ..පාරේ ඉන්න අහිංසක මිනිස්සු යට කරලා මරනවා. (ස)
ඇත්තටම මහ ඇමතිලට ඇමතිලට පෙර ගමන් රථ දැන් අවශ්‍යද ? දැන් මේ රට ත්‍රස්තවාදී බිය සැක වලින් දුරස් වුනු සාමකාමී රටක්. ජනාධිපතිට අගමැතිට ඇරෙන්න වෙනත් අයට පෙර ගමන් රථ අනවශ්‍යයි. (ර)
හැමදාම රිය අනතුරක් වුනොත් ගොඩක් වේලාව නැවත ඇති වාහනයක ගැටීමෙන් තමයි.වහනයක් හදිස්සියකට හෝ පාරේ නවතනවා නම් දෙපැතේ සිග්නල් දන්නා ඕනේ.අවාසනාවකට අපේ රටේ මිනිස්සු ඒවගේ දේවල් හිතන්නේ නෑ.ගොඩක් ලොකු වාහන වල සිග්නල් වැඩ කරන්නෙත් නෑ,සමහර ඒවා කැඩිලා.මියගිය යට නිවන් සුව .(හේ)
යන්නෙම යක්කු වගේනෙ.මිනිස්සුත් යටකරගෙන වෙලාවකට. (නි)
මියගිය සියලු දෙනාටම මගේ ශෝකය පලකරමි. (ර)
දත් විරිත්තාගෙන අතවනාගෙන යන පෙරගමන් රථ දැක්කහම අපිත් ඕවා කුඩුවෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙත් මෙහෙම මැරිලා කියලා දැක්කහම මේත් මිනිස්සුම නේද කියලා දුකයි (නි)
පෙන විදියට මේකට වග කියන්න ඕනේ ලොරි රියැදුර කළුවරේ නතර කරන විට සිග්නල් බල්බ් 4 දන්නා ඕනේ වාහනේ, එහෙම වුනානම් මේ දෙය වලක්වා ගන්න තිබුනා.(හේ)
දුක තමයි.(හේ)
මේ ගොල්ල පාරේ යනකොට නවත්වා තියෙන වාහනත් පාරෙන් අයින් කරන්න ඕනා. හප්පා!... බලන්න එපායැ යනකොට පාරේ පයින් යන අය ටත් දාන ගෙම්බර්. දවසක් මගේ හයර් එකට ගත්ත වාහනේ පාරේ හැකි තරම් අයින් කරලා නතර කරලත් පෙර ගමන් යන තේජවන්ත පොලිස් මහත්වරු මට කතා කෙරුවේ මම මේ රටේ මිනිහෙක් නොවෙන ගානට. නතර කරලා කතා කළා නම් පැහැදිලි කරලා දෙන්න වත් තිබුනා මහත්තයෝ අපිත් යන්න ඕන මේ පාරේම නේද කියලා. යන ගමන් ඔලුව එලියට දාලා කතා කරන්නේ ඒ ගොල්ලන්ටම ආවේනික වූ භාෂාවකින්. මම හිතන්නේ ටිපර් එක පාරේ අයිනක නතර කරලා තියපු එක වැරදියි කියලා ටිපර් රියදුරා අත් අඩංගුවට ගත්තද දන්නේ නැහැ. ඔය වාහනවල යන ලොක්කෝ චන්දෙ ඉල්ලන්න ගෙදරට එන්නේ පයින්. දිනුවම යන්නේ ඔහොමයි. චන්දෙ දීපු අපිට පාරේ ඒ ගොල්ල යන ඉස්සරහට පයින් වත් එන්න බැහැ. (නදී)
මගේම ආදරණීය සහෝදරවරුනි කාලයක් අපි එකට සිට වැඩ කල කාලය මතක් වෙනකොට මට මහා පුදුම දුකක් දැනෙනවා. ජීවිතේ අනියත බව මට නැවත නැවතත් මෙනෙහි කරන්නට ඉඩ තබා සදාකාලිකවම අප අතරින් සමු ගෙන යන මගේම සහෝදරවරුනි ඔබලාට නැවත උපදින කිසිම ආත්මයක මෙවන් අකල් විපතක් සිදු නොවේවා උතුම් වූ නිර්වාන සුවය ලැබේවා !!! සම්පත් දිල්ලිමුනි ලන්ඩන් නුවර සිට (නදී)
