(තරිඳු ජයවර්ධන)
පියා වෙනුවට බොරැල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙන් පුතකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යටපත් කිරීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව එම දරුවාගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා පාසල නිමවී බස් රථයට ගොඩ වීමට බස් නැවතුම්පොළේ සිටියදී යම් සිදුවීමකට මුහුණ දී ඇතැයි කියමින් දරුවාගේ මව පෙරේදා (29) බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
දරුවා බස් රථයට ගොඩ වීමට නැවතුම්පොළේ සිටිය දී නැනෝ කැබ් රියක් පැමිණ නැවැත්වූ බවත්, එහි සිටි පුද්ගලයකු දරුවා දෙසට ඇඟිල්ල දිගු කළ බවත්, අනතුරුව එහි සිටි පිරිස වාහනයෙන් බසිද්දී දරුවා වෙනත් පැත්තකට දුව ගොස් ඇති බවත් මව කළ පැමිණිල්ලේ සඳහන් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙසත්, එලෙස පැමිණිල්ල ඉල්ලා අස් කරගතහොත් පියාට එරෙහිව ඇති විමර්ශන සියල්ල නතර කරන බවත්, පැමිණිල්ල ඉල්ලා අස් කර නොගතහොත් බෝම්බයක් දමා පියා අත්අඩංගුවට ගන්නා බවත් දැනුම් දී ඇතැයි දරුවාගේ මව පොලිස් මූලස්ථානයට දැනුම් දී තිබේ.
පියා වෙනුවට මෙම දරුවා අත්අඩංගුවට ගෙන තිබුණේ පෙබරවාරි මාසයේ දී ය. දරුවා පොලිසියට ගෙන ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන පොලිසියේ තබාගෙන සිටිය දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ගොස් දරුවා බේරා ගත්තේය.
මේ සිද්ධිය සම්බන්ධ විමර්ශනය ලබන තුන් වැනි දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතය.පොලිස් මූලස්ථානයෙන් ද මේ ගැන විමර්ශනයක් ආරම්භ කර තිබේ.
------------------------------------
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිතිය අනුව සියලුදෙනා වෙත කරන කාරුණික දැනුම්දීමයි !! ළමයින්ගේ අච්චිලව පරිසම් කරගන්න.
ඔන්න අපේ පොලොස් කොට්ටෝරුවොන්ගේ හැටි. පාරේ යන අපිටත් බෝම්බයක් දමා අත්අඩංගුවට ගන්න දවස වැඩි ඇතක නෙවෙයි.
ලංකාවේ සමාජය පුරා පළි ගැනීම පැතිරිලා, එක එක ආකාරයට හැම තලයකම මෙය දැකිය හැකියි. වැරැද්දකට දඬුවම් කිරීමට නීති පද්ධතියට නොහැකි කල මිනිස්සු හිතට එන දේවල් සාධාරණීකරණය කරමින් එකිනෙකාට පහර දෙති. පාසල් පද්ධතිය උපයෝගී කරගෙන සාධාරණය සහ ගැටුම් විසදීමේ මුලික සංකල්ප ඉගැන්විය යුතුයි. වැඩිහිටි සමාජය තදින් නරක්වී හමාරයි.
එංගලන්තෙ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ!