2012 පෙබරවාරි මාසයේ වැල්ලම්පිටියේ දී යුද හමුදාවෙන් බව කියමින් ජනක ප්‍රභාත් නම් පුද්ගලයකු බැහැර ගැනීම සම්බන්ධ හබයාස් කෝපුස් පෙත්සම සැප්තැම්බර 18 වැනි දා විභාගයට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
යුදහමුදාපති, පොලිස්පති, වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති හා නීතිපති වගඋත්තරකරුවන් කරමින් වැල්ලම්පිටියේ ඩී ජේ මෙන්ඩිස් අප්පුහාමි පෙත්සම ගොනු කර ඇත.
තම පුත් ප්‍රභාත් (33) එක්දරු පියකු බවත් මීතොටමුල්ලේ දී ප්ලාස්ටික් සුන්බුන් එකතු කරද්දී හමුදාවෙන් බව කියන පිරිසක් විසින් පැහැර ගන්නා ලද බවත් ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.
2013 මාර්තු මාසයේ දී ජනක ප්‍රභාත්ගේ සහෝදරයා වන කොලොන්නාව නගරාධිපති පැහැර ගැනීමට තැත්කළැයි ද අසල්වැසියන් සැකකරුවන් සිව් දෙනකු අල්ලා පොලිසියට භාර දී ඇතැයි ද, ඔවුන් හමුදාවේ හා පොලිසියේ අය බව ද ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් පොලිසියට හා වෙනත් වගකිවයුතු අයට කළ පැමිණිල්ලෙන් වැඩක් වී නැතැයි ද ඔහු උසාවිය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියමන ගැන මම කලින්ම සමාව ඉල්ලනවා. ""බල්ලොත් එක්ක බුදියාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්කයි "" කියන එක මේ අය දැනගෙන තියෙන්නේ ටිකක් පහු වෙලා. (නදී)
ඔව් ඉතින් හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් නැහැ නේ? (නදී)