IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාරේ ක්‍රිකට් ගැසුවාට උසාවියෙන් අවවාද

කොළඹ වොක්ෂොල් වීදියේ මහා මාර්ගය හා පදික වේදිකා අවහිරවන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බාලවයස්කරුවකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අවවාද කර මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (30) නියෝග කළේය.

බාල වයස්කරුවන් පිරිසක් මෙසේ පදික වේදිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි අතර පොලිසියෙන් පැමිණි අවස්ථාවේ වැඩි පිරිසක් පළා ගොස් ඇතැයිද එක් අයකු අත් අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද කියති.

ක්‍රීඩාවට යොදා ගත් ක්‍රිකට් පිති, විකට් ලෙස භාවිතා කළ ප්ලාස්ටික් පුටුවක් පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

බාල වයස්කරුවකු බැවින් අධිකරණය මොහුට අවවාද කොට මුදා හැරීමට නියෝග කළේය.



අදහස් (0)

පාරේ ක්‍රිකට් ගැසුවාට උසාවියෙන් අවවාද

පියුමි Tuesday, 30 June 2015 01:42 PM

පාරේ ක්‍රිකට් ගහන එක වැරැදිද?(හේ)

:       0       0

උපුල් Tuesday, 30 June 2015 01:46 PM

සජී හරි. (ර)

:       0       0

යොහාන් Tuesday, 30 June 2015 10:11 AM

සෙල්ලම් කරන එක තමයි වැරදි, ගංජා කාරයෝ නිදැල්ලේ අහිංසක පොඩි අය උසාවි දානවා, නීතිය තිබුණට ඇයි ප්‍රායෝගික වෙන්න බැරි...(ම)

:       0       0

රූපවතී Tuesday, 30 June 2015 10:14 AM

පොලිසිය කරලා තියෙන්නේ තරු පලදවාගන්න තරම් වැඩක්නේ. ඔය නීතිය මාර්ග නීති උල්ලංගනය කරමින් ඉගිල්ලෙන බස්කාරයන්ටයි රියදුරන්ටයි ක්‍රියාත්මක කෙරුවානම් ..වැදගත් යුනිෆෝම් එකටවත් ...? (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Tuesday, 30 June 2015 10:15 AM

දරුවන්ට ක්‍රීඩා කරන්න තැනක් නැතිව ඇති. ඒ ගැන සොයා බලන්න (නදී)

:       0       0

ලාල් Tuesday, 30 June 2015 10:40 AM

කොල්ලෝ ටික පොලිසියට කෝචෝක් එකක් දන්නා ඇති , ඉතින් කෝචෝක් කළා කියලා උසාවි ගෙනියන්න බැරිනිසා පාරේ සෙල්ලම් කරපු එක ඉස්සරහට දාල පොලිසිය බලන්න ඇති ළමයි ටිකට පාඩමක් උගන්නන ඕනේ කියලා . (හේ)

:       0       0

ගයානාත් Tuesday, 30 June 2015 10:47 AM

කරපු දේ හොඳ වැඩක්. ඒවගේම රූපවතී කියපුදේත් ඉතාම වැදගත්. (බ)

:       0       0

සබීර් Tuesday, 30 June 2015 10:51 AM

කවුරුත් පාරේ සෙල්ලම් කරන්නේ ආසාවට නම් නෙමේ පොලිසියේ මහත්තුරුන්ට නඩුවක් වත් හම්බෙවෙලා නැතුව ඇති.(හේ)

:       0       0

ප්‍රබා Tuesday, 30 June 2015 11:06 AM

උල තියන්න වටිනා මේ කරලා තියෙන වැරදි වැඩේට (ම)

:       0       0

ටිකිරි Tuesday, 30 June 2015 11:07 AM

කුඩාකල සිටම නීති ගරුකව ජීවත් වීමට ඉගෙන ගත්තම වැඩිහිටියන් වීමෙන් පසු නීති නොකඩ ජීවත් වේවි . දැන් කාලේ පාරවල්වල යන වාහන කන්දරාව දිහා බැලුවම පාරවල් වල බාලවයස් වල ළමුන්ට සෙල්ලම් කරන්න ඉඩ දීම ගැන දඩුවම් ලැබිය යුත්තේ ඔවුන්ගේ දෙමාපියන්ට (ම)

:       0       0

සජී Tuesday, 30 June 2015 11:56 AM

මොනවා වුණත් පොලිසිය කරලා තියන දෙය හොදයි.. මෙම මාර්ගවල ගමන් ගන්නා වාහන ගැන කිසිම විමසිල්ලකින් තොරවයි මොවුන් ක්‍රීඩා කරන්නේ අනතුරක් සිදුවුනොත් වාහන කරුවාට තමයි අවට අයගෙන් ගුටිකන්න සිදුවෙන්නේ..(ම)

:       0       0

දුමින්ද Tuesday, 30 June 2015 12:05 PM

තියන පිට්ටනි වල ගෙවල් හදල, පාරේ සල්ලම් කරන්නැතුව කොහේ සල්ලම් කරන්නද (ම)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 30 June 2015 12:36 PM

මටත් හිතෙන්නේ ලාල් අදහස නිවැරදියි. කොළඹ කොටුවෙ, පිටකොටුවෙ වීථිවල ක්‍රිකට් ක්‍රීඩා කිරීම ඉතා සාමාන්‍ය දෙයක්. පොලීසියත් නැවතිලා බලන් ඉන්නවා. මොකක් හරි සීමාව ඉක්මවා ගිය දෙයක් මේ ළමයි කරන්න ඇති. (අ)

:       0       0

ශාන් සෞදි Tuesday, 30 June 2015 01:04 PM

පාරේ සෙල්ලම් කරන එක අනතුරුදායකයි එක අපි කවුරුත් පිලිගන්නවා එකට උසාවි දන්නා ඕනේ නෑ පොලිසියට තිබුන අවවාද කරලා ළයින්ව යවන්න ,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 141 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site