පේන විදියට වග කියන්න ඕනේ නවතා තිබූ ලොරි රියේ රියදුරුයි.(හේ)
සරත්, චමින්ද, දෙන්නාටම ස්තුති කරමි. (නි)
කළුවරේ වාහන නතර කරන විට, සිග්නල් බල්බ් 4 දන්නා ඕනේ එහෙම වුනානම් මේ කරදරයෙන් බේරෙන්න ඉඩ තිබුනා.(හේ)
ලොක්කන්ට නැති හදිස්සියක් එයාලට මොකද? (නි)
දැන මොකටද පෙරගමන් රථ? (නි)
මොනවට ඔච්චර වේගයෙන් යනවද? (නි)
පරිස්සමින් රිය පදවන්න.අනාගතයේදී තව මොනවා වෙයිද දන්නේ නැහැ (නි)
ඔබතුමාලට බදුගෙවන සාමාන්‍ය මිනිහෙක් බස් එක එනතුරු පාර අයිනේ ඉඳලා ඕකට යටවුණා නම් ඒ මිනිහගේ ළමයට සහ බිරිඳට වෙන්නේ මොකද්ද? (නි)
රටට සාමය උදාකළයි කියන රජය අත්‍යවශ්‍ය නොවන දේශපාලකයන්ට සපයන ආරක්ෂාව තවම අඩු නොකරන්නේ මන්ද? (නි)
ඔය පෙරගමන් වාහන පාරේ යන විදිහට මිනිස්සු දෙස් තියෙනවා. ඉවක් බවක් නැතුව පවනට බඳු වේගෙන් මිනිසුන්වත් යටකරගෙන යන්න හදනකොට. ඕවා ඉතින් ඔහොම තමයි (නි)
ඔය පෙර ගමන් වාහන පාරේ යන විදිහට මිනිස්සු දෙස් තියෙනවා ඉවක් බවක් නැතුව පවනට බඳු වේගෙන් මිනිස්සුන්වත් යටකරගෙන යන්න හදනකොට. ඕවා ඉතින් ඔහොම තමයි සදාචරාත්මක විදිහට මහා පාරවල් වල යන්න ඉගෙනගන්න කම්. (නදී)
වේගය තමයි මේ අනතුරට මුල.(හේ)
මේ අයට පාරේ යන්න පුදුම හදිස්සියක් තියෙන්නේ. මෙහෙම දේශපාලඥයෝ ඉන්න රටක් මම දැකලා නැහැ. (නි)
අසුබ නිමිත්තක්. රටට හොද කල දසාවක් උදා වෙන පෙර නිමිත්තක්. (නදී)
ජෙනේරල් ෆොන්සේකාට පින් සිද්ද වෙන්න දැන් රටේ ට්‍රස්තවාදයක් නැහැනේ. ඉතින් පෙර ගමන් කරුවන් මොකටද? (නදී)
පාරේ දෙපස ඉන්න මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි. (නදී)
රටක නීතියේ ආදිපත්‍ය විනාශයෙන් විනාශයට යනකොට කොටසක් රටේ අයිතිය තමන් සතුකරගෙන වගේ හිතනවා. (නි)
මේ වගේ දේවල් ඔවැනි පුද්ගලයන්ට උරුමයි... (නි)
මේ නිදහස් රටේ අය තවත් පෙර ගමන්? පාලකයෝ ආදර්ශවත් වෙත්වා! (නි)
යුද්දෙත් ඉවරවෙලා අවුරැදු 5 ක් වෙනවා. අපේ දේශපාලන්ඥයන්ට තවමත් පෙරගමන් වාහන යනවා. වෙන රටවල මෙහෙම නෑ. අපරාදේ අහිංසක ජීවිත සහ මේවාට යන වියදම්.(හේ)
ජනතාවට සේවය කරන්නට තිබෙන හදිස්සිය... (නි)
අපරාදේ ජීවිත තුනක්! (නි)
කොච්චර කතාකළත් මේ දේශපාලකයො තාමත් යන්නෙ එන්නෙ විශාල පිරිවරත් එක්ක. ඕවට වියදම් ජනතා බදු මුදල් වලින් නේද? (නි)
කනාමදයෝ වගේ බොන හැම දෙනාටම බලපුළුවන්කාරකම් පෙන්නන ආරක්ෂක නිලධාරි තමයි ඔක්කොම දේශ පාලුවන්න්ට ඉන්නේ. (හේ)
