ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති ගලයායේ පියදස්සී නාහිමියන්ගේ මෑණියන්වූ ඩිංගිරි මැණිකා උපාසිකාව (103) පසුගිය 11 වැනි සිකුරාදා අභාවප්‍රාප්ත වුවාය.
පසුගිය සති කිහිපයක්ම ශ්‍රී ලංකාවේ වැඩසිටි පියදස්සි හිමියෝ තම මෑණියන් මිය යාමට දින කට පෙර ඇය හමුවී සුවදුක් විමසා ඇත. උන්වහන්සේ සමඟ ඇය බොහෝ වෙලාවක් සතුටු සාමිච්චියේ දී සිටි බවත් කිසිදු අසනීප කාරී බවක් නොපෙන්වූ බවත් පියදස්සි හිමියෝ පැවසුහ.
පියදස්සි හිමියන් ඇතුළු දරුවන් 7 දෙනෙකුගේ මෑණියන්වූ ඇය මිය යන තුරුම ඉතා හොඳ සනීපයෙන් සිටි බවත් සියලු කාලයම පින් දහම් සඳහා යෙදවූ බවත් ඇයගේ සැපදුක බලාගත් බාල පුත් වූ ඒ.එම්.අබේරත්න පැවසිය.
ඩිංගිරි මැණිකා මාතාවගේ අවමඟුල් කටයුතු ලබන 14 වැනි සඳුදා පන්නල ගලයායේදී සිදුකිරීම සඳහා කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්ත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති අතිගරු ගලයායේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන් වහන්සේට නිවන් සුව පතන්නේ ගාල්ල යටගල රාජමහා විහාර හෙට්ඨාචල මහ පිරිවෙන්පති කෙහෙල්වල සුමංගල හිමි. (නදී)
පින්වත් මාතාවක්. නිවන් සැප ලැබේවා ! (ස)