කොළඹ වොක්ෂොල් වීදියේ මහා මාර්ගය හා පදික වේදිකා අවහිරවන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බාලවයස්කරුවකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අවවාද කර මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (30) නියෝග කළේය.
බාල වයස්කරුවන් පිරිසක් මෙසේ පදික වේදිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි අතර පොලිසියෙන් පැමිණි අවස්ථාවේ වැඩි පිරිසක් පළා ගොස් ඇතැයිද එක් අයකු අත් අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද කියති.
ක්‍රීඩාවට යොදා ගත් ක්‍රිකට් පිති, විකට් ලෙස භාවිතා කළ ප්ලාස්ටික් පුටුවක් පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
බාල වයස්කරුවකු බැවින් අධිකරණය මොහුට අවවාද කොට මුදා හැරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ ක්‍රිකට් ගහන එක වැරැදිද?(හේ)
සජී හරි. (ර)
සෙල්ලම් කරන එක තමයි වැරදි, ගංජා කාරයෝ නිදැල්ලේ අහිංසක පොඩි අය උසාවි දානවා, නීතිය තිබුණට ඇයි ප්‍රායෝගික වෙන්න බැරි...(ම)
පොලිසිය කරලා තියෙන්නේ තරු පලදවාගන්න තරම් වැඩක්නේ. ඔය නීතිය මාර්ග නීති උල්ලංගනය කරමින් ඉගිල්ලෙන බස්කාරයන්ටයි රියදුරන්ටයි ක්‍රියාත්මක කෙරුවානම් ..වැදගත් යුනිෆෝම් එකටවත් ...? (නදී)
දරුවන්ට ක්‍රීඩා කරන්න තැනක් නැතිව ඇති. ඒ ගැන සොයා බලන්න (නදී)
කොල්ලෝ ටික පොලිසියට කෝචෝක් එකක් දන්නා ඇති , ඉතින් කෝචෝක් කළා කියලා උසාවි ගෙනියන්න බැරිනිසා පාරේ සෙල්ලම් කරපු එක ඉස්සරහට දාල පොලිසිය බලන්න ඇති ළමයි ටිකට පාඩමක් උගන්නන ඕනේ කියලා . (හේ)
කරපු දේ හොඳ වැඩක්. ඒවගේම රූපවතී කියපුදේත් ඉතාම වැදගත්. (බ)
කවුරුත් පාරේ සෙල්ලම් කරන්නේ ආසාවට නම් නෙමේ පොලිසියේ මහත්තුරුන්ට නඩුවක් වත් හම්බෙවෙලා නැතුව ඇති.(හේ)
උල තියන්න වටිනා මේ කරලා තියෙන වැරදි වැඩේට (ම)
කුඩාකල සිටම නීති ගරුකව ජීවත් වීමට ඉගෙන ගත්තම වැඩිහිටියන් වීමෙන් පසු නීති නොකඩ ජීවත් වේවි . දැන් කාලේ පාරවල්වල යන වාහන කන්දරාව දිහා බැලුවම පාරවල් වල බාලවයස් වල ළමුන්ට සෙල්ලම් කරන්න ඉඩ දීම ගැන දඩුවම් ලැබිය යුත්තේ ඔවුන්ගේ දෙමාපියන්ට (ම)
මොනවා වුණත් පොලිසිය කරලා තියන දෙය හොදයි.. මෙම මාර්ගවල ගමන් ගන්නා වාහන ගැන කිසිම විමසිල්ලකින් තොරවයි මොවුන් ක්‍රීඩා කරන්නේ අනතුරක් සිදුවුනොත් වාහන කරුවාට තමයි අවට අයගෙන් ගුටිකන්න සිදුවෙන්නේ..(ම)
තියන පිට්ටනි වල ගෙවල් හදල, පාරේ සල්ලම් කරන්නැතුව කොහේ සල්ලම් කරන්නද (ම)
මටත් හිතෙන්නේ ලාල් අදහස නිවැරදියි. කොළඹ කොටුවෙ, පිටකොටුවෙ වීථිවල ක්‍රිකට් ක්‍රීඩා කිරීම ඉතා සාමාන්‍ය දෙයක්. පොලීසියත් නැවතිලා බලන් ඉන්නවා. මොකක් හරි සීමාව ඉක්මවා ගිය දෙයක් මේ ළමයි කරන්න ඇති. (අ)
පාරේ සෙල්ලම් කරන එක අනතුරුදායකයි එක අපි කවුරුත් පිලිගන්නවා එකට උසාවි දන්නා ඕනේ නෑ පොලිසියට තිබුන අවවාද කරලා ළයින්ව යවන්න ,(හේ)