ඇත්තටම මහා ඇමතිලට ඇමතිලට පෙර ගමන් රථ දැන් අවශ්‍යද ? මේ සෝභන දැන් නතර කල යුතු කාලය එලඹිලා තියෙනවා. දැන් මේ රට ත්‍රස්තවාදී බිය සැක වලින් දුරස් උනු සාම කාමී රටක්. ජනාධිපතිට අගමැතිට ඇරෙන්න වෙනත් අයට පෙර ගමන් රථ අනවශ්‍යයි. ජනාධිපති තුමා ඉදිරි පාලන කාලයේදී මේ මැති ඇමති වරුන් වෙනුවෙන් වැය කරන නඩත්තු වියදම් අවම කරන්න කටයුතු යොදන්න ඕනා. කාටවත් ඒ ගැන වදනක් කියන්න බැරිවෙන්න තමන්ගේ වියදම් යම් ප්‍රතිශතයකින් කපා හැරලා ජනාධිපති තුමා ආදර්ශයක් සපයල පෙන්නන්න ඕනා. ජනාධිපති තුමාගේ සිට සියලු මැති ඇමතිවරුන්ගේ නඩත්තු වියදම් පිලිබදව විපක්ෂය නගන චෝදනාවලට ප්‍රයෝගික පිළිතුරක් ලබල දීලා ඒවා දැක්කම කුපිතවන මහජන ලේ වලට සිසිලක් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරන්න කියල ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා කාරුණිකව. දේශපාලනය කියන්නේ එකිනෙකා මාරාන්තිකව යුධ වදින සටන් බිමක්. ඒකෙදි සතුරන්ගේ ආයුද උදුරා ගන්නවා මිසක් සතුරන්ට ආයුධ ලබල දෙන්නේ නැහැ කිසිම පරිනත දේශපාලකයෙක්. වැරදීමෙන් හරි දීපු ආයුධ උදුරා ගන්න දැන් කාලේ හරි. (නදී)
දවසින් දවස රිය අනතුරු වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ.(හේ)
ඕවා ඔහොම තමයි. මෙයාලා ඡන්දෙන් දිනලා ඔහොම තමා පාරේ යන්නේ (නි)
අපේ රටේ අනතුරු වැඩි, හේතුව තමයි පාර මැද සුදු ඉරකින් වෙන් කරලා තිබීම,(හේ)
සාදු ..සාදු ..සාදූ ..?මටත් වෙලා තියන දේට පව් කියල හිතෙන්නෙම නැහැ.? සරත් අයියට උණු අසාධාරණයට මගේ කනගාටුව (නදී)
අපරාදේ! (නි)
මේවායෙ සීමාවක් තියෙන්න ඕන. මේ පෙර ගමන් රථ වල ක්‍රියා නිසා, අහිංසක පදිකයින්ටත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා තියනවා. (ර)
පෙර මඟ සොහොන් ලකුණු එන්න එන්නම වැඩිවෙන බවයි පෙනෙන්නේ.(හේ)
මේ පොලිස් නිලධාරින්ගේ පවුල් වලට සාධාරණයක් ඉටු කරන්න.(හේ)
අසුබ ලකුණු පහල වෙනවා. දැන් යන්න කාලය ඇවිත් කියලා පෙනෙන්නේ. පාලකයන්ට හොද නැහැ දැන්.(හේ)
කෙනෙකුට විපතක් වුණහම ඔවුන්ට දොස් පැවරීම හොඳ ගතිගුණයක් නොවෙයි. නමුත් දේශපාලකයින්ට ඉදිරියෙන් යන පෙර ගමන් රථ වලට අනතුරු කරගන්නේ ඒවා පදවන අය ඔලුව උදුම්මවාගෙන මාර්ග නීති තුට්ටුවකට මායිම් නොකර රිය පැදවීම නිසයි. මේ දක්වා පාරේ ගිය අහිංසකයින් කී දෙනෙක් ඔවැනි වාහන වල හැපිලා මැරුණද ?(දිල්)