තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී රජයට එකතු වෙන බවට පැතිර යන කතාව අසත්‍යක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
ඇය එලෙස කීවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සමඟ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ සාකච්ඡාව පැවැතියේ විපක්ෂ නායක කාර්යාලයයේ දී ය.
මාධ්‍යවේදියෙක් - ඔබ ආණ්ඩුවට එකතු වන්නට යන බවට ආරංචි පැතිර ගියා?
මන්ත්‍රීවරිය - සමහර මාධ්‍ය බොරු දාලා තිබුණා. මං ආණ්ඩුවට යන්න තීරණය කර නෑ. මම එක්සත් ජාතික පක්ෂයට උපන් දරුවෙක්. මගේ පියා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුරයට පමණක් නොවෙයි මුළු රටටම වැඩ කළා. මං කවදාවත් පියාගේ නමට කැළලක් වෙන්න දෙන්නේ නෑ. මං එක්සත් ජාතික පක්ෂය හා පාක්ෂිකයන් දමා යන්නේ නෑ.
මාධ්‍යවේදියෙක් - තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට යන බව ඔබ දැන සිටියාද?
මන්ත්‍රීවරිය - තිස්ස අත්තනායක කියන්නේ අපේ පක්ෂයේ (හිටපු) මහ ලේකම්. ඔහු යන බව මා දැනගෙන හිටියේ නෑ. මට කියන්න පුළුවන් මා යන්නේ නැති බව පමණයි. ‘‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඇතුළු එජාපයේ හැම දෙනෙකුම මේ අවස්ථාවේ ක්‍රියා කළයුත්තේ පක්ෂ අනන්‍යතාවය තුළින් නොව යුක්තිය හා නිදහස වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකා පුරවැසියන් ලෙසටයි. (නි)
හොද තීරණයක් චන්ද්‍රාණි බණ්ඩාර මත්මිය අරන් තියෙන්නේ.(හේ)
අජිත් කරුණාරත්න ,ඔබ මේ පුවතේ සමහර දේවල් සම්බන්ධයෙන් දන්නේ එක් පැත්තක් පමණක් බව පේනවා. ඒ දේවල් දැනට දේශපාලනයට අදාළ නොවන නිසා මෙතන මම ලියන්නේ නැහැ. මම දැනට වචනය භාවිත කලෙත් හේතුවක් ඇතිව .(ස)
අජිත් මහතාණෙනි , කාන්තාවක් සුජාත දියණියක් වන්නේ පියාගේ දේශපාලන ප්‍රතිපත්ති රැක ගත් පමණින් පමණක් නෙවෙයි. තවත් වැදගත් සමාජ සහ සංස්කෘතිමය නිර්ණායක තිබෙනවා. අදාළ ඒවා ගැන දන්නෝ දනිති. (නදී)
චන්ද්‍රානී මැඩම් ඔබතුමිය හරි.ඔබ පියාට අවමන කෙරුවේ නැහැ.ඔබ හිතනවද හිරුණිකා කරන්නේ පියාට අවමානයක් නෙමෙයි කියලද? චන්ද්‍රිකා කරන්නේ පියාට අවමානයක් නෙමෙයිද? (ස)
මම හිතන්නෙත් එහෙමමයි. බොහොම ලස්සනට එක පැත්තකට මුක්කු ගහනවා, ඉස්සර වගෙ මධ්‍යස්ථ මතය පිලිබිඹු වෙන්නේ නැහැ. මෙයා කියනවනම් පියාට අවමන් වෙන නිසා යන්නේ නැහැ කියල එතකොට හිරුනිකා අාපු එක හරිද? (ස)
මෙහෙම කියපු අය තමා ගොඩක් මහින්දට ගියෙත් (නදී)
අජිත් සමහර දේවල් ගැන ඇත්තටම දන්නේ නැති බව පේනවා. එත් ඉතින් මේවා සමහරුන්ගේ පුද්ගලික දේවල් නිසා අජිත්ට දොස් කියන්න බැහැ. (ස)
කවුද මෙතුමියගේ පියා? ඇත්තටම මම දන්නේ නැහැ. දන්නා කෙනෙක් මට පොඩ්ඩක් පැහැදිලා කරලා දෙන්න. (නි)
හිරුනිකගේ තීරණය හරි. පිය ඝාතනය කල ඝාතකයා ඉන්න පැත්තේ එකට ඉන්න පුළුවන් කාටද. පක්ෂ පාට අමතක කරලා බැලුවොත් හිරුනික හරි දුවක් විදියට. පක්ෂ මාරු කල හැමෝම සාදාරන නැහැ (නදී)
චන්ද්‍ර බණ්ඩාර නම් ඔබේ පියානන්,අවංක දේශපාලන ප්‍රතිපත්ති රැක ගත් පුද්ගලයෙකි. (නදී)
ඔබ හරි මැතිනියනි (නදී)
ඔබගේ ප්‍රකාශය හිරුනිකාට ආදර්ශයක් ලෙසින් ගන්නට තිබුණා. (නදී)
තිස්ස කරපු වැඩේ දැක්කම මේ කියන ඒවත් විශ්වාස කරන්නේ කෙහොමද ? (නදී)
අජිත්, චන්ද්‍රානි යන්නේ නැැහ කිව්වම සුජාත නම් ගියා හිරුනිකා..? (නදී)
ඒක එතුමියගේ කැමැත්තනේ! (නි)
ඇත්තටම මේ වෙලාවේ තිස්ස මහත්තයා ගියේ එයාගේ දේශපාලනයට ඒක හරි නිසා වෙන්න පුළුවන්. හැබැයි කුණ්ඩසාලේ පදංචි අපි දන්නවා එයාට ඡන්ද 5000ක් වත් ගන්න බැරි බව. ඒ නිසා තමයි ජාතික ලැයිස්තුවෙන් ඉල්ලුවේ. කුණ්ඩසාලේ යුඇන්පි අයම තමයි කිවුවේ. ජාතික ලැයිස්තුවෙන් ඉල්ලන්න කියලා. නැත්නම් මෙයාට දිනන්න කොහොමත්ම බෑ (නදී)
ඇත්තටම මේ වෙලාවේ තිස්ස මහත්තයා ගිය එක එයාගේ දේශපාලනයට හරි වෙන්න පුළුවන්.හැබැයි කුණ්ඩසාලේ පදිංචි අපි දන්නවා ඇත්ත. (නි)
මෙන්න නියම දුවණියක් (නි)
මැඩම් ඔබට ජයෙන් ජය පතමි. ඔබට දිගාසිරිවේවා (නදී)
මෙන්න නියම සුජාත දියණියක්. ඔබ තුමිය එක්සත් ජාතික පක්ෂයට මෙන්ම පාක්ෂිකයින්ටද අභිමානයක්. අනාගත දේශපාලන දිවිය යහපතක්ම වේවි.(නදී)
අපි ඇත්තටම ගියා කියල හිතුව .මේ බොරුනම් නඩු දනන මේ මාධ්‍ය ආයතන වලට. (ස)
ඒකනම් ඇත්ත, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තාම නිදැල්ලේ.(හේ)
ඔබ නියම ආදර්ශවත් දියණියක්! (නි)