ගාල්ල - බද්දේගම පින්තාලිය මාර්ගය සාදා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (12) උදෑසන උද්ඝෝෂණයක් ඇරඹූහ.
එම ස්ථානයට පැමිණි පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් මේ සම්බන්ධයෙන් පළාත් සභාවේ ජනතා නියෝජිතයන් දැනුම්වත් කරන බව පවසා නික්ම යාමට උත්සාහ කරද්දී කොට දමා ඒ හිමියන් පැමිණි වාහනය හරස් කළ ජනතාව උන්වහන්සේට යාමට ඉඩ නොදුන්හ.
සමිත හිමියන් තමන් සමග සිටීම ශක්තියක් බවත් උන්වහන්සේ පැමිණ මෙම උද්ඝෝෂණයට නායකත්වය දෙන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලූහ. ඒ අනුව උන්වහන්සේද එම පිරිස සමග එහි රැඳී සිටිති.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! අපි නොදන්නා යහපාලනය (නි)
ඔව් ඔව්... හොඳ ශක්තියක් තමයි (නි)
අන්න නියම වැඩේ. උද්ඝෝෂණ බලන්න දේශපාලන සංචාරකයන් ආවහම යන්න නොදී පාර වහලා ඔවුන්ව රඳවාගන්න එක තමයි කරන්න ඕනෑ. හැමදාම බොරු කියලා පෙජරෝ වල නැගලා පැනලා යනවා (නි)
හාමුදුරුවන්ට ඕක ගැන පැමිණිලි කරන්නට කාර්වලින් යන්න ඕනේ නැහැ,පයින් තමයි යා යුත්තේ, (ස)
ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවක් උද්ඝෝෂකයෝ වෙනුවෙන් කලා නම් නේද හොඳ? (ම)