IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පියා වෙනුවට අත්අඩංගුවට ගත් පුතාට බලපෑම්

(තරිඳු ජයවර්ධන)

පියා වෙනුවට බොරැල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙන් පුතකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යටපත් කිරීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව එම  දරුවාගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා පාසල නිමවී බස් රථයට ගොඩ වීමට බස් නැවතුම්පොළේ සිටියදී යම් සිදුවීමකට මුහුණ දී ඇතැයි කියමින් දරුවාගේ මව පෙරේදා (29) බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

දරුවා බස් රථයට ගොඩ වීමට නැවතුම්පොළේ සිටිය දී නැනෝ කැබ් රියක් පැමිණ නැවැත්වූ බවත්, එහි සිටි පුද්ගලයකු දරුවා දෙසට ඇඟිල්ල දිගු කළ බවත්, අනතුරුව එහි සිටි පිරිස වාහනයෙන් බසිද්දී දරුවා වෙනත් පැත්තකට දුව ගොස් ඇති බවත් මව කළ පැමිණිල්ලේ සඳහන් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙසත්, එලෙස පැමිණිල්ල ඉල්ලා අස් කරගතහොත් පියාට එරෙහිව ඇති විමර්ශන සියල්ල නතර කරන බවත්, පැමිණිල්ල ඉල්ලා අස් කර නොගතහොත් බෝම්බයක් දමා පියා අත්අඩංගුවට ගන්නා බවත් දැනුම් දී ඇතැයි දරුවාගේ මව පොලිස් මූලස්ථානයට දැනුම් දී තිබේ.

පියා වෙනුවට මෙම දරුවා අත්අඩංගුවට ගෙන තිබුණේ පෙබරවාරි මාසයේ දී ය. දරුවා පොලිසියට ගෙන ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන පොලිසියේ තබාගෙන සිටිය දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ගොස් දරුවා බේරා ගත්තේය.

 මේ සිද්ධිය සම්බන්ධ විමර්ශනය ලබන තුන් වැනි දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතය.පොලිස් මූලස්ථානයෙන් ද මේ ගැන විමර්ශනයක් ආරම්භ කර තිබේ.
------------------------------------



අදහස් (4)

පියා වෙනුවට අත්අඩංගුවට ගත් පුතාට බලපෑම්

ravin Friday, 31 March 2017 12:00 PM

මේ නිතිය අනුව සියලුදෙනා වෙත කරන කාරුණික දැනුම්දීමයි !! ළමයින්ගේ අච්චිලව පරිසම් කරගන්න.

:       104       9

Nilmini Friday, 31 March 2017 12:45 PM

ඔන්න අපේ පොලොස් කොට්ටෝරුවොන්ගේ හැටි. පාරේ යන අපිටත් බෝම්බයක් දමා අත්අඩංගුවට ගන්න දවස වැඩි ඇතක නෙවෙයි.

:       0       29

Pushpa Friday, 31 March 2017 01:43 PM

ලංකාවේ සමාජය පුරා පළි ගැනීම පැතිරිලා, එක එක ආකාරයට හැම තලයකම මෙය දැකිය හැකියි. වැරැද්දකට දඬුවම් කිරීමට නීති පද්ධතියට නොහැකි කල මිනිස්සු හිතට එන දේවල් සාධාරණීකරණය කරමින් එකිනෙකාට පහර දෙති. පාසල් පද්ධතිය උපයෝගී කරගෙන සාධාරණය සහ ගැටුම් විසදීමේ මුලික සංකල්ප ඉගැන්විය යුතුයි. වැඩිහිටි සමාජය තදින් නරක්වී හමාරයි.

:       0       217

sathyapala Saturday, 01 April 2017 02:08 AM

එංගලන්තෙ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site