පොහෝය දිනයන්හි සහ ඉරිදා දිනයේ උපකාරක පන්ති නතර කරන ලෙස ඉල්ලා බිම් පොකුණ රාජ මහා විහාරාධිපති පොතානේගම ආනන්ද හිමි ඇතුළු ස්වාමින් වහන්සේලා පහළොස් නමක් අද (05) ගල්ගමුව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී උපවාසයක් ඇරැඹූහ.
පෝය දින හා ඉරිදා දින ගල්ගමුව නගරයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ආයාතන 13ක් ලබන වර්ෂය සදහා නව පන්ති ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් එයින් බෞද්ධ දරුවන්ට ශාසනික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වැලකීමට සිදු වන බවත් එය වැලැක්වීමට මෙම උපවාසය ආරම්භ කර ඇතැයි පොතානේගම ආනන්ද හිමියෝ පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ක්‍රියාමාර්ගයක්.(හේ)
හාමුදුරුවනේ ඔය ගමන්ම අධ්‍යාපනේට 6%ක් වෙන් කරන්නත් කියන්න.ඉරිද ටියුෂන් ඉබේම නවතීවි. (බ)
හාමුදුරුවරු පොහෝය දිනයන්හි උපකාරක පන්ති නතර කරන ලෙස ඉල්ලා සිටින එකේ තේරුමක් තිබුනත් මොකද ඉරිදා එපා කියන්නේ? (බ)
අපේ හාමුදුරුවනේ ගව ගාතනයට කැසිනොවලට විරුද්දව උපවාස කරොත් හොදයි නේද (දී)
ලුම්බිණි ඔයා දන්නේ නැද්ද ඉරිදා උදේට දහම් පාසල් කියලා ජාතියක් තියෙනවනේ.(දිල්)
මේක හොද වැඩක් ඉරිදා දහම්පාසල් බව පන්ති කරන අය දන්නේ නැද්ද?(දිල්)
ලුම්බිණි ..ඉරිදට දහම් පාසල් පවත්වන දවසනේ (දිල්)
ඇයි උපවාස කරන්නේ? මේවා ඉතින් කාගේ වැඩද කියලා ඔබ වහන්සේලාත් දන්නවා ඇතිනේ (නි)
සතර පෝය නිවාඩු දී බෞද්ධ අයිතීන් සුරකිව් (බ)
මම හිතන්නේ ලුම්බිනිත් ඉරිදා දහම් පාසල් මඟහැරුණ කෙනෙක් ඔය උපකාරක පන්ති නිසා (නි)
ඔය වැඩේ නම් වරදක් නැහැ. නමුත් දුප්පත් දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලැබෙනකොට පොහොසත් දරුවන්ට ගෙදරට ගෙන්වලා උපකාර පන්ති කරවලා හොඳින් විභාගය සමත් වෙයි නේද? (නි)
මේක ඉතා හොද වැඩක් මොකද අද දරුවන් නොමගට යන්න ප්‍රධාන හේතුව දහම් පාසල් නොයාම.(හේ)
මට මතකයි එක සිංහල උපකාරක පන්ති උගන්වන ගුරුවරයෙක් කියල තිබුණා දහම් පාසල් ගියහම දරුවෝ නරක් වෙනවා කියලා(දිල්)
දරුවන්ට අනාගතය සාරවත් කරගන්න තියෙන මග අධ්‍යාපනයයි. විශේෂයෙන්ම ගල්ගමුව වගේ පැත්තක. නගරවල ළමයි පන්ති ගිහින් විභාග පස්වෙද්දී ගල්ගමුවේ ළමයි ගෙදරට වෙලා හිටියොත් තරග විභාග වලින් පසු බහිනවා. අන්තිමට වෙන්නේ හැමදාමත් දුප්පත් හෙන් ගොවියන් විදියට ජිවත් වෙන්න. එක නිසා අධ්‍යාපන වල කපන එකනම් බුදුබණට අනුකුලද කියලා තවත් වතාවක් හිතල බැලුවොත් හොඳයි. ළමයි පන්ති ගිහින් නොමන වැඩ කරන එකට පිළියම පන්ති නවත්වන එක නෙමෙයි. එක හැටියට පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්. මටනම් පෙනෙන්නේ උන්නන්සේලට ඡන්දෙ දවස්වල අපිත් යමක් කළා කියලා පෙන්නන්න ඕන වෙලා වගෙයි.(දිල්)
මේක නං හොද වැඩක් (දිල්)
මේකට අපි සියලු දෙනාම සහයෝගය දිය යුතුයි. ඔබ වහන්සේ පටන්ගෙන තියෙන්නේ ඉතා ප්‍රයෝගිකව අද රටට අවශ්‍ය දෙයක්. (ර)
ලුම්බිණි, ඉරිදාට සෑම ආගමකම දහම් පන්ති පවත්වනවා (නි)
මේව නතරකරන්න කාටවත් උවමනාවක් නැහැ හාමුදුරුවනේ. උත්සාහය අතහරින්න එපා. (නි)
මම නම් හිතනවා දරුවන් ඇති මාපියන් හැමෝම එකතුවෙලා හවස හතරෙන් පසුව ටියුෂන් දීම නතරකරන්න කියලා මේ සමඟම ඉල්ලුවා නම් ගොඩක් වටිනවා කියලා. එතකොට ළමයින්ට ගෙදර අයගේ ආදරය කරුණාව සහ එකමුතුකමත් ඉබේම පුරුදු වෙනවා. අද අපේ රටේ බැලු බැලු පැත්තේ තියෙන්නේ ආත්මාර්ථකාමීත්වය. මොකද පොතේ උගත්කම විතරක් නිසා.සමාජයේ හැසිරෙන්න දන්නෙ නැහැ (නි)
සඳුනි හරි. මේ නීතිය රත්නපුරයේ ක්‍රියාත්මකයි. (නි)
අර දරුවෝ මහන්සි වෙලා ඉගෙන ගත්තොත් තමයි රටට යමක් ලැබෙන්නේ. මේ උපවාස කරන අය මොනවද රටට කරන්නේ? (නදී)
පෝය දවසට සියලුම පෞද්ගලික ආයතනත් වැසිය යුතුය. (නි)
අපේ හාමුදුරුවරුන්ට තෙරුවන් සරණින් දිරිය ශක්තිය ලැබේවා. දේශපාලනය නොකර මෙහෙම සමාජ යහ පැවැත්ම වෙනුවෙන් නැගී සිටීම කොතරම් අඟනේද? දැනගන්න ලැබෙන පරිදි මේ නීතිය රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි. ඒ එහි ඍජුව ක්‍රියා කරන කාර්යක්ෂම දිස්ත්‍රික් ලේකම්වරයෙකු සිටින නිසාලු. බලන්ගොඩ උපන් මට මෙය ආඩම්බරයක්. ඉක්මනින්ම කොළඹටත් මේ නීති පැමිණේවා. (නදී)